වස්සාන හිරු
නොපෑ යුගයක
හිරුට වඩා දුල
සඳ සේ
නුඹ විත්
මතකය බොඳ කර
සිහින වසන්තෙට
නැවත පණ පෙවූ
අරුමය...
වසත් හිරු රුව
මැකී යන ලෙද
මලක් සේ හිනැහුණා නුඹ
එමල සුවඳින්
නැවත පණ ලද
පුංචි කොඳ මල්
කැකුළ මම
වසත් හිරු යළි
හිනැහෙනා විට
නුඹ සඳක් බව
පැවසුයෙමි මම
හිරුගෙ මුකුලිත
වුවන දුටුවද
තවත් නම් යළි
දුකක් නෑ මට.........
පියුම හිරුට මිස
ReplyDeleteසඳුට අයිති නැත..
තරු සුදිලේ
ඝන අදුරු රැයේ
වරද මගේ මිස
වරද ඔබේ නොව
අහිමි සෙනේ පැතු
......ලයේ.
හිඳිලාය මගෙ කවි සිත
ReplyDeleteකවි සිතුවිලි
එන්නේම නැත..
කයියෙන් උත්තර දෙන්න දන්නේ නැති නිසා මෙහෙම කියන්නම්.
ReplyDeleteඉන්ටර්න්ෂිප් නැව වරායකට ලඟාවෙන්න තව කොච්චර මාස තියේද?
වස්සාන සදට වඩා හිරු ගැන කියවිලා තියෙන බව හැගෙනවා
ReplyDeleteහිරු ඇවිත් යන තැන්වල
ReplyDeleteසද ආයෙත් පිපෙන අරුමය
වස්සාන සද ළග
ඉමිහිරිය මේ සිදු නද!!!!!
Great bloog
ReplyDelete