කෝපිහළ අඩ අඳුරුය. කෝපි පැහයටම කැපෙන දුඹුරු වර්ණ වලින් සමන්විත වූ බිත්ති , පුටු , මේස ආදී සියල්ල පිරිසිදුය, පිළිවෙලය. වෙන පැහැයක් ඇත්නම් ඒ ඇත්තේ බිත්තියේ එල්වූ එකම එක රූපයක් පමණකි. එහි දුඹුරු පැහැයට හුරු වූ ගොඩනැගිලි සමූහයක් මැද කහ මෝටර් රථයක් නවත්වා තිබිණි. බැලු බැල්මට එය තෙල් සායම් සිතුවමකි. එහි අර්ථයක් මට නොතේරේ. සිත්තරා ගේ ජීවිතයට සම්බන්ධ කිසිවක් එයින් කියවෙනවා වන්නට ඇත. . නොඑසේ නම් කොපි හල හිමියාගේ ඉල්ලීමට අඳිනු ලැබුවක් වන්නට ඇත.
අවට පරිසරයම නිසලය. අසාමාන්‍ය ලෙස නිසලය. යන්තමින් ඇසෙන සංගීත රාවය පැමිණෙන්නේ කොහේ සිටදැයි මේ වන තෙක් මා හට වැටහුනේ නැත.
මගේ නාට්‍ය පිටපතේ මම කිමිදී සිටිමි.
බොහෝ දේ අවසන්ය. පසුගිය කාලය මුළුල්ලේම මගේ සවස් කාලය මම ගත කළේ උයනේ බැංකුවක හෝ කාමරය තුලට වී කොලයක කුරුටු ගාමින්ය.
මුදල් අතෙහි ගැවසෙන්නේ නම් පමණක් මම මෙහි පැමිණියෙමි. කාමරයේ වන දාහයත් , උයනේ නිතර එහම මෙහා යන පෙම්වතුන් හා නාගරිකයක් ආදී කිසිවකගෙන් වන බාධාව මෙහි නොවීය.
බොහෝ අවස්ථා වල මම මෙහි හුදෙකලා වී සිටියෙමි. වායු සමීකරණයේ සිසිලසත් , ඇසෙන නෑසෙන සංගීත නාදයත් හැරෙන්නට වෙනත් කිසිදු බැහැර යමක් මේ තුළ නොවීය. ඉඳහිට හෝ මෙතනට පැමිණෙන්නේ මා මෙන්ම හුදෙකලාවට පෙම්බැඳ සිටින්නවුන් බව මම අදහමි.
පිටපතේ කිසිවක් යලි වෙනස් කළ යුතු යය් මා හට නොහැඟේ. එය සර්ව සම්පූර්ණය. එහෙත් මගේ සිත චංචලය.
නීලියා කොහිද?
මගේ සිත උදේ රෑ නොතකා ඇය සොයයි.
නාට්‍ය හා රංගකලාව හදාරන මගේ සමකාලීන මිතුරියන් බොහෝ සිටියද, ඔවුන් බොහෝ දෙනා අතිශය රංග කුසලතා වලින් හෙබි වුවද, මගේ මනසේ ඇඳුන නීලියාගේ රූපය ඒ කිසිවකුට සමාන නොවේ. වේදිකාව දෙදරවන තරම් හඬක් ඈ සතු විය යුතුය. තරමක කෙසඟ නමුත් උසින් හෙබි රූපයක්ද තිබිය යුතුය.
නාට්‍යය අවසානයේ නාට්‍ය ශාලාවෙන් ඉවත්ව ගියද ප්‍රේක්ෂකයා තුළ ප්රකම්පණයක් ඇති කිරීමට තරම් වූ රුවක් සහ හඬක් මට අවශ්‍යය.
මම නැවතත් නාට්‍ය පිටපත කියවීමි. කෝපි කෝප්පය අවසානය. මම තවත් කෝපි එකක් ඇනවුම් කළෙමි. දුම් දමන කෝපි සුවඳ කවදත් මා හට නැවුම් අදහස් ගෙන දීමට සමත් විය.
හදිසියේ මම ඈ දුටිමි. ඒ කෝපි දුම අතරිනි. කෝපි පැහැයට හාත්පසින් වෙනස් වූ කහ පැහැති ගවුමක් හැඳ සිටි ඇය ,හංස ධේනුවක විලාසයෙන් මා ඉදිරිපිට වූ මේසයක් අසල අසුන් ගත්තාය. ඇගේ වූයේ අසාමාන්‍ය නිසල බවකි. අසාමන්‍ය දීප්තිමත් දෑසකට හිමිකම් කියූ ඇය දුටු වනම මගේ හද වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
"නීලියා"
මාස ගණනක් මා සෙවූ නීලියා ඇයම වූවාය. ඇගෙන් පිට වෙනත් කිසිදු නීලියා කෙනෙක් සෙවීමට තබා ඒ පිළිබඳව සිතීමටවත් ඉඩ නොතබාම තත්පරයකින් 1/10ක් තරම් වේගයෙන් මම ඈ කෙරේ බැඳුනෙමි.
ඇය වේදිකාවේ නීලියා වන අයුරු මගේ දෑස් ඉදිරිපිට ඇඳී නෑඳී ගියේය.
එහෙත් ඇය කවරෙක්ද? සති ගණනක් පුරා මා සෙවූ රුව , නිරායාසයෙන්ම මා ඉදිරිපිටට එවූයේ කිනම් දෙවියෙකුද? කිසිදු පැනයකට මා තුළ පිළිතුරු නොවීය.
නාට්‍ය පිටපත නැවත නැවතත් කියවන ස්වභාවයෙන් මම ඇයව, ඇගේ හැසිරීම නිරීක්ෂණය කළෙමි. අත් බෑගය පසෙක තැබූ ඇය එතුළින් කුමක් හෝ පොතක් පිටතට ගත්තාය. එහි වූ පොත් සලකුණු ඇති පිටුව ඇය පෙරලූයේ ප්‍රවේසමෙනි.
ඇගේ හඬ අසන්නට මා හට අවශ්‍ය විය. නීලියා සතුව ප්‍රබල කටහඬක් පැවතිය යුතුමය.
මැය සතුව එවන් වූ හඬක් නොමැති නම්.... මා සිත බියක් බඳු වූ හැඟීමකින් වෙලී ගියේය. එසේ වුවහොත් ඇයට වෙනමම හඬ පුහුණුවක් ලබා දීමට මා හට සිදු වේවි.
සේවිකාවක් පැමිණ ඇයට කෝපි කෝප්පයක් පිළිගැන්වූවාය.
ඇගෙන් ලැබුණේ පිළිතුරු සිනහවක් පමණි. එය ඉතා ආක්ෂ්ණීය සිනහවක් විය.ඇගේ හඬ ඇසීමට මා හට වූ අවස්ථාවක් එසේ ගිලිහී ගියේය.
කෝපි සුවඳ බොහෝ දෑ මට සිහිපත් කරයි. එය පුදුමාකාර හැඟීම් දැනවීමකි.
Cup of love
මෑතකදී නැරඹූ චිත්‍රපටයක් මට සිහිපත් වේ. මා එය නැරඹීමට එකම හේතුව එහි ප්‍රස්තුථය කෝපි වීමය.
ඇගේ සිනහව ආකර්ෂණීය බව සැබෑය. නමුත් එහි නිම් වළළු කිරා මැනීමට කාලයක් නොමැත. ඇය මෙතනින් නික්ම ගියහොත් නැවත සොයා ගැනීමට අංජනම් එළි යැවීමට සිදු වේවි. මා ඈ සමග කතා කළ යුතුය. එහෙත් ඇය කුමක් සිතාවිද... එතරම් ශක්තියක් මා සතුව තිබේද? ඈ විසින් මා පිස්සෙකු ලෙස සැලකීමටද පුලුවන. එහෙත් නාස්ති කිරීමට කාලයක්ද නොමැත.
ඇය කෝපි කෝප්පයට තවම අත තබා නැත. එය තවමත් දුම් දමමින් ඈ ඉදිරිපිටය. ඇය සිය පොත තුළ කිමිදී සිටියාය.
සිතට වෙර ගත් මම නැගී සිටියෙමි.නාට්‍ය පිටපත සමගම මම ඇය ඉදිරිපිට වාඩි වීමි. ඇය දෙනෙත් දල්වා මා දෙස බැලුවාය. එහි විස්මයක ලකුණු ගැබ් වී තිබිණි. ඇය යමක් පැවසීමට අර අඳින බවක සලකුණු තිබිණි. එහෙත් ඈ කිසිවක්ම නොපැවසුවාය.
"මම නයනක දිසානායක" එතැනින් එහාට කිසිවක් පැවසීමට සිතට නැගුණේ නැත. මම නිරුත්තර වීමි. ඈද නිරුත්තරවම මා දෙස බලා සිටියාය.
ඇගේ දෙනෙත් තුළ වූයේ වටහා ගත නොහැකි අන්දමේ බැල්මකි.
මම නෙතු කොණින් ඈ අතෙහි වූ පොත දෙස බැලීමි. එය ඉංග්‍රීසි නවකතාවකි. එය මා අසා ඇති එකක් නොවීය. කොහොමත් මගේ ඉංග්‍රීසි කියවීමේ රුචිය වැඩි දියුණු කරගත යුතුය.
ඇය මා දෙස බලා සිටින්නීය.
දෙනෙත් වලින් පමණද ඈ කතා කරන්නේ? නමුත් ඒ දෙනෙත් භාශාව මට වටහාගත නොහැකිය. මම වචන ගැටගැසීමට පටන් ගතිමි.
"මම වේදිකා නාට්‍යයක් කරනව" මම පිටපත ඈ ඉදිරියේ දිගහැරීමි. ඈ එය අතිනිදු නාල්ල මා දෙසම බලා සිටියාය.
මම එය ඈ ඉදිරියට තල්ලු කළෙමි. ඇගේ දෑස් එහි අකුරු මත දිව ගියේය. නැවතත් වටහා ගත නොහැකි භාශාවෙන් ඇගේ දෙනෙත් කතා කළේය.
එබඳු වූ හැඟීම් බර දෙනෙතක් මම මින් පෙර දැක නැත්තෙමි. එය එතරම්ම වෙනස් වෙන සුළුය. ඈ හට නීලියා වන්නට හැකිද. නීලියා යනු එතරම්ම හැඟීම් බර තැනැත්තියක්ද....
ඇය වචන දෙකේ ගැහැණියක් නොවේ. නමුත් ඇය හැඟීම් බර ද? ඒ සඳහා පිලිතුරක් මා සතුවද නොවීය.
ඇගේ දෑස් ඒ වනවිටත් නාට්‍ය පිටපත අල්වාගෙනය. ඇය පිටුවෙන් පිටුව කියවීමට පටන් ගෙන සිටියාය. එහෙත් වචනයක් වත් ඈ මුවින් පිට නොවීය.
මම බලා සිටියෙමි. ඈ අකුරක් නෑර කියෙවුවාය.
අවසානය දක්වාම ඈ එය කියෙවිවාය. අනතුරුව දෙනෙත් ඔසොවා මා දෙස බැලූ ඇය පිටපත මා වෙතට තල්ලු කළාය.
නීලියා වීමට කිසිදු කැමැත්තක් හෝ අකමැත්තක් ඈ තුළින් විද්‍යාමාන නොවීය.
නමුත් අර කතාකරන දෙනෙත් මා වෙතට එල්ල කළ ඈ නැවතත් වරක් මා වෙතට ප්‍රහර්ශමත් සිනහවක් පෑවාය.
එහි වූයේ කැමැත්තක්ද? මට සිතුණ නම් එසේය.
" මිස් කැමතිද මේ ස්ක්‍රිප්ට් එකට?" ඇගේ සිනහවෙන් පන්නරයක් ලද මම විමසීමි. නැවතත් මට ලැබුණේ පිළිතුරු සිනහවක් පමණි.
"මොන විකාරයක්ද?" මම මටම පවසා ගතිමි.
"මිස්ට මේකෙ කොපි එකක් ඕන නම් මේක ආයෙම කියවලා මට දෙන්න. මගෙ ළඟ තව එකක් තියනව"
නැවතත් ඇය කතා කරන දෑසින් යුතුව කෝපි සුවඳැති සිනහවක් පෑවාය.
ඇගේ ඇත්තේ කිසිදු වගකීමක් නැති ස්වභාවයකි. වදනකුදු නොදොඩා ඊ ලඟ මොහොතේ ඈ කෝපි කෝප්පය අතට ගත්තාය.
එහි ක්‍රීම් මත වූ මල් මෝස්තරය තරමක් සසල වී ගියේය. ඈ ඉන් අනතුරුව ඊට සීනි හැන්දක් එක් කළාය. ඒ මල් මෝස්තරය මැකී යන්නට අවස්ථාව විය.
ඇගේ නිහඬ බවත් ,කතා කරන දෙනෙතත් මා හට ක්‍රමක්‍රමයෙන් ගෙනත් දුන්නේ මහත් වූ හිරිහැරයකි. සිත සියුම් වේදනාවන්ගෙන් පිරී යන්නට විය.
ඈ මාව සෙල්ලමකට ගෙනද?
කෝපි කෝප්පයෙන් උගුරක් ඈ සෙමින් තොල ගෑවාය. එහි වූ පෙණ සායම් රහිත ඇගේ උඩු තොලේ දැවටිනි. ඈ සෙමින් ඒවා පිසදැමුවාය.
ඉන් අනතුරුව ඇය සෙමින් සිය අත්බෑගය විවර කර එහි වූ යමක් ඉවතට ගෙන සිය සවනේ රඳවාගත්තාය. බ්ලූටූත් උපකරණයක් ඒ අවස්ථාවට කුමකටද. නැවත වරක් මගේ සිත බිඳී ගියේය. බ්ලූටූත් උපකරණය ඇගේ කෙහෙරැළි අතර රැඳී ගියේය.
නැවතත් ඇය සීරුවට බෑගය තුළ වූ සටහන් පොතක් සහ පැන්සලක් අතට ගත්තාය.
හිස් පිටුවක් පෙරලිණ. ඇගේ වමතේ රැඳුණ පෑණ අකුරු ලියමින් ඉදිරියට ඇදුනාය. අකුරින් අකුර මම පෑන් තුඩ පසුපස ඇදුනෙමි.
"නාට්‍ය පිටපත ලස්සනයි... ඔයා කියන්න හදන දේ තේරෙනවා මට යන්තම්... lip reading කරනවා මම.
මගෙ කණ ඇහෙන්නෙ මේක දැම්මාමත් හරිම අඩුවෙන්.
මට කතා කරන්න පුලුවන් වචන කීපයයි. ඒකත් ගොඩක් දෙනෙක් ට තේරෙන්නෙ නෑ... "
මගේ හිස රිදුම් දෙන්නට විය.
වචන නැති වී ගොලුව ගිය මම ඇගේ හිසකේ අතරින් යන්තම් දිස් වූ ශ්‍රවණාධාර උපකරණය දෙස බලා සිටියෙමි.
මේසය මත වූ ඇගේ දුරකතණය කම්පණය වන්නට විය.
"Thaththi"එහි තිරයේ සටහන් වී තිබිණි. උගුරු දෙකක් පමණක් පානය කළ කෝපි කෝප්පය එළෙසම තිබියදී ඇගේ කතා කරන නෙත් සමගම ඈ නැගී සිටියාය.
සිතේ වූ කම්පණයෙන් හිස රිදෙන්නට පටන්ගෙන තිබිණි.
එහෙත්, හිස් කොළයක් ගත් මම අලුත් නාට්‍ය පිටපතක් ලිවීමට පටන් ගතිමි.

හරිම අගෙයි...බොහොමත්ම රස වින්දා...
ReplyDeleteස්තූතියි පොකුරු. කාලෙකින් ලිවුව කතාවක්
Deleteu should write more akkaz...!!
ReplyDeleteYes. But as the time permits nanga
Deleteලස්සනයි.. එකම රිද්මයට යනවා.. ජය
ReplyDeleteස්තූතියි දේශක...
Deleteඅපුරු ගලා යාමක් තියෙන ලස්සන සින්දුවක් වගේ පුංචි කතාවක්.හරිම අගෙයි.
ReplyDeleteදුක හිතෙන සින්දුවක් :-)
Deleteඑක හුස්මට අවසානය දක්වාම රසවින්දා. මම බලාපොරොත්තුවෙන විදිහේ ප්‍රියමනාප භාෂා ශෙලියක් , කතාන්දරයක්... හරිම ලස්සනයි..
ReplyDeleteස්තුතියි බුද්ධිකා
Deleteමාර ලස්සනයි මිස්ටර්. කෝපි කෝප්පය බිම වැට්ලා සල සලාං ගාලා කුඩුවෙලා ගියා වගේ ෆීලිං එකක් ආවේ.
ReplyDeleteමම මිස්ටර් නෙමේ... :D
Deleteබිඳුන කෝප්පය ආයෙම හිමින් අලවන්න උත්සහ කරනවා කථකයා
සොරි....සොරි. :D
DeleteThey are well socialized, having been raised in our home as members of our
ReplyDeleteown family in order for them to become ready to be a member of yours.
They are quite comfortable around all ages, including the elderly and young children.
When you purchase a bird from Us, we are committed to offering lifetime support and guidance to you and your family.
Hand Raised Parrots for Sale, Macaw Parrots for Sale
Macaws are playful and active and they have excited personalities to go along with their sizes.
But this also makes them very challenging pets. They do have the ability to say words and mimic
our speech but it is not as clear as some other pet bird species.
Because they are so intelligent, macaws can be trained. You can start when your pet bird is young,
and work on hand-feeding, teaching your bird to talk or sing, and training your macaw not to nip, bite, or scream.
Text or call +1(512) 643-7439
MACAW PARROTS
Macaw Parrots For Sale
blue macaw for sale
blue and goald macaw breeder
Scarlet Macaw
defferent types of macaw available for sale
blue headed macaw for sale
parrots for sale
macaw for sale near me
red bellied macaw
Text or call +1(512) 598-8125