වියලි අවු රැස් වලින්
ගිනි ගසන කැකෑරෙන
ගෙන්දගම් පොළොව මත
අඩි තබා දුවන විට
අහස දිය වී දැටෙන
කුරිරු වූ වැහි බින්දු
සිහින් ඉඳි කටු වගේ
මුහුණ ඉරි තලන විට
රටා හැඳි මඩ දියෙන්
තෙත බරිත සාරියේ
තව රටා සොයන විට
නොදම් නෙත් කොන් වලින්
එදා වැහි මතක් වී
සිත දුවයි ගම් දොරට
නිල් නිලන කඳු මුදුන
මීදුමෙන් වැසෙන විට
නැගෙන ධූවිලි පුසුඹ
තව ලඟයි මගෙ සිතට
වැහි බින්දු සෙමෙන් විත්
හිරි කඩින් මුව සිඹිත
හීතලෙන් ගුලි ගැසුණ
'යුරු නුඹේ උණුසුමට
හැමුව සීතල පවන
ඉපනැලිද සුවඳ පිස
පිච්ච මල් වැහි රේණු
පිබිදුවා තුන් සිතම
දෙවැට ළඟ මල් ඉහින
පොද වැස්සෙ දිව යන්ට
තවම සිත යදිනවා
සංසාර පුරුද්දට
වැහි කෝඩ සඳ මඬලෙ
සීත සඳ රැස් අතරෙ
සරන වැහි ලිහිණියක
ලෙදින් නුඹ සොයාගෙන
වැහි ඉහිරි තණ පළසෙ
පිණි කුසුම් පිපෙන විට
පාට සෙවනැලි සොයා
දේදුනු ද ඇදෙන විට
වැහි වලාකුළු ඉරා
අරුණ හිනැහෙනා විට
රඟන සිකිපිත් දිහා
වරු ගණන් බලන්නට
ගලන ගංගා දියේ
පෙණ කැටිති ගනින්නට
පියාපත් වියලනා
විහඟ සෙන් බලන්නට
දිව එන්න හිතයි මට
මිදී කලු වැසි දියෙන්
වැහි පොදේ නුඹ ඉන්න
පාර ළඟ මග බලන්.......
ගිනි ගසන කැකෑරෙන
ගෙන්දගම් පොළොව මත
අඩි තබා දුවන විට
අහස දිය වී දැටෙන
කුරිරු වූ වැහි බින්දු
සිහින් ඉඳි කටු වගේ
මුහුණ ඉරි තලන විට
රටා හැඳි මඩ දියෙන්
තෙත බරිත සාරියේ
තව රටා සොයන විට
නොදම් නෙත් කොන් වලින්
එදා වැහි මතක් වී
සිත දුවයි ගම් දොරට
නිල් නිලන කඳු මුදුන
මීදුමෙන් වැසෙන විට
නැගෙන ධූවිලි පුසුඹ
තව ලඟයි මගෙ සිතට
වැහි බින්දු සෙමෙන් විත්
හිරි කඩින් මුව සිඹිත
හීතලෙන් ගුලි ගැසුණ
'යුරු නුඹේ උණුසුමට
හැමුව සීතල පවන
ඉපනැලිද සුවඳ පිස
පිච්ච මල් වැහි රේණු
පිබිදුවා තුන් සිතම
දෙවැට ළඟ මල් ඉහින
පොද වැස්සෙ දිව යන්ට
තවම සිත යදිනවා
සංසාර පුරුද්දට
වැහි කෝඩ සඳ මඬලෙ
සීත සඳ රැස් අතරෙ
සරන වැහි ලිහිණියක
ලෙදින් නුඹ සොයාගෙන
වැහි ඉහිරි තණ පළසෙ
පිණි කුසුම් පිපෙන විට
පාට සෙවනැලි සොයා
දේදුනු ද ඇදෙන විට
වැහි වලාකුළු ඉරා
අරුණ හිනැහෙනා විට
රඟන සිකිපිත් දිහා
වරු ගණන් බලන්නට
ගලන ගංගා දියේ
පෙණ කැටිති ගනින්නට
පියාපත් වියලනා
විහඟ සෙන් බලන්නට
දිව එන්න හිතයි මට
මිදී කලු වැසි දියෙන්
වැහි පොදේ නුඹ ඉන්න
පාර ළඟ මග බලන්.......
Elakiri.....
ReplyDeletethanka a lot.....!!!! elakiri
Deleteමේක නම් ගොඩක්ම ලස්සන කවි පෙලක්..
ReplyDeleteඇත්තම කිවුවොත් මල්ලි, ලිවුවාට පස්සෙ මටත් ආසා හිතුණා
Deleteපාන්දර තණ නිල්ල
ReplyDeleteපිනි පොදින් සැරසිලා
මගේ පා දෝවන්න
ඉඳියි මග බල බලා.
මිහිරි නිසඳැස් පෙළක්..
නුඹෙ පයට තැලී යන
Deleteපිණි කුසුම් බල බලා
සඳේ නෙත් තෙමී යයි
කොපුල් කඳුලින් තෙමා
(සරත් අයියා කවි වලට ගොඩාක් ආසයි වගේ. කවියෙන්ම කමෙන්ට් කරන නිසා හිතුණෙ)
හ්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්ම්!!!!
Deleteලස්සනයි අක්කියෝ...
ReplyDeleteස්තූතියි නංගෝ... (කමෙන්ට් දාලා ශේප් වෙන්න නම් අමාරුයි, කෝ ඔයාගෙ කතාවෙ ඉතුරු ටික?)
Deleteඉතින් දුවලා යන්නකෝ....
ReplyDeleteමේ දුවලා යන ගමන්
Delete