අද ඉඳන් අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.
ඒ Nilushan Rusiru (FOX creationz) ගෙ මේ DIGITAL TALKINGබ්ලොග් එක දැකල හිතට ආව අදහසකට අනුව.
ඒ වගේම Nilushan කිවුවනෙ කැමරාවක් තියනව නම් ෆොටෝ ගන්න පටන් ගන්න කියල. ඔන්න එහෙනම් මම පට්ටා...න් ගත්තා...
ඉතින් මේ ආරම්භය. ආරම්භයේදි ගොඩක් වැරදි ඇති.... ඒවත් පෙන්නල දෙන්නකො.
ගෙදර වත්ත වටේ රවුම් ගහ ගහ ඉද්දි ඇස ගැටුණ තුනක් මේ........
මටනම් වැඩි දැනීමක් නෑ... පොටෝ ටික ලස්සනයි පැහැදිලියි......... :D
ReplyDeleteමටත් දැනීමක් නෑනෙ. මරු මරු.... මම වගේම තව එක්කෙනෙක්
Deleteලස්සන පොටෝ ටිකක්
ReplyDeleteස්තූතියි කසුන්. :-)
Deletehttp://feedproxy.google.com/~r/blogspot/wdrMt/~3/3JW9UL3lCGo/photo-meet-3-3.html
ReplyDelete
Deleteගිහින් බැලුවා මම. එතන ඉන්න අය දකිද්දි බය හිතෙනවනෙ. ඡායාරූප ලෝකයෙ දැවැන්තයොනෙ
පට්ට ඇත්ත මේක දාලා තියෙන්නේ ලියන්න කම්මැලිකමේ නරකද පොටොවට අඩුතරමේ වචන ටිකක්වත් දැම්මනම්
ReplyDelete
Deleteමම මේ ඔයාලට අකුරු නැතුව කියවන්න පුරුදු කරනව.
ලොල්
ඡායාරුප ගන්න හොඳ කැමරාවකට වඩා හොඳ ඇහැක් තියෙන්න ඕන කියල වැටහුනා!:)
ReplyDeleteඔය දෙකම තිබුනත් වැඩක් නෑ වෙලාවක් නැත්නම්. බලන්නකො, මටත් වෙන්නෙ ඒ ටික තමයි.
Deletephotography ගැන වැඩි පුර යමක් කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් කාලෙකට කලින් ආසාවට ලාල් හෑගොඩ සර් ලඟ ටිකක් ඉගෙන ගන්න ගියා. ඒත් ඒකත් මගදි නැවතුනා. අර දෙවෙනි පින්තූරයේ ( මිරිස් කරලේ ) දිරාපු කොලය නොතිබුනා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද පින්තූරය දිහා බලපු ගමන් ඇහැ ඉස්සරවෙලාම යන්නෙ මිරිස් කරලට නෙමේ...කොලයට..
ReplyDeleteපින්තූර ටික ලස්සනයි යාලු
බලමු වෙනස් විදියකට ක්‍රොප් කරලා... මමත් හිතන් හිටිය මේ මාසෙ පටන් ගන්න තිබුණ ක්ලාස් එකකට යන්න. මොන යනවද ඒත් ඉතින් දැන්....
Deleteවේලුණු කොලය ෆොටෝ සාප්පුවෙන් බර්න් කරන්න..
Deleteමෙන්න වැඩක්... මෙයාටත් කම්මැලිකමක් ගහලා.. කම්මැලිකම බෝ වෙනවද? පින්තූර ටික නම් කියමයි.. මාරම කලාත්මක ඇසකින්නේ බලලා තියෙන්නේ. මගේ හිත ගියේ නම් මුල්ම එකට...
ReplyDelete"බ්ලොග් පෝස්ට් ලියන්න කම්මැලි හිතුනාම මේක හොඳ විකල්පයක් තමයී"- ඇත්තමයි මේක දැක්කම මටත් හිතුනා සිඳු වගේ දක්ෂ පොටෝකරුවෙක් නොවුනත් මගේ දුප්පත් කැමරාවෙන් ගත්තු පින්තූරු ටිකක්කුත් මේවගේ දාන්න; කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක
ඕකම මටත් හිතුනා. මොකද මටත් ටයිප් කරන්න වස කම්මැලියි...............
Deleteලමායි අලස සුවය කියන්නේ ඕකට .ඔය තාවකාලික කමැලි වීම රසවත් සිතුවිලි ඉපදීමට හේතුවෙනවා .ඒ නිසා රසවත් බ්ලොග් ලියන්නෙක් නම් ඉඳහිට ටිකක් කම්මැලි වෙලා (ඇත්තම කිව්වොත් මේ කම්මැලි වීම නෙවේ රිෆ්ලෙක්ෂන් මෝඩ් එකට යාම .ගොඩ අය වරදවා තේරුම් ඩයග්නෝස් කරනවා බ්ලොග් ඇපටයිට් ලොස් වීම කියලා හික් ) පොඩ්ඩක් නියුට්‍රල් ගිහින් එකපාරට ආයෙත් කැචප් කරන්න ඕනේ .
Deleteපින්තූර ටික නම් මල් පහයි සිදූ ලමයා :) කීප් ඉට් අප්යැ:)
තොටියා අයියෙ. ඔන්න කරනවනම් වැඩක්. ඔයාට මේ කාලෙ ගන්න පුළුවන් අපි කවුරුත් මේ වෙනකම් නෝදැක්ක ඒවා වුණත්. (තව අවුරුදු එක හමාරකින් හැබැයි මමත් ඒවාම ගන්නව.... :-)
Deleteඅන්න හරි . මමත් මේ දවස් වල ඉන්නෙ අන්න ඒ මෝඩ් එකේ.
TG,
Deleteඅන්න හරි. වැඩිය පෝස්ට් නොදැම්ම කාලේ මමත් ගොඩක් අලුත් විදිහට හිතුවා. ඒවා ඔන් ද වේ.....
අපි එදිනෙදා දකින මෙවුවා මෙච්චරම ලස්සනයි කියලා හිතුනෙම නෑ..
ReplyDeleteකොහොම උනත් අළුත් වැඩේ නම් නියමයි සිඳු !
ස්තූතියි මධුරංග.
Delete:-)
ම්ම් නරක නෑ වැඩේ
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්..... බලමුකෝ...
Deleteගුණාගුණ කියන්න තේරෙන්නෙ නම් නෑ සිඳූ.
ReplyDeleteඒත් ඔයාගෙ ෆොටෝ 3 නම් ලස්සනයි. හ්ම්ම් කොහොමඳ කියන්නෙ... ඒ කියන්නෙ නෙතට ප්‍රියයි ගොඩක් වෙලා බලා ඉන්න හිතෙනවා. 3ම save කර ගත්තා Wallpaper paper එකට දාගන්න.
මිරිස් කරලෙ හැඩ කොහොමද නේද? තව ටික දවසකින් මේ සේරම නවත්තන්න වෙනව ගිමන්.
Deleteහිතට හරි පාලුයි වගේ....;-(
වෙනසක් වෙන්න ළඟයි කියල හිතන කොට ඔහොම දැනෙනව සිඳූ.
Deleteවැඩිය හිතන්නෙ එපා. ටික කාලෙකට නතර කලත් මීටත් වඩා හිත නිදහසේ ලියන්න පුලුවන් පරිසරයක් දවසක් ලැබෙන්න පුලුවන්. :)
@ගිමන් මල්ලි: "ටික කාලෙකට නතර කලත් මීටත් වඩා හිත නිදහසේ ලියන්න පුලුවන් පරිසරයක් දවසක් ලැබෙන්න පුලුවන්" // +++++ අන්න හරි ඔහොම තමා හිතන්න ඕන (අර පොසිටිව් තින්කින් ද මොකක්ද කියන්නේ). අනිවාර්යෙන් ඒවගේ දවසක් ලැබෙනවා මල්ලි. අත්දැකීමෙන් කියන්නේ. එතකන් තියන කාලය සංක්‍රාංති සමයක් කියලා හිතාගෙන වැඩ කලොත් ඉක්මනටම ඔය කාලේ ගෙවිලා යාවි.. All the best..!
Deleteඅපූරුයි! එයාගේ ෆොටෝසුත් මම බලනවා..නියමයි.
ReplyDeleteඔබටත් සුභ පතනවා යාලු..:)
Deleteඔව්. එයාට හොඳ දැනුමක් තියෙනව. බලන්න ෆොටෝ වල අපූරුව.
අලේ එලනේ....... මට ආසාව තිබ්බට ෆොටෝ ගන්න නෝ කැම්. ෆෝන් කට්ට තමයි ඉතින් :( :( :( :( :(
ReplyDeleteමම නම් ආසම අර පළවෙනි එකට. ඒක නම් නියමයි අක්කේ :) :) :) :) :)
ඒකනෙ කියන්නෙ මම හැමදාම, ඔය කඩචෝරු කන සල්ලි එකතු කරල ගන්නවකො කැමරාවක්.
Deleteඅන්තිම ෆොටො එකට මම මාරම කැමතියි ඔන්න..
ReplyDeleteඒකෙ ඔරිජිනල්ම එකට මම මේකට වඩා කැමතියි මල්ලි. මේකෙ රෙසොලුශන් ටිකක් අඩුයි.
Deleteපිටු දහයක් ලියනවට වඩා එක ජායාරූපයකින් අදහස් ගොඩක් දක්වන්ට පුලුවන්.
ReplyDeleteලස්සන පින්තූරු ටික. මම කැමති මුල එකට.
ඒත් කම්මැලි වෙන්ට එපා.:)
ඒකනෙ ඒකනෙ මම කිවුවෙ. මම අකුරු නැතිව කියවන්න පුරුදු කරනව ඔයාලට. හී හී.
Deleteකම්මැලිම නෙමේ පොඩ්ඩි. හිතට නිදහස අඩු වේගන යනව දැන්. තව ටික දවසකින් මේ තරම් වත් පෝස්ට් නැති වෙයි.
සිඳු මට නම් මේ පින්තූර තුනම හොඳයි. ඔතන තියෙන්නෙ අපේ ඇහැට නිතර දෙවේලෙ අහුවුනත් අපි නොදකින දේවල් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නා දීමක්, නැත්ද?
ReplyDeleteඅන්න සිඳූගෙ කමෙන්ට් එකට මම ඒ වගෙම දිග රිප්ලයි එකක් දැම්මා. සමාන ආකල්ප දරන කෙනෙක් මුණ ගැහීමත් සතුටක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
Deleteඒ කමෙන්ට් එක මම දෙතුන් පාරක් හිතල දැම්මෙ. කවුරු හරි බනියි කියල හිතුණා. තවම නම්කවුරුත් බැනලා නෑ වගේ.
හරිම අපූරු පින්තූරු ටිකක්..
ReplyDeleteලස්සනයි..සුභ පැතුම් අළුත් වැඩේට..
ඉතින් රූ.... කොහොමද. ලස්සන හිතට වදින නිසඳැසක් දාලා තිබුණා එදා. කියෙව්වුවට කමෙන්ට් එකක් දාන්න වුණේ නෑ.
Deleteස්තූත්යි
පළවෙනි ෆොටෝ එක තමා මගෙ හිත ගත්තෙ ගොඩක්ම.මමත් ලියන්න පුදුම විදිහට කම්මැලි වෙලා.
ReplyDeleteඅතුරුදහන් වුණ පෝස්ට් එක ආයෙ දැම්මෙත් නෑනෙ ඔයා.:-(
Deleteකිවුවෙ නම් එදා හවසම අලුත් එකක් දානව කියලයි.
වචන දහකින් කියන ප්‍රකාශයක් එකි පිංතුරයකින් කියන්න පුළුවන්. පිංතූරය කියන්නේත් එක්තරා ප්‍රකාශන මාධ්‍යයක්. කාච ඇස ලස්සනයි.
ReplyDeleteඒක ඇත්ත අයියෙ. ඒ ප්‍රකාශන මාධ්‍යට මම හරිම කැමතියි. සමහර අයගෙ පින්තූර දැක්කම හිතාගන්න බෑ, කොහොමද ඒ දේවල් දකින්නෙ එයාලා කියලා
Deleteටික දුරක් යනකොට කම්මැලිවෙන බව මට අර කතාව ඉවර කල හැටියෙනුත් පෙනුනා !!
ReplyDelete
Deleteඅනිත් බ්ලොග් එකේ කතාවත් ඉවර කරන්නයි හිතන් ඉන්නෙ. ඉස්සරහට දිග කතා ලියන්න වෙලාව නැති වෙයි සරත් අයියෙ
ලස්සනයි ඈ...
ReplyDeleteපළවෙනි ෆොටෝ එකට තමයි මමත් කැමති. ගුණදොස් කියන්න නම් දන්නේ නෑ. ලස්සන ෆොටෝ ටිකක්.
ReplyDeleteAll three photos are good but the first one is the best. I too like photography but I have to wait until I buy a good camera.
ReplyDeleteDon't wait till u buy a good camera. Use digital, phone or whatever u have & shoot everywhere! Don't care about quality, just do it to gain experience. Then u will be an experienced person when that good camera arrives. cheers!
Deletecorrectly said FOX.
DeleteTeacher, this is an example for two photos I took from a small cyber shot camera.
http://lokayekonaka.blogspot.com/2011/12/blog-post_12.html
Teacher! Hiks lajjai appa... :D
Deletehey FOX, she really is my teacher. English / English literature teacher in the school. Not a joke
DeleteOh really sorry! Thought she is a blogger (Little girl)
Delete@Blue Lotus- Sorry miss!
මටත් ඔය පැත්ත ගැන වැඩි දැනිමක් නෑ.ෆොටෝ ටික හොද ඇති... :D :P
ReplyDeleteනෑ නෑ ලස්සනයි...
හරිම සතුටුයි! එකෙක්ට හරි ෆොටෝ පික්සුව බෝ කරනව කියන එක තරම් සතුටක්මට තවත් නැහැ :)
ReplyDeleteපළවෙනි ෆොටෝ එක තමා හොදම. උපරිමයි!
දෙවනි එකේ වේලිච්ච කොලයට ඇහැ යනවා වැඩියි, ෆොටෝ සාප්පුවෙන් බර්න් කරලා බලන්න...
කීප් ඉට් අප්!