අධිවේගී මාර්ගයේ යනවට වඩා වේගෙන් වාහනේ පාර දිගේ ඇදිලා යනවා. වෙන කිසිම වාහනයක් නෑ. පාර දෙපැත්තෙම කැලෑව. "හවසට අලිත් ඉන්නව පාරෙ." රියදුරා කියනව. ගැහි හැහී තියන හිත තවත් වේගෙන් ගැහෙනව.
සමහර තැන් වල ඝන මීදුමෙන් පාර වැහිල.
දුරකතනයෙන් මම අපි ඉන්න ඉසවුව හොයන්න උත්සහ කරනව. GPS අමාරුවෙ වැටිලා දඟලනව. මම උත්සහය අත් අරිනව.
කැලෑව අයිනෙ පාරෙ ලොරි 5ක් විතර එක පෙළට නවත්තලා. අපි ඒවත් පහු කරගෙන ඉස්සරහට යනව.
"ඊයෙ රැ ඉඳන් යන ලොරි වල කට්ටිය. නිදාගන්නෙ ඔහොම තමයි" ආයෙ රියදුරා කියනව. එයාට නින්ද යයි කියන බයටම අප්පච්චිත් ඉවරයක් නැතුවම කතා කරනව. ගමේ පන්සලේ විස්තර වල ඉඳන් ජිනීවා සමුලුව වෙනකම් මාතෘකා එතන තියෙනව.
තරු එකින් එක නිමෙන්න පටන් අරන්. මීදුම තව තවත් වැඩි වෙනව. පාර පෙනෙන නොපෙනෙන ගාන. වාහනේ වේගෙ ටිකක් අඩු වෙලා.
වීදුරුවට එහායින් තියෙන කැලෑවට උඩින් යන්තම් එළියක් මතු වෙලා. ඉර පායගෙන එනවා සීතල මීදුම එක්ක.
ඉස්කෝලෙ යන්න කලුවරේම එලියට බැහැපු ළමයි වගේම අපේ වාහනේ පහු කරගෙන වේගයෙන් යන මෝටර් සයිකලුත් ඉඳල හිටල පහු වෙනව.
දැන් ඉර ගොඩක් උඩට නැගලා. ඒත් මීදුම ඉර වහගෙන.වාහනේ වීදුරුවෙ බැඳුන පිණි බින්දු අස්සෙන් ඒක ලස්සන දර්ශනයක් මවනව. ගෙදරින් එනකොට තිබුණ චකිතය වගේ හැඟීම ටික ටික තුනී වෙලා යනව.
පාරෙ වයර් උඩ නැගලා ඉන්න එක එක කුරුල්ලො මට පේනව. ඈත ගස් වල තවත් හීතලට ගුලි වෙලා ඉන්න මොණරු පේනව. හිතුවට වඩා මෙහෙ හොඳයි වගේ කියල මට හිතෙනව.
ගෙවල් අඩුයි. සමහර වෙලාවට කිලෝ මීටර් ගාණකටම ගෙයක් නෑ. උදේට කන්න කඩයක් හොයා ගන්න ලැබුණෙ අමාරුවෙන්.
"*******ට තව කිලෝ මීටර් 10ක් විතර තියෙනව."
කඩේ මුදලාලි කැඩුණ සිංහලෙන් කියනව.
ඒ කිලෝ මීටර් 10ත් පහු වෙනව. ගෙදරින් කිලෝ මීටර් 260 ගාණක් ඈත් වෙනව.
කරදිය හුළඟත් එක්ක මිශ්‍ර වුණ අමුතුම පරිසරයක් ඇහැ ගැටෙනව. නළලෙ තිලකය තියලා මෝටර් සයිකලේ පැත්තට හැරිලා ඉඳගෙන යන වැඩි හිනාවක් නැති කාන්තාවො දකිද්දි අපි දැනගෙන හිටිය ලංකාවට වඩා ලොකු වෙනසක් දැනෙනවා.
හැම දුරකතන කඩයකම micromax බෝඩ් ගහලා.
අකුරු ටික අමාරුවෙන් අමුණගෙන කියවද්දි , රූපවාහිනී සියල්ලෙම දකුණු ඉන්දියානු නාලිකා පමණක් විකාශය වෙනවා දකිද්දි ,අපි ඉන්නෙ ලංකාවෙ නෙමේද කියලත් හිතෙනව.
ඒ අතර දකින "ශ්‍රී ලංකා පොලීසිය" කියන බෝඩ් එක හිතට ආරක්ෂා කාරී බවක් දනවනව අන් කවරදාටත් වඩා. වෙනදට පොලිසිය දකිද්දි අහක බලාගෙන යන අපි දැන් පොලීසියෙ කෙනෙක් පාරෙ දැක්කත් හිනාවෙලා පාරක් හරි අහනවා. ජාති වාදී කමක් නෙමේ. දන්න භාශාවෙන් කතා කරන්න ඒ තරමටම ආසා වෙලා.
සති 2ක් ගත වුණා. ඒත් තවම දන්නෙ දෙමළ වචන කීපයයි. වාක්‍යක් හදා ගන්න බෑ. ඒත් එක සිංහල වචනයක් වත් බැරි මෙහෙ බහුතරයකට වඩා අපි වාසනාවන්තයි කියල හිතෙනවා මොකද තව අවුරුද්දකට එහා මෙහෙ ඉන්න අපි වෙනත් භාෂාවකුත් ඉගෙනගෙන මෙහෙන් යන නිසා.
නුපුරුදු මුහුණු,
කෑම වල නුපුරුදු රස,
නුහුරු වචන
නොදැකපු රූපවාහිනී නාලිකා ...... මේ සියල්ලම ගෙදර මතක් කරනව.
කලින් හිටිය රෝහලේ දාහක් අඩු පාඩු පෙනුන මට දැන් ඒ රෝහල සුර පුරයක් වගේ මතක් වෙනව. ඒත් මෙහෙ රෝගීන් ගැන හිතද්දි ඒ මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු ගොඩක් පැති වලින් අහිංසකයි අසරණයි කියල හිතෙනවා.
අවුවට පිච්චෙද්දි ,කාමරේවත් ඉන්න බැරි වෙද්දි ,දවසට දෙතුන් පාර නාන්න හිතෙද්දි ,රැට දාදිය නිසා නිදා ගන්න බැරි වෙද්දි, ප්‍රභාකරන් මොනවට මේ ප්‍රදේශ අල්ල ගන්න මෙච්චර දැඟලුවද කියල හිතෙනවා. සමහර කඩවල් වලට යද්දි සමහර පුද්ගලයො එක්ක වැඩ කරද්දි ප්‍රභාකරන්ගෙ අවතාරය තවමත් තියෙනවද කියලත් හිතෙනවා.
ඒත් තවම සති දෙකයි. මොනවත් තීරණ නිගමන වලට එළඹෙන්න තවම වේලාසන වැඩියි.
හවසට මුහුද අයිනට ගිහින් ඉර බහිනකම් බලන් ඉද්දි, හිතට දැනෙන කවදාවත් මින් පෙර නොදැනුණ ,නිදහස් සුන්දර හැඟීමත් එක්ක මම බලන් ඉන්නවා.

good luck akka!
ReplyDeletethank you malli
Deleteසිදූ උතුරේ රෝහලකට ගියාද,,එහෙනම් අන්තිම කොන වගේ කතා ටිකක් කියවන්න පුලුවන් වෙයි අපිට..සුභ පැතුම්
ReplyDeleteටික කාලෙකින් ලියන්න පටන් ගන්න ඕන. තවම නම් මූඩ් ෆික්ස් මදි
Deleteසුබ ගමන් .අලුත් අත්දැකීමක් ..ලෝකයේ කොනක සහ අනික් කොණ බ්ලොග් දෙක මට හැමදාම පටලවෙනවා.
ReplyDeleteස්තූතියි බින්දි
Deleteමම මුලින් හිතුවේ අනිත් කොණගේ ලිපියක් කියලා. එයත් ඔය වගේ පරිසරයක වැඩ කලානේ. අලුත් භාෂාවකුත් ඉගෙන ගෙන, තව අත්දැකීම් ගොඩකුත් එකතු කරගෙන, අපිට පෝස්ට් ගොඩකුත් ලියලා, රටේ නොදැකපු තැන් එහෙමත් බලාගෙන ආපහු යන්ට ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියලත් හිතෙනවා...
ReplyDeleteඑලිය වැටෙන හැටි ලියලා තියෙනවා හරි ලස්සණයි සිඳු...
මොනව නැතත් අලුත් භාශාව නම් අති සීග්‍ර ලෙස ඉගෙන ගැනෙනවා. දැන් දැන් ඇක්සන්ට් 1ත් වෙනස් වේගන යනව වගේ
Deleteඅප්පටසිරි.... උතුරට ගියා ද ?
ReplyDeleteගියා නේන්නම්
Deleteදැන් ඉතිං ගිය තැන හොදින් වැඩ ටික කරගෙන ඉන්න ගමන් සතියට එකක්වත් පෝස්ට් දාන්න බලමු.. අපිටත් ඔහේ තත්වය ගැන දැනන්නත් එක්කලා...
ReplyDeleteපරිස්සමට සිහි කල්පනාවෙන් හිටිං...
මෙහෙ තත්වය නම් තවම තේරුම් ගන්න අමාරුයි මාරයියෙ. බලමු. සිහි කල්පනාවෙන් ඉන්න කියල නම් අම්මත් කිවුව.
Deleteපරිස්සමෙන් සියලු වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා....
ReplyDeleteස්තූතියි සිතු
Deleteඒ කියන්නේ දැන් සීමාවාසකේ ඉවරයි? දැන් වැඩ? යාපනේද සිඳු? Best of luck!
ReplyDeleteයාපනේටම යන්න වුනේ නම් නෑ. ඊට ටිකක් පහලින්. ;-)
Deleteඔහොම අලුත් අත්දැකීමක් ලැබෙන එකත් ලොකු දෙයක්නේ නේද? ගුඩ් ලක් සිදු
ReplyDeleteස්තූතියි සයුරි,
Deleteඑහෙහම් ඉතින් අළුත් තැනත් එක්ක අපිට වෙනස්ම විදිහේ කතා ගොඩක් කියවන්න පුළුවන් වෙයි වගේ.. සුබ පැතුම් අක්කේ..
ReplyDeleteකතා නම් ගොඩක් තියෙනවා කියල හිතෙනව මල්ලි. ඒත් තව ටික කාලයක් ඉන්න වෙනවා.
Deleteසුභ පැතුම් !!! පරිස්සමට සතුටින් අලුත් තැන ඉන්න ලැබේවා !!!
ReplyDeleteස්තූතියි මදාරා
Deleteනෑසියන් දෙමාපිය සොහොයුරන් නැතිව ඈත එපිට ගිය විට බොහොම හිත් සංකා ගෙන දෙනවා නංගී නමුත් බොහොම සතුටුයි ඔබ මේ සියල්ල උපේක්ෂාවෙන් විඳ ගන්නා අයුරු දුටු විට... ඔබටත් ඒ කාලය සුන්දරව ගත කරන්නට සුභ පැතුම් එවන්නෙමි අද මම රටේ මේකොණ අගනුවර සිට ... නමුත් ඇත්තම දේ නම් ආයේ යන්න වුනොත් ඒ පැති වලට බොහොම ආසාවෙන් යන්න පුළුවන් මතකයන් රැසක් සහ පිරිවර ඉතිරි කර ආ නිසා කැමැත්තෙන්ම යා හැකි බවයි. ඔබේ අත් දැකීම් සියල්ල කතා බවට පෙරලලා, ඒවා බෙදා ගන්නකම් අපි බලාගෙන ඉන්නවා නංගී ..... සියලු විඳීම් තාවකාලිකයි !
ReplyDeleteමෙහෙ එන්න කලින් අක්කා කිවුව වචන ටිකත් ලොකු සැනසීමක් වුනා අක්කෙ. තවමත් එහෙමමයි.
Deleteඔන්න ඉතින් මේ කොනෙන් ගිය දොස්තර නෝනා අනිත් කොණේ කතා ලියයි.. අපි බලං ඉන්නෙ. හරිද ? අර ඉස්සර වගේ ඉඳහිට කතාවකුත් ලියමු ..
ReplyDeleteලියමු ලියමු සරත් අයියෙ. ඒත් තවම හිත නිදහස් නෑ වගේ දැනෙනව
Deleteසුභ පැතුම් සහෝදරිය...උතුරේත් දකුණේත් ඇත්තේ එක ලෙසට හදවත ගැහෙන මිනිසුන් කොටසක් බව ඔබට නුදුරේදීම වැටහේවි. ජය !
ReplyDeleteස්තූතියි සිරා
Deleteස්තූතියි සිරා
Deleteසිදු අක්කා උතුරට ගියාද ? ඇත්තමයි අක්කා මට හරි ආඩම්බරයි ඔයා ගැන.....හැම දෙයක්ම හොදින් කර ගන්න ලැබෙන්න කියලා සුබ පැතුම්!
ReplyDeletethank you nangi
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපෝස්ට් එක කියවලා දවස් කීපයක් වුනත් කමෙන්ට් එකක් දාන්න විවේකයක් තිබුනේ නෑ එක පෙළටම වැටුණු සමුගැනීමේ සාද නිසා. සිඳුලා මේ පැත්තට එනවත් එක්කම මෙහේ හිටපු අපි ගම්රටවල් බලා යන්න සූදානම් වෙනවා. ඔයා හිත කලකිරුණ ගතියකින් අද මේ පෝස්ට් එක ලිව්වත් ඒත් කවදාහරි තව මෙහෙන් යන්න ලැබෙන දවසකට මෙහේ දාල යන්න බැරි තරම් කණස්සල්ලක් දැනේවි. ඒ තරමටම ඔයාලත් මේ ප්‍රදේශවල ජීවිතේට අනුගත වේවි. මේ පෝස්ට් එක දකිද්දි මට එකපාරටම මතක් වුනේ මේ පලාතට ආව අළුත මම ලියපු ලිපිය. ඈත ඉමේ සිට ලියමි මේ ලිපි දෙකේ පුදුම විදියෙ සමාන බවක් තියෙනවා. ඒ ලිපියට කවුද මන්දා ළමයෙක් මෙන්න මෙහෙම කමෙන්ට් එකකුත් දාල තිබුණා.. "මෙහෙම සිග්නල් තියනවනම් ඇති. මමත් දැන් බය නෑ.... මේ තොටුපල පැත්තෙ වුණත් යන්න. අයියෙ අපිටත් පොඩි ඉඩක් තියලා තියන්නකො එහෙනම්, ලබන අවුරුද්ද පටන් ගනිද්දි විතර..."
ReplyDeleteජීවිතේ වෙලාවලට හරිම පුදුමයි නේද සිඳු....?
පුදුම ජීවිතයක් තමයි. ඒ මොනව වුනත් ලොකු වෙනසක් දැනෙනවා මෙහෙ. මම කිවුව වගේ තීරණ වල එන්න තවම කල් මදි. අයියගෙ අලුත් රෝහලේ වැඩ කටයුතු සේරම සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනවා
Deleteජීවිතේ කියන්නෙ අත්දැකීම් ගොඩක්....හැම අත්දැකීමක්ම ජීවිතේට පාඩමක්....ඔබේ නව සේවා ස්ථානයේ රාජකාරි කටයුතු සාර්ථක වේවා!!!
ReplyDelete