බට ලී පතුරු ගෙන
දිගද මැන ගැට ගසා
මාසයක් නිදි වරා
සැදුව ඒ කූඩුව
පාට කොල අලවලා
රැලි කපා හැඩ කළා
කැටයමින් ඔප කළා
ලස්සනයි කූඩුව
පහන් තිර දල්වලා
සඳක් ලෙස එකළු වී
වෙසක් සඳ දෙස බලා
හිනැහුනා කූඩුව
පාට කොල ගැලවිලා
පාට වියපත් වෙලා
විලිබරව බිම බලා
ඉරුණ ඒ කූඩුව
වෙසක් සඳ බැස ගිහින්
පහන් නිවිලා ගිහින්
බට පතුරු වේලිලා
කමක් නෑ දැන් පොසොන්
දිගද මැන ගැට ගසා
මාසයක් නිදි වරා
සැදුව ඒ කූඩුව
පාට කොල අලවලා
රැලි කපා හැඩ කළා
කැටයමින් ඔප කළා
ලස්සනයි කූඩුව
පහන් තිර දල්වලා
සඳක් ලෙස එකළු වී
වෙසක් සඳ දෙස බලා
හිනැහුනා කූඩුව
පාට කොල ගැලවිලා
පාට වියපත් වෙලා
විලිබරව බිම බලා
ඉරුණ ඒ කූඩුව
වෙසක් සඳ බැස ගිහින්
පහන් නිවිලා ගිහින්
බට පතුරු වේලිලා
කමක් නෑ දැන් පොසොන්
අනිත්‍යය..
ReplyDeleteඅක්කාගෙ සම්පූර්ණ නම ම මගේ දිව අග තියෙනවා, එන්නේ නෑ නේ..
යේ යේ.. මතක් වුණා. මේකේ දාන්න හොඳ නෑ නේ..
Deleteහැමදේකම මේ අනිත්ය් ධර්මතාවය ඇතුළු ත්රිලක්ෂණය ගැබ්ව තියෙනවා. අපි උදේ හවස මල් පූජා කරලා කියන ගාථාවෙත් කියන්නේ ඔය කතාවමනේ. ඒත් කීයෙන් කී දෙනාද ඕක තේරුම් ගන්නේ :(
ReplyDeleteමටත් මතක් වුනේ මල් පූජා කරන ගාථාවම තමා..
Deleteඅපි ආදරෙන් ආසාවෙන් වැළඳගන්න හැම දේම පෙණ බුබුලක් වගේ අනිත්‍යයි..
ලස්සන කවි පන්තියක්..
අපි කැමති උනත් අකමැති උනත් කාලය ගෙවෙනවා.ඒ වගෙම අපිත් උදාවෙන අනාගතය බාරගන්න සූදානම්, කියනවා වගේ අදහසකුත් ඔය කවිය යට හැංගිලා තියනවා වගේ මට දැනුනා.ඒ ගැන හිතහිතා ඉද්දි මට මතක් උනා අපූරු ගීතයක් කාලෙකට ඉහත එඩ්වඩ් ජයකොඩි මහතා ගයපු.ඒ ගීය තමයි "දවසින් දවසට කොලයෙන් කොලයට" කියන ගීය. ඒකෙ එකතැනක මෙහෙම කියනවා...
ReplyDeleteසිතුවෙමි සිතනෙමි හුරුලෙස ඔබගැන මගෙ හිත චංචල වූයේ නෑ...
දිනදසුනේ තව එක කොලයක් ඇත එක දවසකි ඉතිරිව ඇත්තේ...
හිතන්න බොලදියේ මගේ කුටියටත් ඔබෙ කුටියට මෙන් වසරින් වසරට.......
නවතින දසුනක් එනවා.......................
ජය...!
කාලය ගෙවෙද්දි හැම දෙයක්ම වෙනස් වෙනවා.. ඒක නතර කරන්න කාටවත් බෑ..
ReplyDeleteඋදේ මා පිදු මල්
ReplyDeleteහවස ඇත පරවෙලා
ජීවිතේ අනිස බව
නැහැනෙ මට වැටහිලා..
අපේ ජීවිත වලට නිදසුනක් වගේ නේද? කාලයක් තිස්සේ ලස්සනට හදාගන්න වෙහෙසිලා, කාලයක් ලස්සනට පැවතිලා ඊට පස්සෙ ඒ ලස්සන මැකිලා දිරල යනවා. වෙසක් කූඩුවක් කියන්නෙ ඔන්න ඔය අනිත්‍ය බව පෙන්නුම් කරන්නම හැදුනු දෙයක්.
ReplyDeleteඅපි කැමති වුනත් නැතත් ලෝකයේ ස්වභාවය ඕකයි! අර්ථවත් රසවත් නිර්මාණයක්!
ReplyDeleteසිහින දෙව්දුව බ්ලොග් ලෝකයට ලඟදි එකතු වුන මගෙ යාළුවෙක්.
Deleteමේ සිහින දෙව්දුවගෙ හීන ලෝකෙ
http://www.piyabanasihina.blogspot.com
ඉතිං සිඳුට පුළුවන් වෙලාවක ඒ පැත්තෙ ගිහින් පොඩි උපදේශයක් දෙකක් දීල එන්න.
මටසිලිටු එලියකින්
ReplyDeleteබෑබලෙවි කුඩුව
සිත පහන් වී
ඈහෑරේවි ජිවිතය
මට කවි ලියන්න බෑ...
ReplyDeleteඒක හින්දා මම කියනවා මේක ගින්දර... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
reminded the "wesak pahana" short story by GB
ReplyDeleteඇත්ත, සියලු දේ අනිත්‍යයයි. හරියටම අපේ ජීවිත වාගෙ. අලුත් සිහින තැවරූ බලාපොරොත්තු , ඇතිවීම් නැනිවීම් කෝකටත් පොදුයි. වෙසක් කූඩු වගේ හැඩය, වර්ණය පවා වෙනස් වෙනවා.
ReplyDeleteහේතුවක් නිසා හටගත් සියළුම දේ නැසෙන සුළුයි කියලා බුදු බනෙත් කියල තියනවනේ.. වෙසක් කූඩුව පෙන්වන්නෙත් ඒ යථාර්ථයයි.. වෙසක් කූඩුව විතරක් නොවේ අපි ආදරය කරන සියල්ලටම මේක පොදුයි.. අපි ආදරයෙන් ලියන මේ බ්ලොග් වලටත් ඒ ධර්මතාවයම තියනව කියල මට වෙච්චි දෙයින් අදම ඔප්පුවුනා (ඔයා විස්තරේ දන්නවනේ) දැන්නම් මම හිත හදාගෙන ඉන්නෙ එක බ්ලොග් ලිපියක් නෙවි මුළු බ්ලොග් එකම නැති වුනත් මට කමක් නෑ කියල
ReplyDeleteහදපු කුඩුව
ReplyDeleteපහන් සිලට
දිලෙන
යුරු
බලා
සැනසෙමි....
දිලෙන ගිනි දැල
නිවී
ගිය විට
සිතේ සොම්නස
සුළගේ පා
කරමි ....
වෙසක්කෙකට හදපු කූඩුව පොසොං එකට එල්ලුවා නම් ඉවරයි නේ.
ReplyDeleteකවිය ලස්සනය් අදහස ඊට වඩා ලස්සනය් අක්කේ..
ReplyDeleteපාරෙ යන වෙලාවට දකින්න ලැබුණු පරණ වෙසක් කූඩු දැක්කම හිතට ආව අදහසක්. අමතක වෙන්න කලින් ඉක්මනින් ෆෝන් එකෙන් ටයිප් කරගෙන ඇවිත් තමයි බ්ලොග් එකට දැම්මෙ.හිතුවෙ මේකට කවුරුත් කමෙන්ට් කරන එකක් නෑ කියල. ඒත් හිතුවටත් වඩා කමෙන්ට් කරලා. හැමෝටම ස්තූතියි.
ReplyDelete