Wednesday, December 7, 2011

මගේ ඉස්කෝලෙ


මම මේ ලෝකෙට ඉපදුනා... ඉස්කෝලෙ ගියා.......අපේ රටේ ඉපදෙන ගොඩක් ළමයි වගේ කැම්පස් එකකට යන්නත් ආසා කලා.... ඉස්කෝලෙ යන කාලෙ පුදුම උණක් තිබුනෙ කොහොම හරි කැම්පස් යන්න.. "ඔලුවිල් කැම්පස් හරි කමක් නෑ... මට යන්න ඕනා.." අපේ සමහරු ඒ කාලෙ එහෙමත් කිවුවා.. (ඔලුවිල් වල තියනවා වෙන්න ඕනා මොකක් හරි කැම්පස් එකක මණ්ඩපයක් වත්..) මේ තරම් උනන්දුවෙන් හිටියෙ වෙන මොනවටවත් නෙමේ..කැම්පස් ජීවිතේ තියන ආතල් එක ගැන අහලා තිබුන නිසා... බනින්න කෙනෙක් නෑ.. කෑ ගහන්න එපා කියන්න කෙනෙක් නෑ..වද කාර ප්‍රිෆෙක්ට්ස්ලා නෑ. හෝම් වර්ක් නෑ... (එහෙම තමයි ඒ කාලෙ හිතුවෙ.. කැම්පස් ආවාම තමයි ඒකෙ රඟේ තේරුනේ)


කොහොම කොහොම හරි අපි කැම්පස් එකකටත් ගියා ලු ඉතින්...


ඒත් ......!!!! කැම්පස් එකට ඇවිත් සතියක් යන්නත් කලින් මට දැනුනෙ මගෙ ගෙදර ඇරුනම මේ ලෝකෙ තියන සුන්දරම තැන මගෙ ඉස්කෝලෙ කියලා..අපේ අම්මලා අප්පච්චිලා ඉස්කෝලෙ ගිය කාලෙ වගේ කට්ටි පැනලා කැලේ පැනලා සෙල්ලම් කළේ නැති වුනාට, ලොකු තාප්පෙකින් වට වෙලා පැය පහක් හිර වෙලා වගේ හිටියාට, මට මගෙ ඉස්කෝලෙ පාරාදීසයක්... කරපු පුංචි පුංචි දඟ වැඩත් එක්කම මට ඔලුව කෙලින් තියාගෙන  කැම්පස් එකෙත්, එතනින් එලියට ආවම ලෝකයෙත් ඉන්න පුළුවන් කමක් ලැබුනෙ මගෙ ඉස්කෝලෙන් මට ලැබුනු මොකක් හරි දෙයක් නිසා කියලා මම තවමත් විශ්වාස කරනවා..නෙමේ මම දන්නවා....... කැම්පස් එකේ  වැඩ වලින් දවල් වරුවෙ හෙම්බත් වෙලා,  යන්තම් ඇඳට වැටිලා ඇස් දෙක පියා ගත්තම රෑ හීනෙන් ඉස්කෝලෙ පේන්නෙ ඒකයි.


වැලි බත් වල සුවඳ උරා එහි රස හෙම නොවින්දාට
ඇළේ දොලේ පුසුඹ සමග යාළු වෙලා නොඋන්නාට
වන තුරු හිස පීරා ගොස් කරඹ ගාල් නොපීරුවට
පාසල් බිම සුවඳ තාම හදට ලඟයි දුර වුණාට


විදුහල් බිම තුරුලු වෙලා ලද සිප් කිරි යළි විඳින්න
සරසවි ගණ දෙවිඳු පහස ඇයගෙන් යළි ලබා ගන්න
මිදුල පුරා දුව පැන ගොස් පා සටහන් යළි අඳින්න
මම ආසයි හැමදාමත් සීනෙන් වත් ලඟ ‍රැ‍ඳෙන්න


හද සසැලෙයි නුවන් අරා උතුරන උණු කඳුලු වලට
යලි කෙදිනක පා තබම් ද ඒ පින්වත් සදෙව් ලොවට
ගුරු මව් පිය කැල සෙනෙහස මිහි බට දෙව් රුවන් ලෙසට
හැමදාමත් සිහි වෙයි මා මියෙන තුරුම මගේ සිතට


උපනත් මවු කුසින් වරක් පෙර දා මා පියවි ලොවට
නැවතත් ලැබ දුනි උපතක් මවුනි ඔබත් නොසිතු ලෙසට
සැමදාමත් තුරුලු කරන් අප සැම දෙන ඔබේ ළයට
පෙව් සිප් කිරි ගුණ දම් සැම ආසිරි දෙයි සදා අපට


මල් සුපිපුණු යාය දිගට අරලිය ගස් රන් පාටට
රතු පාටට කිරුළු දැරුව සුන්දර මැයි ගස් යායට
දිව ගිය හැටි විදුහල් බිම පුරාම අපි සැහැල්ලුවට
මතක ඇතිද තවමත් මගෙ ආදර විදුහල් මවුන්ට


සිනා කවට බස් තෙපලූ හඬ ආයෙත් නෑසුනාට
තරප්පු පෙළ නිහඬ බවක ගිලගෙන අද සැඟවුනාට
කලු ලෑල්ල , හුණු පෙට්ටිය මකුළු දැළක පැටලුණාට
හිතේ ‍රැඳුනු ලෙංගතු කම ‍රැකගන්නම් සදා කලට

http://www.holyfamilywennappuwa.slt.lk/

5 comments:

  1. තමන් කෙරෙන් දුරස්ත වුණු දේවල් තමයි වඩා අගේ!

    ReplyDelete
  2. ඒක ඇත්ත...... දුරස් වුන හැම දෙයක් පස්සෙම අපි දුවනවා

    ReplyDelete
  3. aththatama sidu::akath mara pissuwak,cmpus yana pissuwa matath thibuna,ahema kiyala api pothak assata ringagena hitiye nahane:karana pissu wada okkoma kala ,,habai limitaka kata;;;clz gihin eddi rail parawal dige avidapu hati mathakada,,habai a kolloth akka nam neme,api apimai:),,,,,,,,,,,,apen duras una a sundara kaleta duwala yanna puluwan nam,,,saththai mama hathi watenakam duwai.

    ReplyDelete
  4. ඇනෝ- ඒ විතරද..මතකද රේල් පාරෙ එන්න ගිහින් කෝච්චියට හැප්පෙන්න ගිය හැටි සෙට් එකම..........?????

    ReplyDelete
  5. මට නම් මුලදි කැම්පස් යන්න ආසාවක් තිබුනත් තදින්ම....ඒ බලපොරොත්තුව මගෙ ඇස් ඉදිරිපිටම දිය වෙලා යනව දැක්කම... මම ඒ බලාපොරොත්තුව හිතින් අයින් කරගත්ත.......

    මේක.... මේකෙ යටින් තියෙන කොමෙන්ට් කියවනකොට මයෙ පාසල් කාලෙත් මයෙ හිතට එනව... ජීවත් වෙන්න පවා ඉගෙනගත්ත "දෙවැනි මවුන්" මතක් වෙනකොටත් හදවත බර වෙනව.....

    ReplyDelete