බදාදා.............සායන දවස. අවුරුද්දක් දෙකක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මගෙ ඉවසීම , ඉවසලා ඉවසලා බැරිම තැන බිඳිලා යන එකම තැන තමයි සායන කාමරය.
(ඉවසීම බිඳිලා යනවා කිවුවට බනින්නෙ ගහන්නෙ නෑ කාටවත්.....:-) )
ඒත් , කටහඬ ටිකක් උස් වෙනවා. මූණෙ හිනාව අඩු වෙනවා. දාඩිය දාන්න පටන් ගන්නවා.......... තව ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා එලියට ඔලුව දාලා බලන්න හිතෙනවා........ මේ වගේ ගොඩක් දේවල් වෙනවා.
මොකද්ද මේ වෙනසට හේතුව කියලා හිතලා බලද්දි තමයි තේරුණේ.......
පොදු හේතුව, භාශා ප්‍රශ්නෙ.
සායන වලට එන රෝගීන් කියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ. වාට්ටුවෙ නම් මොකක් හරි තේරෙන්නෙ නැත්නම්, ක්ෂණිකව ඒක තේරුම් කරලා දෙන්න අපේ හෙද නිලධාරීන් සැදී පැහැදී ඉන්නව. ඒත් සායනයෙ ඉන්න සේවකයන්ට සිංහල හොඳින් බෑ.
ඒ නිසා මට නොතේරෙන දේවල් තේරුම් කරන්න කෙනෙක් සල්ලි වලට හරි හොයා ගන්න හිතිලා තියෙන්නෙ දැන් නම්.
ඊටත් වඩා තියන ප්‍රශ්නෙ , තේරුම් ගන්න ටික නම් කොහොම හරි කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට සායනයෙදි විවිධ රෝගීන්ට විවිධ උපදෙස් දෙන්න ඕන. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. කියන්න ඕන කිසිම දෙයක් හරියට කියාගන්න බැරි වෙද්දි දැනෙන ඒ හැඟීම නම් විස්තර කරන්න අමාරුයි. අන්තිමට ලෙඩා හිටියටත් වඩා ලෙඩ වෙලා තමයි මගෙ ලඟින් නැගිටලා යනවා ඇත්තෙ........
(හැමදාම ක්ලිනික් එක වෙලාවට "අද නම් දෙමළ වාක්‍ය දහයක්වත් පාඩම් කරනවා කියලා හිතා ගත්තත්, ඒකෙන් එළියට යද්දි ඒ අධිශ්ටානය එහෙමම අමතක වෙලා යනව. ආයෙ මතක් වෙන්නෙ ඊළඟ බදාදා)
ඉතින්, ගිය බදාදාත් මේ වගේම සුන්දර බදාදාවක්.
කොයි තරම් සුන්දරද කියනව නම් අවුරුදු නිවාඩුවට ගෙදර ගිය සමහර අය ඇවිත් හිටියෙත් නැති නිසා, දොස්තරට ලෙඩ්ඩු අනුපාතයේ විශාල වෙනසක් වුණා.
සිංහලෙන්ම කිවුවොත් , ලෙඩ්ඩු වෙනදා වගේම ගනනක් සහ දොස්තරලා එක්කෙනයි.
වෙනදට කලින් සායනය පටන් ගන්න හිතපු මම 7 වෙද්දි සායනයට ගියා. (වෙනදට පටන් ගන්නෙ 8ට) ඒත් ඉතින් මම 7ට ගියා කියල රෝගීන් දන්නෙ නෑනෙ........
මම යන වෙලාවෙ කිසිම රෝගියෙක් ඇවිත් හිටියෙ නෑ. හැමෝම ආවෙ සුපුරුදු පරිදි 7.30 පහු වුණාට පස්සෙ.
ඒකට තවත් හේතුවක් තමයි, අපේ සායනයට හැතැප්ම ගණන් දුර ගෙවාගෙන එන රෝගීන් ඉන්නව. ඒ මිනිස්සුන්ට යන්න එන්න මුළු උදේ වරුවටම තියෙන්නෙ එක බස් එකයි.
ඉතින් ලෙඩ්ඩු එන්නෙ, අපිටවත් එයාලටවත් ඕන වෙලාවට නෙමේ, බස් එකට ඕන වෙලාවට. ඒ බස් එක වැරදුනොත් එදාට සායනෙත් නෑ.
ඉස්සර යුද්ධ කාලෙ අපිට අහන්න ලැබුණ ගම්මාන වල නම් සහ ඒවගෙ ජීවත් වෙන මිනිස්සු දැන් සජීවීවම දකින්න ලැබෙන විදිය එක්තරා විදියක පුදුමයක්.
ඒ මාතෘකාව ටිකකට නවත්තලා , මම එක සිදුවීමක් කියන්නම්.
ඉතින් සුපුරුදු පරිදි සායනය ආරම්භ වුණා. මමත් සුපුරුදු විදියට, නොපැකිලව, නොබියව, නොදැවී, දන්න දෙමළ සහ මමම නිර්මාණය කරපු දෙමළ වල උදව්වෙන් සායනය පවත්වාගෙන ගියා.
ඉඳලා හිටලා ආව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රෝගීන් හැරෙන්නට ඉතිරි සියලු දෙනාම කතා කළේ දමිළ පමණයි.
ඒ අතරට එක් විශේෂ පුද්ගලයෙක් පැමිණියා. අවුරුදු 50ක් පමණ වූ ඔහු, ඉතාම හොඳින් සිංහල කතා කළා. ඔහුගේ ප්රශ්නය වුණේ කකුලේ තිබෙන සුව නොවෙන තුවාලයක්. කලින් සතියේ සායනයට ඔහු පැමිණ තිබුණා. එහිදී සැලසුම් කර තිබුණේ, ඔහුගේ කකුල් වල නහර වල ස්කෑන් පරීක්ෂාවක් කර ඒ වාර්තාව සමග නැවත් සායනයට පැමිණෙන ලෙසයි.
"කෝ සීයා කකුලෙ ස්කෑන් එක?"
"ස්කෑන් එක...........? " ඔහු මොහොතකට කල්පනා කළා.
"ස්කෑන් එකක් කළේ නැද්ද කකුලෙ නහර බලන්න?" මගේ ඊලඟ ප්රශ්නය වුණා.
"කළා කළා..."
ඔහු යුහුසුලුව ස්කෑන් වාර්තාව හොයන්නට පටන් ගත්තා. ඔහු ළඟ තිබුණ විවිධ වාර්තා, පොත් ආදිය පීරමින් මමත්, උදවුවට සිටි සේවිකාවත් එය සෙවුවා. ඒත් හම්බුණේ නෑ.
"අපරාදෙනෙ ස්කෑන් එක. ආයෙ කරන්න කාලයක් බලන් ඉන්න වෙනවනෙ......... ඒක පරිස්සම් කරගන්න තිබුණනෙ. මම රෝගියාට කිවුවේ චෝදනාත්මකව. ඔහුගෙ හිතත් කලබල වෙන් ඇති. මොහොතකින් ඔහු කොල කැබැල්ලක් ගත්තා පොතක් ඇතුළෙන්...........
"මේ තියෙන්නෙ ස්කෑන් රිපොර්ට් එක"
මට අඬන්නද හිනා වෙන්නද කියල හිතා ගන්න බැරි වුණා. ඇත්තම මට ඒ වෙලාවෙ හිනා ගියා.
ඔහු අතට අරන් තිබුණෙ සතොසෙන් භාන්ඩ මිල දී ගත්තු බිලක්.... හාල් , සීනි, පරිප්පු සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් එහි සඳහන් වුණා.....
"මේ මොකද්ද....... මේ සතොසෙන් බඩු ගත්තු බිලක්නෙ. ස්කෑන් රිපොර්ට් එක දුන්නද දන්නෙ නෑ සතොසට..." මගේ කතාවට රෝගියාටත් හිනා ගියා.
අන්තිමේදි ඒ ස්කෑන් රිපොර්ට් එකත් කොහේ හෝ අස්සක තිබිල හොයාගන්න අපිට පුළුවන් වුණා.
ඒ වෙලාවෙ ඒ ගැන හිනා ගියත්, දැන් ඒ ගැන හිතෙද්දි හිත ටිකක් බර වෙනවා. එකක් ඒ බිලේ තිබුණ භාණ්ඩ.ඒවා අත්‍යවශ්‍යම භාණ්ඩ විතරමයි. කිසිම සුඛෝපභෝගී දෙයක් එහි තිබුණෙ නෑ.
අපි අත්‍යවශ්‍යයි කියලා හිතලා, ඒ දේවල් නැති වුනොත් ජීවිතෙන් බාගයක් නෑ වගේ හැසිරෙන කිසිම දෙයක් එහි තිබුණෙ නෑ.
සමහර විට, ඒ මනුස්සයගෙ කකුලෙ තිබුන කාලාන්තරයක් පවතින තුවාලය නිසා හරි හමන් රස්සාවක් කරගන්න බැරුව ඇති. ඒ නිසාම ගෙදර බොහෝ ආර්ථික ප්‍රශ්නත් ඇති.
ඒ වෙලාවෙ මගෙ කටට ආව හිනාව ඒ අසරණ කමට වුණ හිනාවක්ද කියල හිතෙද්දි දැන් ලොකු දුකක් දැනෙනවා.
අනිත් එක තමයි, මේ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත් කම ගැන හිතද්දි හිතට දැනෙන හැඟීම. ස්කෑන් කොලයක් සහ , කඩයක බිලක් වෙන් කරලා අඳුනගන්න තරම් වත් අවබෝධයක් නෑ. ඒක අසරණ කම සහ දුප්පත් කමම නෙමේ.
කාලයක් තිස්සෙ සාමාන්‍ය ලාංකීය සමාජයට විවර නොවීමේ ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්. එහෙම කියලා, ලංකාවෙ අනිත් පැති වල ඉන්න මිනිස්සු තමන්ගෙ සියලුම ලෙඩ රෝග ගැන ඉතා හොඳ අවබෝධෙකින් ඉන්නවා කියන්නත් බෑ.
ලෝකෙ අනිත් බොහෝ රට වලට සාපේක්ෂව අපේ රටේ බොහෝ දෙනා තමන් ගැන හොයලා බලන්නෙ ඉතා අඩුවෙන් කියලා කියන්න පුළුවන්.
ඒ අතරිනුත් මේ ප්‍රදේශයෙ මිනිස්සු හිතන පතන විදිය ගොඩාක් වෙනස්.
තවත් සමහරු භාශාව ප්‍රශ්නයක් කරගෙන.
එක උදාහරණයක් කියන්නම්.
මීට මාස කීපයකට කලින් හදිසියේම එක කාන්තාවක් වාට්ටුවට ආවා. ඇය ඊට මාස කීපයකට කලින් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත අප විසින් යොමු කළ රෝගියෙක්. ඇය නැවත පැමිණ තිබුණේ වැඩි දුර පරීක්ෂණ සඳහා, කලින් ශල්‍යකර්මයේදී ලබාගත් පටක කොටස් කිහිපයක් රැගෙන යාමට. නමුත්, ඒ පටක කොටස් ඉල්ලා තිබුණේ යාපනය රෝහලෙ නොවේ. ඉන්දියාවේ කුමක් හෝ රෝහලකින්.
ඇය ඉන්දියාවට යාමට හේතුව අප අසා සිටියා. ඇය පැවසුවේ මෙවැන්නක්.........
"ඒකට ඕන බේත් යාපනේ තිබුනෙ නෑ, ඒ නිසා මහරගමට යන්න කියලා එහෙන් ලියුමක් දුන්නා. ඒත් මහරගම යන්න අපිට සල්ලි නෑ. අනිත් එක සිංහල දන්නෙත් නෑ............ ඒ හින්දා ඉන්දියාවට ගියා.........."
නිකමට හිතන්න, ඒ ප්‍රකාශයේ ගැබ් වෙලා තියන දේ. මහරගම යන්න සල්ලි නැත්නම්, ඉන්දියාවට යන්න සල්ලි තියනවද.......
ඒක තමයි අපේ හිතට මුලින්ම එන ප්‍රශ්නෙ. ඒත් , මහරගම නොයන්න ඇත්තම හේතුව ඒක නෙමේ. සිංහල බැරි කම.
ඒ වෙද්දිත් පිළිකාව හඳුනාගෙන මාස 5කට වැඩි කාලයක් ගත වෙලා තිබුනා. ඉන්දියාවෙන් ලංකාවටත්, ලංකාවෙන් ඉන්දියාවටත් යන්න එන්නම, ඒ ලෙඩා රස්තියාදු වෙලා. ඒක එයා විසින්ම ලඟා කරගත්තු අවාසනාවක්. ටිකක් කල්පනා කරලා ඒ වෙලාවෙ මහරගම ගියා නම් ඇයට කොයි තරම් නම් දේවල් ඉතුරු වෙනවද.........
රටේ වෙනත් ප්‍රදේශ ගැන අවබෝඅධයක් නැති කම. යුද්ධය ඉවර වුණා කියලා මෙහෙ මිනිස්සුන්ව දකුණට ගෙනිහින් ඔලුව හරවලා මේකයි අපේ රටේ ඇත්ත තත්වෙ කියලා අපිට පෙන්නන්න බෑ. අඩුම තරමෙ, පාරවල් ටිකවත් හොඳට තියෙන එකේ ටිකක් අනිත් ප්‍රදේශ එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න හිතෙනව නම්, මේ වැරදි අවබෝධ, නොදැනුවත්කම් ගොඩක් අඩු වෙලා යාවි.
ඒ වගේම උතුර ගැන දකුණෙ මිනිස්සුන්ගෙ තියන වැරදි වැටහීම් නැති කරන්නත් තවම අමාරුයි. මොකද්දෝ වාසනාවකට මෙහෙ එන්න හිතුනෙ නිසා නෙමේ නම්, අපිත් හිතන්නෙ තවම අර පරණ පුරුදු විදියට......
"එහෙ ඉන්න කරදර නැද්ද..........?" තවමත් කීයෙන් කී දෙනෙක් එහෙම අහනවද......
(ඉස්පිරිතාලෙට යන්නෙ බෝට්ටුවෙන්ද කියල අහපු යාලුවෙකුත් ඉන්නවා මට ;-) )
ඒ වෙලාවට පුලුවන් විදියට මෙහෙ වාතාවරණය ගැන තේරුම් කරලා දෙනවා..............
ලියන්න පටන් ගත්තෙ මිනිස්සුන්ගෙ තියන නොදැනුවත් කම් ගැන. ඒත් අද ලියැවුනේ අච්චාරු ලියවිල්ලක්.......... ඒ නිසා ලිවුව දේවල් සාරාංශ ගත කළොත්,
*මගෙ අපූරු දමිල භාශා හැකියාව
*රෝග නිසා මිනිස්සුන්ගෙ ආර්ථිකය බිඳ වැටීම
*තමන්ගෙ ලෙඩ රෝග ගැන අවබෝධයක් නැති වීම
*දැවෙන ප්‍රශ්න වලදීත් භාශාව පෙරට පැමිණීම
*උතුර දකුණ අතර පවතින අනවබෝධය
(ඒ සාරාංශ ගත කිරීම පෝස්ට් එකටත් වඩා අච්චාරු සහගත වුණා වගේ. ඒ නිසා පැහැදිලි ලිපියක් මේ මාතෘකාම අළලා ලියන්න බලාපොරොත්තු වෙනවා..................)