නාට්‍යය නිමා විය. තිරය වැසී ගියේය.
ප්‍රේක්ෂකාගාරය තවමත් තුෂ්ණිම්භූතය.සියල්ලන්ගේම දෙනත් වල ඇත්තේ විස්මයකි.
ක්ෂණයක් ගතවිය.
වේදිකාවේ දකුණු පස ප්‍රේක්ෂකාගාරයේ කොනකින් සිහින් අත්පොලසන් හඬක් නැගී ආවේය. මොහොතකින් එකා දෙන්නා සැබෑ ලොවට එළඹෙන්නට පටන් ගත්හ. එකින් එක එක් වූ අත්පොලසන් හඬ මහා ප්‍රීති ඝෝෂාවක් බවට පත් විය.
"නියමයි ජේම්ස්"
"ලස්සනයි"
"අලුත් වැඩක්"
හොඳ වැඩක් ජේම්ස්"
"පීටර් පෑන්... කොහෙන්ද ඒ නම හොයා ගත්තෙ? අපූරු නමක්නෙ"
සියල්ලන්ගේ උණුසුම් ප්‍රශංසා මැද ජේම්ස් මැතිව් බෙරී ගේ මුවට පුළුල් සිනාවක්ද, නෙත් වලට කඳුලක්ද නැගුනේ එක් වරමය. ඒ තුටු කඳුලු යැයි බොහෝ දෙනා සිතා ගත්හ. ඔවුනට තරමක් වැරදී තිබිණි. ඒ සතුටෙහි හා විස්තර කරගත නොහැකි වූ දුකෙහි සම්මිශ්‍රණයක්ද විය.
බොහෝ සුබ පැතුම් ලැබුණ බව සැබෑය. එහෙත් තවමත් ඔහු බලාපොරොත්තු වූ සුබ පැතුම ලැබුණේ නැත.
ඔහුගේ දෙනෙත් සිල්වියා සොයා ප්‍රේක්ෂකාගාරය සිසාරා ගියේය. ඇය ඒවන විටත් තම දරුවන් තුරුලු කරගත් වනම අසුනක වාඩි වී සිටියාය. තමාගේ නෙත්වල වන කඳුලක අර්ථය වටහා ගත හැකි එකම පුද්ගලයා ඇය පමණක් බව ඔහුට විශ්වාසය.
ඇය පිළිබඳව තම සිතෙහි ආදරයක් මුලිම වරට පිළිසිඳ ගත්තේ කෙදිනදැයි ඔහුට අමතකය.එහෙත්, ඒ ඇයගේ සැමියා මියගිය පසුව වන්නට හැකි වුණත්,තම විවාහක බිරිඳ මේරි තමා හැර දමා ගිල්බට් සමග යාමට පසුව නම් නොවන බව ඔහු දැන සිටියේය.
ඇගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ජෝර්ජ් සහ ජොන් ඔහු වෙත දිව ආහ.
"අන්කල් ජේම්ස්.... ඒ නාට්‍යය අපේ මල්ලි පීටර් ගැන නේද?"
ඒ සඳහා පිළිතුරු දෙනු වෙනුවට ඔහු පොඩි එකාගේ රන්වන් හිසකේ පිරිමැද්දේය. ඉන් අනතුරුව ජෝන්ගේ සුරත රැගත් ඔහු ප්‍රේක්ෂකාගාරයේ හිස් වෙමින් තිබූ අසුන් අතරින් සිල්වියා වෙත පිය මැන්නේය.
අවට සිදු වන කිසිත් නොදත් පුංචි පීටර්, ඒ වන විටත් තද නින්දකට වැටී සිටියේය.
"කොහොමද නාට්‍යය?"
ඔහුගේ පැනයට සිල්වියා තවමත් නිහඬය.
විස්මයානුකූල බැල්මක් ඇගේ දෙනෙත් වල රැඳී තිබුණි. බෙරී අලුත් නාට්‍යයක් නිර්මාණය කරන බව ඈ දැන සිටියාය. නමුත් ඒ කවරක් පිළිබඳවදැයි ඈ දැන නොසිටියාය.
"කියන්න ජේම්ස් අන්කල්, ඒ අපේ මල්ලි පීටර් නේද? ජෝර්ජ් ගේ පැනයට එවර ඔහු පිළිතුරු දුන්නේය."ඔව් ජෝන්, ඒ ඔයාගෙ මල්ලි තමයි....."
සිය සැමියාගෙ මරණයෙන් පසුව දරුවන් පස් දෙනෙකු සමග තනි වූ සිල්වියා සහ දරුවන් හට බෙරී දිනෙන් දිනම සමීප වූයේ ඔහුද නොදැනුවත්වමය.
විවිධාකාර කතන්දර කීමෙහි රුසියෙකු වූ ඔහු සමග ඒ කතන්දර නිසාම දරුවන් අපූරු මිත්‍රත්වයක් ගොඩ නගාගෙන තිබුණි.
ඇයගේ තෙවෙනි දරුවා වූ පීටර් හට පියෑඹීමට හැකි බවත්, ඔහු හා මිතුරු සුරංගනාවන් ඇති බවත් වැඩිමහල් දරු දෙදෙනාට ඔහු පැවසූ කතන්දර වලින් එකක් විය.
තම නාට්‍ය නිර්මාණයට අවශ්‍ය ප්රස්තුතය වූ "පීටර් පෑන් නැමති, කිසිදා වියපත් නොවන සුරංගනා දරුවා"ඔහුගේ සිතෙහි හට ගත්තේ එලෙසිනි.
"හරිම ලස්සනයි" අවසානයේදී සිල්වියා ඇගේ හඬ අවදි කළේය. මුළු පේක්ෂක සමූහයාගෙන්ම ලැබූ ප්‍රශංසා වලට වඩා ඔහුට ඒ වදන් දෙක අගනේය.
කුඩා පීටර්ව සියතට ගත් ජේම්ස් ඈ අසල වාඩි විය. ඒ වන විට ප්‍රේක්ෂකාගාරය පාළුවට ගොස් තිබිණි. සිලිවියාගේ මුහුණ තරමක් සුදු මැලි වී ගොස්ය. ඈ නැවතත් අසනීප වී ඇත්දැයි ඔහු ඔහුගේ සිතෙන්ම විමසුවේය. එහෙත්, ඒ පිළිබඳව ඇගෙන් නෑසීමට ඔහු ප්‍රවේසම් විය. ඉතා ඉක්මනින් ඇය හා විවාහ විය යුතු යැයි ඔහු තීරණය කළේය.
"අපි යමු" සුරතින් පීටර්ව වඩා ගත් ඔහු නැගී සිටියේය. ඔහුගේ වමතට මදක් බර වූ සිල්වියාද ඒ අනුව නැගී සිටියේය.
වැඩිමහල් දරුවන් ප්‍රීතියෙන් ප්‍රමුදිත වී සිටියහ. "අන්කල් ජේම්ස්... ඊ ළඟ නාට්‍යය ලියන්න පීටර් පැන් ගෙ යාලුවා ටිනක්ර් බෙල් ගැන..." ජෝර්ජ්ගේ යෝජනාව සැබැවින්ම ක්‍රියාත්මක ව්ය යුතු යැයි සිතමින් ඔහු නාට්‍ය ශාලාවෙන් පිටත් විය. ඔහුගේ අශ්ව කරත්තය පැමිණ තිබුණි. සිල්වියා සහ දරුවන් ඊට නැංවූ ඔහු පීටර් අසලින් අසුන් ගත්තේය.
හමා ආ සීතල සුළඟට සිල්වියා සුදු මැලි වී ඇතැයි ඔහුට සිතුණි.
***********************************************************
පීටර් පෑන් යනු කුඩා කල පටන් මා ආශා කළ චරිතයකි. ඒ චරිතය ගොඩ නැගුණු අයුරු මා මීට පෙර අසා තිබිණි. පසු ගිය දිනෙක නැරඹූ Finding Neverland චිත්‍රපටය ඒ පිළිබඳ මතකය නැවත අලුත් කළේය. නමුත් මෙහි සටහන් කළේ චිතරපටයේ සිදු වීමක් නොවේ. මගේ මනසේ ඇඳුන සිතුවමක් පමණි.
ජොනී ඩෙප් විශිෂ්ට හැකියාවන්ගෙන් යුත් නළුවෙකි.ශ්‍රීමත් ජේම්ස් මැතිව් බෙරීගේ චරිතයට ඔහු මෙහි බොහෝ සෙයින් සාධාරනත්වයක් කර ඇත.
පීටර් පෑන් යනු ජේම්ස් මැතිව් බෙරීගේ සිතෙහි ඇඳුන චරිතයකි. ඔහුගේ මිතුරන් වූ සිල්වියා සහ ආතර්ගේ දරුවන් සමග බොහෝ වේලාවක් ගත කල ඔහු තම නිර්මාන සඳහා ඔවුන්ගෙන් බොහෝ දේ එකතු කර ගත්තේය.
පීටර් හට පියෑඹීට හැකි බව දනවමින් ඔහු ගෙතූ කතන්දරයක් තිබුණි. පියඹා යාමට හැකි, සෙවනැල්ලක් නොමැති කිසිදිනක වයසට නොයන පීටර් පැන් නැමැති 14 වියැති සුරංගනා දරුවා වන පීටර් පැන් කරලියට පැමිණියේ ඒ අයුරිනි. වයස අවුරුදු 14දී මිය ගිය තම සහෝදරයාගේ වියෝවද මේ චරිතය සඳහා ඔහු පාදක කර ගත්තේය.
ආතර් මිය ගිය පසුව සිල්වියා සහ ඔහු අතර ආදරයක් ඇති වී තිබිණි. එහෙත් අසනීපයෙන් පසු වූ ඇය ඔවුන් විවාහ වීමට පෙර මිය ගියාය.
ඉන් අනතුරුව ආතර්ගේ සහ සිල්වියාගේ දරුවන් පස්දෙනා - ජෝජ්, ජෝන්,පීටර්, මයිකල් සහ නිකොලා රැක බලා ගන්නේ ඔහු සහ සිල්වියාගේ මව විසිනි.
ඒ අතරින් ජෝර්ජ් පළමුවන ලෝක යුද්ධයේදී මිය යෑම සහ මයිකල් දියෙහි ගිලී මිය යෑම ඔහුගේ සිත බොහෝ සෙයින් කම්පිත කළ සිදුවීම් බව සඳහන්.
පීටර් පැන් ගේ චරිතයට පදනම් වූ පීටර්ද වයස 63දී සිය දිවි නසා ගත්තේය.
ඒ කෙසේ වුවද,
අපි තවමත් විවිධ මාධ්‍යයන් ඔස්සේ පීටර් පැන් චරිතය රස විඳිමින් සිටිමු.

ඔහු ගැන මේ විදියට විස්තර එකතු කලාට සිඳුට ගොඩක් ස්තූතියි. ඔයාගේ සටහන චිත්‍රපටියේ කොටසකටත් වඩා අපූරුයි. :)
ReplyDeleteහරිම සංවේදී හිතක් තියෙන මිනිසෙක් නේ. ගොඩක් වෙලාවට මේ වගේ නිර්මාණ සිද්ධවෙන්නේ ඒ වගේ මිනිසුන් අතින්.
ජේම්ස් (සිල්වියා හඳුන්වපු විදියට ජිමි) ගොඩක් සංවේදී චරිතයක් වෙන්න ඇති. පස්සෙ කාලෙක ඔහු පිළිබඳව සඳහන් කල වෙලාවක නිකොලා කියනවා Uncle Berrie is an innocent person කියල.
Deleteඇත්ත ජේම්ස් බෙරී ගෙ ෆොටො 1ක් නොදාන එක හොඳ නෑ කියන නිසා මම අලුතින් එයාගෙ ෆොටෝ 1කුත් එකතු කලා.
එයා නම් ජොනී ඩෙප් ට වඩා වෙනස්.
ලස්සන ලිපියක්.. ආයේ බලන්න හිතුන...
ReplyDeleteසුරංගනා කතා කොහොමත් ලස්සනයිනෙ නේද? ඒ නිසා බලන්න. Finding neverland බලලා නැත්නම් ඒකත් බලන්න හොයාගෙන
Deleteමේකට මුකුත් ලියන්න නං ඒක බලන්න එපායැ.. පොඩි එකා ලඟ තිබ්බ වගේ මතකයි අක්කි ගෙනත් දීල..
ReplyDeleteපීටර් පෑන් චරිතය එන නිර්මාණ ගොඩක් තියෙනවනෙ සරත් අයියෙ. ලඟදිම මම බැලුව එකක් තමයි Once upone a time ටී වී සීරිස් එකේ season 3. ඒකෙ නම් පීටර් පැන් ටිකක් නපුරු චරිතයක්
Deleteමං ටින්කර් බෙල් සෙට් එකම බලල තියෙනව... නනෙවර් ලෑන්ඩ් එකත්එක්කම...
ReplyDeleteඒත් මට මතක නෑ නෙ ටින්ක් ගෙයි පීටරයගෙයි ෆිට් එකක්...
ඔයා කියල තියෙන පිලුම නං බලල නෑ...
ඒත් ඇරං බලන්නම ඕන...
මට ලිංක් එකක් හරි දෙනවද පීටර් පෑන් ටිංක් එකට ඉන්න පිලුමක....
මොකෝ නම නොදැන හොයන්න බෑ නෙව... නම කීවත් කමක් නෑ...
යකූ මෙච්චර කාටුන් බලනව ඕක බැලුවෙ නැත්තං නින්ද යන්නෙත් නෑ
ඕ යේස
සර් ජේම්ස් නිර්මාණය කරපු මුල්ම නිර්මාණෙ තියෙන්නෙ, පීටර් ව මරන්න හිතාගෙන කැප්ටන් හූක් තියන වස කෝප්පෙ ගැන මුලින්ම දැන ගන්නෙ ටින්කර් බෙල්. එයාට ඒ ගැන පීටර් ට කියන්න වෙලාවක් එන්නෙ නෑ. ඒ නිසා එයා කරන්නෙ ඒ වස බොන එක. ඒ වෙලාවෙ ටින්කර් මැරෙන්න යනවා, සුරංගනාවන් ගැන විශ්වාස කරන ළමයි ඉන්නව නම් විතරයි එයා බේරෙන්නෙ. වේදිකා නාට්‍යයෙදි පීටර් කියනවා සුරංගනාවො ගැන විශ්වාස කරනව නම් අත්පුවි ගහන්න,එතකොට ටින්කර් බෙල් ගෙ ජීවිතේ බේරෙයි කියල. ඒ වෙලාවට මුලු ප්‍රේක්ශකයො සේරම අත්පොලසන් දෙනව ලු...
Deleteකොහොම හරි සාමාන්‍ය චරිතයක් විදියට පැවතුන ටින්ක්, මුලින්ම ගොඩක් ජනප්‍රිය වුනේ 1953 ඩිස්නි සමාගමෙන් කරපු පීටර් පැන් කාටුන් චිත්‍ර පටයෙන්
2004 වගේ කරපු එකෙත් ටින්ක් ඉන්නවා.
(ලින්ක් එකක් දාන කිවුවම බයිලා කතා කරනව නේද? ඒ වුණාට මට හොඳ ලින්ක් එකක් හොයා ගන්න බෑනෙ....)
මම පෑන් බලලත් නෑ බෙල් බලලත් නෑ. ඒත් උඹ උඩ කියපු කතන්දරේ බෝම තදින් හිතට වැදුනා.. ස්තුතියි..
ReplyDeleteඒ දෙකම සුන්දර සුරංගනා කතා.
Deleteඒත් Finding Neverland ඊට වඩා හිතට ගැඹුරින් දැනෙන ෆිල්ම් එකක්
උද කියපු කතන්දරේ නම් නියමයි , ඒ සටහන අපූරුයි , මමනම් වැඩියෙන් ආස ටින්කර් බෙල්ට , සමහර වෙලාවට "ටින්කර් බෙල්" කාටුන් එක තාම බලනවා , "මාෂා ඇන්ඩ් ද බෙයා" කාටුන් එකත් තාම බලනවා .
ReplyDeleteමමත් ආයෙ ආයෙම බලන කාටුන් වලින් එකක් තමයි ටිනක්ර් බෙල්. ඒ වගේම Bugs life, Tangled, Megamind,.....
DeleteAnt bully, Sophia, Epic, Poller Express, Ratatouille ...... . අඳුනගන්න ලැබීම ගැන සන්තෝසයි... හි හි....
Deleteflushed away, toy story, ice age, madagascar, rio, tale of despareaux , finding nimo,how to train your dragon, despicable me,cloudy with a chance of meatballs, monsters university,
Delete:D
ලස්සන කතාවක් වගේ, හිත ගොඩක්ම ඇදිලා ගියා, ඔබ ඉහත සඳහන් කරපු විස්තරයත් එක්ක, සුරංගනා කතාත් ගොඩ නැගෙන්නේ සැබෑ චරිත අත්හරින නේද? හොයාගෙන බලන්න ඕනා. ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteමේ ලින්ක් එකට ගිහින් බලන්නකො. දුක හිතෙනව, ඒත් ලස්සන මූවි එකක
Deletehttp://torrentz.eu/search?f=finding+neverland
beautifully written.. :)
ReplyDeleteThank you very much Red.....:)
Deleteමම කොහොමවත්ම චිත්‍රපටි බලන්නෙ නෑ...මම ආසම නැති වැඩක් ඒක...ඒ නිසා ඔබ කියන චිත්‍රපටි සම්බන්ධ මගේ දැනුමක් නෑ. නමුත් මේ කථාව තුල මට මිනිස් මනෝභාවයන් පිළිබද කදිම සටහනක් දකින්න ලැබුනා. මුලු ලෝකයම වර්ණනා කලත් තමන්ගෙ හිතට බොහොම සමීප කෙනා වර්ණනා කලේ නැත්තං ඒක ලොකු අඩුවක්....එහෙම නේද....මටත් එහෙමයි...මගේ අම්මා යමක් හොදයි කිව්වොත් විතරයි මගේ උත්සාහය සාර්ථකයි කියලා හිතෙන්නෙ.
ReplyDeleteඒක හරි ,ඉස්සර මම බ්ලොග් එක පටන් ගත්තු කාලේ මොන පෝස්ට් එක දැම්මත් ඒ ගැන කෝල් කරලා හරි , මැසේජ් කරලා හරි "සිරා පෝස්ට් එක මචන්" කියන යාලුවෙක් හිටියා, ඉඳලා හිට්ලා ඇනෝ කමෙන්ට්ස් ත් දැම්මා. දැන් නම් මගෙ බ්ලොග් එක තියෙනවද කියලත් එයාට අමතකයිද කොහෙද.... ඒ වුණාට තවමත් හිතට පොඩි අඩුවක් තියෙනවා ඒ යාලුවගෙ ප්‍රතිචාරයක් නැති වෙද්දි.
Deleteමම ඉතිං ග්‍රැෆික් නිර්මාණ කරුවනෙ....මම යමක් කරලා අම්මට පෙන්නුවාම...ඇය එය මගේ වැඩක් නෙමෙයි කියලා කියනවානම් තමයි මම සාර්ථකයි කියලා ඒ කාලෙ මට හිතුනෙ....ඇය සමහර වෙලාවට කියනවා මේක ඔයා කරපු එකක් නෙමෙයි වෙන කාගෙද කියලා...නමුත් ඇත්තටම නිර්මාණය මගේ....
Deleteමම පොත බලල තියෙනවා. ෆිල්ම් එක බලල නෑ. ඔයා කියපු අනිත් ෆිල්ම් එක නම් ලස්සණයි වගේ. රචකයගෙ ජීවිත කතාව නම් හරිම සංවේදියි.
ReplyDeleteමම කලින් කමෙන්ට් එකක ඒ ෆිල්ම් එකේ ලින්ක් එකක් දැම්මා, පුළුවන් වේලාවක බලන්නකො.
Deleteපීටර ගෙර්යි ටින්කර ගෙයි එක ෆිල්ම් එක ගානේ තමයි මම නම් බලල තියෙන්නේ....
ReplyDeleteඔය නෙවලන්ඩ් එකක් හොයාගෙන බලන්න ඕන..
මම මෙතෙක් දැකල තියෙන දක්ෂතම නළුවා තමයි ජොනීඩෙප්. ආයේ කතා දෙකක් නැහැ..එක නම් පුදුම හැකියාවක්...
ඇත්තම කියනව නම් මම මේක බලන්න පටන් අරන් ටික වෙලාවක් යනකම්ම මට මීටර් වුණේ නෑ, ඒ ඉන්නෙ ජොනි ඩෙප්ප් කියල. ඒ තරම් තාත්විකයි. එක එක චරිත වල ජොනි ඩෙප් එක එක විදිය.
DeleteCharley and the chocolate factory - Willy Wonka, Pirates of the Caribbean Jack Sparrow, Alice in Wonderland - Mad hatter, Tourist - Frank Tupelo ඒ හැම එකම එකිනෙකට වෙනස් නේද?