දවා හළ ප්‍රේමයේ
අලු ගොඩ ගැසී ඇති
නටබුන් ව දෙවොලක
නැගෙන දුම් රැළි අග
පිළිස්සෙන'මුදු ප්‍රේමය
තවමත් දැනෙන්නේ
පුළුටු ගඳ නොව
සම්බ්‍රානි සුවඳමය
දෑඟිලි තුඩග ගෙන
පිස දමන්නෙම් මම
මැකී ගිය දෙව් රුව
මතුවන තුරාවට
ඇඟිලි තුඩු සීරී
ලේ බිම හැලෙන විට
නෙත් හැර බලාවිද
නිදා ගත් දෙව් නෙත?
Comments
Post a Comment