මගේ කැමරාව 2


ම කැමරාව ගත්තා ලු ඔන්න. ඒක නම් සිරාම සිරා..... අපේ නංගිගෙ ඉමහත් ඊරිසියාවට වගේම ඉමහත් ආසාවටත් හේතු වුන, "මේ මොකද්ද මේ අලි බෑග් එක?" කියලා ඒක දැකපු ගමන් ඇති වුන අම්මාගේ ප්‍රකාශයටත් හේතු වුන මගෙ අලුත් කැමරාව මට මේ දවස් වල තියෙන වටිනාම වස්තුව බවට පත් වෙලා ඉවරයි. අප්පච්චි නම් කිවුවෙ "ඕකත් මුහුදට දාගන්නකො" කියලා..මම හා කිවුවෙ නෑ.
මම කැමරාව ඉක්මනින් ගන්න මෙච්චරම දැඟලුවෙ අපේ පිස්සු සෙට් එක බණ්ඩාරවෙල යන්න දාගෙන තිබුන නිසා.... ඒත් ඒක යන්නෙ නැති හැඩක් තමයි තියෙන්නෙ... කෝච්චි පෙට්ටි බුක් කරන්න බෑලු මේ දවස් වල... වාහනයක් අරන් යන්න නම් තව කාලාන්තරයක් පොල් කඩන්න වෙයි.......... 


මම ඉතින් වත්ත වටේ ඇවිද ඇවිද, බිම බඩ ගාගෙන බිම වැ‍ටුන මල් වලයි,ගුල් වල ඉන්න කූඹින්ගෙයි,ගස් උඩ බඩ ගාගෙන ගස් උඩ ඉන්න දිමියන්ගෙයි, ඇරෙන්න මට තවමත් වෙන මොකුත් ෆොටෝ එකක් නම් ගන්න බැරි වුනා.... මොකද අපේ වත්තෙ කියලා අලි කොටි වලස්සු ඉන්න එකක්යැ.  හොඳ වෙලාවට අපේ වත්තෙ මල් ගස් නම් තියනවා.. ඔය උඩ හෙඩින් එකේ තියන රතු පාට මල මම අලුත් කැමරාවෙන් ගත්තු ෆොටෝ වලින් එකක්. ඒ ඇරෙන්න මම මගෙ නංගි ව නම් ෆොටෝ ගත්තා.... හොඳ වෙලාවට එයා ලස්සනයි, ෆොටෝ ජෙනික්....... බැරි වෙලා හරි එයත් මම වගේ වුනා නම් එහෙම ඒ ෆොටෝ ටිකත් හබක්...............!!! නව දැලි හේනෙ ඔරන් ඔටන් වගේ ඉන්න තිබුනා.

Comments

  1. එහෙනම් අපිට ලස්සනම ලස්සන ෆොටෝස් ටිකක් බලන්න පුළුවන් වේවි නේද ඉස්සරහට?

    ReplyDelete
  2. කවුද කියන්නෙ ඔයා කෑතයි කියලා ??????

    ReplyDelete
  3. ෆොටෝ වලනම් අමුතු හැඩයක් තියෙනවා. මේ වෙද්දි ගොඩක් ෆොටෝ අරන් ඇති මයේ හිතේ. අපි කමතියි ඒවා දකින්න.

    ReplyDelete
  4. හිකිස්... මටත් ඒ දවස් වල කැමරාවක් අහු වෙච්ච ගමන් කලෙත් ඔය ටිකම තමයි.....
    ඒත් දැන් නම් කැමරාවක් අහු වුන ගමන් කරන්නෙ මගෙ ෆොටෝස් ටිකක් ගහගන්න එක....
    :D :D :D

    බයි ද වේ වෙයාර් ඊස් යුවර් සිස්ටෙර්ස් ෆොටෝස්????
    ;)

    ReplyDelete
  5. මම හිතන්නෙ ඔයත් ලස්සනයි

    ReplyDelete

Post a Comment