හාත්පස කලුවරයි. කාලෙකින් දැනුන සීතල සුළඟක් ගත වසා ගත්තා. අවාරෙට හැදුන අඹ ගෙඩි වලට පොර කන වවුලන්ගෙ නාදය නිසා මම උඩ බැලුවා.
මගෙ ඇස් වලට පෙනුනෙ රාත්‍රී අහස. ඒ අවුරුදු ගණනකින් දුටුව ලස්සනම දර්ශනය කියල මට හිතුණ.මැජික් ශිල්පියෙක් අතින් නිමවුණ සිත්තමක් වගේ රාත්‍රී අහස හැඩ වෙලා තිබුණා. හරියටම මම පුංචි කාලෙ දුටුව අහස වගේ. ඒ තරු රටා සේරම ඉස්සර වගේම මාත් එක්ක හිනා වෙනවා වගේ දැනුණා.
මේ ලස්සන අවුරුදු ගණනක් පුරාවට මගෙන් වසන් කරගෙන හිටිය "කොළඹ අහස" මට මතක් වුණා.
දසත විහිදෙන විදුලි ආලෝකය නිසා තමන්ගෙ ලස්සන වසන් කරගත්තු ඒ "කොළඹ අහසට" වෛර කරන්න තරම් හිතක් මට පහළ වුණා.
"කලුවරේ මොකද කරන්නෙ? ගෙට එන්න...."
කට්ට කලුවරේ මිදුලට වෙලා හිටිය මාව දැකල අම්ම කෑ ගහද්දි මම පුටුවකුත් අරන් ඇවිත් අහස දිහා බලාගෙන ඉඳ ගත්තා....
වෙන කිසිම දෙයක් හිතට නො එන තරමට ලස්සන අහස දිහා භාවනාවක් වගේ මම බලන් හිටිය.
අහසෙ මට පෙනෙන්නට ඕනා කොටසක් අඹ ගසෙන් වසාගෙන.
ඊට මුවා වුණ තරු වලට වුණ අසාධාරණය මග හරින්නට තව කට්ටියක් එකතු වෙලා. ඒ කණාමැදිරියන්. ඔවුන්ගේ නිමෙන පත්තු වෙන ආලෝකය අඹ ගසෙන් වැසුන අහස් කොටසේ තරු රටා මවනවා. විශ්වාස කරන්න, ඒ හැමෝම ආලෝකය නිමුවෙත් පත්තු කළෙත් බොහෝ දුරට එකම වෙලාවෙ. ඒ කණාමැදිරියන්ගේ කුමක් හෝ සන්නිවේදන ක්රමයක්ද?
කුමක් වුවත් ,පසුගිය දිනවල සෑමතැනම දැල්වුණ බල්බ් වැල් වලට වඩා සිය දහස් ගුණයක අලංකාරයක් ඔවුන් මැවුවා.
තරු පිරුණ අහසට මම ආදරය කරන්නට පටන් ගත්තෙ අම්මයි අප්පච්චියි නිසා වෙන්නට ඇති. අහසෙ මැවුණ විවිධ තරු රාශි හැඳින්වෙන නම්, ඇසට පෙනෙන ග්‍රහලෝක ආදිය සියල්ලම කියල දුන්නෙ අප්පච්චි. නිශ්චලව බබලන තරු අතරෙ ගමන් කරන තරු චන්ද්‍රිකා බව, හදිසියෙ කඩා වැටෙන තරු උල්කාපාත බව, තරුවක් දිහා බලන් ඉද්දි එයින් විවිධ වර්ණයන් පෙනෙන බවත් අප්පච්චි මට ඉගැන්නුවා.
එයා පුංචි කාළෙ වත්ත පහළ තිබුණ දෙකට නැමුණ පොල් ගහක කඳක් උඩට නැගලා වරු ගණන් අහස දිහා බලන් හිටිය හැටි අප්පච්චි මට කියල තියෙනව. ජාන වලින්ද, කොහොමද කියන්න මම දන්නෙ නෑ ඒ පුරුද්ද ඒ විදියටම මටත් ඇවිල්ලා තිබුණා.
"සමන් පිච්ච මල් ඉහිරුණ
නිල් තණකොල පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට"
යන්තම් බහ තෝරන කාලෙදිම අම්ම මට කියලා දුන්න ඒ ගීතය අප්පච්චි පෙන්නපු රෑ අහසත් එක්ක හරි අපූරුවට ගැලපුණා.
ටිකක් වයසින් වැඩෙන්නට වැඩෙන්නට අහස ගැන , අභ්‍යවකාශය ගැන උනන්දුව වැඩි වුණා. ඊටත් පස්සෙ පිටසක්වල ජීවීන්- ඒලියන්ස් ලා ප්‍රියතම මාතෘකාවක් වුණා. පත්තර වලින් කපපු ලිපි ගණන් එකතු වුණා.
සමහර දවස් වලට තරු දිහා බලාගෙන ඒවා වටේ භ්‍රමණය වෙන ග්‍රහලෝක වල ඉන්න ජීවීන්ට ටෙලිපති බලයෙන් මම කතා කරන්නත් උත්සහ කරලා තියෙනවා. සිංහල බැරි වුණාට පිටසක්වල ජීවීන්ට ටෙලිපති බලය තියෙනවා, ඒ කාලෙ මම හිතුවෙ එහෙම.
(පිටසක්වල ජීවීන්ට පිස්සු නෑනෙ ලංකාවෙ මුල්ලක ඉන්න බටු කෙල්ලෙක් එක්ක අදහස් හුවමාරු කරගන්න ටෙලිපති බලෙන්. ඒ නිසා එක ඒලියන් කෙනෙක්වත් මාව හොයාගෙන ආවෙ නෑ)
පුංචි කාලෙ වගේ මම ඇස් දෙක වෙහෙසමින් චන්ද්‍රිකාවක් හෙවුව. උල්කාපාතයක් අහසෙ ඇදිලා යනකම් නැගිටින්නේ නෑ කියලා අධිශ්ඨාන කළා.
ඊළඟට ලොකුම බාධාව මතු වුණා.
වල්ගා තරුවක නමක් තියෙන, ඒ වුණාටඋරචක්රමාලයක් වගේ වටින මගෙ නංගි.
"මොකද මේ කලුවරේ....? සර්පයොත් ඇති..."
එයා එහෙම කිවුවට මම නම් ගණන් ගනියි. ඇහෙන්නෙ නෑ වගේ මම හිටියා. ඔන්න ඊලඟට එයාගෙ අහිංසක ස්වරයෙන් ඊළඟ ප්රශ්නය යොමු වුණා....
"අක්කෙ ඔයාට දැනුනෙ නැද්ද් කණ ළඟින්ම හුළං පාරක් යනවා වගේ....? හරියට පිටිපස්සෙ කවුරු හරි ඉන්නවා වගේ.....?"
මට දවල් බැලුව SPELLBOUND කියන කොරියන් චිත්‍රපටිය මතක් වුණා.
නංගි ඈත් මෑත් වෙනකම් ඉඳලා මම ඉක්මනටම පුටුවත් අරන් ගේ ඇතුළට ආවා...
(ඒක නෙමේ.... කෝ "වර්ණ" ලියන දිනේශ් මල්ලි? තවම සනීප නැද්ද? )

වල්ගා තරුවක නමක් තියෙන, ඒ වුණාට

මම නම් තාමත් බලා ඉන්නවා වෙන ග්‍රහ ලෝකෙක ඉන්න කට්ටියක් ඇවිත් මාව ගෙනියනකල්.:)
ReplyDeleteතරුවක් එක්ක කතා කරන තරුවක් දැක්කමයි. වැඩියෙම දිලිසුනේ කොයි තරුවද? :D
ලෝකයේ කොයි කොනේ හිටියත්, ලබපු අවුරුද්ද වාසනාවෙන්ට කියලා පතනවා!!!
අපෙ නංගි තරුව Haily තමයි කොහොමත් අපේ ගෙදර නම් දිලිසෙන්නෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා පොඩ්ඩිටත්.
Delete(ගෙදර අයත් බලන් ඉන්නෙ ඒලියන්ස්ලා ඇවිත් පොඩ්ඩිව ගෙනියනකම් ලු නේද?)
{මම තරුවක් නෙමේ, මුහුදක් (සිඳු = මුහුද)} :P :P
දිනේෂ්ගේ මොලේ මාරු කරා නෙව.. මිනිහට සමහර ඒවා අමතකයි දැං.. හැක්..
ReplyDeleteහෙහ් හෙහ්..
Deleteඅලුත් මොලෙන්වත් ප්‍රයෝජනයක් ගනීද බලමුකො.
Deleteවතුපිටිවල ඉන්න කාලේ රෑට මගෙත් වැඩේම තරු බලන එක තමා.. එතැන අහස ඒකටම කියාපු තැනක්.. ඒත් කොළඹ ආවට පස්සේ මටත් කෙල උනා.. පහුගිය අවුරුද්දම හිටියේ බොරැල්ල කිට්ටුව.. මොන තරුවක්වත් පෙනුනේ නැහැ... ලොඩ නැගිලි විතරයි.. ආයෙම දැන් සති දෙකකට කලින් තැන මාරු කලා.. ආවෙනං බොහෝම ජනාකීර්ණ හරියකට.. ඒත් තට්ටු තුනක නිවසක උඩම තට්ටුව වීමේ වාසිය නිසා ආයෙම මට තරු පේනවා... උදේට විතරකි නෙවෙයි දවල්ටත්... මොකක් ඒ කොහොමද කියලා ඇහුවා..? ඇයි වදේ රෑටනං අහස පැහැදිලිව පේනවා.. ඉතිං තරු පේනවනේ.. දවල්ට තට්ටු තුනක් පඩි බඩ ගානකොට.. ඒත් තරු පේනවනේ.. :D
ReplyDelete// ලංකාවෙ මුල්ලක ඉන්න බටු කෙල්ලෙක් // :D :D :D
මොනව වුණත් මේ පාර මොළේ කල්පනා කරලා වැඩ කරලා තියෙනවා නවාතැන තෝරගනිද්දි. ඔය කන තරමට නැත්නම් රටේ නැති ලෙඩ හැදෙයි එහෙමවත් ව්‍යායාමයක් නැත්නම්
Deleteඉස්සර වුවමනාවෙන්ම අහස බැලුවා.. දැන් අහස පාත්වෙලා තරු නිකන්ම පේනවා :)
ReplyDelete
Deleteතරු පේන්න පටන් ගත්තෙ මාසෙක වගේ ඉඳන්ලු නේද?
මාත් පුංචි කාලේ හැමදාම වගේ රෑට අහස බලන්න පුරුදු වෙලා හිටියා. මටත් තාත්තා තමයි ඒක පුරුදු කරේ...අතීතෙට ගියා මොහොතකට........
ReplyDeleteපුංචි කාලෙ සමහර පුරුදු අපි ඉස්සරහට ගෙනියනවනෙ. මේක ඒ වගේ පුරුද්දක්
Deleteමම නං තාමත් තරු බලනවා !
ReplyDeleteඒක හොඳයි. හිතට ටිකක් හරි සහනයක් එන්න ඒ වගේ පුද්දක්වත් තියෙන්න ඕනනෙ මේ රස්සා විභාග අතරෙ
Deleteඔය තරු බැලිල්ල මමත් කලා ඒත් ඒක නවත්තලා දැම්මා දවසක් පුටුවක් තියන් උඩ බලන් ඉන්න කොට පොල් ගහක් උඩ පොඩි වලියක් දා ගත්තු වවුල්ලු 2ක් මගේ ඇගට කඩන් වැටුනු නිසා,,එක පාරටම මම හිතුවෙත් ඒක පිටසක්වල ප්‍රහාරයක් කියලා.අරුන් දෙන්නා කෑ ගහනකොටයි මාව පියවි සිහියට ආවේ
ReplyDeleteඒක කියවද්දි නම් මට හොඳටම හිනා ගියා. මැවිලා පෙනුනා කාටුන් එකක් වගේ
Deleteමට හුඟ කාලෙකින් තරු බලන්න බැරි උනා. ඉස්සර නම් කතා කරනවා .. ආයෙ කතා කරන්න ඔනි..
ReplyDeleteකතා කරන්නකො එහෙනම්. අපිටත් කියන්න මොනවද කිවුවෙ කියල
Deleteරෑ අහසේ තරු බැලුවට ඇතිවනනේ නෑ....
ReplyDeleteඇති වෙන්නෙ නැති කීපයක් දේ වලින් එකක් තමයි ඒ.
Deleteකොළඹ අහසෙ ලස්සන වහලා තමයි තියෙන්නෙ..මම අදටත් අර ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගූගල් ස්කයි මැප් දාගෙන තරු බලනවා අහසෙ...හොඳ වෙලාවට කවුරුවත් නෑ ඩිස්ටර්බ් කරන්න නම්..
ReplyDeleteශිහ්.... මම මේ වෙනකම් දැනගෙන හිටියෙ නෑනෙ ගූග්ල් ස්කය් ගැන. ඔන්න මමත් දාගත්තා ඒක. time zone හදා ගන්න ඕනා වගේ.
Deleteමට කියන්න පුලුවන්ද සිංහල බ්ලොග් කියවන්න සහ ලියන්න පුලුවන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් බ්‍රව්සර් එකක්?
තරු බලන එක කාලයක් මගේ ජීවිතයේ මූලික කාර්යයක් වෙලා තිබුන කාලයක් තිබුනා. දැන්නම් වැඩත් එක්ක ඒ සඳහා යෙදෙන්න තියෙන කාලය අඩුයි. දැන් මම තරු බලන්නේ stellarium වලින්. හැබැයි කවදා හරි දවසක පිටසක්වල ජීවියෙක් හමුවෙන එක අදටත් මගේ බලාපොරොත්තුවක්.
ReplyDeleteගැනත් මම දැනගෙන හිටියෙ නෑ.
Deleteනිතරම බලනවාට වඩා වැඩ අස්සෙ අහස දිහා බලද්දි තමයි ඒ ලස්සන වඩා මතු වෙලා පෙනෙන්නෙ
මේ මම ඉන්නෝ සිඳු අක්කේ.. දැන් හොදයි.. ඇවිත් තාම ටික දවසයි..
ReplyDeleteතරු දිහා බලාගෙන ඉන්න මාත් ආසයි.. හැබැයි ඒ හිත හුඟක් කලබල වුන වෙලාවට.. හිත හැදෙන්නත් එක්ක බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා.. දැන්නම් ඉතින් හීතල හන්දා එළියට බහින්න කම්මැලි හන්දම ඒක කරනවා අඩුයි..
කම්මැලි කම අත අරින්න වෙයි ලඟදිම. අන්න එක්කෙනෙක් තරු බලන්න "ආසයි බයයි" ලු.
Deleteතරු දිහා බලන් ඉන්න මාත් ආසයි. එත් කෝ මම තනියම කළුවරේ ඉන්න බයයි නේ ඒ නිසා ඒ අදහස කවදාවත් හරියන එකක් නැ ඩබල් වෙනකන්ම. ;)
ReplyDeleteඉක්මනින්ම බය නැති කරගන්න ක්‍රමයක් හොයා ගත්ත නම් කාට කාටත් හොඳයිනෙ
Deleteහපොයි ඒලියන්ස්ලද? මතක් කරන්න එපා.
ReplyDeleteඒ මොකද ව කවදාහරි ඒලියන් පැහැර ගැනීමකට ලක් වුණාවත්ද?
Deleteඔයා ඩොකී නිසා කිව්වට කමක් නැතුව ඇති. ඔය ඒලියන්ස්ලා ඔච්චර ආලෝක වර්ෂ ගානක් දුර ගෙවාගෙන එන්නේ පෘතිවි වැසියන්ව කිඩ්නැප් කරලා යානයට ගෙනිහින් anal probe එකක් දාලා බලලා ආපහු එවන්නනේ. ඒකයි ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ කිව්වේ. :D
Deleteතරු ට කියවන්න හැකි වුණාද මන්දා රත්න ශ්‍රී ලියපු "ලස්සනම අහස හා මතක සිතුවිලි" පොත. ඒ කෘතියේ ලස්සනම අහස ගැන රත්න ශ්‍රී ලියන්නෙ තමන්ගෙ ගම වෙච්ච තෙල්ලඹුරේ ගැන. ඔබ ඔබේ ගමේ ඉඳන් ඒ සිතුවිලිම වචන බවට පෙරලනවා. දෙන්නම ලියන්නෙ එකම අහසක් යට එකම අහසක් ගැන ඒ වගේම තමන්ගෙ ගම ගැන වෙනස තියෙන්නෙ ගම් දෙක විතරයි.
ReplyDeleteමම "තරු" නෙමේ.
Deleteමට ඒ පොත කියවන්නට ලැබුණෙ නෑ.
මේ ලොව ලස්සනම අහස ඇත්තේ
මගේ ගමට ඉහලිනි...
අම්මා නිදන තැන,
ඇගේ සොහොනට උඩිනි....
තියෙන්නෙ ඒ පොතේද?
ආහ්... වැරදුනා මේ තරු නෙවෙයි සිඳු නේ...
Deleteඒපොතේ තමයි. ඒ කෘතියේ අවසාන සටහන තමයි ලස්සනම අහස..... හැබැයි ඒ අවසානය රත්න ශ්‍රී අතින් බොහෝ වාර ගණනක් ගීත සහ කවි බවට පත්වෙලා තියෙනවා. හම්බ වුනොත් කියවන්න
සෑහෙන කාලෙකින් නේද යමක් ලිව්වෙ...රාජකාරියත් සමග කාර්යබහුල වී ඇතැයි සිතමි....මමත් බොහොම අමාරුවෙන් තමයි දැන් දැන් මේ බ්ලොග් කෙරුවාව කරගෙන යන්නෙ...
ReplyDeleteපුංචි එකා සන්ධියෙ ඉදලම අභිරහස් දේ පිළිබද දැනගන්න මට තිබුනෙ පුදුමාකාර පිපාසයක්...ඒ ආශාවෙ වැඩි කොටසක් භාරගත්තෙ අහස...වල්ගාතරුවක් මේ දිනවල බටහිර අහසේ මෙන්න මේ අක්ශාංෂයෙන් පේනවා කියලා ප්රවෘත්ති වලට කිව්වොත් තාත්තත් එක්ක කොහොම හරි ඒ දර්ශනේ බලනවා. අපිට කවදාවත් ලගා වෙන්න බැරි තැනක ඉදන් නේද මේ තරු කැකුළු හිනැහෙන්නෙ කියලා හිතනකොට....ඇයි ඒවා කඩගෙන වැටෙන්නෙ නැත්තෙ කියලා හිතෙනකොට එදා දැනුන සුන්දරත්වයම අදත් දැනෙනවා...