රවුම් ගැසීම සහ උගත් පාඩම්


 රිදා දවසක්! ඉතින් අපිට නිවාඩු (අපිට කිවුවා ට මට විතරයි, අනිත් අයත් නිවාඩු දැම්ම නිසා නිවාඩු) පොඩි රවුමක් ගහන්න හිතුනා. 
පැය දෙකෙන් කො‍ටුවට එනවා කියපු එයා 7 ට බස් එකට නැගලා 9 ට කො‍ටුවෙන් බැහැලා තිබුණා. විනාඩි 45න් එනවා කියපු මම 8.30 ට බස් එකට නැගලා 9.45 ට වෙලාවට කලාවට කො‍ටුවෙන් බැස්සා.......එයාගෙ  මූණ නම් හොඳම නෑ. ඒත් ඉතින් චොක්ලට් එකට පින් සිද්ද වෙන්න කොහොම හරි මූඩ් එක ‍ෆික්ස් (වගේ) වුණා....
138 බස් එකකට නැග්ගෙ කැම්පස් එක පැත්තෙ යන්න වුණත්, මගදි බහින්න වුණා ටවුන් හෝල් එක පැත්තෙ තියන පාර්ක් එකක් ලඟින්.......
ඉරිදා දවසට ගෙදරට වෙලා ඉන්න බැරි හැටි මේ මිනිස්සුන්ට!!! අම්මලා තාත්තලා, දුවලා පුතාලා , ආච්චිලා සීයලා කොට්ට  මෙට්ට පැදුරුත් අරන් පාර්ක් ඇවිත්!!!!! ආසාවට ඉඳගන්න බංකුවක් නෑ. අවුව වැටෙන බංකු විතරක් ඉතුරු වෙලා.........කමක් නෑ, sun bathing කියලා හිතාගෙන පොඩි බංකුවක් උඩ වාඩි වුනේ මාස ගානක කතා/ විස්තර එක හුස්මට කියලා ඉවර කරන්න හිතාගෙන. අපරාදෙ කියන්න බෑ අවට ඉන්න ලස්සන සත්තු වගයක් ලස්සනට පසු බිම් සංගීතය සැපයුවා නොමිලේම. වෙන කවුරුත් නෙමේ ගස් වල හිටිය තඩි වවුල්ලු.......... සිංහලෙන් කිවුවොත් fake කුරුල්ලො..!!!  
"පුළුවන්නම් කියන්න පේරාදෙනිය ගාර්ඩ්න් එකෙයි, මේකෙයි තියන සමානකම" මගෙන් එයාට චැලෙන්ජ් එකක්. 
"මල් තියනවා" 
"මේවාත් මල් ද අනේ"
"එහෙනම් මොකද්ද?" 
"දෙකේම වවුල්ලු ඉන්නවා"
"බොරු කියන්න එපා, පේරාදෙනියෙ කොහෙද වවුල්ලු !!!!!"
"ඉන්නවා. ඔයා හරියට බලලා නෑ" අවුරුදු 15කට විතර කලින් දවසක දැක්ක  මතකයි මට. ඒ නිසා අද ඊයෙ දැක්කා වගේ sure පිට මම කිවුවා...
ඇත්ත කුරුල්ලො වර්ග දෙක තුනකුත් හිටියා park එකේ... white throated king fisher (ළය සුදු මැදි පිළිහුඩුවා).. little egret ( පුංචි ඇලි කොකා), rose ringed parakeet  (රෑන ගිරවා)... ඒත් වැඩියෙන්ම හිටියෙ නම් කාක්කො තමයි.

( තව නම්  දන්නෙ නැති එක එක වර්ග වල කුරුල්ලොත් හිටියා... කලිසම් ඇඳලා... ටී ෂර්ට් ඇඳලා... ගවුම් ඇඳලා........... ලස්සනයි ඇත්තටම!!!!)







කාක්කො නම් හැම තැනම කියලා හිතුනෙ මගෙ ප්‍රියතම කෑම ඉරිඟු කරලක් සල්ලි දීලා ගත්තා ට පස්සෙ. කන්න හිතන එකත් විහිලුවක් වුණා ඒක. මට තවමත් හිතෙන්නෙ ප්ලාස්ටික් වලින් හදපු සෙල්ලම් ඉරිඟු එකක්ද මම කන්න ගත්තෙ කියලා.......


ඉරිඟු එකෙන් මට්‍ටු වෙලා හිටිය මට දවල් ට කන්න හිතුනා සයිවර් කඩේකින්...... අපරාදෙ සල්ලි කියලා හිතුනෙ හොදිත් එක්ක දුන්න රසම් හොද්දත් මම සම්පූර්ණයෙන්ම බත් එකට හැලුවාට පස්සෙ. බත් එකම වතුර බාල්දියක් වගේ වුණා. ඒක දෙනකොට වේටර් ට කියන්න තිබුනනෙ ඒක රසම් කියලා  :-( අන්තිමට Mcmeal 3ක  ගානට ටිකක් වැඩියෙන් ගෙවලා බඩගින්නෙම අපි එලියට බැස්සා (මම බඩගින්නෙ, එයා නම් හොඳ ‍ෆිට් එකේ)


ඊට පස්සෙ යන්නෙ කොහෙද!!!!! කල්පනා කරන්න ගත්තෙ පාරටත් බැස්සාට පස්සෙ.... ගෝවා, වම්බ‍ටු හිටවපු වට රවුම ඉස්සරහ ඉඳන් අපි කල්පනා කළා..........!!!!! ඔන්න ඒ වෙලාවෙ තමයි මගෙ දේශානුරාගී හැඟීම මතු වුණේ.
 "independent square 1 බලන්න ඕනා"
 "ඒ මොකද?"
 "හේතුවක් නෑ... නිකම් බලන්න ඕනා"
නිදහස් චතුරස්‍රයට යන පාර දැන්නම් බලන්න ලස්සනයි. ලංකාව මේ වගේ ලස්සන වෙනවා දකින්න ඇත්තටම ආසයි. සයිකල් ලේන් එකේ ඉඳලා හිටලා පොඩි උන් දෙතුන් දෙනෙක් බයිසිකල් පැද්දා. this is not a security barrier කියලා ගහලා තිබුණ barrier   එක මගෙ හිත තදින්ම පැහැර ගත්තා........ ("යුගයක වෙනස!!!  හැම වෙනසක් ම , හැම පනතක් ම මේ වගේ සුන්දර වෙනවා නම් කොච්චර හොඳද)
නිදහස් චතුරස්‍රයෙ කණු වල කැටයම්, ඒවගෙ වහලා හිටිය පරවියො දිහාට මගෙ කැමරාව යොමු වුණා.... ඔන්න එතකොට තමයි කොහෙදෝ ඉඳලා ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් දුවගෙන ආවෙ.... 
"ඇයි මිස් ෆොටෝ ගන්නෙ?" මාව හොල්මන් ..එතන හිටිය තවත් දෙන්නෙක් ෆෝන් එකෙනුයි, cyber shot කැමරාවකිනුයි ෆොටෝ ගන්නවා. ඇයි මගෙන් විතරක් අහන්නෙ
"නිකම් ගන්නෙ" මම උත්තර දුන්නා. වෙන මොනවා කියන්නද
"නිකම්?" ආරක්ෂක නිලධාරියා කැමරාව දිහාත් බලලා ආයෙම මං දිහා බැලුවා. කැමරාවෙ සයිස් එක මගෙ සයිස් එකට ගැලපෙන්නෙ නෑ වගේ....
"මීඩියා වලින් එන අයට, වෙඩින් වලට එහෙම මෙතන ෆොටෝ ගන්න දෙන්නෙ නෑ......." (ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් ආව මාව පේන්නෙ වෙඩින් එකකට ආවා වගේ ද, නැත්නම් මනමාලි වගේ ද..... මම කල්පනා කළා) 
"මම මීඩියා එකකින් නෙමේ... මම ###### කෙනෙක්. ෆොටෝ ගන්න එක මගෙ හොබි එක. ඒ නිසයි ගන්නෙ." 
ඊට වඩා මම පැහැදිලි කරන්න ගියෙත් නෑ...එයා මොකුත් කිවුවෙත් නෑ. 
ඊට විනාඩි දෙකකට විතර පස්සෙ ආව බස් එකකින් බැස්ස ඉන්දියන් වගේ පෙනුන සංචාරකයො වගයක් තඩි කැමරා, ට්‍රය්පොඩ් උස්සාගෙන කෑ ගහ ගහා ෆොටෝ ගහද්දි ආරක්ෂකයා පැත්තකට වෙලා බලන් ඉන්නවා මම දැක්කා.







ඉතින් මේ රවුම් ගැහිල්ලෙන් මම ඉගෙන ගත්තු පාඩම් අනිත් අයටත් කියලා දෙන 1 මගෙ යුතුකමනෙ.


# 8.30 ට විනාඩි 45ක් එකතු වුණාම 9.45 වන බව
# මූඩ් ‍ෆික්ස් කරන්න ඉඟුරු වලට විතරක් නොව, කොකෝවා වලටත් හැකි බව
# කොලඹම ඉන්නා වවුලන් දවල් ට ලැගුම් ගන්නේ විහාරමහා දේවී උද්‍යානයේ බව
# ජෛව තාක්ෂනයේ නවතම පෙරලියක් වන ප්ලාස්ටික් මිශ්‍ර ඉරිඟු අත්හදා බලන්නේ ශ්‍රී ලංකාවේ බව
#රසම් රස නැති බව
#ඩෙනිම් ගහගෙන වෙඩින් ගන්නා මනාලියන් සිටින බව
#අපේ නිදහස් චතුරස්‍රයේ ෆොටෝ එකක් ගන්න වත් අපිට නිදහස නැති උනාට විදේශීය සංචාරකයින් ට එය තුළට වී හූ කියන්නට අයිතිවාසිකමක් ඇති බව.
# 6.30 ට කො‍ටුවෙන් බස් එකට නැග්ගාම ගෙදර යන විට කලුවර වන බව





Comments

  1. එලම Post එකක් :D :D :D :D :D

    ReplyDelete
  2. ඩයිනමයික්January 18, 2012 at 2:38 AM

    සිඳු මතින දිග ඇදුන සිත සමග ඉගිල යන
    දිගු මිහිරි ගමනකට සිසිඳු ‍ෙවත සුභ පතමි!

    ReplyDelete
  3. අමා - එල එල. ‍ෆිට් තමයි.

    ඩයිනමයික් -
    බ්ලොග් යනු කිමක් යැයි මා හට කිවුවෙ නුඹයි
    බ්ලොග් එක හදන්නට අදහස දුන්නෙ නුඹයි
    මිතුරන් අතර නුඹ නම් සුමිතුරෙක් තමයි
    නුඹෙ සුබ පැතුම් මා හට මහමෙරක් වගෙයි

    ReplyDelete
  4. හිකිස්......
    ඔයාල දැක්කෙ කොළඹ වවුල්ලුයි, කොළඹ කපුටොයි නෙහ්???
    අනේ නරකක් කියන්ට බෑ හරිම සංවර සත්තු ටික....

    :ඩී :ඩී

    ReplyDelete
  5. සිරා පොස්ට් එක.
    උගත් පාඩම් ඇසුරෙන් සහිදියාවක් ඇති කරගන්න..

    ReplyDelete
  6. පවනි - ඔව් අනේ අපිටත් වඩා සංවරයි

    ගිහාන්- මොකද්ද මල්ලි සහිදියාව කියන්නෙ? සංහිදියාව ද?

    ReplyDelete
  7. නිදහස් චතුරස්‍රයේ පහළ තියෙන නිදහස් කෞතුකාගාරය බලන්න ගියේ නැද්ද ???

    ReplyDelete
  8. කොහෙ යන්නද හසිත මල්ලි.... ඒක වහලා කියලා කිවුවෙ අහන්නත් කලින්

    ReplyDelete

Post a Comment