Friday, January 1, 2016

හීන ඇහැරවා

සුපුන් සඳක් සේ ඇවිදින්
වලාකුළු හිතත් සමගින්
තුරුලුව හිනැහෙන්න වගේ
හිතට ලං වෙලා...
උණුසුම් දෙතොලක පහසින්
සීතල කම්මුල් රහසින්
හිනැහුන සඳ නුඹත් එක්ක
නෙතට ලං වෙලා.......

‍රැයත් බොඳ වෙලා යද්දින්
හීන ඇහැරවා නුඹ විත්
සුසුම් ‍රැළිති හිත පුරාම
කඩා විසිරලා.....
වැටෙයි බොල් පිණිත්  සද්දෙන්
තවම තිගැස්සෙයි නින්දෙන්
ආයෙත් නුඹ නො එනා බව
සිතට කොඳුරලා........



18 comments:

  1. අප්පා කාලෙකින් ගෑල්ලමයා කය්යක් ලියා තියෙන්නෙ.. මං හිතුව අලුත් අවුරුද්දෙ දරු සම්පතක් ගැනවත් කියලද කියල මාතෘකාව දැක්කම..

    ReplyDelete
    Replies
    1. ඒව ගැන පස්සෙ කාලෙක ලියමු නේද නගා? :-)

      Delete
  2. සින්දුවක ට නම් මාරෙට ගැලපෙනවා...

    පොඩි මෙලඩියක් දාල ගනින්කෝ...

    ReplyDelete
    Replies
    1. මට මාර සංගීත දැනුමක් තියෙන්නෙ. තාලෙකට අත්පුඩියක් වත් ගහගන්න බෑ. ඉතින් පුලුවන් කෙනෙක් මෙලඩියක් දැම්ම නම් තමයි හොඳ..... ස්‍යතූතිය් විභීශණ

      Delete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද පටන් ගත්තෙම බූට් කවියක් ලියල කියල මතක් වුණේ මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ.....
      එසේම වේවා ! ස්තූතියි

      Delete
  4. සුබ අළුත් අවුරුද්දක් අක්කේ. කාලෙකින්, මේ අවුරුද්දෙවත් වෙනද වගේ ලියමු නේ?

    ReplyDelete
    Replies
    1. හැමදාම හිතනව ලියන්න ඕන කියල මල්ලි. ලියවෙන්නෙ නෑනෙ ඒත්. ලියමු ලියමු. (ඔයා ලියන්න , මම කියවන්නම්)
      සුබ අලුත් අවුරුද්දක් මල්ලි

      Delete
  5. ලස්සන පද වැලක් අපුරුවට ගොතලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්

      Delete
  6. ඇත්තෙන්ම ගීතයකට නියමයි . තාලයට කියන්න පුළුවන්කම තියෙනවා. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් තාලයක් දාන්න බලන්න තිලක. ස්තූතියි

      Delete
  7. පට්ටයි
    හුගක් දවසකින්
    ඔව් ඔව් දැං බුසී ඇති නෙව හිහි

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ බිසී සහ කම්මැලියි මහේෂ්....
      ස්තූතියි

      Delete
  8. කාලෙකට පස්සේ
    ඩෝක් ඇවිදින්
    බ්ලොගේ පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ කමෙන්ට් එක මම තාලයකට කියෙව්ව.... :-)

      Delete
  9. Replies
    1. ස්තූතියි මහේෂ්

      Delete