ඉස්කෝලෙ ඇරුණ ගමන් ගිනි ගහන අවුවෙ දාඩිය පෙරාගෙන අමතර පන්ති ගිය කාලයක් අපි හැමෝටම තිබුණා මතකද?
ඉස්කෝලෙ ඇරෙන වෙලාවට අපි පොත් ටික අස් කරන්න පටන් ගන්නෙ අපේ සහෝදර පාසලේ සීනුව වදිනවා ඇහෙනවාත් එක්කම. ඒ නිසා යන්තම් අපේ අන්තිම සීනුව වදිනකොටම පොත් ටික අස් කරගෙන එලියට පැනලා දුවන්න පුළුවන් වුණා.
පාසල ඇරිලා යන පෝළිම හොඳටම පිළිවෙලට යන්නෙ විදුහල්පති කන්යාසොයුරියගෙ ඔෆිස් එක ඉස්සරහින්. එතනින් එහාට ටිකෙන් ටික turbulent වෙන පෝළිම කැඩී බිඳී විසිරිලා යන්නෙ හිතාගන්නවත් බැරි විදියට.
ප්රිෆෙක්ට් අක්කලා බස් ස්ටෑන්ඩ් එකටම යනකම් ඉන්න නිසා පොඩි නංගිලා නම් පෝළිම් පනින්නෙ නැතිව ගියා. ඒත් ඉතින් අපිට මොන පෝළිම්ද... විනයක් නෑ ...... ගාල කඩා ගත්ත හරක් ටිකක් වගේ වෙලාවකට.
6 වසරෙ 7 වසරෙ පොඩි උන් ගෙනුත් බැනුම් අහගෙන මෙහෙම දිවුවෙ වෙන මොනාටවත් නෙමේ....
පන්ති වලට යන්න බස් එකක් අල්ලගන්න. හලාවත ඉඳන්ම පාර දිගට තියන ඉස්කෝල වලින් බාගයක්ම පුරවාගෙන එන ඒ බස් වලට නගිනවා කියන එකත් වීර ක්රියා වලට ඇතුළත් කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කළේ ගොඩාක් දුර ඉඳන් එන සීමිත නැවතුම්, අර්ධ සුඛෝපභෝගී බස් වලට නැගලා කොන්දොස්තරලාගෙන් බැනුම් අහගෙන මීගමුවෙන් බහින එක
මේ තරම් කටු කාගෙන අපි දුවන්නෙ පන්ති වල ඉස්සරහ පේළිය අල්ලන්න. කොයි තරම් පිස්සු නැටුවත් පන්ති වල ඉස්සර පේළිය අල්ලන්න ට්රයි කරන එක නම් ගෑණු ළමයින්ගෙ හැටි ද කොහෙද.
අනිත් පන්ති වල තත්ත්වය එහෙම වුණත් එක පන්තියක් තිබුණා , ඒකට අපි දිවුවෙ අන්තිම පේළිය අල්ලා ගන්න.ඒකට මුල් වුණෙත් අපූරු සිදු වීමක්.ඒ පන්තියේ අපි හැමදාමත් හිටිය පේළියක් තිබුණා. ඒකෙ ඉඳන් තමයි අපි මිස් ට හොරෙන් මයිලෝ බිවුවෙ, බිස්කට් කෑවෙ සහ සමහර වෙලාවට නිදි කිරා වැටුණෙත්. (කොහොම වුණත් බොහෝ දුරට අපේ අවධානය රඳවාගන්න පුළුවන් කමක් ඒ මිස් ට තිබුණා)
http://imdocuk.com/content/2/7/8/12781/86510140carre-jpg.jpg
කාලයක් ඔහොම ගත වුණා... දැහැමෙන් සෙමෙන් අපි බිස්කට් එකක් කාලා, මයිලෝ එකක් එහෙම බීලා අපේ පාඩුවෙ හිටියා.
දවසක් ඒ තීරණාත්මක මොහොත එළඹුණා. අපි සුපුරුදු විදියට පන්තියට දුවගෙන ගියා.මොකක්? අපේ පේළිය නෑ....
ආ.... නෑ නෙමෙයි, මෙන්න ඒකෙ "කොල්ලෙක්" ඉඳගෙන. ( ඒ කාලෙ පිරිමි ළමයින් ව හැඳින්වුවෙ එහෙමනෙ අපි) නිකම්ම නිකම් කොල්ලෙක් නෙමේ... කණ්ණාඩි දෙකකුත් දාලා, ඩොක්ටර් පෙණුමක් තියන අපේ සහෝදර පාසලේ කොල්ලෙක්. ඒ සහෝදර කම් කොහෙද අපිට ඒ වෙලාවට.
සිඳු කොහොමත් ඒ කාලෙ ටිකක් වලියට බරයි ලු
"එයාව එලවමු අපි"
" ඒක තමයි, අපේ බංකුවෙ කොහෙද එයා වාඩි වෙන්නෙ එහෙම" "අපි කතා කරලා කියමු යන්න කියලා"
" එහෙම නැත්නම් අපිත් ගිහින් ඉඳගමු ඒකෙ"
කොහොමද අපේ අදහස්. වචන වලින් ඒ ළමයාව ගහලා එළවලාත් ඉවරයි.
(අසාධාරණයි තමයි ඒක, ඒ වුණත් ඒ කාලෙ අපිට ඒවා පෙනුනෙ නෑනෙ.)
ඔහොම කතාවෙලා අපි සෙට් එක ගියා "අපේ බංකුව" ගාවට. සිඳු පෙරමුණ ගත්තා... මරාගෙන මැරෙනවා වගෙ හිතාගෙන තමයි ගියෙ.
ඒ වුණාට කටින් පිටවුණේ "ඔයාද අද මෙතන ඉන්නෙ? අපිනෙ අනේ වෙනදාට මේකෙ ඉන්නෙ" කියලා විතරයි.
"ඒත් අද මමනෙ මෙතන ඉන්නෙ.... "ස්ථීර සාර ස්වරයකින් කොල්ලා කිවුවා.
http://www.thepowerofintroverts.com/wp-content/uploads/2011/06/intelligent-child.jpg
අපි ඉතින් අහිංසක විදියට ආපහු හැරිලා ඇවිත් අන්තිම පේළියේ ඉඳගත්තා.
ඒ වෙලාවෙ තමයි තේරුණේ ඒකෙ අසිරිය!! මුළු පන්තියම පේනවා. ඒ මදිවට අපි පන්තියෙ පිරිමි ළමයින්ටත් පිටිපස්සෙ. එයාලාට වැරදෙන වෙලාවට මූණ පෙන්නන්නෙ නැතුව හිනා වෙන්නත් පුළුවන්. වෙනදා ට වඩා හොඳින් හොරෙන් බිස්කට් කන්නත් පුළුවන්... මොන සැපක්ද... එදා ඉඳලා තමයි ඒ පන්තියෙ අපි අන්තිම පේළිය අල්ලාගන්න දුවන්න පටන් ගත්තෙ.
(ඒ පිරිමි ළමයා දැන් නම් මගෙ හොඳ යාලුවෙක්. එදා තිබුනෙ ඩොක්ටර් පෙනුම විතරයි, දැන් නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක්)
ඔය විදියට පිටිපස්සෙ ඉන්න වෙලාවට ඉස්සරහ පේළි වල ඉන්න අපේ යාලුවෙක්ගෙන් (ජෙගරිගෙන්) චිට් එහෙම එනවා අපිට.
මේ තියෙන්නෙ ඒ කීපයක්
මේවා කියවද්දී තවමත් හිනා යනවා
මේ තියෙන්නෙ අපේ "ජෙගරි" වෙනදාට වඩා සාන්ත දාන්ත විදියට හිටිය දවසක මම යවපු චිට් එකක්
මේ ඒකට ආව උත්තරේ
මේ තවත් දවසක ජෙගරි ට බඩගිනි වෙලා මටයි අනිත් යාළුවාටයි එවපු චිට් එකක්. එදා එයා හිටියෙ ඉස්සරහ පේළියක
බිස්කට් එක යවන්න ගිහින්, පැකට් එකම රෝල් වෙලා ඉස්සරහ බංකුවක් යටට ගියා.
දවසක් අපි දෙන්නා ඉස්කෝලෙ නොගිහින් පන්ති ආවා. වෙනදාට මාසෙට පෝයට ඉස්කෝලෙ එන ජෙගරි , එදා ඉස්කෝලෙ ගිහින් යුනිෆෝම් එකෙන් පන්ති ආවා ටිකක් පරක්කු වෙලා. ඒ දවස් වල තමයි නිවාසාන්තර ක්රීඩා තරඟ වල මූලික තරඟ තිබුනෙ.
ඉතින් මේ අපි යවපු චිට් එක ( පරක්කු වෙලා ඇවිත් ගැලරියෙ වාඩි වුන ජෙගරි ට)
මෙන්න උත්තරේ
අපි දෙන්නා පිටිපස්සෙ පේළියට ගිහින් ජොලියෙ ඉද්දි, හැමදාමත් වගේ පරක්කු වෙලා ආව ජෙගරි, මිදි තිත්තයි කිවුව නරියා වගේ එවපු චිට් එකක්.
මේ පන්තිය ඉවර වෙලා අපි ආවෙත් බස් එකේ. දුක් විඳගෙන දවල් ට ආවා ට හවසට ආපහු යනකොට නම් සැපට ගියා. සැපට කියන්නෙ බස් එකේ වාඩි වෙලා ගියා කියන එක. ඒ වෙලාවට පන්ති ගොඩාක් ඉවර වෙන වෙලාව. බස් වල ඉන්නෙ වැඩිපුරම පන්ති යන ළමයි තමයි. විශේෂයෙන්ම "ජයනි" එකේ තියන පන්ති ටික ඇරෙනවා.ඒකෙ පන්ති වලට යන අපේ අනිත් යාලුවොත් ඒ වෙලවට බස් එකේදි හම්බෙනවා.අපි කොහොම හරි උත්සාහ කරන්නෙ බස් එකට නැගලා වාඩි වෙන්න. ඒ වුණාට මොකද්ද මන්දා හේතුවකට පිරිමි ළමයි නම් පුළුවන් තරම් උත්සාහ කරන්නෙ හිටගෙන යන්න.
ඒ වෙලාවට වෙනකොට අපි ඉන්නෙ "පාන්"කියාගන්නත් අමාරු තත්වෙක.
ඒ වගේම මහන්සි දවසක මමයි මගෙ යාළුවායි බස් එකට නැගලා හිටියා. වෙනදාට බස් එකේදි හම්බෙන ජයනි එකේ පන්ති යන යාළුවො ටිකව එදා කොහොම හරි අපිට මග ඇරුණා. කට්ටියම ඉන්න වෙලාවට නම් මුළු මීගමුවම රන් කරන්නෙ අපි වගේ හිටියා ට එදා හිටියෙ අපි දෙන්නා විතරක් නිසාද කොහෙද වැඩි සද්දයක් නැතුවයි දෙන්නාම බස් එකේදි ඉඳගෙන හිටියෙ.
නොහිතුව වෙලාවක එක මල්ලි කෙනෙක් කෑ ගහන්න පටන් ගත්තෙ එක පාරටම.
"අම්මෝ මගෙ කකුල.... කකුල මොකද්ද වෙනවා...." මුළු බස් එකටම ඇහෙන්න මේ ළමයා බෙරිහන් දෙන්න පටන් ගත්තා.
"මගෙ දනිස්ස කැඩුනාද කොහෙද.... ඉන්න බෑ......" අපිට ඉස්සරහ හිටිය අන්කල් නැගිටලා සීට් එක දෙන්න හැදුවා. ඒ පාර ආයෙ කෑගහනවා
"අනේ එපා අන්කල්... ඉඳගන්න බෑ, මට හෙල්ලෙන්නවත් බෑ"
මටයි මගෙ යාළුවාටයි හිතාගන්න බැරි වුණා මොකද වුනේ කියලා.ඒ වෙනකම් පිස්සු නට නට හිටිය ළමයා ට එක පාරටම මොකක් වුනා වුණත් මට නම් පොඩි දුකකුත් ආවා. මගෙ යාලුවාටත් ඒක එහෙමම වෙලා තිබුණා කියලා තේරුණේ එයා එක පාරටම නැගිටලා ඒ ළමයා ට සීට් එක දුන්න නිසා.
අනේ ඉතින් අර කකුල කැඩුණ ළමයා ට මොකුත්ම ප්රශ්නයක් නෑ... ඉඳගන්න බැරි කමකුත් නෑ... කපටි හිනාවකුත් දාලා එතනින් ඉඳ ගත්තානෙ. කෑගැහිලි සේරම නැවතුනා............ වටේ ඉන්න ඇට්ටර කොල්ලො ටික හිනා වෙනවා...
මගෙ යාළුවාගෙ මූණ හොඳටම රතු වෙල ලැජ්ජාවට. මට හොඳටම තරහයි, ඒත් හිනාත් යනවා. මොනවා කරන්නද , බොරුවක් කරලා සීට් එක ගත්තා කියලා බනින්නත් බෑ. මගෙ යාලුවා නම් ඒ තරම් අපහසුතාවයකට පත් වෙන්න නැතුව ඇති කවදාවත්ම.
ඒ සෙරමත් ඉවසාගෙන හිටියා කියමුකො, මගෙ රතු කට්ට පැන්නෙ හිටගෙන හිටිය ඒ කොල්ලො රංචුවෙ තව එක්කෙනෙක් කියපු කතාවකට...............
"අක්කෙ , යුනිෆෝම් එකත් ඇඳගෙන , මේ විදියට පිරිමි ළමෙක් ලඟ ඉඳගෙන යන එක හරි නෑ නෙද? ඒ නිසා ඔයාත් නැගිටින්න , අපි කවුරු හරි ඉඳගන්නම්"