කාලෙකට කලින් පිටකොටුව බස් නැවතුමේදි ඇහුණ කතාවක් මතක් වුණා.
බස් පෝලිමේ මට ඉස්සරහින් හිටියා කපල් එකක්. වැඩි වයසක් නෑ. ඒත් පාසල් වයසෙ නෙමේ කියල හිතුණෙ. දෙන්නගෙම අතේ තිබුණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි අධ්‍යාපනායතනයක පොත්.
පිරිමි ළමයා හිටියෙ ගැහැණු ළමයගෙ අතට තරමක් වාරු වෙලා. ඔහුගෙ කකුලෙ වළලුකර ගාව බැන්ඩේජ් එකක් තිබුණා මම දැක්කෙ තරමක් වෙලාවකට පස්සෙ.
බස් එකක් එන්න ටික වෙලාවකට කලින් තවත් පිරිමි ළමයෙක් එතෙන්ට ආවා. ඔහු කලින් කිවුව පිරිමි ළමයගෙ මිතුරෙක්. ඒ තුන්දෙනාගෙ කතා බහෙන් වැටහුනේ ඔහුව ටික දිනකට කලින් අන්තුරකට ලක් වෙලා ඒ වන විට හොඳ වෙමින් තිබෙන බවක්.
මොහොතකින් ඒ ගෑණු ළමයා එතනින් යන්න සූදානම් වුණා. යන්න පළමුව තමන්ගෙ පෙම්වතා ට ඇය උපදෙස් දුන්නෙ අම්ම කෙනෙක් ළමයෙක්ට උපදෙස් දෙනවා වගේ. යන්න පෙර හැමෝටම හොරෙන් වගේ ඔහුගෙ කම්මුල සෙමින් සිප ගත් ඇය ,ඔහුගෙ යාලුවාට ඔහුව පරිස්සමින් එක්කන් යන්න කියලා ඉල්ලුවෙ ඉතාම බැගෑපත් ව.
ඇයට වෙනත් පන්තියක් හවස තිබෙනා බව පැවසූ ඇය එතනින් පිට වෙලා ගියා.
ඇය වැනි පෙම්වතියක් ලද ඔහු ඉතාම වාසනාවන්ත ලෙසයි මට හිතුණෙ. ඉන් පසුව ඔහු සහ ඔහුගේ මිතුරා අතර ඇති වූ දෙබස මේ වගේ.
යාලුවා - හොඳ කෙල්ල නේද?
ඔහු - ඔව්. හරි හොඳයි. ඒත් මම මේක දිගටම කරන්නෙ නෑ
යාලුවා - ඇයි?
ඔහු - එයාලගෙ ගෙදර ඉන්නෙ එයයි අම්මයි නංගියි විතරනෙ. තාත්තා නෑ. ගෙදර සේරම වැඩ කරන්නෙ මෙයා. ඒ පවුලෙම බර මට කරට ගන්න වෙයි කියලා අපේ ගෙදරින් කැමති නෑ. ඒකත් ඇත්තනෙ..
යාලුවා - ඉතින් උඹ මේක නවත්තන්න ඉන්නෙ කියල මේ කෙල්ල දන්නවද?
ඔහු - නෑ. තවම කිව්වෙ නෑ මම. ටික දවසකින් කියනව
යාලුවා නිරුත්තරයි.
(මෙම සිදුවීම වුණේ මීට මාස ගණනකට කලින්. මේ වන විට ඔහු ඒ තීරණය ඇයට පවසා අවසන් ඇති.
කාන්තා දිනයෙදි බොහෝ දෙනෙක් කතා කරන්නෙ තමන්ගෙ පවුල ඇතුලෙ එහෙමත් නැත්නම් සමාජය විසින් කාන්තාවන් ට සිදු වන අසාධාරනකම් ගැන. ඒත් මේ වගේ දිනපතා අසාධාරණයට ලක් වෙන කොයි තරම් නම් ගැහැණු ළමයින් ඉන්නවද?
ගැහැණු ළමයෙක් ගෙ , කාන්තාවක ගෙ හැඟීම් එක්ක මේ විදියට කිසිම වගකීමක් නැතිව ගනුදෙණු කරන පිරිමි කීදෙනෙක් නම් මේ ලෝකෙ ඉන්නව ද?
සේරම අවසානයෙ , "ගෑණුනෙ බන්" කියලා විතරක් කියලා තමන්ගෙ යාලුවො එක්ක කියලා තමන්ගෙ බිරිඳගෙ, පෙම්වතියගෙ මුළු ප්‍රතිරූපයම හෑල්ලුවට ලක් කරන කීදෙනෙක් නම් පිරිමි මේ ලෝකෙ ඉන්නවද... )
+++++++++++++
ReplyDeleteමේ වගේ මෝඩ මිනිසුන් වගේම ගැහැණුන්ද ඇත.
ReplyDeleteකණගාටුවට කාරණේ සමහර පිරිමින්ට වඩා කාන්තාවෝම තමන්ව පල්ලෙහාට දාගන්න එක. මං දන්න සමහර අම්මලා ඉන්නවා තමන්ගෙම දුවට සහ පුතාට දෙවිදියකට සලකන!
ReplyDeleteලංකාවේ ගැහැණු බොහෝ විට taken for granted කියලා මට හිතෙනවා. ඒ නිසයි ඔවුන් කැප වෙන තරමට ආපිට නොලැබෙන්නේ. ඒ වගේම ඔලුව පහත් කරගෙන නින්දා අපහාස, අවමාන, අසාධාරණ බාරගන්න සමාජෙන්ම පොඩි කාලේ ඉඳන් ඔවුන් ව හුරු කරනවා. ඊටපස්සේ වෙන විදියක් නොදැකපු නොදන්නා නිසා ඔවුන් ඔවුන්ගේ දියණියන් වත් එහෙමම හදනවා.
ReplyDeleteඇති යාන්තම්...
ReplyDeleteපොදුවේ ගත්තම ගැහැනු පිරිමි දෙගොල්ලොම බහුතරයක් දෙනා ආත්මාර්ථකාමීයි.මේ වගේ දෙයක් කෙල්ලෙක් නම් කවදාවත් කරන්නෑ කියලා අපිට කියන්න බෑ.කොහොම උනත් කොල්ලා කරපු වැඩේ අන්තිම කැතයි.
ReplyDeleteA Malaysian government inquiry found that nearly $700 million transferred to the Prime Minister's bank account in 2013 was a donation from the Saudi royal family and most of it was Watch News Updates At Gossiplankaupdates.
ReplyDeleteThey are well socialized, having been raised in our home as members of our
ReplyDeleteown family in order for them to become ready to be a member of yours.
They are quite comfortable around all ages, including the elderly and young children.
When you purchase a bird from Us, we are committed to offering lifetime support and guidance to you and your family.
Hand Raised Parrots for Sale, Macaw Parrots for Sale
Macaws are playful and active and they have excited personalities to go along with their sizes.
But this also makes them very challenging pets. They do have the ability to say words and mimic
our speech but it is not as clear as some other pet bird species.
Because they are so intelligent, macaws can be trained. You can start when your pet bird is young,
and work on hand-feeding, teaching your bird to talk or sing, and training your macaw not to nip, bite, or scream.
Text or call +1(512) 643-7439
MACAW PARROTS
Macaw Parrots For Sale
blue macaw for sale
blue and goald macaw breeder
Scarlet Macaw
defferent types of macaw available for sale
blue headed macaw for sale
parrots for sale
macaw for sale near me
red bellied macaw
Text or call +1(512) 598-8125