උදා වූ වසන්තේ- සදා මා නුඹේ නම්.....



සොඳුරු වස්සානයට - නැවුම් පිණි බිඳක් වී
මදහසින් පමුදිතව -  මා සමග සිනාසුන
මිහිරි ජීවන මගේ - සුපිපි සීනයම වී
සිත් අහසෙ පෑයූව- සරා සඳ නුඹම නම්......


තුනී මීදුමක් වී - ගතේ ඩා බිඳු නිවුව
විහඟ ගීයක් වෙලා - තුන් සිතම පුබුදු කළ
මා දිවිය සනසලා - හමන මඳ පවනක්ව
ගලා යන දිගන්තේ- රසෝඝය නුඹම නම්....


දු‍ටු සිහින දුන් පිළින - සොඳුරු සිත්තම් මැවුව
නුඹේ හඬ ගීයක්ව - සවන් සනසන තුරුම
කුමකටද  මඟුල් බෙර- මඟුල් පෝරුව මතක
උදා වූ වසන්තේ- සදා මා නුඹේ නම්.....



Comments

  1. ලස්සනයි අක්කේ.....

    ReplyDelete
  2. ලස්සනයි නේන්නම්.

    හැබැයි මං නං ලියන්නේ කයි-කතන්දර. අමු කවි විතරක් අල්ලන්නේ නෑ අපේ බහුතරයට.

    ReplyDelete
  3. සිදු අක්කගේ කවි කියවලා ඔන්න මමත් කවි ලියන්න පොඩි උත්සහයක් ගත්තා.....
    ඒකට ඉතික් සිදු අක්කට ස්තූති කරන්න ඕනි :) :) :) :) :)

    ReplyDelete
  4. අමා නංගී - හැමදාමත් වගේ (ඉස්සර පත්තරේට ලියන කාලෙ ඉඳන්ම) ඔයාගෙ වචන මට ශක්තියක්

    කතන්දර - කතන්දරගෙ කයි කතන්දර වලට කැමති නිසා තමයි අපි ඒවා කියවන්නෙ. සමහර වෙලාවට කවියක් ලියන්නම හිතෙනවා මට. ඉතින් ඔන්න ඔහෙ ලියනවා.....

    ReplyDelete
  5. කවි මට වැඩිය තේරෙන්නේ නෑ අනේ

    ReplyDelete
  6. හැබෑටම ලස්සනයි!

    ReplyDelete
  7. මොකෝ මේ පින්තූරෙ මාරු වෙලා??

    ReplyDelete

Post a Comment