මගේ බ්ලොග් එක...

  වැඩ කන්දරාවක් එක්ක හිර වෙලා ඉඳලා , එක පාරටම කරන්න කියලා එච්චර ලොකු වැඩක් නැති වුනාම, මුල්ම දවසෙ දැනෙන්නෙ,මිටින් අරගෙන අත ඇරපු කුරුල්ලෙක් වගේ. 
ඒත් ටික දවසක් යනකොට තමයි තේරෙන්නෙ මෙහෙම නිකම්ම ඉඳලාත් බෑ කියලා.
මොකද කරන්නෙ කියලා මමත් කල්පනා කළා... ප්ලෑන් එක එක හිතට එනවා අහස උසට. ඔන්න මමත් හැදුවා ලිස්ට් එකක්.
 "මගේ ප්ලෑන්"... චිත්‍ර අඳින්න, කතිර මැස්ම මහන්න, යාලුවො එක්ක ට්‍රිප්ස් යන්න,පොත් ගොඩාක් කියවන්න, 
ඒ විතරක් ද.... මගෙ බ්ලොග් එකක් හදන්න.... ඒක තමයි ලොකුම සැලසුම... 
ඒත් ඉතින් පහු වුන මාස ගානටම වැඩිම වුනොත් චිත්‍ර තුනක් අඳින්න ඇති... ගිය ට්‍රිප් එකකුත් නෑ.... බ්ලොග් එකත් එහෙමමයි. බ්ලොග් එක ට නමක්  කල්පනා කර කර හිටියා ටික දවසක්...ඒත් ඒක හරි ගියෙ නෑ... නිකම්ම නිකම් හිතට ආව නමක් දාලා ඔන්න ඔහෙ  පටන් ගන්නවා කියලා හිතලා පටන් ගත්තා..... හිතේ තියන හැම දේම ලියන්නත් බෑ... (නොලියාත් බෑ වගේ....)  කොහොම හරි මමත් බ්ලොග් එකක් කරනවාමයි කියලා හිතාගෙන ඔන්න පටන් ගත්තා...............

Comments

  1. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගනිමි.
    මං මෙතනට ආවේ ඔබ මගේ බ්ලොගයේ අද දැමූ කමෙන්ටුව නිසාය.
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
  2. ඔන්න අයින් කලා...... :-)

    ReplyDelete
  3. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න සින්දුට මගෙන් සුභ පෑතුම්.......

    ReplyDelete
  4. අක්කගේ බ්ලොග් එක කියවලා ඔන්න මමත් සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.....
    :) :) :) :) :)
    ඔයාගෙනුත් විවිධ අදහස් අරගත්ත නිසා, ගොඩක් ස්තූතියි ඔයාට.....
    :) :) :) :) :)

    ReplyDelete
  5. කියවන්න ආස හිතෙන විදිහෙ ලිවිමෙ රටාවක් තියෙනවා

    සුබ්පැතුම් දිගු ගමනකට

    ReplyDelete
  6. ඔන්න මමත් එන්ටර් වුනාය ඔබේ බ්ලොගයට.....

    ඔන්න මමත් ඉන්නව ඔයත් එක්ක....
    ජය වේවා...

    ReplyDelete

Post a Comment