සරත් සමයෙහි සරතැසෙහි නෙත
ලෙදින් නුඹ නෙත මහද දැව් සඳ
නඳිත වී ඉපිලුණද හදවත
වීය බාධක විකුම් ධනුදර
පතා ලබනට නුඹෙන් සෙනෙහස
සටන් වැදුනෙමි එඩි බිඳින්නට
පොලොව සිඹි මුව දැනිණි ලේ රස
තෙදැති ධනුදර නැගී ජය ගොස
බියෙන් සලිතව නුඹේ නෙතු යුග
දිටිමි කඳුලැලි උතුරනා හැඩ
නුඹේ කුමරුන් එදෙස බැලු සඳ
මමයි ගත්තේ ඔහුගෙ අසිපත
සිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලු
රුහිරු නුඹ හද වසා ගන්නැ'ති
නුඹේ දෙනෙතෙහි තිබූ වෛරය
ශෝකයත් මම හැඳින ගත්තෙමි
සෙනෙහසක් නැති දෙනෙත් අබියස
සිතෙහි වූ වෙර හැඳිනුවෙමි මම
බියෙන් නැවතින මගේ හදවත
පලා වන ගැබ සැඟවුනෙමි මම
කිමෙක් වීදැයි පිරිස ඇසි සඳ
පැවසුවෙමි මම නුඹ චපල බව
ඇදහුවේ උන් සෑම වදනම
මාය වැදි රජ , මෙවන අරණට
තවම වැලපෙයි මගේ හදවත
වනේ සතුනට ගොදුරු විද නුඹ
ශෝකයෙන් ළය පැලී මියැදිද
මහ වනේ මං මුලා විද නුඹ?
ලෙදින් නුඹ නෙත මහද දැව් සඳ
නඳිත වී ඉපිලුණද හදවත
වීය බාධක විකුම් ධනුදර
පතා ලබනට නුඹෙන් සෙනෙහස
සටන් වැදුනෙමි එඩි බිඳින්නට
පොලොව සිඹි මුව දැනිණි ලේ රස
තෙදැති ධනුදර නැගී ජය ගොස
බියෙන් සලිතව නුඹේ නෙතු යුග
දිටිමි කඳුලැලි උතුරනා හැඩ
නුඹේ කුමරුන් එදෙස බැලු සඳ
මමයි ගත්තේ ඔහුගෙ අසිපත
සිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලු
රුහිරු නුඹ හද වසා ගන්නැ'ති
නුඹේ දෙනෙතෙහි තිබූ වෛරය
ශෝකයත් මම හැඳින ගත්තෙමි
සෙනෙහසක් නැති දෙනෙත් අබියස
සිතෙහි වූ වෙර හැඳිනුවෙමි මම
බියෙන් නැවතින මගේ හදවත
පලා වන ගැබ සැඟවුනෙමි මම
කිමෙක් වීදැයි පිරිස ඇසි සඳ
පැවසුවෙමි මම නුඹ චපල බව
ඇදහුවේ උන් සෑම වදනම
මාය වැදි රජ , මෙවන අරණට
තවම වැලපෙයි මගේ හදවත
වනේ සතුනට ගොදුරු විද නුඹ
ශෝකයෙන් ළය පැලී මියැදිද
මහ වනේ මං මුලා විද නුඹ?
මේක නම් ඉතාම අගනා නිර්මාණයක්... සරත්චන්ද්‍ර අපිට පෙන්නපු මානයටත් එහා අපිව එක්කන් යනවා...
ReplyDeleteස්තූතියි තිසර. සරත්චන්ද්‍රයන් පුදුමාකාර පරිකල්පන ශක්තියක් තිබුන මනුස්සයෙක් නේ? ඒ නිසා මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනව
Deleteසටන් වැද උනුන්හා
ReplyDeleteමරාගන්නා උන් හැර
වනේ වග වලසුන්
සමග වසමි සතුටින්..
මනමේ කුමාරි jugle book එකේ වගේ ඉන්නවලුද එතකොට?හෆොයි!
Deleteඇත්තටම වැදී රජුට පසුව වත් ආදරයක් ඇති වෙන්නට ඇතිද මනමේ කුමරිය ගැන .
ReplyDeleteචපල ලේබලය ගසාගත් මනමේ කුමරියන් කොතෙක් ඇතිද? ඔවුන් සැබවින්ම චපලද? අගනා නිර්මාණයක්.... රාමුවෙන් එපිටට ...නියමයි
ඒක තමයි මට කියන්න ඕන වුනේ ෆවුලූශා. ස්තූතියි වචන වලින් ඒක මේ තරම් පැහැදිලි කළාට. :)
Deleteචුල්ල ධනුද්ධර කතාවට වඩා මනමේ වෙනස්...
ReplyDeleteමේක ඒ දෙකටම වඩා වෙනස්...
පට්ට සිදු අක්ක...
ජයවේවා
ස්තූතියි මල්ලි. මනමේ එකේ වෙනස තව ටිකක් වෙනස් කරන්න හිතුණා
Deleteසාර්ථකයි.. මට මංජුල වෙඩි වර්ධනගේ “ගිමන් නිවන්නා සහ අශ්ව හිස“ කෙටි කතාව මතක් උනා..
ReplyDeleteඅප්පට හුඩු උඹත් කියවන පොත් බං.තොට වෙඩි තියල මරන්ඩ එපායැ.
Deleteහැක් හැක්. ඊයේ කියෙව්වේ.. හැලපේ මේ සයිට් එක කියවනවද? බොට නං ගැලපෙනවා..
Deleteතටු නැති පිටු
කියෝනව බං,මේ දවස්වල මම කරුමක්කාර කතාවක් හොයාගන්න පොත් ගොඩේ දඟලනවා.
Deleteදේශකයාටයි හැලප කඩේටයි දෙන්නටම ස්තූතියි. මංජුල වෙඩි වර්ධනගෙ ඒ පොත මම කියවල නෑනෙ. මගෙ ආදරණීය යක්ෂණී ත් නංගිව " කඩේ යවල" ගෙන්නගත්ත. ඒක ගෙදර . තවම මට හම්බුනේ නෑ.
Deleteඒ වුණාට මොකද මේ දේශකයව වෙඩි තියල මරන්න හදන්නෙ??? වෙඩිවර්ධනගෙ පොත් කියවන නිසාද?
මොනා කරන්නද සිදු. . මට තරහකාරයෝ වැහි වැහැල.. මොකද ඔය නාකින්ට වැඩිය මම තරුණයි නේහ්..
Deleteලගදි බස් එකේ යද්දි හීන දැක්කෙ නැද්ද දේශක මල්ලි...
Delete@ සිඳු : //" මගෙ ආදරණීය යක්ෂණී ත් නංගිව " කඩේ යවල" ගෙන්නගත්ත//
Deleteමේක අහල මගේ ඇඟේ මවිල් ඉස්මයිල් උනා නේ.... යක්ෂණියක් ගෙන්නගත්තා කිව්වා කඩේ යවලා?? අනේ අම්මේ....
කවිවලට එච්චරම ආසාවක් නැති වුනත්, මේ කවි ටික නම් ලස්සනයි සිඳු. ඒ අපි දන්න දේකින් පිට ගිහින් යමක් කීමට හදලා තියෙන නිසා.
ReplyDelete'වලප' කියන වචනේ තේරුම වැලපීම කියන එකද? වැලපෙයි කියන එකද? 'විලාපයද'?
ReplyDeleteවල‘ප = වලප = වල් + ලප = ආශාව + තිත් (බිංදු) = ඇඩීම + කදුළු = වලප
Delete(උපුටාගැනීම - වර්ගපුරුණිකාව)
එතකොට "හැලප"?
Deleteස්වාමීනි
ReplyDeleteමෙහුයි මනමේ මැරුවේ
නැත මම නොවෙයි
මෙතුවක් ආලයෙන් වෙලී සිටි
මා මනමේ
කඩුවෙන් කෙටුවී මේ
වද්දාමයි
නැහැ මම නොවෙයි
මී සියලු චෝදනාවන්ට
මම නිවැරදිකරු
ස්වාමීනි
මේ චපල ස්ත්‍රිය
මායමෙන් මා වසඟ කොට
මරවා ඒ රජුව
කියයි මට මරුවා කියා
විත්ති කාර මේ වද්දා
රක්ෂිත බඳනා ගාර ගත කරමි
මැරීමට යොදාගත්
ආයුද හා යලි
කැඳවන දිනට
ඉදිරිපත් කරනු
පැමිණිලි කාරිය
රෝහලට යොමු කර
මානසික යෝග්‍යතාව
පරීක්ෂා කරනු
වැදි රජ ගං පතුලේ
මචු ලා බැඳී දෑත් සමගින්
කොටන්න හැදුවාලු
රාජ පුරුෂයන්ට
ආයුද සොයන්නට ගිය විට
මේ එක නෙවී
මනමේ කුමාරි
වාරියපොළ එකක්ලු
නේද බන්
ජය වේවා, සාර්ථක නිර්මාණයක්.
මගේ හිතේ ලියවෙච්ච දෙයක් වගේ මට දැනුනේ... ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ නව චින්තන කොතරම් සුන්දරද?
ReplyDeleteමනමේ බලන කියවන හැම වෙලාවකම මට හිතුනු දෙයක් මේක.. දැන්නම් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. සුන්දර මනමේ කුමරිය නිවැරදිකාරිය වීම නිසා.. වැදි රජත් නොවන කුමරුත් නොවන මම කවදත් ඇයට ආදරය කරා. ස්තූතියි සිදූ නිවැරදි තීන්දුව ප්‍රකශ කරාට..
ReplyDeleteනෝනට දැන් ටිකක් විවේකය තියෙන හැඩයි....මනමේ කථාව ඉතිං අපි පුංචි කාලෙ ඉදලම අහලා තියෙන එක නොවැ...සෑහෙන කාලෙකට පස්සෙ මනමේ නාටකේ දිහාවට හිත අරගෙන ගිය නිර්මාණයක් මේක...වැදි රජ වෙත කරුණාව එන්නත් කලා නුඹ....එහෙම නේද...
ReplyDeleteමෙන්න කවි.. සිඳු අක්කා...!!!!
ReplyDeleteනාට්‍යය බලද්දි ඔහොම හිතුනෙ නෑනෙ. ඔයා කොහොමත් ඉතින් innovative නෙ.
ReplyDeleteපරන programme එකක් හම්බවුනා English Day එකක. ඒකෙ ඉස්සරහ චිත්‍රෙ, මල් කූඩයක් අතින් අරන් ඉන්න lady කෙනෙක්. මගෙ හොඳම ගෝලයෙක් මට ඇඳල දුන්නෙ.