පද්ම බහිරව
සංඛ බහිරව
නේක බහිරව
රූප ප්‍රතිමා
නාග මුරගල්
නෙත් නොසොල්වා
සියක් වසරක්
බලා සිටිනා
සහස් වසරක
ආයු ගෙවමින්
මෙතෙක් ආ මග
නිමා වෙමිනා
පොරණ නිර්මල
රාජදහනම
රැයක් ගෙවනා
විටදි සැනිනා
කඩා බිඳලූ
ථූප ප්‍රතිමා
හඬන සඳ
කඳුලැලිද සඟවා
පද්ම බහිරව
සංඛ බහිරව
නාග මුරගල්
ඉවත බලනා
හ්ම්ම්ම්.......පපුව හාරල හදවත හොරාගෙන යනකම් බලාගෙන ඉදල නේද......
ReplyDeleteඒ බහිරවයන්ටත් වඩා බල සම්පන්න බහිරවයන්ගේ ලොක්කා කුවේරගේ කනින් රිංගන අණ්ඩපාලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ :D
ReplyDeleteඇයි කේමදාස නිදන් කොල්ලය සංන්ධ්වනයේ දි කිව්වෙ " යකුළු පහර වැදුනේ හිමි සිරසට පපුවටද" කියලා මේ අද සිදුවන දේ මීට වසර 20 කට විතර කලින් එතුමා සංගිතයෙන් කිව්වා.
ReplyDeleteදැං වෙන දේවල් ඉතින් බලා ඉන්ට තමා බහිරවයන්ටත් වෙලා තියෙන්නේ.. ලස්සනයි අක්කේ කවි පෙල..
ReplyDeleteබහිරවයා මේ දිනවල
ReplyDeleteඉන්නවා අහක බලන් .
බයයි සුදු වෑන් එකට..
මැරෙන්නේ නිකම් මොකටද ?
මෙව්වා ඉතිං කාට කියන්නද!
ReplyDeleteහැබැයි කවි ටික නම් අපූරුයි. කියන්න ඕනැ ටික ගානට කියල තියෙනව.
වැටත් නියරත් ගොයම් කා නම් අසරණ බහිරවයන් කුමක් කරන්නද? දාපු රූපෙ දැක්කම නම් ලොකු ස0වේගයක් ආව.. මේවගේ උන් කොයි වල යන්නද?
ReplyDeleteසමහර වෙලාවට තියන භූත බලවේග එළවන්න බහිරවයොන්ට වත් බෑ...
ReplyDeleteඅබුද්දස්ස කාලේ..
අයියෝ නිධන්
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
වෙනස්ම ආරක කවි ලිවීමක්...
ReplyDelete