tag:blogger.com,1999:blog-19383044037366509262024-03-26T02:26:35.969-07:00 ලෝකයේ කොනක ....මේ මා දකින මගේ ලෝකයයිSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger197125tag:blogger.com,1999:blog-1938304403736650926.post-90742147296587304532021-11-07T00:16:00.000-07:002021-11-07T00:16:03.477-07:00
වතුසුද්ද මලක් මලක හිස
පිණි කඳුළු වැටුණා ම
කප්පරක් සෝ සුසුම්,
උහුල ගත්තේ කෝම
ඇටමිදුළු කකියවන
හැඬුම් සර අසුනාම
දුර හිඳන් රිදුම් දෙන
හිතත් හැඬුවා බෝම
කියාගන්නට නොහී
අහසෙ වැහි කෝඩ වල
එකතු වන කඳුළු බිඳු
බිම හැලුණ හැමදාම
අනුන්ගේ යැයි කියා
අසුරු සැනකින්, නොතෙත්
නෙළුම් මල් වැහි බිංදු
බිමට හැලුවේ කෝම
- සින්දු -
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com8tag:blogger.com,1999:blog-1938304403736650926.post-84199343083361738892019-06-07T21:57:00.001-07:002019-06-07T21:57:46.306-07:00තවකෙකු වෙනුවෙන් සේවය කිරීම
"It is imperative that we not become numb. The people that we serve, they have faces, families, hopes and dreams and stories."
Designated survivor ඉතාම ඉහල ඇගයීමක් ඇති රූපවාහිනී කතා මාලාවක් නොවේ. එය 7.7/10 වැනි ඇගයීමේ මට්ටමක පවතින කතා මාලාවක්. නමුත් අවසානය දක්වාම කුමක් සිදුවේද කියන කුතුහලය දිගින් දිගටම නොනැවතී බලන්නට සිතෙන මට්ටමක එය පවතිනවා. මෙහිදී මම එම කතා මාලාව පිළිබඳව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
නමුත්, designated survivor යනුවෙන් හඳුන්වන්නේ කවර පුද්ගලයෙක් ද කියා හැඳින්වීම වැදගත් බව සිතනවා. ඇමරිකාවේ ජනාධිපති උප ජනාධිපති ,සෙනෙට් මණ්ඩලය සහ රජයේ අනිකුත් ඉහල නිලධාරීන් එකට එක් වෙන අවස්ථා වලදී එම ස්ථානයේ නැති ඔවුන් සියලුදෙනාට පහළ නිළයක් දරන පුද්ගලයෙකු ව designated survivor ලෙසින් ඒ දිනයට නම් කරනවා. එහිදී බලාපොරොත්තුව වන්නෙ ඉහත සියලුම දෙනා එකවර මිය ගියොත් රජය නොවැටී පවත්වාගෙන යාම. සැකෙවින් කියනවා නම් ඉහත නම් කරන ලද පුද්ගලයා එම අවස්ථාවේදී ජනාධිපති ලෙස පත් කරනු ලබනවා.
Designated survivor කතා මාලාව ආරම්භ වන්නේ එලෙසින්. ඉහළ රාජ්‍යතන්තිකයන්‍ සියල්ලන් එක වර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය යනවා.. එදිනට designated survivor ලෙසින් නම් වෙන්නෙ නිවාස සහ නාගරික ලේකම් වරයෙක් වෙන Tom Kirkman. ඔහු දේශපාලකයකු නොවේ. නමට කිසිම කැලලක් නැති සාමාන්‍ය ජීවතයක් ගත කරන මහාචාර්ය වරයෙක්. නව ජනාධිපතිවරයා විදියට ඔහු මුහුණ දෙන අභියෝග මෙහිදී කතාවක් ලෙසින් ගොඩ නැගෙනවා.
මේ චරිතයේ ගොඩක් තැන් වල ඔහු කියන දේවල් හරිම ආකර්ෂණීයයි. මම ඉහත සඳහන් කළේ ඒ වගේ එක වාක්‍යයක්. එය සිංහලට පරිවර්තනය නොව අනුවර්තනය කළොත්,
“අපි හිතක් පපුවක් නොමැති පුද්ගලයන් නොවිය යුතුයි. අප විසින් සේවය ලබාදෙන පුද්ගලයන් ට සිතක්, චරිතය ,අනන්‍යතාවයක් ,පවුලක්,බලාපොරොත්තු සිහීන සහ අපි නොදන්න කතාවක් ,ප්‍රශ්න ඇති බව සිතා කටයුතු කළ යුතුයි.”
අපි එකිනෙකා විවිධ රැකියා කරන අය. ඒ මගින් අපි කරන්නෙ විවිධාකාරයෙන් අප එකිනෙකාටම සේවය සපයා ගැනීම. ඒත් රැකියා වල කාර්‍ය බහුල බව නිසා වගේම අපේ හිතේ තියන වෙනත් ප්‍රශ්න නිසා වගේම , තව කෙනෙකු වෙනුවෙන් කැපවීමේ පුරුද්දක් නැති නිසා අපි අපේ හැකියාව 100% න් අපේ සේවා ලාභියා වෙත ලබා නොදෙන අවස්ථා ඕනා තරම්.
අපෙන් සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් ට අපිට වඩා ඒ කාර්‍යය වැදගත් කියල මොහොතකට හෝ හිතනවා නම්, අපේ හැසිරීම නිසා ඔවුන් ගේ හිත රිදෙන , අසතුටට පත් වෙන අවස්ථා අඩු කරගන්න පුළුවන් .
දරුවා ට උණ තිබෙනවා කියල රෝහලට දරුවව රැගෙන එන අම්මට තමයි ඒ සම්බන්ධ ලොකුම ගැටලුව පවතින්නේ. වෛද්‍යවරයා ට හෙදියට හෝ රෝහල් ආරක්ෂක නිලධාරියා ට නොවේ. එතනදි, රෝහල් සේවකයන් ඒ අම්මාට හොඳින් කතා නොකරන්නේ නම් කුමක් හෝ හේතුවකට බැන වදිනවා නම්, දරුවා ගේ අසනීපය නිසා අම්මා විඳින වේදනාවට තවත් සිත් තැවුළක් පමණයි එක් වෙන්නෙ.
උදාහරණයක් ලෙස ,ඇතැම් වාට්ටු ඇතුලතට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට ඇතුල් වන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් පිටතින් පැමිණෙන බොහෝ ය ඒ බව දන්නේද නැහැ. පිටතින් පැමිණෙන පුද්ගලයන්ට ඇතුළුවීමට තහනම කියා දැන්වීම් පුවරුවක් හෝ නැහැ. ඒ අනුව කිසිවක් නොදැන එකවර වාට්ටුවට ඇතුළට පැමිණෙන පුද්ගලයන් හට කාර්යමණ්ඩලය බැනවදින අවස්ථා තිබෙනවා. එම අර්ථයම සාමාන්‍ය සරල කාරුණික වාක්‍යකින් ඊට වැඩ විනයානුකුල ලෙස පවසනවානම් කොතරම් වටිනවද.
බැංකුවකින් යම්කිසි කාර්‍යයක් කර ගැනීමට යන ඇතැම් වෙලාවට කවුන්ටරයේ සිටින තරුණිය ඇතැම් වෙලාවට මූණ දිහාවත් බලන්නට කාරුණික වෙන්නෙ නෑ. තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන්නේ මුහුණක් නැති පුද්ගලයෙක් ලෙස සහ තමන්ටත් මුහුණක් නැති ලෙසින් සිතා හැසිරෙන ඇයගෙ හැසිරීම නිසා ගණුදෙනු කරුවන්ට ඇති වෙන්නෙ නොපහන් හැඟීමක්. යම්තම් හෝ ඔලුව ඔසවලා යම්තම් හෝ හිනා වෙන්න පුළුවන් නම් ඒ හිනාව හිත හදන වචන 100කට එහා වටිනවා.
අපි බොහෝ දෙනෙක් රැකියා ස්ථානයේ කතා කරන විලාසය ගැන හිතන්නෙම නැති තරම්.අපි ගෙදර කතා කරන විලාසයටම රැකියා ස්ථානයේ ද කතා බහ කිරීමට පුරුදු වී තිබෙනවා. අප ආරූඩ කරගත් වාග් විලාසයක් භාවිත කළ යුතු යැය් නොවේ මා පවසන්නට උත්සහ කරන්නේ. නමුත් අප සේවා ලාභියාට කතා කරන ස්වරය මදක් හෝ මෘදු විය යුතුයි. අප රැකියා ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙක්‍ හට අවශ්‍ය සේවාව සපයන්න අපි බැඳී සිටිනවා.
රජයේ කාර්‍යාලයකින් යම් කර්තව්‍යයක් කරගැනීමට යන්න. ඔවුන් බොහෝ දෙනෙක් හැසිරෙන්නේ ඔවුන් සේවාලාභියාට උපකාරයක් කරන ආකාරයට.
තවත් එක් කරුණක් සේවා සැපයීමේ ප්‍රමාදය. කොළඹ කාර්‍යාලයකින් යම්කිසි කරුණක් ඉටුකර ගැනීමට පැමිණ තිබෙන්නේ පෙරියමඩු වල පදිංචි පුද්ගලයකු වෙන්නට පුළුවන්. ඔහුට නැවතත් තම නිවස බලා යාමට කොතරම් කාලයක් ගත වෙනවාද? අප කාර්‍යාලය අවසන් වී නිවසට පැමිණීමට කොතරම් නම් බලාගෙන සිටිනවාද? මේ රටෙහි වාසය කරන අනිකුත් මිනිසුන්ද එසේම බව වටහා ගන්න.
සේවාලාභියාගේ ඇඳුම ආර්ථික මට්ටම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අනුවද සපයන සේවයේ වෙනස් කම් බොහෝ ස්ථාන වල පවතිනවා. රජයේ ආයතන පමණක් නොවේ. පෞද්ගලික ආයතන , කඩ සාප්පු ආදියේ පවා මෙය දකින්නට ලැබෙනවා.
මෙම ගැටලුව බොහෝ සෙයින් දකින්නට ඇත්තේ දකුණු ආසියානු මානසිකත්වය තුළ. විනයක් නොමැති කම, තමන්ගේ රැකියා ස්ථානය තමන්ගේ බූදලයක් ලෙසින් සිත සිටීම , තමන් ලඟට සේවයක් ලබාගැනීමට පැමිණෙන පුද්ගයාට වඩා තමන් සක්‍ර දෙවි මට්ටමට ආසන්න ලෙසින් සිතා සිටීම, එකිනෙකාගේ ආකල්ප වල ඇති ගැටළු ආදිය නිසා මේ තත්වය පාලනය කළ නොහැකි ලෙසින් පවතිනවා.
මෙහි හරය සැකෙවින් පැවසුවහොත්,
ඔබේ සේවාලාභියා ද නුඹ වැනිම මනුශයෙකු බව සිතන්න. ඔහුගේ රැකියා ස්ථානයේදී නුඹටද අමිහිරි අත්දැකීමක් සිදුවුවහොත්, එහිදී නුඹට දැනෙනා සැටි සිතන්න.
ඔබට කම්මැලි සිතෙන විට, සේවාලාභියා පිළිබඳව තරහක් එන විට නුඹ ඔහුව නුඹේ පුටුවේ තබා, නුඹ ඔහුගේ අසුනේ හිඳගෙන හෝ කවුන්ටරයේ සිටගෙන ඒ අවස්ථාව නුඹට ආරූඪ කරගෙන සිතන්න.
නුඹේ පවුලේ කෙනෙකුගේ අසනීප වූ අවස්ථාවක්, මරණයක් සිදුවූ අවස්ථාවක් මතක් කරගන්න. නුඹ නොදන්නවා වුවත් ,නුඹ වෙතට පැමිනෙන් පුද්ගලයන් ද එවන් හෝ ඊටත් වඩා දුකින් පසුවන නමුත් හදිසි අවශ්‍යතාවයන් නිසා නුඹ වෙතට පැමිනෙණ කෙනෙකු වීමට ඇති හැකියාව ගැන සිතන්න.
නුඹට ඇති දහසක් ප්‍රශ්න සිහි කරගන්න. නමුත් ඒ ප්‍රශ්න නුඹගේ සේවය ලබාගෙන පැමීණෙන්නාගේ හිස මත අත නොහැරීමට වග බලාගන්න. ඒ වෙනුවට, මේ ජීවත් වන සියල්ලන් එබඳුම වූ ප්‍රශ්න සහසක් හිස මත තබාගෙන ඇති බැව් සිතා ඒ ප්‍රශ්න සහසක් හිස මත තබාගෙන ඇති බැව් සිතා ඒ ප්‍රශ්න සහසින් එකක් හෝ නුඹේ දායකත්වයෙන් අඩු කරගැනීමග නුඹට සහය විය හැකි බව සිතන්න.
රටක් වශයෙන් ඉදිරියට යාමට නම් අප තනි තනිවම ඉටු කළ යුතු කාර්යයන් ඇති බව මතක් කර ගන්න.
It is imperative that we not become numb. The people that we serve, they have faces, families, hopes and dreams and stories.
- Tom Kirkman
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com30tag:blogger.com,1999:blog-1938304403736650926.post-70682280600877833992019-05-26T01:12:00.001-07:002019-05-26T01:12:17.930-07:00නුඹ නැතිව , නුඹ සමග
අඳුරු හෝරා අතර
අතරමං වී තවන
පාලුවී තනිකමට
සිත දවන වෙලාවට
නුඹේ සුසුමක පවා
ආදරය ඇති නිසා
නුඹ නැතිව නුඹ සමග
තුරුලු වී හිඳිමි මම
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com1tag:blogger.com,1999:blog-1938304403736650926.post-1512606551006480032019-03-21T04:07:00.000-07:002019-03-21T04:07:20.601-07:00මායා වීදුරු
මගේ ළමා කාලයේ මුල් සිව් වසරින් වැඩි කොටසක් ගෙවී ගියේ අම්මා ට සහ මට පමණක්ම සීමා වූ ලෝකයකය.
සතියකට හෝ දෙකකට වරක් පමණක් දකින්නට ලැබුණු අප්පච්චි ගේ අඩුව එතරම් මට නොලැබුණේ දවසින් වැඩි කාලයක් මා අම්මා සමගම ගත කළ නිසාය.
එකී ළමා කාලය සිහිපත් කරන විට මට සිහිවන්නේ තැනින් තැන මතක් වන සිදු වීම් සමුදායක එකතුවකි. ඒ බොහොමයක් සතුටු දායක සිදුවීම් ය. ඒ ප්රීතිමත් ළමා කාලයේ මට දුක සිතුණු වාර දෙකකි.
එකක් , අහසින් වත්තට වැටුණ සරුංගලයක් මගේ අතට නොදී නසරාණි කොල්ලෙකු විසින් රැගෙන යාමය. (ඒ සරුංගලය ඒ නසරානි කොල්ලාගේ ය)
අනෙක් සිදු වීමෙහි තරමක විහිලු සහගත බවක් ද ගැබ් වී ඇත.එහෙත් , ඒ පිළිබඳව මගේ සිතෙහි වන හාස්යෝපාදය යටපත් කරගෙන විස්තර කළ නොහැකි දුක්බර හැඟීමක මතකයකින් සිත වෙලා ගනීයි. ඒ එම සිදු වීම සමග මා හට දැනුණ අහිමි වීම පිළිබඳව වූ මුල්ම මතකයේ ශේෂ වූ නටබුන් වු හැඟීමක් තවම සිතෙහි හොල්මන් කරන නිසාවෙනි.
සිප්පි කටු සහ ඛනිජ පාෂාණ යනු මා තවමත් බොහෝ කැමත්තෙන් එකතු කරනා දේවල් වලින් දෙකකි. ඉතා කුඩා කාලයේදී ත් මම මිදුලේ වැලි අතර "මැණික් ගල් " සෙවූයෙමි. මැණික් ලෙසින් මා හඳුණාගත් තිරිවානා ගල් කැබලි කිහිපයක් ම මා සතුව එකළ පැවතිනි.
එක් දිනක මම අම්මා සමග කොහේ හෝ පයින් යමින් සිටියෙමි.හදිසියේ ම කොළ පැහැති "මැණික් ගලක්" පාරෙහි වැටී තිබෙනු මට දැකිය හැකි විය. ඒ කොහේදැයි මට මතක නැත. එහෙත්, "කොළ පැහැති මැණික් ගල පාරෙහි වැටී තිබූ ආකාරය ද, එය මා අතට ගත් ආකාරය ද මට චිත්රපටයක් සේ තවම මතකය. එහෙත් මට කිසිවක් කියන්න ට ඉඩ නොතබාම අම්මා එය මා අතින් රැගෙන විසි කළා ය. වීදුරු කැබැල්ලකට මා අත කපා ගනීවි යැයි ඇය සිතන්නට ඇත.
එය මැණික් ගලක් බව මම තරයේම ඇදහීමි. ඉතා වටිනා යමක් මා සතු වන්නට ගොස් එය ක්ෂණයකින් අහිමි වූ බව මට හැඟී ගියේය. එහෙත් ඒ මොහොතේ සිතට ආ කණගාටුව වචනයකටවත් නොපෙරලා මා එය විඳ දරාගත්තා මතකය. ඒ, මා එතුවක් කළ කිසි දෙයකට එපා නොකියා මා ආශා කළ සෑම කුඩා දෙයකටම අම්මා සෑමදාම ඉඩ දුන් නිසා වන්නට ඇත. එසේ නැති නම් ඒ මොහොතේ මගේ හිතෙහි හටගත් දුක පැවසීමට උවමනා තරම් වචන මා එකළ දැන නොසිටි නිසා වන්නටත් පුළුවන.
පසුව ද එය දිනකට කිහිප වරක් මතක් වී මට බොහෝ සෙයින් දුක සිතිණ බව මතකය. ක්රමයෙන් ඒ ප්රබල හැඟීම තුරන් වී ගිය ද, ඉන් වසර 20- 30කට පමණ පසුව ද එම සිදු වීම මතක් වී විස්තර කළ නොහැකි අන්දමේ කණගාටුවක් තවමත් සිතෙහි හට ගනී.
ගුරු ගීතය පරිවර්තනයේ සියලුම දේට වඩා එක් වාක්යයක් මට හොඳින් කට පාඩම් ය. "මගේ ළමා කාලය කොළ පැහැති මායාකාර වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතුණේය".
එසේ මතක තිබීමට එකම හේතුව අන් කිසිවක් නොව එහි ඇත්තේ "කොළ පාට වීදුරු කැබැල්ලක්" වීමය. එය රතු පාට හෝ නිල් පාට වූවා නම් මා හට එය එසේ මතක නොතිබෙන බව දනිමි. එය සහ මගේ වීදුරු කැබැල්ල අතර කිසිදු සබඳතාවයක් නැතත් , එම වාක්යයයට පුදුමාකාර ලෙසින් මම ප්රිය කරමි. ඒ මගේ ළමා කාලයේ කොටසකට අයත් වූ කොළ පැහැති වීදුරු කැබැල්ලක ගැබ් වූ සියුම් වේදනාත්මක, එහෙත් අම්මා සහ මා අතර වූ අපූර්ව සබැඳියාවක මතකයක් එය සිහිපත් කරන නිසා ය.
මේ වන තෙක් වූ ඒ අහිමි වීම පිළිබඳව හැඟීම පසු ගිය දිනෙක මා වෙතින් අහම්බෙන් ගිලිහී ගියේය.
එය මට හමු විය !
එය වතුරට සහ වැලි අතරට එක්ව මැදී යාමෙන් සුමුදු වූ කොළ පැහැති වීදුරු කැබැල්ලකි. සමහර විට එය වසර ගණනාවක් ගඟක පතුලෙහි සැඟවී තිබෙන්නට ඇත. එසේ නොමැති නම් මුහුදු වෙරළක වැලි හා ගැටෙමින් තිබී එසේ මා හට හදිසියේ හමුවන්නට ඇත.
කුඩා කාලයේ මට අහිමි වූ වටිනා වස්තුවක් මායාකාර ලෙස නැවත මා හට ලැබුණා හා සමාන වූ හැඟීමකින් නිමේශයකින් සිත වෙලී ගියේය. ඉතින් එය මම පරිස්සමින් අරන් තැබීමි. සැබැවින්ම එය මගේ වීදුරු කැබැල්ල නොවේ යැයි කා හට විශ්වාසයෙන් කිව හැකිද ?
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com5tag:blogger.com,1999:blog-1938304403736650926.post-72763744043445682252019-01-05T03:09:00.001-08:002019-01-05T03:11:18.354-08:00නිකී
සමහර අය අපේ ජීවිතේට එන්නෙ හරිම තාවකාලිකව ඒ වගේම නොහිතන වෙලාවක. ඒත් ඒ පුංචි කාල සීමාව ඇතුළත ඉතුරු කරලා යන මතක අපමණයි.
නිකී ත් ඒ වගේ.
එක දවසක් උදේ පාන්දර දොර ඇරලා බලද්දි නිකී දොර ඉස්සරහට වෙලා හිටගෙන හිටියා. හරියට කාලෙකින් ගෙදර නාව යාලුවෙක් ගෙදරට ආවා වගේ. හිනා වෙවී අපි දිහා බලාගෙන හිටිය එයාව දැක්කම හිතට ආවෙ වෙනදට දන්නෙ නැති බල්ලෙක් වත්තට ආවම එන හැඟීම නෙමේ..... බල්ලො දැක්කම ගේට්ටුවෙ සීමාවෙන් එහාට එලවලා දාන අප්පච්චිටත් එයාව දැක්කම හිනා ගියා. අපි සේරම ඇවිත් එයා දිහා බලද්දිත් නිකී කළේ ඒ හිටිය විදියටම හිනා මූණක් එක්ක බලාගෙන හිටිය එක.
ඇත්තටම නිකී ට තිබුණා එක එක විදියෙ මූණු. ලස්සනම එක තමයි එයාගෙ "හිනා මූණ". අපේ ගෙදර කවදාවත් සත්තු හිටියෙ නෑ. නිකී ඒ නිසා හැමෝටම මැජික් එකක් වගේ වුණා. ඇත්තටම නිකී ලස්සන බල්ලෙක්. මොකක් හරි මිශ්‍ර වර්ගයක්.
එදා පැය දෙක තුනක් අපේ ගෙදර හිටිය නිකී කන්න දුන්න දේවල් කාලා වත්තෙ හතර මායිම එහෙම බලාගෙන ආපහු ගියා. කොහෙන් ආවද කොහාටද ගියෙ කියල කාටවත් හොයා ගන්න බැරි වුණා.
ආයෙමත් සතියකට පස්සෙ නිකී උදේ පාන්දර දොර ළඟ ආයෙමත් හිටගෙන හිටියා. එදා වගේමයි... අර හිනා මූණ !
කළින් දවසට වඩා වැඩි වෙලාවක් ගෙදර හිටිය නිකී ආපහු ගියා.
තවත් සතියක් ගෙවිලා ගියා... ආයෙමත් සති අන්තයේ දවසක් !
එදා ආව නිකී ආයෙම ආපහු ගියෙ නෑ. අපේ ගෙදර නැවතුනා.. අයිතිකාරය කවුද කියල හොයලා බලන්න අපි කාටවත් උවමනාවක් තිබුණෙ නෑ. ඒ තරම් නිකී ලස්සනයි හුරතල්.
නිකී කිව්වට ඒ කාලෙ එයාගෙ නම බව්වා. මොකද නමක් ගමක් දන්නෙ නෑනෙ. මම එක එක නම් කියලා බැලුවා. ටොමී, සැන්ඩි, සරදියෙල් .... ඒත් ඒ එක නමක් වත් එයාගෙ නමද කියල හොයාගන්න බැරි වුණා. හේතුව, ඒ සේරම නම් වලට එයා උඩ පැනලා හිනා වෙලා වලිගෙ වනපු නිසා. 🙄
අනුන්ගෙ බල්ලෙක් ගෙදර තියාගත්ත කියල රට්ටුන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල කලබල වුණ අප්පච්චි විතරක් අපේ දැඩි විරෝධය මධ්‍යයේ එයාගෙ අයිතිකාරයාව හොයාගෙන එයාට පණිවිඩයක් යැව්වා.
එදා හවස ඒ අයිතිකාරය ආව. නිකීව එක්කන් යද්දි නිකී බෑ කිව්වා. ඒත් එයා බලෙන් අරන් ගියා.
ඒත් ඒ ගිය විදියට මම හිතුවා අනිවාර්‍යෙන් පහුවදා වෙද්දි ගෙදර එයි කියන එක. පහුවදා නෙමේ... පැය දෙක තුනක් යද්දි ආයෙමත් නිකී ගෙදර. 😁
අන්තිමට ඒ ගෙදර මිනිස්සු නිකී ව අත ඇරියා. එයාගෙ බේත් විදපු පොත් එහෙම අපේ ගෙදරට ගෙනත් දුන්නා. ඒ පොතේ විදියට නිකී ගෙ වයස අවුරුද්දට ටිකක් අඩුයි.
ඉතින්,ඔය විදියට මාස දෙකක් තුනක් නිකී අපේ ගෙදර හිටියා. එයාට මුලින් මම දාපු නම නිකිටා. ඒත් හැමෝම එයා ට නිකී කියල කතා කරන්න පටන් ගත්තා.
මේ ගෙදරට නම් බල්ලො ගේන්න එපා,ළමයි මදිවට බල්ලන්ගෙත් වැඩ කරන්න මට බෑ කිව්ව අම්මයි, බල්ලන් යනු මිනිසාගේ සතුරාය කියල හිතාගෙන හිටිය අප්පච්චියි දෙන්නම දවස් දෙකක් යද්දි නිකී ට ඉන්න කූඩුවකුත් ගෙනත් තිබුණා. ඒත් ඒක නාම මාත්‍රික කූඩුවක්. කූඩුවට යන්න කිව්වාම ඒක ඇතුළට යන්න පුරුදු වෙලා හිටිය නිකී එළියට එන්න ඕන වුනාම අතින් තල්ලු කරලා දොර ඇරගෙන එළියට එන්න පුරුදු වුණා.
ඒත් එක නීතියක් තිබුණා. ගේ ඇතුළට එන්න තහනම්. ඒක අප්පච්චිගෙ නීතිය. නිකී කවදාවත් ඒක කඩ කළේ නෑ. දොර ගාවට ඇවිත් ගේ දිහා එබිලා බලලා එයාගෙ සීමාවෙ ඉන්න හැමදාම වග බලාගත්තා. (ඒත් අම්මයි මමයි හිතාගෙන හිටියෙ අප්පච්චි කොහෙ හරි ගිය වෙලාවක නිකීට ගේ ඇතුළ ටිකක් පෙන්නන්න ඕනා කියලා)
නිකීගෙ කැමතිම මනුස්සයා වුණේ භාතිය. ඒ වගේම අම්මා. භාතිය ට කැමති එයාව නාවන නිසා, අම්මට කැමති හතර වේලටම කන්න දෙන නිසා.
එක කිණිතුල්ලෙක් වත් මැක්කෙක් වත් නැතුව ,රසට කාලා බීලා සතුටින් හිටිය නිකී මාස‍යක් දෙකක් යද්දි හරි ලස්සන වුණා. හිටියටත් වඩා. එයාගෙ මුල් අයිතිකාර ගෙදර අයත් සමහර වෙලාව ඇවිත් බලලා ගියා. නිකී ත් ඒ ගේට්ටුව ගාවට ගිහින් සමහර වෙලාවට එනව. නිකී ඒ ගෙදර දාල ඇවිත් තිබුනෙ එහෙ ඉන්න වෙන බල්ලෙක් එයාට කරදර කරන නිසා කියලයි ඒ අයිතිකාරයො කිව්වෙ.
එක දවසක් දා රෑ නිකී අතුරුදහන් වුණා. කොහෙ ගියත් පැයකින් දෙකකින් ඇවිත් අපිට හොරෙන් කූඩුවට රිංගන නිකී ආයෙ ආවෙ නෑ. ( එයා දන්නව රස්තියාදු ගහන එක වැරදීයි කියල. වැරදි කළාම එයා කරන්නෙ හොරෙන්ම කූඩුවට වෙලා සද්ද නැතුව eye contacts නැතුව ඉන්න එක)
දැනට සති තුනකට කිට්ටුයි. නත්තල් දවසෙ හිතුවා රතිඤ්ඤා සද්දෙට බය වෙලා එයි කියලා. ජනවාරි පළවෙනිදා ත් එහෙම හිතුවා. ඒත් නිකී ආවෙ නෑ.
ෆොටෝ, විඩියෝ දකිද්දි තවම දුකයි. බල්ලෙක් ව පුච්චපු ෆොටෝ එක දකිද්දි තවත් දුකයි. එච්චර හොඳ සත්තුන්ට ඇයි මිනිස්සු එහෙම කරන්නෙ.
ගෙදරට වෙන බල්ලෙක් ගේනවට අම්ම කැමතිත් නෑ... මට ඕනා නිකීව කියල අම්ම කියන්නෙ.
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com4tag:blogger.com,1999:blog-1938304403736650926.post-31930260129139711252018-10-04T04:37:00.001-07:002018-10-04T04:37:02.613-07:00හිනැහෙන හඳ
අහස් ගඟ දිගේ ඇවිදිත
විඩා පත් වෙලා සඳ වත
අහස් දියේ පිණි කැට වැද
යළිත් බොඳ වෙලා
විඩා නිවන්නට ගමනෙහි
කතාවකට තරුවක් නැත
අහස් කුස පුරා බොඳවම
සඳත් තනි වෙලා
පිණි බිඳු සියොළඟ තැවැරෙත
සීතලට තුරුලු වන්නට
තරු නැතිවම රෑ තුන් යම
අහසෙ තනි වෙලා
වැහි බිඳු එකෙනෙක යාවෙන
මොහොතට තත්පර ගැන ගැන
සඳ බොඳවම තරු නැතිවත්
තවම හිනැහිලා
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com8tag:blogger.com,1999:blog-1938304403736650926.post-15870239409032852062018-09-20T17:32:00.001-07:002018-09-21T09:14:09.113-07:00සොයමු යලි අරුන්දති
එක් දිනක් විය !
ප්රේම සැමරුම් වලින් හැඩ විය !
ශෘංගාර ඉසිඹුවක අවසන
කවුලු විවරව
අහස දෙස බැලු
සොඳුරු මොහොතක
නිමේශයකට
කවුලුවේ හරි මැදට වන්නට
යාවගිය තැන
විකර්ණය මැද
අරුන්දති තරු දෙනෙත් දල්වා
මදහසක් හෙළුවාය
අප වෙත
නැහැ තමයි ආයෙමත් ළග මම
වසඟ වී පාලුවට ලොබ බැද
කඳුලු සමගම මිතුරු දම් පුර
කවුලු පියපත් තදින් සිර කොට
වසා කුටියක සිරව තනුවම
හිදින්නවද කල්පයක දුර තව
ඉසිඹුවක අවසරය ගනු මැන
හැර බලන්නට
වැසූ කවුලුව
සිකුරු තරුවම
යලි සොයන්නට
නුඹ දෙසද මා දෙසද ඈ
බලා ඉන්නා
අයුරු බලනට
තත්පරෙන් තත්පරය අරගෙන
නැවත මා නුඹ දකින දින තුරු
පාලුවක් නොම දැනේ
එම විට !
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com0tag:blogger.com,1999:blog-1938304403736650926.post-61042034749939152572018-08-12T21:42:00.001-07:002018-08-12T21:42:15.153-07:00
බිම් වැටී ඉහිරි ගිය
මතක සායම් වලින්
ඇඳුණු සිතුවම් රටා
පාගමින් නුඹ ගිහින්
පැහැදුල් ව මාවතක
පා වැකුණු සායමින්
මතක බණ පද පෙළක
අඩි තබා නුඹ ගිහින්
ඇඳුන අඩි සලකුණින්
හැලුණු සායම් වලින්
කිලිටි වූ මාවතේ
යනෙන විට නුඹ සොවින්
නුඹේ ලෝකය සොයන්
යලිත් නුඹ ගෙන යන්න
සොයා එන්නෙමි ඉතින්
පිය ලකුණු ඇති සෙයින්
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com2tag:blogger.com,1999:blog-1938304403736650926.post-50520846201947540452018-07-28T07:01:00.001-07:002018-07-28T07:01:42.772-07:00ලාම්පු දස දහසක් !
වික්ටෝරියා ගේ ලාම්පු දස දහස සහ අප දෙදෙන
ඇය පිළිබඳව මගේ පළමු මතකය හතර වන ශ්‍රේණිය දක්වා දිවෙයි. පාසලේ විවිධ ප්‍රසංගයේ අංගයක් සඳහා සූදානමින් අපි පෙළගැසී සිටියෙමු. දිගු කොණ්ඩයක් ඇති විසේකාර බෝල කෙල්ලක් වූ ඇය එක් වරම මා වෙතට දිව ආවාය.
ඔයාගෙ කටේ ලිප්ස්ටික් මැකිලා... කොහෙන්දෝ ඔසවාගෙන ආ රතු පැහැති ලිප්ස්ටික් කූරක් ඉන් අනතුරුව ඈ මගේ තොල් වල ඇතිල්ලූවේ මා හට වචනයක් වත් කීමට ඉඩ නොතබමිනි. ඉන් අනතුරුව ඇය එම ලිප්ස්ටික් කූරම තම තොල් වලට ආලේප කර ගත්තාය. මගේ වයසෙහිම ,එනම් අවුරුදු නවයක් පමණක් වූවද ඇය දක්ශ රූපලාවන්‍ය ශිල්පිනියක් බව එවකට මම සිතා සිටියෙමි.😂
අන් සියලු දෙනා ට වඩා අප දෙදෙනා ලස්සන බවට වූ සාඩම්බර හැඟීමක් එදා මා සතුව පැවතින. එහෙත් , අන් සියල්ලන් කෙසේ වෙතත් අප දෙදෙනා ඩ්‍රැකියුලා දැරිවියන් දෙදෙනෙකු සේ දිස්වන්නට ඇති බව මා හට පසක් වන්නේ දැන් ය. 👿👹
එම විවිධ ප්‍රසංගයෙන් අනතුරුව වසර පහක් ගත වන තුරුම මා හට අමිල වූ නිදහසක් භුක්ති විඳීමට ඉඩ හසර සැලසින. ඒ මගේ මුහුණ බැලූ දෙවියන් කිසිදු විටෙක පන්ති කාමරයක් තුළ මා හට ඇය හමු වීමට ඉඩ සැලැස්වූයේ නැති නිසාවෙනි.
අතරින් පතර අම්මාගේ මුවින් ඇගේ නම කියැවෙනු මා හට ඇසී තිබුණද , ඒ පිළිබඳව උනන්දු වූයේ මා නොවේ. අම්මාගේ හොඳ ගෝලයන් පිළිඳව හේතු විරහිතවම නොපැහැදීමට එවකට මම තීරණය කළ සිටියෙමි.
එහෙත් මා නොදැනුවත්වම අවාසනාව මා පසුපස හඹා එමින් තිබිණි. 😋
අවාසනාව මා පසු කර ජයග්‍රහණය ලැබූයේ මම නව වන ශ්‍රේණියට පාතැබූ වනමය.
ඒ වනතුරු මා හට සිටි මිතුරියන් කිසිවෙකුත් ඒ පන්තියේ නොසිටියහ. ඒ මදිවාට දණහිසට අඟල් දෙක තුනක් ඉහලින් සුදු ගවුම් අඳින ,අර විසේකාර බෝල කෙල්ලගේ නම ද අපේ නාම ලේඛනයේ විය.
නව වාරය ආරම්භ වී සති දෙකක් ගත විය. ඇගේ නමට ඉදිරියෙන් වැටුනේ බිංදු පෝලිමකි. සති දෙකක් ගත වන තුරුම ඇය පන්තියට වාර්තා කළේ නැත. මා හට ඒ පිලිබඳව වගක් හෝ නොවීය. ඒ දිනෙන් දින නව පන්තියට මා හුරු වෙමින් සිටියෙමි
👼සති දෙකකට පසුව අලුත් සුදු ගවුමකින් ද සැරසුණ ඇය , ඉතා තැම්පත් සුරංගනා දැරියක ලෙසින් පන්ති කාමරයට ඇතුලු වූවාය.එහෙත් සුරංගනාවට පුටුවක් හෝ මේසයක් ඉතිරි වී නොතිබිණි... නැත, එකම එක පුටුවක් හා මේසයක් ඉතිරි වී තිබිණි. එය වූයේ මා අසල ය. වැඩි දුරක් තියා, විශද දෘශ්ටියේ අවම දුරින් අරික්කාලක දුරක් වත් නොසිතූ මා අසල සිටි අනෙක් මිතුරිය එම පුටුවට සුරංගනාවියට ඇරයුම් කළාය... ඒ පිළිබදව මා තුළ පැවතියේ තවමත් සිතා ගත නොහැකි නොපහන් හැඟීමකි.
ඉතින්...! ඒ මගේ කන් දෙකෙහි අවසානය සනිටුහන් වූ පුදුමාකාර උදෑසනක් විය
"අපේ පුංචිගෙ වෙඩින් එක තිබුණනෙ" සති දෙකක් අතුරුදහන් වීමට හේතුව ලෙස ඇය දක්වා සිටියාය... "පුංචිගෙ වෙඩින් එකට පුංචිවත් එච්චර නිවාඩු ගන්න නැතුව ඇති...." එසේ සිතුවද මම එය වදන් වලට නොපෙරෙලුවෙමි.
එහෙත් දිනෙන් දිනම, බෝල දැරියගේ කතා බස් වලට මටත් නොදැනුවත්වම මම ආශක්ත වෙමින් සිටියෙමි...
ශාරුක් , සහ තවත් කෙල්ලන් දෙදෙනෙකු පිළිබඳව වූ චිත්‍රපටයක කතාව ඇය මා හට විස්තර කළේ එම හමු වීමෙන් දින කිහිපයකට පසුවය.. කඳුලු , සලමින් අසා සිටි එම කතාව අවසානයේ ඇය පැවසූ වාක්‍ය සහ මා දුන් බුද්ධිමත් පිළිතුර ඩෙස්කය මත ටිපෙක්ස් කළ අකුරක් මෙන් මා හට තවමත් මතකය.
"ඒකෙ කාජල් හරි ලස්සනයි. කොන්ඩෙ කපලා ඉන්නෙ.."
" ආ.. කාජල් කොණ්ඩෙ වවලද හිටියෙ... ?"
ඇය තුශ්නිම්භූත වූවාය...
"මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ කාජල් කියන්නෙ කොල්ලෙක් කියලා"
ඇය මා හටම ඔබින කෙල්ලක බව වැටහීමට වැඩි කාලයක් ගත නොවීය. ඇය ද පොත් කියවන බව දැනගැනීම මගේ සතුටට හේතුවක් වූ බව කිව යුතුමය. කුමක්දෝ අහේතුවකට😘 ඇය මගේ හොඳම මිතුරිය බවට පත් වන්නට වැඩි කළක් ගත නොවීය.
අති විශාල මූල්‍ය අර්බුදයකට එවකට (දැන් කියාද වෙනසක් නැත) ලක්ව සිටි අප දෙදෙනා පොත් මිලදී ගැනීමට විඳි දුක් දන්නේ අප පමණක්මය. බොහෝ විට එකම පොත මිලදී නොගැනීමට එකල අපි වගබලා ගතිමු. දෙදෙනාම එකම පොතක් මිලදී ගත්තා නම් ඒ "ගෝරා " පමණක්මය.
දැනටත් මගේ ඕනෑම පොතක් ලෝබ නැතුව කියැවීමට දෙන්නේ ඇයට පමණක්මය.මන්ද යත්, ඒ කිසිදු පොතක පිටුවකට හෝ හානියක් නොවෙන්නට ඇය වග බලාගන්නා බව දන්නා නිසාය.
එසේ වුවද, මා අතින් ඇගේ සිත රිදුන වාර බොහෝ ඇත. වගකීමක් නොමැති වූ හැසිරීම් රටාවක් එකළ දැක්වූ මම ඇතැම් විට ඈ සිටිනවාදැයි නොදන්නා සේ හැසිරුණ අවස්ථාද තිබුණි. එහෙත් මට අවශ්‍ය සෑම මොහොතකම මගේ ළඟ සිටි එකම මිතුරිය වූයෙ ඇය පමණක්මය.
මට වඩා අඟල් පහක් පමණ උස් වූ ඇය, පන්ති යන කාලයේ කිසි දිනෙක අඩි උස පාවහන් පැළඳුවේ නැත. ඒ මගේ සිත රිදවනන්නට අකමැති වූ නිසා බව දනිමි.
ඉතින් වික්ටෝරියා මෙතැනට සම්බන්ද වන්නේ කෙසේද? ඒ victoria හෝල්ට් ය.ඒ නම මම දැන නොසිටියෙමි. ඇගේ බාප්පා සතු වූ පරණ පොත් පෙට්ටියක් අවුස්සන විටෙක ඇයට වික්ටෝරියා හෝල්ට්ගේ " the house of thousand lanterns" හමු වී තිබුණි.
එය කියැවීමෙන් අනතුරුව මා හටද ඇය එම පොත ලබා දුන්නේ ඒ පිළිබ්ඳව මහා වර්ණනාවකින් අනතුරුවය.
එය සැබෑවක්ම විය. එය වශී වන සුළු පොතක් විය.
එය කියැවීමෙන් පසුව එය සිංහලට පරිවර්තනය කිරීමේ විශාල ආශාවක් මා තුළ හට ගැනුනේ නිතැතින්මය.
මම ඇයට එවෙලෙහිම දුරකතන ඇමතුමක් ගතිමි....
"මට පොත මාස 5,6කට තියාගන්න දෙනවද...?"
"ඇයි, පරිවර්තනය කරන්න හිතුණද?" එකෙනෙහිම ඇය ඇසුවාය..
"ඔව්..."
ඉන් අනතුරුව ඇසුනේ සිනහවකි.
"ඔයා ඕක කියෙව්වට පස්සෙ මම පරිවර්තනය කරන්න හිතාගෙන හිටියෙ..."
මා තුළ හට ගත්තේ වරදකාරී හැඟීමකි.
මට වඩා දස ගුණයකින් පමණ වූ ලිවීමෙ නිසඟ හැකියාවක් ඈ සතු විය.
"එහෙනම් ඔයා ඒක කරන්න..." මම පිළිතුරු දුනිමි.
ඉන් අනතුරුව එළඹුනේ තර්ක විතර්කය...
ඔයා කරන්න... ඇය පවසා සිටියාය.
අවසානයේදී ඇය පසුව වෙනත් පොතක් පරිවර්තනය කරන බව පවසා මා හටම එය පිළිගැන්වූවාය.
මගේ අලස කම පරයා උනන්දුව මා පාලනය කළේ දින කිහිපයකි. පරිච්චේදයක් හෝ දෙකක් පරිවර්තනය විය... ඉන් අනතුරුව එළඹුණේ දිගු නිහැඬියාවකි...
නිහැඬියාවේ තරම කොපමණද යත්, මෑතක කවුරුන් හෝ කළ එහි නව පරිවර්තනයක් කොහේ හෝ දකින තුරුම වික්ටෝරියා හෝල්ට් නිහඬව සිටියාය.
ආසාවෙන් කිරීමට මගේ මිතුරිය සිතා සිටි කාර්‍යය මගේ අලස කම නිසා වතුරේ ගියේ එසේය..
වෙනත් පොතක් පරිවර්තනය කරනවා යැයි පැවසුවද, ඇයද තවමත් කිසිදු පොතක් පරිවර්තනය කර නැත. ඒ වෙනුවට පරීක්ෂණ නළ බියුරෙට්ටු ආදිය සමග අති දැවැන්ත සටන් මෙහෙයුම් ඇය දියත් කර ඇත.
මතු යම් දිනෙක කවදාහෝ ලබන ආත්මයේ හෝ පොතක් පරිවර්තනය කරන බවට මම අධිශ්ටානයෙන් පසු වෙමි. ඇයද එම අදිටනින්ම පසු වන බව මම අදහමි... 😂😂
(This is a brief tribute to my best friend for her never apriciated unique and priceless friendship. My sweet girl.... Love you loads and miss you )
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com2tag:blogger.com,1999:blog-1938304403736650926.post-56466777547452266792018-07-21T03:03:00.001-07:002018-07-21T03:03:17.563-07:00දැවීම !
දවා හළ ප්‍රේමයේ
අලු ගොඩ ගැසී ඇති
නටබුන් ව දෙවොලක
නැගෙන දුම් රැළි අග
පිළිස්සෙන'මුදු ප්‍රේමය
තවමත් දැනෙන්නේ
පුළුටු ගඳ නොව
සම්බ්‍රානි සුවඳමය
දෑඟිලි තුඩග ගෙන
පිස දමන්නෙම් මම
මැකී ගිය දෙව් රුව
මතුවන තුරාවට
ඇඟිලි තුඩු සීරී
ලේ බිම හැලෙන විට
නෙත් හැර බලාවිද
නිදා ගත් දෙව් නෙත?
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com0tag:blogger.com,1999:blog-1938304403736650926.post-84975002518469862332018-07-19T07:19:00.001-07:002018-07-19T07:23:39.903-07:00Beauty and the beast ❤️
#Beast
අවසාන මල් පෙත්ත ගිලිහිලා
බිම වැටී මිය යන්න බෝ ළඟයි
ඉසිඹුවක් ළද සැනින් සැඟවිලා
පලා ගිය නුඹ මහට හරි දුරයි
සඳ නොමැති අඳුරු බිම
තව තවත් කලුවරයි
පපුතුරේ සැඟවුණේ
එක රුවයි, නුඹ තමයි
මග හැරුණ තැන හදේ
නුඹ තවම උණුසුමයි
හැලෙන මල් පෙති සැවොම
ඉකි ලන්නෙ නුඹ ගැනයි
අවසාන මල් පෙත්ත බිම හැලෙයි
සැලෙන පණ යදින්නේ නුඹ රුවයි
හිරු නිවී සඳෑ අඳුරත් හඬයි
නුඹ නොමැත - මා මියෙනු මට දැනෙයි !
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com1tag:blogger.com,1999:blog-1938304403736650926.post-15900674870839856232018-07-18T04:25:00.001-07:002018-07-19T07:23:53.690-07:00නොවූවා නම් නුඹ
විසල් නුග රුක නුඹ
මඳ පවන'තර සසැලී
සසැලුණා යැයි නොකියන
සැඩ මරුත'තර සැඟ
නුඹ තුරු හිසෙහි
මා දැවටෙනා තැන
නොදැනුනා යයි පවසන
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com1tag:blogger.com,1999:blog-1938304403736650926.post-73098290693010090262018-07-16T08:21:00.001-07:002018-07-19T07:36:16.713-07:00මීදුමක් වූ නුඹ ළඟ
වසරකුත්, මාස හතරකුත් හරියටම ගෙවී ගිය දිනයකි. නුඹ හමු වූයේ අහම්බෙනි. ඉතාමත් අහඹු දිනයක අහඹු ලෙස , එහෙත් පුංචි සැලසුමකින් අනතුරුව, අප හමු වීමු.
හිස ඔසවා බැලීමට නොහැකි තරම් ය. කිසිදිනෙක කිසිවෙකු කෙරේ නොවූ ලජ්ජාවකින් මගේ හිත පිරී ගොස් තිබිණි. නුඹ පිළිබඳව ද මින් පෙර මෙවන් හැඟීමක් තිබූ බවට මතකයක් හෝ නොවීය.
"අල්ලගන්න තමයි හිටියෙ" නුඹෙන් දඟකාර තර්ජනයකි.
මම මුනිවත රැකීමි. නුඹේ රළු අත් වලින් මගේ අත මුදවාගන්නට පමණක් මම වෙහෙසුනෙමි. එහෙත් ඒ සඳහා ඇති වූ අවංක උවමනාවකින් නොවේ. නුඹ මට අනවශ්ය බව නුඹට පෙන්වන්නට පමණි. නුඹේ ග්රහණයෙන් , මගේ උත්සහයෙන් තවත් අත රිදුනා පමණි. අරුමයක් නැත. නුඹත් මමත් එක් වන තැන මට හිමිවන්නේ සැමදාම රිදුමක් පමණක් වන නිසාවෙනි. ඒ නුඹේ මතකයෙන් මිදෙන්නට වෙර දරන සෑම මොහොතකට සිත රිදවන තරමය.
නුඹ අපූර්ව මිනිසෙකි. ඒ අපූර්වත්වය ට මම වශී වී සිටි තරම දන්නේ මා පමණකි. නුඹේ අපූර්වත්වය මම දන්නා තරමට නුඹ නොදන්නා බවද දනිමි.
නුඹට සිනාසිය හැකි බව මම නොදැන සිටියෙමි. එහෙත් නුඹට සිනාසිය හැකි බව දැනගත් මොහොතේ සිට ඒ සිනහව කොතරම් සුන්දරදැයි නුඹට පැවසීමට මට උවමනා විය. ඒ මීට වසරකුත් සිව් මසකට එපිටදීය. එහෙත් මම පරාජය වීමි.
මට වදනකුදු පැවසීමට ඉඩක් නොලබාම නුඹ ගුප්ත මීදුමක් ලෙසින් මැකී ගියේය.
නුඹ සදහටම අමතක කරන්නට මම සිතා ගතිමි. ඒ හැඟීම් දැනීම් නොමැති නිසා නොවේ. නුඹ පවසන අන්දමට මා සිත් පිත් නැති ගලක් නිසා නොවේ. නුඹ දන්නවාට වඩා මා බොහෝ සෙයින් හැඟීම් බර නිසාය. ගලක් කොට නුඹ දකින සිතට බෝර ගසන්නට මට ඇවැසි නොවීය. මට ඇවැසි වූයේ නුඹෙන් සිත මෘදු කර ගැනීමට පමණි.
එහෙත් නුඹ මීදුමකි. එක් වරම මතු වී, මැකී බොඳ වන මීදුමකි. අතින් අල්වා නවැත්විය නොහැකි මීදුමකි.
යළිත්,
නොසිතූ මොහොතක නුඹ නැවතත් පැමිණ ඇත.
කොහේදෝ සිට මතුව නුඹ නැවතත් මා අසලය.
නුඹට මේ සියල්ල සෙල්ලමක් වන්නට ඇත. සෙල්ලමක් නොවූවත් ඒ හා සමාන වන්නට ඇත. එහෙත් මේ මගේ ජීවිතයයි. නුඹ නිසා විඳවන්න ට මම නොකැමැත්තෙමි. ඊටත් වඩා මා නිසා නුඹ මොහොතකට හෝ විඳවනවාට මම නොකැමැත්තෙමි.
ඒසාම නුඹේ හිතුවක්කාරකමට මම බියෙමි. ලං වන්නටත් ඈත් වන්නටත් අයිතිය ඇත්තේ නුඹට පමණක් බවට අදහන නුඹේ සිතිවිලි වලට මම බිය වන්නෙමි.
මට මමම වන්නට අවශ්යය. මට නුඹ වන්නට ඇවැසි නැත. මගේ සිත ගලක් යැයි මට පවසමින් ගලක් නොවන මා අසල බොහෝ වර ගලක් ලෙස හැසිරෙන නුඹ අසල නුඹ වැනිම වන්නට මට අවැසි නැත. සිත් පුරා ආදරය කිරීමට මට අවශ්යය. මගේ සිතෙහි ඇති නුඹ නොදත් මගේ ආදරය සපුරා නුඹ දෙන්නට මට උවමනාය.
එහෙත් සිතෙන විට ලං වීමත්, තවත් විටෙක වෙන් වීමටත් සිතෙන නුඹ යළිත් මා දමා මැකී යන බව දැන දැනම නුඹට ලංවන්නේ කෙසේද?
එහෙත් නැවතත් මගේ සිත චංචලය. හදිසියේ අනපේක්ෂිතව දැනුන නුඹේ දෙතොල් උණුසුම් ය. බෙහෙවින් ආදරණීයය. ඒ උණුසුමට හසුව අතරමං වූ මගේ සිත මට අවසඟය. ඒ මින්ට් රසත් සුවඳත් මගේ සිත අතරමං කොට ඇත. නුඹේ සිප ගැනීමෙන් මට දැනුනේ බියකි. එය නුඹ පිළිබඳව බියක් නොවේ. නුපුරුදු බවක රැදුන බියකි. නුඹෙන් වෙන් වීම දරාගැනීමට නොහැකි වීමේ බියකි.
මම අතරමංව සිටිමි. මේ මංමුලාවෙන් මා මුදනු හැකි නුඹට පමණක් බව මම ඉඳුරාම දනිමි. එහෙත් නුඹට ලංවන්නට මට නොහැකිය. ඒ නුඹ මීදුමක් නිසාවෙනි.
නුඹට නැවතත් මීදුමක් වන්නට ඇවැසි බව මම දනිමි. ඇවැසි වූවත් නොවූවත් එසේ වන බැව් දනිමි. එය මා හට දරාගත හැකියැයි නුඹ සිතන්නේද ?
එක් විසඳුමකි. නුඹ සිතා සිටිනා ලෙසට මම හැඟීම් විරහිනියක වන්නෙමි. ගලක් වන්නෙමි.
මම නුඹෙන් නුඹේ මතකයෙන් මිදී යන්නෙමි ! නැවත නුඹ වෙත පැමිණීමට මට උවමනාය. එහෙත් නුඹ කෙරේ රැඳී සිටීමට මට නොහැකිය. ඒ නුඹ අතුරුදන් වී, නැවත මතු වන මීදුමක් බැවිණි.
එබැවින් මම නික්ම යමි.
ඒ, යාම් ඊම් පමණක් ඇති මෙලොවට නුඹ මවෙත පැමිණෙන දිනෙක නැවත නුඹ වෙත පැමිණීමට මට ඇවැසි නිසාවෙනි.
( ප්රස්තුතය - ඈ මගේ ලඟ මිතුරියකි. ඔහුව ඈ හට මුණ ගැසුනේ අහම්බෙනි. එහෙත් ඈ ඔහු පිළිබඳව සිතන තරමින් දශම කාලක් වත් ඔහු ඇය පිළිබඳව නොසිතන බව , ඈ පවසන බොහෝ දෙයින් මා හට හැඟී ඇත. මා ඈ වූවා නම් මගේ තීරණය මෙයයි.)
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com4tag:blogger.com,1999:blog-1938304403736650926.post-11809505613245055042018-06-14T07:18:00.001-07:002018-06-14T07:18:35.576-07:00සොයා එනු ප්රේමය !
වැටෙනව ද නුඹ
ෆැන්ටසි සිහිනයක කෙළවර
අතු අගින් පොළොව ට
සියලු මකරඳ
මත් බමර තුඩු
වියලි ගිය දිනකට
පෙති සැලී ගිය නටුවක්ව
පතිත වත දෝතට
පියසලනු ප්‍රේමය
සැබෑ තටු ලද
විහඟ ගීයක් විලසට
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com3tag:blogger.com,1999:blog-1938304403736650926.post-34768989720672682892018-05-16T02:41:00.001-07:002018-06-14T07:18:57.214-07:00විදෙස් ගත ප්රේමය !
අහිමි වූ සුපෙම්වත
නුඹ නොමැති මෙබිම නම්
ඉතාමත් සුන්දරය...!
සොඳුරු වූ පෙම්වත්වු
මතකයන් පමණක්ම
මෙබිම රජයන නිසා
නුඹේ අමිහිරි වදන්
මවාලූ කඳුලු බිඳු
මෙබිම නොම දත් නිසා
සීතලට හිම පියළි
මගේ වුවනත ගැටී
තුටුද අසනා නිසා
මම තුටින් බැව් කියමි
මූදු සතකින් එහා
නුඹත් සතුටින් නිසා...
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com4tag:blogger.com,1999:blog-1938304403736650926.post-28400541793926374682018-05-03T10:06:00.000-07:002018-05-03T10:06:23.843-07:00මගේ මායා බෝංචි සහ යෝධයාගේ ශාපය
ඉන්නවා කියල හිතෙන හොල්මනකටයි ඇරෙන්න මේ ලෝකෙ මම බය දේවල් නෑ. අනිත් අය බය සර්පයො,
සම්පූර්ණයෙන් වෙනස්. අනිත් මිනිස්සු බය නැති හැම දේටම මම බයයි. පුලුන් වලට ,
බයයි. තව බොරලු ගල් වලටත් බයයි.ඒ ගල් වගේ ඉන්නෙ ගෙම්බො. උන් ළමයින්ව අල්ලගෙන
කනවා...
බය හිතෙන්නේ නැද්ද ??
හරි හේතුවක් නිසා මම පොඩි පොඩි කාලේ ටාර්සන්ට හරිම බයයි .
ඇති වුණේ එක දවසක් එක පාරටම .මිදුලෙ සෙල්ලම් කර කර ඉඳලා කර කර ඉදල මම එක පාරටම ගේ
ඇතුළට ආවා .ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ටීවී එක දාලා තිබුනේ .ඒ ටීවී එකෙන් මම ඒ
වෙනකම් අහල තිබුන භයානකම කටහඬ ඇහුනා .
වගේ යෝධ මනුස්සයෙක් කෑ ගහ ගහ ගහ ගහකින් බිමට බහිනවා .ගහ හොල්ලනවා .ඒ අස්සේ පොඩි
කොල්ලෙක් ඒ ඒ ගහ දිගේ පහලට බහිනවා .ක්ෂණිකව දැක්කා උනත් මට එක පාරටම තේරුම් ගියා ඒ
යකෙක් වගේ යෝධ මනුස්සයා අර කොල්ලා පස්සෙන් එලවගෙන යනවා කියලා . ඒ මනුස්සයා ඒ ළමයව
ගිලී කියලා මම හොඳටම බය වුණා . ගිලිනවද නැද්ද බලන්න මම දොර අස්සෙ හැංගිලා කන්
වහගෙන ටීවී එක දිහා බලාගෙන හිටියා... ඒත් අර වීර කොල්ලා ඉක්මනින් ගහෙන් බැහැලා ගහ
වුණ බය ගොඩක් කල් යනකම් මගෙ හිතේ තිබුන. ඒ සුරඟන කතා කරලියෙ ගිය ජැක් සහ බෝංචි
වැල. ඔය විදියට තමයි ඒ හපුටු පාට ජැක් මගෙ මුල් ළමා වියේ වීරයා වුණේ... ඒ නැවත
නැවතත් ජැක් සහ මායා බෝංචි වැල බැලුවට පස්සෙ. ඒත් ඒ හැම වතාවෙම යෝධයා ජැක් පස්සෙන්
එළවගෙන එන ටික බැලුවෙ ඇස් බාගෙට වහගෙන.
මටත් ලොකු බෝංචි වැලක් හදාගෙන අහසට යන්න ඕන වුණා.. අම්ම උයන්න ගන්න බෝංචි වල හොඳටම
මෝරලා දම් පාට වුණ මායා බෝංචි ඇට ඉඳල හිටලා හම්බුණා.
එළියට විසි කරලා මායා බෝංචි වැල හැදෙනකම් බලාගෙන හිටියා. ඇයි ඒවා පැල කරලා
බැලුවෙ නැත්තෙ අහන්න එපා...
නෑ.. ජනේලෙන් එළියටයි විසි කරන්නෙ. එතකොට තමයි පහුවදාට අහස හිල් කරගෙන යන තරම් උසට
බෝංචි වැලක් හැදෙන්නෙ.
අහසට යනකොට අඳින්න ලස්සන ඇඳුමකුත් මම තීරණය කරලා තිබුණෙ. ජැක් වගේ ගෙවල් අස්සෙයි
හමු වෙන්නයි මගෙ තිබුන එකම බලාපොරොත්තුව.
කවදාවත් හැදුනෙ නෑ.. මම අහසට ගියෙත් නෑ. සුරංගනාවියො හම්බුනෙත් නෑ.
දාපු බෝංචි වැල නිසා බිම වැටිලා මැරුණ යෝධයාගෙ සාපය තවම මේ පොළොවෙ තියන නිසා වෙන්න
ඇති
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com5tag:blogger.com,1999:blog-1938304403736650926.post-42914779331213681272018-04-28T11:43:00.001-07:002018-05-03T10:01:25.929-07:00පාම් තෙල් වල සැඟවගත් ඔබ නොදත් දුක්බර කතාව.
ඔබ මිලදී ගන්නා භාන්ඩ වල ලේබලය ඔබ කියවනවා ද? එසේ නම් ඔබ බොහෝ විට දැක ඇති එම නිශ්පාදන බොහොමයක පාම් තෙල් අඩංගු බව.
නමුත් ඔබ දැන සිටියාද මෙම පාම් තෙල් භාවිතය දේශගුණ විපර්යාස වලට, සත්ව හිංසනයට සහ සත්තුන්ගේ වාසස්ථාන විනාශයට හේතු වන බව සහ බිම් වල මුල් පදිංචි කරුවන්ගේ මානව අයිතීන් නැති වීමට හේතු වන බව?
පාම් ඔයිල් යන අප්රිකාවේ පිහිටි පාම් ගසේ ගෙඩි වලින් ලබාගන්නා ශාකමය තෙල් වර්ගයක්. අද ලෝකයේ නිවාස වල භාවිතයට ගැනෙන ද්රව්ය අතරින් 40-50%ක පමණ පාම් තෙල් අඩංගු වෙනවා. අහාර වල පටන් සේදුම්කාරක , රූපලාවණ්යය ද්රව්ය වල අමුද්රව්යක් වනවා වගේම ජීව ඉන්ධනයක් ලෙසද පාම් තෙල් භාවිතා වෙනවා. පසුගිය දශකය තුළදී ලෝකය පුරා පාම් තෙල් භාවිතය දෙගුණ වී ඇති අතර, 2050 වන විට ,වර්ෂයකට පාම් තෙල් ටොන් මිලියන 240 ක් අවශ්ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
ප්රශ්නය කුමක් ද?
පාම් ගස් අප්රිකාවේ, ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ වගාකරන අතර, ලෝකයේ පාම් තෙල් අවශ්යතාවයෙන් 85%ක් සපයනු ලබන්නේ මැලේසියාව සහ ඉන්දුනිසියාව යන රටවල් වලින්. නමුත් අවාසනාවකට මෙම පාම් ගස් වගාවන් සිදු කරන්නේ තිරසාර සංවර්ධනය පිලිබඳව කිසිදු සංකල්පයත් නොමැති ආකාරයට යි. බොහෝ තෙත් වනාන්තර කිසිදු වගවිභාගයකින් තොරව මේ නිසා කපාදමනු ලබනවා. ඒවාගේ වාසය කරන මිනිසුන් ගේ ඉදිරි පැවැත්ම සඳහා කිසිදු සැලසුමක් බොහෝ විට මේ රටවලට නැහැ.
සීමා මායිම් නොමැතිව සිදු වන වන සංහාරය නිසාමේ වන විට ඉන්දුනීසියාව හරිතාගාර වායු වායුගෝලය ට විශාල වශයෙන් මුදාහරින තුන්වන රට බවට පත් වෙලා තියනව. ලෝක වනසත්ත්ව අරමුදලේ සංඛා ලේඛන වලට අනුව සෑම පැයකට වරක්ම , පාපන්දු පිටි 300ක වනාන්තර ප්රමාණයක් පාම් ගස් වගාව සඳහා පමණක් එලි කරනු ලබනවා.
මෙයට සමගාමීව ලෝකයේ පාම් තෙල් නිශ්පාදනය කරන රටවල් වල ප්රධාන සත්ව ගහනයේ පැහැදිලි අඩු වීමක් පෙන්නුම් කරනවා. ඉන්දුනීසියාවේ ක්ෂීරපායී වන සතුන්ගෙන් 1/3 ක් මේ වන විට වඳවීමේ තර්ජනයට මුහුණ දීලා තියනවා.
මේ අතරින් වැසිම හානියක් වී ඇත්තේ ඔරන්ඔටන් හට.
පහුගිය අවුරු 20 තුළදී ඔරන් ඔටන් ගේ වාසස්ථාන වලින් 90% ක් මේ වන විටත් විනාශ වී අවසන්. වසරකට ඔරනොටන් 1000-1500 ක් අතර ප්රමාණයක් මරා දමනු ලබන අතර, පරිසර පද්ධති වල පැවැත්මට එය හානිකරයි. වැසි වනාන්තර වල ශාක වර්ග බීජ මගොන් ව්යාප්ත කිරීමට උන්ගෙන් වෙන දායකත් වය අතිමහත්. පසුගිය දශකය තුළදී පමණක් ඔරන්ඔටන් 50000 කට අධික ප්රමානයක් මරා දමා තිබෙන අතර , වර්තමාන දත්ත වලට අනුව ඉදිරි වසර 5-10 ඇතුළත් ඔරන්ඔටන් මිහිතලයෙන් සම්පූර්ණයෙන් වඳ වී යා හැකියි.
මේ පාම් වගාව නිසා තර්ජනයට මුහුණ පා ඇති එකම සත්වයා ඔරන්ඔටන් පමණක් නොවේ. බෝර්නියෝ සහ සුමාත්රා හි ඇති වනාන්තර සත්ව විශේෂ 300000 කට අධික ප්රමාණයකට සෙවන සපයනවා. ඒ බොහෝ ජීවීන් පාම් වගාව නිසා මරා දමනවා. ඒ අතරින්, Sumatran Tiger, Clouded Leopard, Sumatran Rhinoceros, Borneo Pygmy Elephant, Sun Bear, සහ Proboscis Monkey ප්රධානයි.මේ සතුන් බොහොඉ දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම හෝ පණ පිටින් වලලා දැමීම සිදු වෙනවා. සත්ව කොටස් සහ සත්වයන් අළෙවි කරන්නන් හටත් මේ මගින් සිදුවනේ වාසියකි .
පරිසර පද්ධති වලට සිදු වන හානියට අමතරව මෙම පාම් වගාව නිසා මේ බිම් වල ජනතාවද අපහසුවට පත් වෙනවා. මිනිසුන් වාසය කරන ප්රදේශ විශාල වශයෙන් රජයයන් මගින්ම විකීණීම සිදු වෙනවා. එම බිම් මිලදී ගත් සමාගම් මගින් එම මිනිසුන් එළවා දැමීම සහ වන විනාශය නිසා ඔවුන් ගේ යැපීම් අඩු වීම සිදුවෙනවා.එහි ප්රත්පලයක් ලෙස ,මෙම වගා බිම් වල සේවකයන් ලෙස ඔවුන් අඩු වැටුපකට සේවය කිරීමට පෙළඹෙන්නේ වෙනත් විකල්ප අවම නිසයි.
වගා බිම් වලින් එපිට වාසය කරන මිනිසුන් ද ආරක්ෂිත නැහැ. වගාවන් සඳහා එළි කරනු ලබන කැලෑවන් එලිකරන්නේ පිළිස්සීමෙන්. ඒ නිසා මතු වන දුම දින ගනන් වායිගෝලයේ රැඳී පවතිනවා. එය ශ්වසනාබාධ වලට අත වැනීමක්.
මෙම විනාශය නැවැත්වීමට අපට කළ හැක්කේ කුමක් ද? ඉන්දුනීසියානු රජය මගින් පාම් ගස් සිටුවීමේ ව්යාපෘති වලට ශ්රී ලාංකිකයන් වශයෙන් අපට කළ හැකි දේ අවමයි..
නමුත්,
පාම් තෙල් සඳහා ඇති ඉල්ලුම අවම කිරීමට අපට දායක විය හැකියි.
පාම් තෙල් අඩංගු නිශ්පාදන බොහොමයක් වෙළඳපලේ පවතිනවා. තොල් ආලේපන ක්ෂණික නූඩ්ල්ස්, ශැම්පූ වර්ග , අයිස් ක්රිම් වර්ග, සේදුම්කාරක, මාගරින් , චොක්ලට් බිස්කට් ආදි බොහොමයක් දේ මේඅතර ප්රධානයි.
එම ලේබල් වල පාම් ඔයිල් ලෙස සඳහන් කර ඇත්නම්, ඒවා මිලදී ගැනීමෙන් ඔබත් ඉහත කී සංහාරයේ හවුල් කරුවන් වන බව මතක තබා ගන්න.
ලේබල් වල සඳහන් ව නැති බොහෝ දේ අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත හැකීයි.
එළවලු තෙල් ලෙස සඳහන්ව ඇති බොහෝ තෙල් වල 40%ක් පමණ පාම් තෙල් අඩංගුයි. එම නිසා 100%ක් එළවලු තෙල් ලෙස සඳහන් ව ඇති තෙල් පමණක් මිල දී ගන්න.
40% ක් සන්තෘප්ත මේද ලෙස සටහන් කර ඇති බොහෝ ආහාර බොහෝ විට පාම් තෙල් අඩංගු ඒවා. සැක ඇත්නම් ගූග්ල් කර සොයා බලන්න.
පාම් ගස් වගාව නිසා සිදු වන වනාන්තර සංහාරයේ සහ සත්ව සංහාරයේ පව් කාර කමට හවුල් නොවන්න.
කරුණු උපුටා ගැනීම - Causeyoucareco.com
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com5tag:blogger.com,1999:blog-1938304403736650926.post-15273467662305311952018-04-02T07:53:00.001-07:002018-04-02T07:59:28.739-07:00"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"
මම ලියමි .වසර ගණනක් තිස්සේ ලියමින් සිටිමි . එහෙත් මගේ ලිවීමේ සීමා මායිම් ඇත .
අපේ ජීවිතයට අසීමිත ව සම්බන්ධ අසීමිතව ජීවිතය හා බැඳුණු බොහෝ දෑ පිළිබඳව ලිවීම අපහසු ය. ඒ බොහෝ අවස්ථා කෙලින්ම ලිවීමෙන් වැළකී වක්රාකාරයෙන් සටහන් තැබීමට මම පුරුදු වී සිටිමි.
ඇතැම් විට එය කවිය කි .තවත් විටෙක එය කෙටි කතාවකි .
ඒත් කවියකින් වත් ලිවීමට නොහැකි තරම් කටුක අත්දැකීම් ද මෙම අවුරුදු තිස් ගණනට මම අත්විඳ ඇත්තෙමි. නමුත් මේ ජීවිතය දුකක් යැයි මම නොකියමි. එය දුක සතුට සම්මිශ්රණයකි.
මගේ ජීවිතයේ දුක්බර ම මොහොත කිසිවකු හෝ ඇසුවොත් සිහිපත් වන සිදුවීම් කිහිපයකි. ඇතැම් සිදුවීම් සිදු නොවුණා නම් කොතරම් හොඳ දැයි සිතෙන වාර අනන්ත ය.
එහෙත් දෛවය හා ජීවිතය නිරන්තරයෙන් ම අපට හිතවත් නොවේ.
ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන් අතරින්, සියලු දේ නොව සමහරක් දේ ලියා තැබිය යුතුයැයි සිතේ.
මගේ ජීවිතයේ මට වඩාත් ම ආදරය කළ හා කරන පුද්ගලයා අප්පච්චිය. එය මම හොඳාකාරව දනිමි. බොහෝ පියවරුන් දරුවන් කෙරෙහි වන ආදරය සිතේ සඟවාගෙන සිටින බව මම අසා ඇත්තෙමි. එහෙත්, සිතේ ඇති වන සියලු හැඟීම් ආදරය කිසිදු සැඟ වීමකින් තොරව ම පෙන්වන මා දන්නා එකම පිරිමියා ඔහුය. මා හට උරුම වී ඇති ආදරය ප්රකාශ කිරීමේ සහ ආදරය බලාපොරොත්තු වීමේ ගතිගුණය සීයට සීයක් උරුමවූයේ ඔහුගෙන් බව මම අදහමි .
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටි ඔහු එක්වරම ලෙඩවීම මමත් නංගිත් ජීවිතයේ බින්දුවටම වැටුණ අවස්ථාවකි. එම රෝග ලක්ෂණ සිහිපත් කිරීමට නො හැකි තරම් දුක්බරය. වේදනාකාරිය. සැබැවින්ම එම ජීවිතයට මම තවමත් බය වෙමි. සතුරෙකුටවත්එතරම් දුකක් ජීවිතයේ අත්විඳින්නට නොලැබේවායි නිරන්තරයෙන්ම මම ප්රාර්ථනා කරන්නෙමි.
ඒ අතරතුරදීම අම්මා ද රෝගී වීම ඇදහිය නොහැකි විය. ජීවිතයේ වැටෙන සෑම අවස්ථාවකදී ම අප සැමටම පිළිසරණ හා ශක්තිය වූයේ අම්මාය. අප තිදෙනා පිටුපසම සිටින දැවැන්ත සෙවනැල්ල ඇයය.
ඉතා බොළඳ දුර්වල චරිතයක් ව සිටි මම මා තුළ සැඟවී සිටි ශක්තිමත් ගැහැනිය සොයා ගත්තේ ඇය ද රෝගී වීමෙන් පසුව බව මම අදහමි.
එසේ ලබාගත් ශක්තිය එක්තරා මොහොතක හැඟීම් දැනීම් නොමැති තත්ත්වයකට මාව පත් කරලීය. අම්මාව හා අප්පච්චිව සුවකරගන්නට හැරෙන්නට සැබැවින්ම කිසිදු හැඟීමක් මා තුල නොවීය.
රැකියාවේ වූ පීඩාකාරී තත්ත්වය ද මේ අතර කෙසේ හෝ ජය ගැනීමට මාහට අවශ්ය විය. අම්මාගේ හා අප්පච්චිගේ අසනීපය පිටත මා නිවාඩු ගැනීමට හැකි තරම් වැළකීමට මම තීරණය කළෙමි. මන්දයත් එයින් අන්යයන් පත්වන අපහසුව සහ ඔවුන්ගේ සිතෙහි කිනම් හෝ මොහොතක මා පිළිබඳව ඇතිවන නොපහන් හැඟීම් වලට මම බිය වීමි.
අම්මාගේ විශාල ශල්යකර්මයක් සිදුකිරීමට අවශ්ය වී තිබිණි. ඊට ප්රථම තවත් කුඩා ශල්යකර්මයක් සිදු කිරීමට අවශ්ය විය. ඒ වන විට අප්පච්චී දින ගණනක් සිටියේ රෝහල්ගතවය. එදින නංගීගේත් විභාගයක් ද යෙදී තිබිණි. භාතියගේ රාජකාරිය දිනයකි. ඉතින්, ඊට පෙරදින අම්මව කුරුණෑගල රෝහලට හැරලූ මම ඇයව තනිවම එහි තබා නැවත නිවසට පැමිණියෙමි. "මට තනියම ඉන්න පුළුවන්, ඔපරේශන් එකට යන්නත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයිනේ". අම්මාගේ එම වචන මට අසීමිත ශක්තියක් විය.
ලොකු දෙයක් නෙමේ යනුවෙන් ඇය පැවසුවද එය සිහි නැතිකර සිදුකළ යුතු ක්රියාවලියකි.
එහෙත්, රෝහල්ගතව සිටි අප්පච්චි බැලිය යුතුය. හැරත් එදින මගේ oncall රාත්රිය විය. oncall දිනයක නිවාඩුවක් ගැනීම යනු සැවොම අපහසුවට පත්වන හේතුවකි. එමනිසා එදිනට නිවාඩු ගැනීමට මම උත්සාහ නොකළෙමි. අම්මාගේ ශල්යකර්මයෙන් පසුව සවස ඇය සමඟ නැවතීමට යාමට නංගීගේ විභාගයෙන් පසුව සැලසුම් කරගෙන තිබිණි.
අම්මා ශල්යකර්මයට යාමට පෙර මා සමග දුරකථනයෙන් කතා කළා ය බියක සේයාවක දු ඇයගේ වචන වල සටහන් නොවීය. එහෙත් ශල්යකර්මය අවසානය වන වෙලාව වනවිට ඇගේ දුරකතනය කිසිදු ඇමතුමකට ප්රතිචාරයක් නොදැක්විණ. ඇමතුම් බොහෝ ගණනක් ලබාගතිමි .ඇය පිළිතුරු නුදුන්නාය.
අවසානයේ බොහෝ වේලාවකට පසු ඇය පිළිතුරු දුන්නාය. ඒ මම කිසිදින ඇගේ හඬින් අසා නැති හඬකිනි. ඒ තරම් වේදනාවකින් කිසිදු දිනයක ඒ හඬෙන් මම අසා නැත්තෙමි. "අනේ පුතේ මට අමාරුයි" ඇය පැවසූවා එපමණකි.
අපේ රෝහල් කාමරයේ සිට මම කෑ ගසා හැඩුවෙමි. මට කළ හැකිව තිබුනේ එපමණකි. අසන්නට හෝ කියන්නට කිසිවෙකුත් සිටියේ නැත .
ජීවිතය යනු පලක් නොමැති බව නැවත නැවතත් මා හට හැඟින. රැකියාව යනු එකම හිස් බවක් පමණක් බවත් අනෙකුත් රෝගීන් ගැන සිතීමට පෙර මගේ පවුල ගැන මම ආදරය කරන අය ගැන සිතිය යුතු බව මට වැටහිණි. ඒ මොහොතේ අම්මව ගොස් බලා අම්මා හොඳින් සිටිනවා ලෙස පැවසූ පේෂල සර් සහ ජයමාල් සර් නොවන්නට බියෙන් සහ සොවින් මා මියයන්නට ඉඩ තිබිණි. ඒ පිළිබඳව නිසි ලෙස ස්තූති කළා දැයි හෝ මට මතක නැත.
ඊට පැය දෙකකට පමණ පසුව නංගි අම්මා අසලට යන විට ඇය තරමක් සුව වී සිටි බව පැවසුවා නම් මතකය.
අම්මාගේ සහ අප්පච්චිගේ රෝගී තත්ත්ව වලට මා මුහුණ දුන් වෙනත් කිසිදු අත්දැකීමක් මතකයක් නැවත නැවතත් මම සිහිපත් නොකරමි. නැවත සටහන් නොතබමි. ඒවා ඒ තරම්ම කටුක ය.
මෙම සටහන හෝ තැබීමට මම පෙළඹුනේ පසුගිය දිනක මගේ මිතුරියක මුහුණදුන් සිදුවීමක් නිසාය.ඇගේ මව හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කළ දිනයේම නිවාඩු අවසානයේ ඇයට රාජකාරි සදහා ඇගේ රෝහල වූ ඉතා දුර පිහිටි රෝහලකට යාමට සිදුවී තිබිණි. අම්මා බලාගැනීමට ඇයව එක් දිනක් නිවසේ නවත්වා ගන්නට බොහෝ කරුණු බොහෝ වේලාවක් පැහැදිලි කිරීමට මට සිදු විය. ඇය අම්මා ගැන නොසිතුවා නොවේ. ඇය සිටියේ මහත් වූ මානසික පීඩනයකිනි. එහෙත් ඇය යා යුතුම විය. එය මෙම රැකියාවේ ස්වභාවය යි.
එහෙත් මම මෙසේ අසමි.
"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com6tag:blogger.com,1999:blog-1938304403736650926.post-77048289338900850782018-03-09T19:52:00.001-08:002018-03-09T19:52:31.053-08:00ගැහැණු සිත හා පිරිමි සිත
කාලෙකට කලින් පිටකොටුව බස් නැවතුමේදි ඇහුණ කතාවක් මතක් වුණා.
බස් පෝලිමේ මට ඉස්සරහින් හිටියා කපල් එකක්. වැඩි වයසක් නෑ. ඒත් පාසල් වයසෙ නෙමේ කියල හිතුණෙ. දෙන්නගෙම අතේ තිබුණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි අධ්‍යාපනායතනයක පොත්.
පිරිමි ළමයා හිටියෙ ගැහැණු ළමයගෙ අතට තරමක් වාරු වෙලා. ඔහුගෙ කකුලෙ වළලුකර ගාව බැන්ඩේජ් එකක් තිබුණා මම දැක්කෙ තරමක් වෙලාවකට පස්සෙ.
බස් එකක් එන්න ටික වෙලාවකට කලින් තවත් පිරිමි ළමයෙක් එතෙන්ට ආවා. ඔහු කලින් කිවුව පිරිමි ළමයගෙ මිතුරෙක්. ඒ තුන්දෙනාගෙ කතා බහෙන් වැටහුනේ ඔහුව ටික දිනකට කලින් අන්තුරකට ලක් වෙලා ඒ වන විට හොඳ වෙමින් තිබෙන බවක්.
මොහොතකින් ඒ ගෑණු ළමයා එතනින් යන්න සූදානම් වුණා. යන්න පළමුව තමන්ගෙ පෙම්වතා ට ඇය උපදෙස් දුන්නෙ අම්ම කෙනෙක් ළමයෙක්ට උපදෙස් දෙනවා වගේ. යන්න පෙර හැමෝටම හොරෙන් වගේ ඔහුගෙ කම්මුල සෙමින් සිප ගත් ඇය ,ඔහුගෙ යාලුවාට ඔහුව පරිස්සමින් එක්කන් යන්න කියලා ඉල්ලුවෙ ඉතාම බැගෑපත් ව.
ඇයට වෙනත් පන්තියක් හවස තිබෙනා බව පැවසූ ඇය එතනින් පිට වෙලා ගියා.
ඇය වැනි පෙම්වතියක් ලද ඔහු ඉතාම වාසනාවන්ත ලෙසයි මට හිතුණෙ. ඉන් පසුව ඔහු සහ ඔහුගේ මිතුරා අතර ඇති වූ දෙබස මේ වගේ.
යාලුවා - හොඳ කෙල්ල නේද?
ඔහු - ඔව්. හරි හොඳයි. ඒත් මම මේක දිගටම කරන්නෙ නෑ
යාලුවා - ඇයි?
ඔහු - එයාලගෙ ගෙදර ඉන්නෙ එයයි අම්මයි නංගියි විතරනෙ. තාත්තා නෑ. ගෙදර සේරම වැඩ කරන්නෙ මෙයා. ඒ පවුලෙම බර මට කරට ගන්න වෙයි කියලා අපේ ගෙදරින් කැමති නෑ. ඒකත් ඇත්තනෙ..
යාලුවා - ඉතින් උඹ මේක නවත්තන්න ඉන්නෙ කියල මේ කෙල්ල දන්නවද?
ඔහු - නෑ. තවම කිව්වෙ නෑ මම. ටික දවසකින් කියනව
යාලුවා නිරුත්තරයි.
(මෙම සිදුවීම වුණේ මීට මාස ගණනකට කලින්. මේ වන විට ඔහු ඒ තීරණය ඇයට පවසා අවසන් ඇති.
කාන්තා දිනයෙදි බොහෝ දෙනෙක් කතා කරන්නෙ තමන්ගෙ පවුල ඇතුලෙ එහෙමත් නැත්නම් සමාජය විසින් කාන්තාවන් ට සිදු වන අසාධාරනකම් ගැන. ඒත් මේ වගේ දිනපතා අසාධාරණයට ලක් වෙන කොයි තරම් නම් ගැහැණු ළමයින් ඉන්නවද?
ගැහැණු ළමයෙක් ගෙ , කාන්තාවක ගෙ හැඟීම් එක්ක මේ විදියට කිසිම වගකීමක් නැතිව ගනුදෙණු කරන පිරිමි කීදෙනෙක් නම් මේ ලෝකෙ ඉන්නව ද?
සේරම අවසානයෙ , "ගෑණුනෙ බන්" කියලා විතරක් කියලා තමන්ගෙ යාලුවො එක්ක කියලා තමන්ගෙ බිරිඳගෙ, පෙම්වතියගෙ මුළු ප්‍රතිරූපයම හෑල්ලුවට ලක් කරන කීදෙනෙක් නම් පිරිමි මේ ලෝකෙ ඉන්නවද... )
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com8tag:blogger.com,1999:blog-1938304403736650926.post-36603308384840687552018-03-04T06:27:00.001-08:002018-03-04T06:27:10.437-08:00වටහා ගන්න නුඹ
වටහා ගන්න නුඹ
සඳ වතට නෙතු යොමමි
පමා වන ගිම්හාන සමයක
කවුලුවෙන් දිසි
රතු පැහැති පත්
රැගත්
අතු අග දෙනෙත් රඳවමි
ඇඟිලි තුඩගට ගත නොහී
සියුම් අළු ධූවිලි බිඳෙන්
උදුන ලඟඋණුසුමද කැටි වුණ
නේක සුවඳැති සහන් එළියද
යාත්‍රා ය මා රැගත්
වෙතට නුඹ
වටහා ගන්න නුඹ
මියැදෙන්න ඉඩ හලොත්
ආදරය බිඳෙන් බිඳ
ඉදින් මා නොසොයන්න
මන්දයත්
නුඹට පළමුව නුඹේ මතකය
හැර දමා මා යන සෙයින්
නුඹේ වෙරළත මුල් දරා
ලැගුම් ගෙන සිටි මගේ හදවත
වෙරළ මැද මා තනිවු දිනකදි
හදෙහි මුල් සැම මුදා ගන්නෙමි
කොහේ හෝ යළි ලැගුම් ගන්නට
නමුදු,
සිතනවා නම් නුඹ
ගෙවෙන හෝරවක්ම ගානෙම
නුඹ අයිති බැව් මට
සොයයි නම් නුඹ ලවන්පත්
සිඹින මල් වල මගේ රූපය
මගේ ප්‍රේමිය
සදා රැඳෙනෙමි නුඹේ සෙවනෙහි
නුඹේ මුදු අත් අතර
මන්දයත්,
මගේ සෙනෙහස දිවි ලබන්නේ
නුඹේ සෙනෙහස නිසාවෙන්මය
පැබ්ලෝ නෙරුඩා ගේ If you forget me හි අනුවාදයකි.
You know how this is:
if I look
at the crystal moon, at the red branch
of the slow autumn at my window,
if I touch
near the fire
the impalpable ash
or the wrinkled body of the log,
everything carries me to you,
as if everything that exists,
aromas, light, metals,
were little boats
that sail
toward those isles of yours that wait for me.
Well, now,
if little by little you stop loving me
I shall stop loving you little by little.
If suddenly
you forget me
do not look for me,
for I shall already have forgotten you.
If you think it long and mad,
the wind of banners
that passes through my life,
and you decide
to leave me at the shore
of the heart where I have roots,
remember
that on that day,
at that hour,
I shall lift my arms
and my roots will set off
to seek another land.
But
if each day,
each hour,
you feel that you are destined for me
with implacable sweetness,
if each day a flower
climbs up to your lips to seek me,
ah my love, ah my own,
in me all that fire is repeated,
in me nothing is extinguished or forgotten,
my love feeds on your love, beloved,
and as long as you live it will be in your arms
without leaving mine.
by Pablo Neruda
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com4tag:blogger.com,1999:blog-1938304403736650926.post-31684409214858971652017-11-20T01:25:00.001-08:002017-11-20T01:25:27.897-08:00නො මුදමි, නො මිදෙමි
මොහොතකට නුඹ සිනහ අරගෙන
දුරාතීතයෙ දිනක දුටු සඳ
නුඹේ සිතටත් නොම දැනෙන්නට
නැවතිලා මොහොතකට වාගේ
නෙතින් පමණක් නුඹේ අතැඟිලි
සෙමින් අල්වා හොරෙන් පිරිමැද
දැන් නුඹේ මදහසට වසඟව
නුඹේ දෑත් මැද ළයට මැදිවම
සඟව ගත්තෙමි නුඹේ අතැඟිලි
මුදාලන්නට නොහී විඳිනෙමි
ජීවිතය නුඹෙ ළයේ සනහමි
කිසිදෙනක නොමුදා හරින්නට
~සිඳු~
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com11tag:blogger.com,1999:blog-1938304403736650926.post-43974861515087320382017-11-11T04:57:00.003-08:002017-11-11T05:08:48.911-08:00සමු නොගන්නෙමි මතක දෙවසර 08 - රාත්රියේ වන මැදින්
යටපත් කරමින් විවිධාකාර වූ කතා බස් මතු වේ.
මෙන් කොහේදෝ සිට මතුවූ කහ පැහැති පරණ ෆොක්ස්වැගන් රථයක් අප හා එකට ගමන් කිරීමට
තැත් දරයි . කිලෝමීටර ගණනකටම හමුවූ එකම වාහනය වූ එයට අප පසුකර යාමට මොහොතකට ඉඩ
දුනිමු.
ලදු කැලෑවය. කොළ පැහැතිය.කොන්ක්රීට්
දූවිල්ලක් මතුකරමින් තරගයට මෙන් එය ඉදිරියට ඇදේ.
සමාන ගමනකට අප නැවතත් අවතීර්ණ වෙමු. හදිසියේ තිරිංග පෑගුනේ පාර හරහා දිව යන මොනරෙකුට
හැඩකි. කිසිවෙකුගේ සිතට ඔවුන් නොදැනෙන සේයාවකි.  යන යන තැන කුරුල්ලන් සෙවීමේ ආශාව මා හට  පමණක්ම ය. එබැවින් මා අදට හෝ  පරාජය භාරගත යුතුය.
කරන්නට තවත් කල්වේලා වැඩි නිසාදෝ සුදු වළාකුළු අහසේ තැනින් තැන තැන හැලහොල්මනක්  නැතිවම වැඩි ගෙනය. තද නිල් පැහැ අහස තවමත් සැර
පරුෂය. ඉදිරියෙන් ගිය වාහනයක හැපී මියගිය හාවෙකු ගේ මළ සිරුරක් එක් මොහොතකට වාහනය
නවතීය.  තේරුමක් නැත. ඌ  මියගොස් බොහෝ වේලාවකි.
ගිය පාරෙම යන්න අකමැති තවත් මොනරුන්
ඉක්මනින් පාර හරහා දිව යති.
සිසිලකි.ගිනි  ගහන පරිසරයක අතරමැද  මරද මඩු වැව අසල අපූරු පිහිටීමකි. “වැවේ  කිඹුල්ලු ඉන්නවා” කිසිවකු පවසයි. පෙනෙන තෙක්
මානයක කිඹුල් සේයාවකුදු නැත.
කණ්ඩියේන් මෑත් වීමු.  ඈතින් ඇදෙන ඔරුවක
මසුන් මරන්නකු  තම ජීවිකාව සොයයි.මෙම පෙදෙස
යුද සමයේ සතුරාගේ ප්රධාන කේන්ද්රස්ථානයක්
විය. සහසක් දමිල ජනයා දුක් කම්කටොලු වලින් පීඩිත වද්දී ඔවුන්  තම ජීවිත  සැපපහසු පරිසරයන් කේන්ද්ර කරගෙන සැපවත් කර ගත්
බවට පැහැදිලිය.
ජීවිත කීයක් නම් වියැකී විනාශ වී යන්නට  ඇද්ද.  මේ
පස් තුලට කොතරම් රුධිරය කා වදින්නට ඇත්ද. සිතදදී  ලොමු දැහැගැන්වේ.  වටහා ගත නොහැකි අන්දමේ හැඟීම් රාශියක් සිත තුළ
පිරී ඇත
මෙන්න තිබෙද්දී අපි වනාන්තරය තුළට යාමට පිටත් වීමු. හමුදා ජීප් රථයේ පසුපස අසුන ඒතරම්
සුව පහසු නැත. එහෙත් කැලේ මැද පාරට එය ඉතා සුදුසුය. ඇවිස්සෙන දූවිල්ල මුහුණේ රැඳී
නොරැඳී පාට ඉසිනවා දැනේ. එහෙත් කිසිවෙකුට වගක්වත් නැත .
රංචුවක් පසුවිය. ඔවුන්ට ඉඩ දීමට මොහොතක් ගත විය. එතරම් වාහන ගමන් නොකරන මෙම පාර
උන්ගේය.
ගිනිගෙන දැවෙනා හිරුද දෙස බලමින් වුවද ඔහු විමසිල්ලෙනි. අඩි ගණනක් දිග පිඹුරකු පාර
හරහා මාරු විය. මොහොතකට නැවතී ජීප් රථය නැවතත් ගමනේය.
කැලයට ඉක්මනින් රාත්රිය උදා වේ. පොතක තිබුණා මතකය. එය පැහැදිලිය. හවස හය වන්නටත්
පළමුව රාත්රී වර්ණ එලබී ඇත.  සහන් එළිය
පමණකි. විදුලි පන්දම් කිහිපයක් දැල්වින.
මැකී නොගිය අඩි සටහනකි. මොහොතකට දැනුනේ බියකි. එහෙත් එය සුළු මොහොතකට ය. වනයේ  ඇවිදීමට ගොස් කොටි  ප්රහාරයට ලක්වූවන් විරලය. හැරත්, ඉදිරියෙන් හා
පිටුපසින් අවි ගත් දෙදෙනෙකි.  කැලයේඇවිදීමට
නුසුදුසු සපත්තුවේ තැන් තැන්වලින් ඇතුලට පැමිණි  ජලය  කකුලට ගෙන දුන්නේ ප්රසන්න හැඟීමක් නම් නොවේ.
මියගිය මොනරකුගේ පිල් තැනින් තැන තවමත් ඉතිරි වී ඇත. ඌ වනයේ  ප්රබලයකුගේ ගොදුරක් වන්නට ඇත.
ක්ෂීර පථයේ ඉතිහාසයේ  නැති වී ගිය තරුවක්
සුපර්නෝවාවක් සොයන්නට උත්සාහ කරමි.  තරු
යාය මත ඇතැම් තන්හි හිඩැස් ය. ඒ අතර මනසට දිස් වන තවත් මන්දාකිණිය. මේ නම් සුර
පුරයක්මය.
උසය, ඒවාගේ බූව මුහුණෙහි වැදී යම්තම් දැවිල්ලක් මතුවේ. නොනවතින රැහැයි නාදයද
මැඩියන්ගේ නාදයද මට සමච්චල් කරනවා බඳුය.
නටබුන්ය. නිසි අධ්යනයක් නොකෙරී ඇති සේය. යුධ සමයේ හමුදා සෙබළුන් විසින් දක්නා ලද
ස්ථානයක් බව කිසිවෙකුත් කියයි . එය මේ වන විටත් තවමත් ඝන වනාන්තරයෙන් සැඟවී ඇති.
මගෙන් නාසන්න. මම එය ඔබට නොකියමි.
වේ. ගෙල රැඳී කැමරාව මම දැතින් සඟවා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමි. ඉක්මනින් වාහනය
ඇති තැනට යා යුතුය. කුසගින්නක් දැනේ. රසමසවුළු රාත්රී ආහාරයක් සූදානම් බව දනිමු.
ඉතින් අපි ආපසු යාමට හැරුනෙමු.
වලට නුදුරෙන් පෙරනොතිබුන අලි වසුරු ගොඩකි. තවත් දෙපා ඉක්මන් කළෙමු.
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com13tag:blogger.com,1999:blog-1938304403736650926.post-63934716030356403202017-09-03T10:19:00.001-07:002017-11-11T05:09:05.511-08:00ගබ්සාව ගැන(ම) නොවේ
ගබ්සාව ගැන මේ දවස්වල ඕනාවටත් වඩා කතා වෙනවා. ඒ නිසා ඒ ගැන කතා නොකර වෙනත් දෙයක් ගැන කතා කරන්නට හිතුවා . හැමදාම වගේ රෝහලේ විත්ති තුළින් රෝහලේදී අත්දැකීමට ලැබූ එක් සිදුවීමක් කියන්නම් .
"home delivery එකක් "
ළදරුවෙක් නොමේරූ ළදරු ඒකකයට ඇතුලු කළා.
ඔහු හොඳින් වැස ඔහු හොඳින් වැඩුණු නිරෝගී දරුවෙක්. හිමොග්ලොබින් මට්ටම යම් තරමකට අඩු වීම හැරෙන්නට වෙනත් විශාල හානියක් ඔහුට සිදු වී තිබුනේ නැහැ. දරුවාගේ මව අවුරුදු 15 ක දැරියක්. දරුවකු කුස දැරීම නිසා ඇගේ වූයේ වයසට වඩා මේරූ පෙනුමක්.
"බබා හම්බ වෙනකම් දන්නේ නෑ" ඇගේ මවගේ එනම් දරුවාගේ ආච්චිගේ පිළිතුර වුණා.
එය විශ්වාස කළ හැකි පිළිතුරක් වුණේ නැහැ.
"Toilet එකේ බබෙක් අඬනව ඇහිලා මම ගිහින් බැලුව ,එතකොට දැක්කේ බබා වැටිලා ඉන්නවා "ඇය තවදුරටත් පවසා සිටිය.
මෙවැනි කතා කොතෙකුත් අසා ඇත්තෙමු එහෙත් ඒ ඒවාගේ සත්යය සහ මුසාව අතර ඇත්තේ කෙස් ගහක වෙනසකි .කෙසේ හෝ දරුවා හොඳින් වැඩුණා ප්රතිජීවක ඖෂධ ලබාදීම හැරෙන්නට වෙනත් කිසිවක් ඔහු වෙනුවෙන් සිදු කළ යුතුව තිබුණේ නැහැ. ප්රතිජීවක ඖෂධ ලබාදිය යුතු කාලය අවසන් වූ පසුව දරුවා ගෙදර යැවීමට සුදුසු මට්ටමකට පත් වුණා.
එහෙත් දරුවාගේ පියා කවුරුන්ද යන්න පිළිබඳව විශාල අවබෝධයක් අප හට තිබුණේ නැහැ දරුවාගේ ආච්චි අම්මා ඒ පිළිබඳව නොදන්නා බව දිගින් දිගටම පවසා සිටියා.
දරුවාගේ මව එනම් 15 වියැති දැරිය පවා දරුවාගේ පියා පිළිබඳව පවසා සිටීමට මැලිකමක් දැක්වූවා. එහෙත් අවසානයේ හෙළි වූයේ විශ්වාස කළ නොහැකි තරමේ කතාවක් .
ඇය ඇය කුඩා කාලයේම ඇගේ පියා ඔවුන් දමාගොස් තිබුණා. ඒ් ඇයට අවුරුදු 3 ක් තරම් වූ වයසකදී. එදා සිට මේ වනතුරුම වසර 12 ක් තිස්සේ ඇයව රැකබලාගත්තේ සුළු රැකියාවක් සිදුකළ ඇගේ මව විසින්.
ඔවුන්ට යම් තරමක හෝ උපකාරයක් සිදුකර තිබුණේ පියාගේ සහෝදරයා එනම් දැරියගේ බාප්පා පමණයි. මව සවස දක්වා රැකියාවට යන නිසා පාසල් හැර පැමිණි පසුව නිවසේ තනිවම සිටියේ මෙම දැරිය පමණයි.
එනම් සවස වැඩ ඇරී මව නිවෙසට පැමිණෙන තුරුම ඇය නිවසේ සිට ඇත්තේ තනිවමය.
බොහෝ අවස්ථාවලදී ඇගේ බාප්පා විවිධ කටයුතු සඳහා සහ ඇයගේ සැප දුක් බැලීමට ගිය නිවසට පැමිණීමට පුරුදු වී සිටියා. තම සැමියාගේ සහෝදරයා වූ ඔහු පිළිබඳව කිසිදු සැකයක් මව තුළ ද හටගෙන තිබුණේ නැහැ .
එහෙත් අවසානයේ හෙළි වූ කරුණ වූයේ අලුත උපන් දරුවාගේ පියා එම පුද්ගලයා බවයි. දිගින් දිගට ම ඔහු විසින් ඇය අපයෝජනයට ලක් වී තිබුණා .
සාමාන්ය පෙළ විභාගයට මුහුණ දීමට ඔන්න මෙන්න සිටි එම දැරියගේ ජීවිතය එතනින් අඳුරු වූයේ ඒ ලෙසින්. ඔවුන්ගේ ආර්ථික මට්ටම සමාජ පසුබිම පිළිබඳව සලකා බැලීමේදී ඇයට මින් මත්තට හිමිවන අනාගතය එතරම් සුබදායී බවක් දිස් වූයේ නැහැ.
ඇයව අපයෝජනයට ලක් කළ පුද්ගලයා හට නීතියෙන් දඬුවම් ලැබෙන්නට ඇති. ඇයට ආර්ථික වශයෙන් සාධාරණත්වයක් ඉෂ්ඨ වූවත් ඇගේ අනාගතය පිළිබඳව ඇත්තේ මා හට නම් අවිනිශ්චිත හැඟීමක් .
මේ එවන් වූ එක් අවාසනාවන්ත සිදුවීමක් පමණයි .
වැඩිමහල් පුද්ගලයින්ගේ වැරදි නිසා නොමනා කම් නිසා මෙසේ අඳුරු වී යන අනාගත හිමි දැරියන් පිළිබඳව කතා අප නොයෙක් වර අසා ඇත්තෙමු .
උවමනාව සහ ආදරය රැකවරණය සියල්ල පෙරදැරිකොට කුස පිළිසිඳ ගන්නා දරුවෙක් සහ මෙවැනි සිදුවීම් නිසා කුස පිළිසිඳ ගන්නා දරුවන් අතර වෙනසක් නොමැති වුවත් ,එමගින් මවට සහ ඇය වටා සිටින අනිකුත් අයට උද්ගතවන මානසික මට්ටම අහස පොළව හා සමාන වූ වෙනස්කම් වලින් යුක්ත වෙනවා. මුලින් කී ලෙස ආදරය කරුණාව පෙරදැරි කරගෙන කුස පිළිසිඳ ගන්නා දරුවනුත් ඔවුන්ගේ යම් යම් විකෘතිතා සහ අසාමාන්යතා නිසා පසුව ඔවුන්ගේ දෙමාපියන් සහ අනෙකුත් ඔවුනට සම්බන්ධ පුද්ගලයන් හට මුහුණ දෙන්නට වන්නේ ඉතාම අවාසනාවන්ත දුක්ඛදායි තත්ත්ව වලට. ඒ වගේම ඒ නිසා එම දරුවනුත් අනන්ත දුක් වද වේදනා විඳිනවා. අලුතින් අනුමත කරන්නට යෙදුනු ගබ්සාව පිළිබඳ නව නීතිය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ ආකාර වූ මත ඉදිරිපත් කරනවා. උපදින ඕනෑම දරුවෙක් ජීවිතයක් !
එය සත්යයක් !
උපන් කිසිදු දරුවකුගේ ජීවිතය විනාශ කරන්නට අප කිසිවෙකුටත් අයිතියක් නැහැ.
එහෙත් මෙලොව උපත නොලැබූ උපත ලැබූ පසුව, තමන්ගේ දෛවය, තම දෙමව්පියන්ගේ දෛවය, ඉරණම, මානසික තත්ත්වය, ජීවිතය ආදී සියල්ලම වෙනස් කරන්නට හැකි විකෘතිතා සහිත දරුවෙක් නම් උපදින්නේ...
එසේත් නොමැති නම් තමන්ගේ අනුදැනුමකින් තොරව පාපතර මිනිසකු ගේ අතින් විනාශයට අපයෝජනයට පත් වූ දැරියකගේ කුස තුල සිටින්නේ නුවුවමනා දරුවෙකු නම් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වනවා නොවේද.....
විවිධ කරුණු පිළිබඳව අප විවිධ පුද්ගලයන් තුළ පවතින්නේ විවිධාකාර වූ මතයන් .තමන් එල්බ සිටින මතය ම නිවැරදි මතය බවට තහවුරු කළ නොහැකි වනවා සේ ම තම මතය ම නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ දැරීමේදී ඇති වන්නේ මත ගැටුමක් පමණයි. මන්ද යත්, අප බොහෝ දෙනා අපගේ මතයයන් වෙනස් කිරීමට අකමැති නිසාවෙනි.
ගබ්සාව පිළිබඳව අපගේ අදහසුත් එබඳුයි.
මම මෙහිදී පැවසුවේ මගේ අදහස පමණයි..
එය නිවැරදි බව තහවුරු කරන්නට උත්සහ නොකරමි
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com3tag:blogger.com,1999:blog-1938304403736650926.post-20648461018692957662017-08-20T02:49:00.001-07:002017-08-21T13:26:38.907-07:00අංජනම් එලි
ශල්ය වාට්ටුවේ වසර දෙකකට පසුව නැවතත් නොමේරූ ළදරු ඒකකය සේවය කිරීමට එතරම් කැමැත්තක් නොවීය. හැරත් ශල්ය වාට්ටුවකට වඩා මෙවැනි ස්ථානයක් ඒකාකාරීය. නමුත් විවිධාකාර හේතු නිසා අවසානයේ නැවතීමට සිදුවූයේ නොමේරූ ළදරු ඒකකයේ ය.
එහෙත් කාලය ගතවත්ම මෙහි වන ඒකාකාරී බව තුළින් ම යම් යම් දේ ඉගෙනීමට හුරු වෙමින් සිටිමි.
මෙලොව පවතින කිසිදු දෙයකින් මනස දූෂණය නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසක බිළිඳුන් සුව කිරීම එක අතකට සතුටකි .
තමන්ට සිදුවන්නේ කුමක්දැයි නොදැන වීදුරු පෙට්ටි තුළට වී සිටින ඔවුන් දෙස බලා සිටීම ඇතැම් විටෙක මනස සුවපත් කරවන සුළුය. එහෙත් එය සුවපත් මනස චංචල වන්නේ අසාධ්ය රෝගී වන බිළිඳුන් සිටින අවස්ථාවන්දීය.
එහෙත් ඒ සියල්ල අවසානයේ ඔවුන් සුවය ලබා පිටව යනවිට දැනෙන සතුට අපමණය. මාස ගණනක් යනතුරුම ඔවුන්ව නැවත නැවත ගෙන්වාගෙන පරීක්ෂාකර බලන නිසා එම දරුවන්ගේ වර්ධනය අපි පැහැදිලිවම දකින නිසාවෙනි.
නිරෝගී දරුවන් ලෙස ඔවුන් වැඩෙද්දී ඔවුන්ගේ මවුවරුන් පියවරුන් හා සමානම සතුටක් අප ද ලබන්නෙමු.
සමන්ති වයස තිස් ගණන්වල මැද භාගයේ පසු වෙමින් සිටියාය ය. ප්රසව වාට්ටුවට ඇතුළත් වූයේ නූපන් දරුවා ද කුසෙහි දරා ගෙනය. ඇය පසු වූයේ ප්රසව වේදනාවෙන්.
නියමිත කාලයට කලින් සති 32 කදී ඇය නොමේරූ දරුවෙකු බිහි කළාය.සති 32 ක් වු දරුවා හට සාමාන්ය තත්ත්ව යටතේ ශ්වසනය අපහසු විය. එම නිසා නොමේරූ ළදරු ඒකකයට දරුවා ඇතුළත් කරන ලදී.
පෙනහලු වර්ධනය උදෙසා වූ අවශ්ය surfactant ඖෂධය ඔහුට ලබා දීමට සිදුවූ අතර කෘතිම ශ්වසනය යන්ත්රයක ආධාරයෙන් ඔහුට ලබාදෙන ලදි.
දිනෙන් දිනම දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතින. මවට දරුවා බැලීමට අවසර දෙන ලදී. පියාට දරුවා බැලීමට ඉඩ ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඊට හේතුව නොමේරූ ළදරු ඒකකය තුළ විෂබීජ රහිත බව නිරන්තරයෙන් ම පවත්වා ගත යුතු නිසාය. දින දෙකක් වැනි කාලයකදී මෙම යන්ත්රයෙන් ඔහු ගැලවීමට හැකියාවක් ලැබිණ.
එහෙත් දිගින් දිගටම ඔහුට ඔක්සිජන් අවශ්ය වූ අතර ගෙදර යැවීමට තරම් සුදුසු තත්ත්වයකට දරුවා ළඟා වී නොසිටියේය.
දිනකට කිහිප වරක්ම ළදරු ඒකකයට පැමිණෙන අනෙකුත් මව්වරුන්ට වඩා තරමක් වෙනස් විය. ඇයට අවශ්ය වූයේ කෙසේ හෝ දරුවා නිවස කරා රැගෙන යාමටයි. "බබාට දැන් කොහොමද ඩොක්ටර්" ලෙසින් අන් මව්වරුන් අසන පැනය වෙනුවට බොහෝ විට ඇගෙන් ඇසුණේ "හෙටවත් ගෙදර යන්න පුළුවන් වෙයිද" යන ප්රශ්නයයි.
"තවම ගෙදර යවන්න බෑ අම්මා" දරුවාගේ තත්ත්වය පිළිබඳව දිනකට දෙතුන් වතාවක් ඇය හට පැහැදිලි කිරීමට අපට සිදු වූ අතර දිනෙන් දිනම දරුවා නිවසට රැගෙන යාමේ ඇගේ තිබූ උනන්දුව ඉක්මණ් විය.
"ළමයට සෙම නේද?" ඇය අප හෙදියක ගෙන් විමසා සිටියාය.
"ඒක තමයි ඔයාට තේරෙනවනෙ බබා හුස්ම ගන්න විදිහ" ඇය පිළිතුරු දුන්නාය.
IRDS, increased secretion යනාදී ලෙස සමන්ති හට පැහැදිලි කිරීමට වඩා ඇගේ දැණුමේ මට්ටමින් සෙම ලෙසටම සිතා ගැනීමට ඉඩ හැරීම සුදුසු බව ඇය සිතන්නට ඇති.
"නෑ ඒක හින්ද නෙමේ, මහත්තයා කිව්වා" එතරම් දැනුමකින් හෙබි ඇගේ ස්වාමි පුරුෂයා කවරකුද යන්න අප හට ගැටළුවක් මතුවිය.
එම නිසා ඒ පිළිබඳව විමසීමට අප හට සිදු විය.
අපේ ප්රශ්නය සඳහා සමන්ති ගෙන් ලැබුණු පිළිතුර වූයේ "මහත්තයාට අංජනම් බලන්න පුළුවන් එකෙන් බලලා මහත්තයා කිව්වේ" ඇගේ පිළිතුර අප පුදුමයට පත් කරන්නක් විය.
"මහත්තයාට පරම්පරාවෙන් ආපු බලයක් තියෙනවා. එයාට ලෙඩ හොඳ කරන්න පුළුවන්"
සමන්ති තවදුරටත් අපට පවසා සිටියාය. ඒක නිසයි බබාව මම ගෙදර අරන් යන්න හදන්නේ ඇගේ පිළිතුරෙන් අප පත් වූයේ තව තවත් පුදුමයට ය. ප්රශ්නය එතැනින් නැවතුනේ නැත.
එදින සවස සමන්තිගේ ස්වාමි පුරුෂයා නොමේරූ ළදරු ඒකකයට නැවතත් පැමිණියේය.
පැමිණීමෙන් පසුව ඔහු දිගින් දිගටම දරුවා නිවසට රැගෙන යාමට අවශ්ය බවට අප සමඟ තර්ක සිදු කළේය.
එහෙත් දරුවා සිටියේ ඔක්සිජන් සමග ය. කිසිදු ලෙසකින් නිවසට යැවීමට හැකි තරම් මට්ටමක ඔහු සිටියේ නැත. එම නිසා අපි දරුවාගේ තත්ත්වය පිළිබඳව සමන්තිට ත් ඔහුගේ ස්වාමි පුරුෂයාටත් පැහැදිලි කිරීමට උත්සාහ කළෙමු. ඔහු පසුවූයේ ඉතාම හිතුවක්කාර ස්වභාවයකිනි.
එම නිසා ඒ පිළිබඳව රෝහල් අධ්යක්ෂක වරයා සහ රෝහල් පොලිසිය වෙත දැනුම් දෙන බවට අප ඔහුට සඳහන් කර සිටියෙමු.
රෝහල් අධ්යක්ෂක වරයා වෙත දැනුම් දීම සිදුකරනවා යයි පැවසුවත් ඒ පිළිබඳව ඔහුට වගක් වත් තිබුනේ නැත. නමුත් රෝහල් පොලිසිය වෙත දැනුම් දිය යුතු බව සඳහන් කළ පසුව ඔහු තරමක් මෙල්ල වූ ස්වභාවයකට පත් වූයේය. ඉන් අනතුරුව ඔහු ළදරු එ්කකයෙන් පිට වී ගියේ ය. එහෙත් ඔහු එසේ ගියේ අප හට දෙස් දෙවොල් තබමින්.
එතරම් කාලයක් මරණාසන්නව සිටි දරුවෙක් එසේ බේරා ගැනීම සම්බන්ධව ඔහුගෙන් කිසිම සුභවාදී වදනක් හෝ අපට ලැබුනේ නැත.
ඒ වෙනුවට ඔහුගෙන් ලැබුනේ දෝෂාරෝපණ පමණි. කෙසේ හෝ රෝහල් පොලිසිය පිහිටෙන් දරුවා සුව වන තුරුම ළදරු ඒකකයේ තබා ගැනීමට අපට හැකියාව ලැබිණි.
නිවසට ගිය පසු ව ඔහුව දකින්නට අපට ඉඩ ලැබුණේ එක් වරක් හෝ දෙවරක් පමණකි.
ඉන් අනතුරුව සායනය සඳහා දරුවා රැගෙන එනු මම නොදුටුවෙමි. බොහෝ විට ඔහු ගමේ ළදරු සායනයේ මාස් පතා පරීක්ෂා වනවා වන්නට ඇත.
එහෙත් ඔහුගේ පියා තවමත් දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අංජනම් එළි බලමින් පසුවන්නේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com15tag:blogger.com,1999:blog-1938304403736650926.post-87428209595574373182017-05-17T07:42:00.002-07:002017-05-17T07:42:34.866-07:00සමු නොගන්නෙමි මතක දෙවසර 07 - නොස්ටැල්ජියාවක උපරිමයකට යටත්ව
ගෙවී යන්නේ ඉතා වෙහෙසකර කාලපරිච්චේදයකි. මනසට සහ ගතට විඩා දෙමින් අප මෙසේ දුවන්නේ කුමක් අරභයාදැයි විටෙක සිතේ. පැය හයක වැඩ මුරයද හිතට ගෙන දෙන්නේ මහා පීඩාවකි. ආතතියකි.
මන්නාරමේ, එක දිගට දින දෙකක් ඔන්කෝල් කළ සති අන්ත සිහියට නැඟේ... ශල්යාගාරයටත්, එතැනින් වාට්ටුවටත් එතැනින් හදිසි ප්රතිකාර ඒකකයටත් යළිත් ශල්යාගාරයටත් දිවීමම ජීවිතය වූ කාල වකවානුවක් විය. පොතේ හැටියට එකළ අප විඩාවෙන් මිය යා යුතුය.
එහෙත් කිසිදු විඩාවක් හෝ පීඩනයක් මෙතරම් ලැබූ බවක් මතක නැත.
අවිවේකය අතර මැද සිත නිවූ පරිසරය ඒ සඳහා ඉවහල් වන්නට ඇතැයි සිතේ.
අනන්තය දක්වා විහිදී ගිය කුමක්දෝ නිහඬ බවක්, සැනසීමක් , කඨෝර ගිනි ගහන අවුව මුසු කර ගත් මන්නාරම් සුළඟේ පැවතිණි. දරාගැනීමට අපහසු තරම් වැඩ අධික වූ ඇතැම් විටෙක මිනිත්තු පහකට එහායින් වූ මන්නාරම් පාලම වෙතට හෝ ගොස් කලපුව දෙස විනාඩි පහක් දහයක් හෝ බලා සිටීමට පුරුදු වී සිටියෙමි.
කලපුවේ තැනින් තැන වූ මාලු ඔරු ,කොල්ලෑ ආදිය ද, ක්රම ක්රමයෙන් වැඩි වෙමින් පවතින මෝටර් බෝට්ටුද, එම පරිසරයේම කොටසක් ලෙස මිස, පාරිසරික සමතුළිතතාවය විනාශ කිරීමට පැමිණි ජීවීන් කොටසක් ලෙසට මට කිසි දිනෙක හැඟුණේ නැත. ඔවුන් ද කලපුවේ සිටි ජල කුරුල්ලන්ද අතර වෙනසක් මා හට කිසි දිනෙක දැනුනේ නැත.
මන්නාරම් මන්ත්රි වරයාගේ ආනුභාවයෙන් දිනෙන් දින වියැකී ගිය පාර දෙපස වූ ළඳු කැලෑද, එකම රටාවේ ගිනිපෙට්ටි ලෙස ඈතට දිස් වුන එකම අච්චුවේ දැමූවා සේ පෙනුන නිවාසද දකින විට, තිරසාර සංවර්ධනයේ නිම් වළලු පරයා මනාරම් දූපතේ අනාගතය ජල බඳුනක් මෙන් පැහැදිලිව පෙනුණද, එතෙක් සුරැකිව පැවති සොඳුරු බවට මම වශී වී සිටියෙමි.
මන්නාරම් ටවුම යනු එකම වර්ණවත් ලෝකයකි. ඉන්දියාවේ කලබලකාරී කඩ වීදියක් මවාගන්න... එහිද වූයේ එවන්ම වූ ලෝකයකි. ජනාකීර්ණ, කලබලකාරී කඩ වීදි වල එල්ලා ඇති ඇඳුම් වල සල්වාරි වල , අත් බෑග වල වූයේ දෙනෙත් කඩාගෙන යන ස්වරූපයේ වර්ණය.ඒවා කිසිවක් මගේ සිත් ගත් ඒවා නොවීය. එහෙත්, වීදි චායාරූප සඳහා සුදුසුම පරිසරයක් එහි වූ අතර , ඉඳ හිට කැමරාවට නැගූ එවැනි කිහිපයක් චායාරූප මා සතුව පවතීයි.
හඬන සිතකින් යුතුව මනාරම බලා මුල් දිනයේ ගියද, දින කිහිිපයකින්ම එම දූපතේ හද ගැස්ම සමග මගේ හද ගැස්ම හා බද්ධ වන බවට මා හට පසක් විය.
වෙනත් පරිසරයකදී හිසට මෙන්ම මනසට ද වදයක් වන බොහෝ දෑ මෙහිදී දැනුනේ අපූර්ව ලෙසකිනි.
වෙනදාට පාරෙහි බස් රථ වල ඇසෙන නිමක් නැති සිංහල ගීත මහත් වූ කරච්චලයක් බවට දැනුන මා හට, එහිදී සතොසෙහිදී ඉඳ හිට ඇසුණ බස් සින්දු ගෙන දුන්නේ ද අමුතු මිහිරකි. සතොසෙහි සේවය කළ බොහෝ දෙනා සිංහල වූහ.
මුලදී වචනයක් වත් නොවැටහුණ ද, නිරන්තරයෙන්ම ඇසුණු දමිළ ගීත බොහොමයක තේරුම් ද සොයා යාමට මම පෙළඹුනෙමි. දැනුදු රාත්රියේ යන ගමනකදී වාහනයේ රේඩියෝ මීටරය දමිළ නාලිකාවකට හරවා ගීත කිහිපයක් හෝ ඇසීමට මම ප්රිය කරමි.
රාත්රී ආහාර ගැනීමෙන් අනතුරුව ඇතැම් දින වල කෝපි කෝප්පයක අවශ්යතාවය තදින්ම දැනුනි. නිල නිවාසයට ගොස් කෝපි කෝප්ප එකට දහයක් සාදාගත හැකි වුවද කොහේ හෝ කඩයකින් රෑ 11ට පමණ කෝපි බීම තරම් එහි විශේෂත්වයක් නැත.
රාත්රී වැඩ නොමැති දින වල සවස් භාගය පාන්දර 1 ,2 වන තුරුත් ගත කරන්නට කලපුව මැදින් යන තාර පාරත්, බීම බෝතලයකුත් පරිප්පු වඩේ කීපයකුත් ප්රමාණවත විය්. නොනවත්වා විහිලු සැපයීම මගේ මිතුරන්ගේ කාර්ය භාරය වූ අතර , ඒවාට බඩ රිදෙනා තුරු සිනහ වීම මගේ කාර්ය භාරය විය.ගෙයක් දොරක් ඇති බවවත් අමතක වන එවන් රාත්රීන් නැවත් ජීවිතයේ කිසිම දිනක උදා නොවන බව දනිමි.
කලපුව දෙපසින් එන සුළඟ , වසරේ ඇතැම් මාස වල දරා ගැනීමට අපහසු තරම් සැඩය.
එක් දිනක සවසක මුහුදු වෙරළේ පැදුරක් එළාගෙන මමත් තවත් මිතුරියක් සහ මිතුරෙකුත් වාඩි වී සිටියෙමු. සුළං පහර දරා ගැනීමට අපහසු තරම කොතෙක් ද යත් සුළඟ මුවා කිරීමට අප පැදුර එළනු ලැබුවේ වෙරළේ අටවා තිබුණ තාවකාලික තල් අතු නිවාසයකට මුවා වන සේය. කලුවර වැටුන පසුව ආපසු යාමට අප නැගී සිටීමෙන් අනතුරුව වාඩි වී සිටි පැදුර මම අතට ගත්තෙමි.
සුපර්මෑන් ගේ සාටකය සේ එය සුළඟේ ගසාගෙන යන්නට විය. මොහොතකට මට දැනුනේ මා සුලඟේ ගසාගෙන යන්නාක් මෙනි. පොලොවෙන් සෙන්ටිමීටර් එකක් දෙකක් හෝ මා උඩට එසවුණ බව තවමත් මම අදහමි. එය සිතට දැනුනක් පමණක් විය හැකි වුවද ඒ පිලිබඳව එලෙසම සිතීමට මම කැමැත්තෙමි. මන්ද යත් එම සිදුවීමෙහි දැනුන අපූර්වත්වය නිසාවෙන්මය.
මේ මොහොතේ මම සිටින්නේ මෙම රෝහලේ ශල්යාගාරය තුළය. මෙහි පැමිණ මාස 6ක් 7ක් ගත වුවද මා හට දැනෙන්නේ තවමත් ආගන්තුක බවකි. එකිනෙකා එකිනෙකාගේ වැඩ වල නිරත වී සිටිති. මනාරම ශල්යා ගාරය සිහිවන්නේ මෙවන් මොහොතක නිතැතින්මය. එය එකම ශබ්ද ගොඩකි. භාශා 3ක එකතුවකි. සදාකාලික සිනා සහ තාවකාලික රණ්ඩු ගොඩකි. ඒ සියල්ලටම වඩා ශල්යාගාරයම පණ ඇති ජීවියෙකු ලෙසකි.
ශල්යකර්ම අතරතුර කොහේ හෝ සිට ප්රාභූර්ත වන වඩේ පිඟාන අතුරුදහන් වීමට ගත වන්නේ මිනිත්තු කිහිපයකි. එවන් අවස්තා වල අසාධාරනයට ලක් වන්නේ ශල්යකර්ම වල නිරත වන අපය. ඇතැම් විට ඉතිරි වන්නේ මෙලෝ සතෙකුට බීමට නොහැකි ලෙස කවුරුන් හෝ සෑදූ අඩක් නිවුණ ප්ලේන්ටියක් පමණි. එහෙත් ඒ සියල්ල ඉතා සුන්දරය.
සියල්ල අමතක කර දමා මොහොතකට මන්නාරමට ගොස් පැමිණීමට සිතේ.
කටුක කර්කශ ලෙසින් සිතා සිටින එම පරිසරයට ගියහොත්, එහි මසක් දෙකක් ගත කළොත් එහිදී නතු වන මනාරමීයතාවය ට ( Mannarism , as we used to say) මෙසේ පෙම් බඳින්නේ මා පමණක් ම නොවන බව පැහැදිලි වේවි. එහෙත් ඒ සඳහා සහෘදයන් පිරිසකුත් සිටිය යුතුමය
Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com10