දවසින් දවස පාඩම් වැඩ වලට හිත යොමු වෙනකොට, ඉස්සර වගේ කවියක්, නිසඳැසක් ලියන්න වෙලාවක් නැති වුණා. හිතන්නෙවත් නැතුව හිතට ආව කවි සිතුවිලි කොහේ හරි හිර වෙලා වගේ දැනෙන්න පටන් ගත්තා.... ඒ වගේ වෙලාවක ලියවුන කවියක් මේ.... අවුරුදු 2ක් 3ක් විතර පරණයි. ඒත් ඒ කවිය අදටත් සාධාරනයි..... මොකද තවමත්, කවියක් ලියා ගන්න දහ දුක් විඳින්න ඕනා වචන ගලපාගන්න බැරුව..
පෑන් ඉරකින් කොටු කළ..
තැනූ සිර ගෙයි පිටු තුළ
දැහැන් ගත වෙත.. මනස කිමිදී....
දිය වෙලා ගිය කවි කම.......
තනි නොතනියට සිත ළඟ
පාළු කැපුවා පෙර සිට....
කෙලෙස යන්නද නුඹට සමු දී...
කවිය නුඹ නැති දිවි මග.........

තැනූ සිර ගෙයි පිටු තුළ
දැහැන් ගත වෙත.. මනස කිමිදී....
දිය වෙලා ගිය කවි කම.......
තනි නොතනියට සිත ළඟ
පාළු කැපුවා පෙර සිට....
කෙලෙස යන්නද නුඹට සමු දී...
කවිය නුඹ නැති දිවි මග.........
(ෆොටෝ එක ගත්තෙ මෙතනින් http://littlelakeview.wordpress.com/2011/11/09/studying-for-the-constitution-test-2/ )
ඔයාගේ මේ කවිය මතක් වුනේ කෙහොමද මගේ මල්ලිට ලියපු කවිය දැක්කාම?
ReplyDeletehttp://kathandara.blogspot.com/2011/12/younger-brother-crashes-levels.html?showComment=1325244817075#c1422125459533892959
ෂහ් අළුත්ම අළුත් බ්ලොග් එකක් නේද? මගෙන් සුභ පැතුම්!
ReplyDeleteකතන්දර - මට මේ කියල තියන දේවල් වුනෙත් කැම්පස් ගියාට පස්සෙනෙ......ඒකයි මතක් වුනේ... සුභ පැතුමට ස්තූතියි කියලාත් කිවුවා ඕන්
ReplyDelete