Anencephaly බබෙක් ඩිලිවර් කරන්න යන්නෙ..
ප්‍රසූතිකාගාරයෙන් ලැබුණ දුරකතණ ඇමතුම තරමක කලබලයකට හේතු විය.
anencephaly යනු, මොළයේ විශාල කොටසක් සහ හිස්කබලේ කොටසක විකසනය නොවීම නිසා ඇතිවන තත්වයක්.
anencephaly යනු, මොළයේ විශාල කොටසක් සහ හිස්කබලේ කොටසක විකසනය නොවීම නිසා ඇතිවන තත්වයක්.
එවන් දරුවන් ජීවත් කරවීම අපහසු වුවත් ඉපදෙන්නේ පණ ඇති දරුවෙක්. එම නිසා ඔහු වෙනුවෙන් සිදු කළ හැකි සියලු දේ කළ යුතුයි.
උපතේදී ඔහු හඬා තිබුණත්,ඉපදී පැය කිහිපයක් ඇතුළත ඔහුගේ හුස්ම සහ හදවත් නැවතිනි.ඒ දරුවා පිළිබඳව,වෙනත් දරුවන් පිළිබඳව තරම් අප කිසිවෙකුටත් කණගාටුවක් ඇති වූයේ නැහැ. මන්ද යත් ඔහුගේ ඉරණම පිලිබඳව අප මෙන්ම ඔහුගේ මවුපියන්ද දැන සිටි නිසාවෙනි
පසු දින උදෑසනම පසු ප්‍රසව වාට්ටුවේ අලුත උපන් දරුවන් බැලීමට මම ගියේ එහි වැඩ ඉක්මනින් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. පළමු ඇඳේ සිටි බිළිඳාගේ ගැටලු කිසිවක් නොවීය.
දෙවෙනි ඇඳේ සිටි මව අසලටද මම ගියෙමි. ඈ සමග දරුවෙක් සිටියේ නැත.
"බබා කෝ අම්මා, බේබි කාමරේද?" මා විමසුවේ එතරම්ම සැලකිල්ලකින් නොවේ. නොමේරූ ළදරු ඒකකයේ දරුවන්ගේ සියලු මව්වරුන් මුහුණින් හා නමින් හැඳිනුවද, ඇගේ මුහුණ මට සුපුරුදු නොවීය.
"බබා කෝ අම්මා, බේබි කාමරේද?" මා විමසුවේ එතරම්ම සැලකිල්ලකින් නොවේ. නොමේරූ ළදරු ඒකකයේ දරුවන්ගේ සියලු මව්වරුන් මුහුණින් හා නමින් හැඳිනුවද, ඇගේ මුහුණ මට සුපුරුදු නොවීය.
“බබා බේබි කාමරේද අම්මා?” වැඩි දුර නොසිතාම මම ඇගෙන් විමසුවෙමි.
‘එයාගේ බබා තමයි Anencephaly බබා ඩොක්ට” ඇය පිළිතුරු දීමට පෙරම හෙදිය පැවසුවාය.
එක්වරම මා පත් වුයේ දැඩි අපහසුතාවයකට මෙන්ම මා පිළිබඳවම ඇති වූ තරමක කලකිරීමකටය. ඇයගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලිමට වඩා වැඩි යමක් හැර ඇගේ සිත හැදෙන යමක් කීමට තරම් හැකියාවක් මා හට ඒ මොහොතේ නොවීය. නමුත් ඒ මව කතා කළාය.

“ඩොක්ට ද බේබි කාමරේ බබාලා බලන්නේ?”
“ඔව් අම්මා,.. මොකද්ද වෙන්න ඕන?”
“”මට මගේ බබා ගැන දෙයක් දැනගන්න ඕන. මගේ බබා ඇස දෙක ඇරියාද?”
ඇගේ ප්රශ්නය මා හට තරමක විමතියක් ගෙන දුන් ප්‍රශ්නයක් විය. එහි ගැබ් වූ අදහස මා හට එතරම් පැහැදිලිව වැටහුනේ නැත. එහෙත් මම පිළිතුරු දුනිමි.
“ඔව් අම්මා. එයා ඇස් ඇරියා. පැය දෙක තුනක් ජීවත් වුණානෙ.”
ඇයගේ මුහුණේ වූ දුක්බර අඳුරු රේඛා අතරට තරමක සැනසිල්ලක සේයාවක්ද එක් විය.
“එහෙනම් කමක් නෑ”
“ඇයි අම්මා එහෙම ඇහුවේ?” එවන් වූ දුක්බර මොහොතක වුවත් ඇගේ අමුතු පානය මා හට කුතුහලයක් ගෙන දුනි.
“ඇයි අම්මා එහෙම ඇහුවේ?” එවන් වූ දුක්බර මොහොතක වුවත් ඇගේ අමුතු පානය මා හට කුතුහලයක් ගෙන දුනි.
“නෑ... මට දැනගන්න ඕන වුනේ අඩුම තරමේ එයා මේ ලෝකේ දැක්කද කියලා... කලුවරේම ඉඳලා එලියට ඇවිල්ලත් ලෝකේ දකින්නේ නැතිවම ද හිටියේ කියල දැනගන්න ඕන වුණේ.....
අඩුම තරමේ එයා ලෝකේ දැක්කනේ. එකත් ලොකු දෙයක්නේ”
අඩුම තරමේ එයා ලෝකේ දැක්කනේ. එකත් ලොකු දෙයක්නේ”
ඇගේ ඒ වචන කිහිපය මා හට දරා ගත නොහැකි විය. මගේ දෙනෙත් වලට කඳුළු පිරුණේ නිරායාසයෙනි. එහෙත් මම ඇයට පිළිතුරු දුනිමි.
“එක ඇත්ත, බබා ටික වෙලාවකට හරි ලෝකේ දැක්ක”
“එක ඇත්ත, බබා ටික වෙලාවකට හරි ලෝකේ දැක්ක”
එම මව සිහිපත් වන විට දැනුදු මගේ නෙත් වලට කඳුළු උනන තරමේ කණගාටුවක් ඇති වේ.
එහෙත් ඇය ඒ දුකම සැනසීමකට පෙරලා ගත අයුරු පුදුම සහගත ය.
එම දරුවා සිහිපත් වන සෑම අවස්ථාවකදීම තවත් එවැනිම බිළිඳෙකු පිළිබඳව මා සිතට නැගේ.
එම දරුවා සිහිපත් වන සෑම අවස්ථාවකදීම තවත් එවැනිම බිළිඳෙකු පිළිබඳව මා සිතට නැගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ මම වෛද්‍ය සිසුවියකව සිටි අවධියයි.
මෙවැනිම වූ anencephaly දරුවෙකු බිහිවී තිබිණි. පැහැපත් හොඳින් වැඩුන සිරුරකින්ද යුතු වුවද එම බිළිඳාගේ ඉරණමත් සියල්ලෝම දැන සිටියහ.
මෙවැනිම වූ anencephaly දරුවෙකු බිහිවී තිබිණි. පැහැපත් හොඳින් වැඩුන සිරුරකින්ද යුතු වුවද එම බිළිඳාගේ ඉරණමත් සියල්ලෝම දැන සිටියහ.
නමුත් ඔහුගේ මවුපියන් බලාපොරොත්තු ඇත හැරිමට කිසි ලෙසකින් හෝ සුදානම් නොවූහ.රෝගීන් බැලීමට අමුත්තන් පැමිණෙන වෙලාවේ දරුවාගේ පියා පැමිණියේ හාමුදුරු නමක්ද සමගිනි. පැයක් තිස්සේ දරුවාගේ අත අල්ලාගෙන පිරිත් දේශනා කළ ස්වාමින් වහන්සේ ආපසු වැඩියේ ඔහුගේ අතෙහි පිරිත් නූලක්ද බැඳීමෙන් අනතුරුවය
.
ජීවත් නොවන බව දැන දැනත් ජීවත් වේ යැයි බලාපොරොත්තුවේ ය සේයාවක් එම පියාගේ දෙනෙත් වල මම ඒ වෙලේ දුටිමි
.
ජීවත් නොවන බව දැන දැනත් ජීවත් වේ යැයි බලාපොරොත්තුවේ ය සේයාවක් එම පියාගේ දෙනෙත් වල මම ඒ වෙලේ දුටිමි
/////අඩුම තරමේ එයා ලෝකේ දැක්කනේ. එකත් ලොකු දෙයක්නේ”/////////
ReplyDeleteහරිම සංවේදී අවස්තාවක්. අම්මලාගේ ප්‍රාර්ථනාවන් කොච්චර සියුමැලිද, සංවේදීද කියලා හිතන්න හොඳ උදාහරනයක්.
හරිම කණගාටුදායකයි ඩොක්ටර්...
ReplyDeleteදරුවෙක් කියන්නේ මොන තරම් බලාපොරොත්තුවක්ද. ඒ වෙනුවෙන් දෙමව්පියෝ ඕනම දෙයක් කරනවා
ReplyDeleteකොච්චර බලාපොරොත්තු තියන් ඉන්න ඇද්ද ඒ අම්මා.ඒ අම්මාගේ බලාපොරොත්තු ආයෙමත් දවසක අනිවර්යෙන් යහපත් විදියට ඉටු වෙනු ඇති.
ReplyDeleteThey are well socialized, having been raised in our home as members of our
ReplyDeleteown family in order for them to become ready to be a member of yours.
They are quite comfortable around all ages, including the elderly and young children.
When you purchase a bird from Us, we are committed to offering lifetime support and guidance to you and your family.
Hand Raised Parrots for Sale, Macaw Parrots for Sale
Macaws are playful and active and they have excited personalities to go along with their sizes.
But this also makes them very challenging pets. They do have the ability to say words and mimic
our speech but it is not as clear as some other pet bird species.
Because they are so intelligent, macaws can be trained. You can start when your pet bird is young,
and work on hand-feeding, teaching your bird to talk or sing, and training your macaw not to nip, bite, or scream.
Text or call +1(512) 643-7439
MACAW PARROTS
Macaw Parrots For Sale
blue macaw for sale
blue and goald macaw breeder
Scarlet Macaw
defferent types of macaw available for sale
blue headed macaw for sale
parrots for sale
macaw for sale near me
red bellied macaw
Text or call +1(512) 598-8125