අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්


      ස්සන පුංචි කෙල්ලෙකුයි , අහිංසක පාට කොල්ලෙකුයි OPD එකට ආවා..... මමත් සුපුරුදු විදියල හිනා වෙලා ඒ දෙන්නව පිළිගත්තා.කොහොමත් මම කැමතියි මගෙ වයසට ගැලපෙන කට්ටිය එනවට බේත් ගන්න....‍ෆිට් එකේ කතා කරන්නවත් පුලුවන්නෙ.. (මගෙ වයසෙ කිවුවට මොකද ඒ දෙන්නගෙයි මගෙයි වයස පරතරය අවුරුදු පහක් හයක් විතර... )
 දෙන්නම ටිකක් ලැජ්ජාවෙන් වගේ....
 "මොකද මේ පැත්තේ...?" මම ඇහුවෙ නෑ.. ඒ වගේ බැලුවා. ඒත් තවමත් ඒ දෙන්නම නිශ්ශ්බ්දයි. 
මොනව කරන්නද..මම මගෙ හිතේ තිබුන ප්‍රශ්නය වචන වලට හැරෙවුවා......
 "මම ප්‍රෙග්නන්ට් ද කියල බලාගන්න ඕනා මට.." කෙල්ල බිම බලාගෙන උත්තර දුන්නා. ඒ වෙලාවෙයි මට තෙරුනේ මේ දෙන්නාගේ ලැජ්ජාවට හේතුව. කොහොමත් පළවෙනි බබා ගැන දැනගන්න එනකොට අම්මලා ටිකක් මේ වගේ ලැජ්ජා වෙනවා මට අමුතු දෙයක් නෙමෙයි... 
ඒත් ඉතින් අදාල පරීක්ෂණ වලින් කියවුනේ එයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා...මට ටිකක් විතර දුකත් හිතුනා.. බලපොරොත්තු වුන සතුට ඒ දෙන්නට දෙන්න නොලැබුන එක ගැන....
"ම්ම්ම්.... මේකෙ විදියට නම් පරීක්ෂනය නෙගෙටිව්...කමක් නෑ ඔයාලාට තව ඕනා තරම් කල් තියනවානෙ..." මම එහෙම කිවුවා.ඔන්න එතකොට තමයි අර කෙල්ලගෙ මූනට එලියක් වැ‍ටුනෙ.. ඇත්තමයි එලියක් වැ‍ටුනා. කොල්ලාත් සැනසුම් සුසුමක් හෙලුවා... මොකද මේ වෙන්නෙ.. මට හිතා ගන්නත් අමාරුයි වගේ..
"මේ ටෙස්ට් එක නෙගටිව් කියන්නෙ මම ප්‍රෙග්නන්ට් නෙමේ කියන එක ද?" කෙල්ල ආයෙමත් අහනවා සැකයෙන් වගේ.. ඔන්න ඒ වෙලාවෙ නම් මටත් පුංචි සැකයක් වගේ එකක් මතු වුණා.... 
"පොඩ්ඩක් ඉන්න.. ඔයාලා බැඳලා නැද්ද??? " 
එහෙම අහනකොටම මම දැක්කා කොල්ලා ගෙ කරේ එල්ලාගෙන හිටිය ක්ලාස් ගෙනියන බෑග් එකයි, අතේ තිබුනු ෆයිල් කවරෙ තිබුන ටියුට්ස් ටිකයි... ඉතින් තව වෙන මොන කතා ද... මට ඒ දෙනාට කියන්න දෙයක් හිතා ගන්න ටිකක් අමාරු වුනා... 
"ඔයාලා ආයෙ මේ වගේ වැඩ කරන්න එපා" කියන්නද? එහෙම කියන එක හරිද වැරදිද කියන එකටත් වඩා මට හිතුනෙ එහෙම කියලා වැඩක් තියනවාද කියන එකයි... 
කොහොම හරි මම අන්තිමට කිවුවෙ "ආයෙමත් මේ වගේ දෙයක් වෙනවා නම් පරිස්සම් වෙන්න.. ඒ වගේම පැය 72ක් ඇතුලත ගන්න බේත් පෙත්තක් තියනවා...ඒක ගන්න....."
ඒ දෙන්නා සතුටින් (?) ආපහු ගියා. 
මම තවමත් කල්පනා කරනවා මම දුන්න උපදෙස හරිද කියලා... ලංකාව වගේ රටකට මේ වගේ උපදෙසක් දෙන එක හොඳ මදි කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්
...ඒත් ලංකාව කියලා මේ වගේ දේවල් සිද්ද නොවී තියෙන්නෙත් නෑනෙ.. ඒ නිසා ආයෙත් වෙන වැරදීමකින් ඒ කෙල්ලගෙ ජීවිතේම අඳුරු වෙනවා ට වඩා,ඒකෙන් මොකක් හරි හොඳක් වෙයිනෙ..


 මොනවා වුනත් මම සතු‍ටු වෙනවා "ඔයා ෆෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න... ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න.. ඒ සේරටම කලින් ගෙවල් වලට කියලා බඳින්න" කියලා කියන්න සිද්ධ නොවුනු එක ගැන නම්..


ඒ මොනවා වුනත් ආදරේ එක්කම පැටලෙන මේ වගේ දේවල් වලින් අපේ පුංචි කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ජීවිත බේරාගන්න මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා..


(උඩ තියෙන පින්තූරය ගත්තු ඉසවුව http://www.popartuk.com/g/l/lghr17469+blood-red-petals-gothic-rose-poster.jpg )

Comments

  1. ලංකාවෙද? පිටරටකද?
    ලංකාවේ නම් ඉතිං අධ්‍යාපනයේ අඩුපාඩුව තමයි. අනික, ඕවා දෙමව්පියෝ කියලා දෙන්නේ නෑනේ.

    ReplyDelete
  2. වෙන කොහෙද... මේ අපේ සිරි ලංකාවෙම තමයි

    ReplyDelete
  3. sidu;;;;lov dz blog v much,meka dakkama matath liyanna hithenawa.ape schl life& kawadaath amathaka aennaha^-^dan kale lamainta a athdakeem naha

    ReplyDelete
  4. ඇනෝ- "dan kale lamainta a athdakeem naha" කියන්න එපෝ......මට මම නාකියි වගේ දැනෙනවනෙ.

    ReplyDelete
  5. ayyooo aththa thama...mata nikamata wage kiyauna;;lamai akkamane inne...api nakiii ??pissuda.;apiwa naki karana aka lesi wennaha ;)

    ReplyDelete
  6. ඔයා කරපු දේ හරියටම හරි සින්දු........

    ReplyDelete
  7. ඔය වගේ උපදෙසක් හොඳ විදියට ගන්න අය අඩුයි.... හුගක් වෙලාවට ඔයා දුන්න උපදෙස වැරදියට පාවිච්චි කරයි....
    සමහර විට ඒ කොල්ල සහ කෙල්ල ඒකෙන් හොඳ පාඩමක් ඉගෙනගෙන හිතා ගන්න ඇති.... ඒ දේවල් ගැන පරිස්සම් වෙන්න.... එහෙමත් නැත්තම් දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ... අපිට දැන් ඒ පෙත්ත දිගටම පාවිච්චි කරන්න පුලුවන් කියල හිතන්ඩත් ඉඩ තියෙනව..

    ඒක නෙමෙයි.... අර පෙත්තෙ නමත් දැම්ම නම් වටිනාකොම කියල නිම කරන්ට බැරි වෙයි ඕන්....
    :ඩී

    ReplyDelete
  8. ෂා.... සින්දු උපදෙස නම් ගොඩාක් වටිනවා.පවනි කිව්වා වගේ නමත් කියලාම දුන්නා නම් නම හොයන්න දෙන්නා කරදර වෙන්නේ නැනේ....... එ වගේම after effects ගැනත් දැනුවත් කලා නම් වටිනවා. නැත්නම් හෙම්බිරිස්සාවක් හැදුනත් විටමින් C බොනවා වගේ ගනී.

    ReplyDelete
  9. සිදූ දුන්න උපදෙස හරි .වැරැද්ද සංස්කෘතිය වගේ පටු දේවල් හිතලා ගොඩක් වැඩිහිටියො ලමයින්ගෙන් ඔය කරුණු කාරණා වසන් කරන එක .ඔය වයසෙදි ඒ කියන්නේ අර්ලි ට්වෙන්ටීස් වලදි කොල්ලො කෙල්ලන්ට සිල් ගන්න බෑ ඒක ස්වභාවික ආසාවක්. නමුත් ජීවිතේ අඳුරු නොවී ඉන්න නම් නිවැරදි උපදෙස් ඕනේ . ඇතෙන්ම කිව්වොත් මගේ යාලු ගෑණු ලමයි කීපදෙනෙක් හිටියා කැමපස් ඉන්න කාලේත් දැනගෙන හිට්යේ නෑ ලමයි උපදින්නේ කොහොමද කියලා . හොඳම දේ දවසක් මම ලයිබ්‍රරි එකේ සෝෂල් සයන්ස් පැත්තෙන් ෆැමිලි ප්ලෑනින්ග් ගැන පොතක් බරෝ කරලා පඩි පෙල දිගේ පහලට එද්දී මුණ ගැහුණ යාලුවෙක් මගේ අතේ තියෙන පොත දැකලා ඒක කියවලා චික් ඔයා මහ ජරා පොත් කියවනවා කියලා හැමෝටම ඇහෙන්න හයියෙන් කිව්වා . ඔය දැනුම ජරා , වල් අදහස් හැටියට හිතන තාක් තරුණ ජීවිත අඳුරෙ. ඒ නිසා සතුටුවෙන්න සිදූ කලේ හොඳ දෙයක්

    ReplyDelete

Post a Comment