මගේ සඳ


මිලාන පත් එකිනෙක වියැකුණු තුරු
ගිම්හානය ලඟ කඳුලු සලන විට
තුරු හිස මත නව ජීවය කැන්දූ
වස්සානය නුඹ.............


සීතල සුදු හිම පියවිලි අතරින්
දෙනෙත් හරින්නට නොහැකිව ලත වුණ
පුංචි මලක් වෙත මද හස ‍රැන්දූ
සරත් අරුණ නුඹ.....................


හීතල කඳුලක තනිකම විඳිමින්
බොඳ වූ මුව අග කඳුලැලි පිස ලූ
මා නෙතු අද්දර ජීවමාන වූ
මගේම සඳ නුඹ.................

Comments

  1. කව්ද සිඳු ඒ සඳ?

    ReplyDelete
  2. ඔය ඉන්නෙ සඳ ලැප්ටොප් එකකුත් තියාගෙන

    ReplyDelete

Post a Comment