කැම්පස් එක කියන වචනෙත් එක්ක මතක් වෙන අනිත් වචනෙ මොකද්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මම නම් කියන්නෙ "බෝඩිම්" කියලා... මොකද ඒ තරම් සුන්දර මතකයන් ගොඩාක් බෝඩිම් වල තියන නිසා.....
කැම්පස් පටන් ගන්න ලං වෙනකොට තිබුණ ලොකුම ප්රශ්නෙ තමයි කොහෙද නවතින්නෙ කියන එක. අපිට ඉතින් හොස්ටලුත් හම්බුනේ නෑනෙ...... (ඉල්ලුවෙ නැතුවාම කොහොම හම්බෙන්නද...)
කැම්පස් පටන් ගන්න සතියක් තියෙද්දිත් මට බෝඩිමක් නෑ. අන්තිමට අම්මයි මමයි මගෙ cousin අයියත් එක්ක කාර් එකේ නැගලා කැම්පස් එක වටේ තියන බෝඩින් බලන්න ගියා. ඒ හැම එකක්ම මට නම් අල්ලලා ගියා ඇඳක් තිබුණ නිසා....ඒත් තවත් 6 දෙනෙක් එක්ක අඩි 10 X 10 කාමරේක කැම්පස් යන කාලෙ හිටපු අම්මාටවත්, පොද වැස්සකටත් ඔරු පදින්න පුළුවන් කාමරයක බෝඩින් වෙලා හිටපු අයියාටවත් ඒ එක බෝඩිමක්වත් හරි ගියෙ නෑ.
කොහොම හරි අන්තිමට නවතින්න වුණේ අයියා ගෙ වයිෆ්ගෙ සීයාගෙ නංගිගෙ චූටි දුවගෙ ගෙදරට එහා ගෙදර හිටිය ඇන්ටිගෙ බාප්පාගෙ දුවගෙ ගෙදර.
අපරාදෙ කියන්න බෑ ලක්ෂරි ගෙයක්.ෆුල් ඔප්ශන්.... රිවස් මිරර්, ඇලෝයි වීල්,පවර් ෂටර්ස් ඇතුලු සියලුම පහසුකම් තිබුණා. බෝඩිමේ අංකලුයි ඇන්ටියිත් හරී ආදරෙන් බාරගත්තා මාව...
ඒත් ඉතින් මුල්ම දවසෙම මම වැඩ වරද්දා ගත්තා "මම වැඩියෙ කන්නෙ නෑ ඇන්ටි" කියලා. අනේ ඉතින් ඇන්ටිත් මගෙ වචන ඉස්මුදුනින්ම පිළිගෙන පහුවදා ඉඳන් කැම්පස් ගෙනියන්න බැඳලා දුන්න බත් එක මගෙ කටවල් දෙකකටත් මදි....
ගෙදර හිටියා ඇන්ටිගෙයි අන්කල්ගෙය් දූ පොඩ්ඩ. කියලා වැඩක් නෑ. මටයි එහෙ බෝඩින් වෙලා හිටිය අනිත් අක්කලා දෙන්නටයි හරි ආදරෙයි, කොයි වෙලාවෙත් අපි තුන් දෙනා පස්සෙන්මයි. කොච්චර ෆිට් ද කියනවා නම් මම ඒ බෝඩිමෙන් යනකම් වචන 10ක් කතා කරලා නෑ එයා එක්ක. ෆිට් එක වැඩි කමට එයා ගෙදර අනිත් බාත් රූම් එකෙන් මූන සේදීම ඇතුලු සියලුම ක්රියා නවත්තලා අපි තුන් දෙනා පාවිච්චි කරපු බාත් රූම් එකම පාවිච්චි කරන්න ගත්තා.... එයා වැඩ ඇරිලා එන වෙලාවට අපි කවුරු හරි බාත් රූම් එකේ හිටියොත් ආහල පහල ගෙවල් වල සේරටම ඇහෙන්න බෙරිහන් දෙන්න ත් එයා හරී ආසයි. මහන්සිත් ඇතිනෙ ඉතින් ඒ සී කරපු කාමරේ වැඩ කරලා ඒ සී කරපු ඔෆිස් වාහනෙන් ගෙදර ආවාම. අපි තුන්දෙනා ඉතින් එයාගෙ වීර ක්රියා වලට හිනා වෙවී (පේන්න නෙමේ) අපිට නෙමේ වගේ හිටියා. එක අතකට අපි මොනාට ගණන් ගන්නද.. අන්කලුයි ඇන්ටිය්ත් එයා කෑ ගහන වෙලාවට එයාලගෙ ගෙදර නෙමේ වගේ හිටියෙ. වැඩිම වුනොත් උනේ මගෙ දරා ගැනීමෙ සීමාව ඉක්මවා ගිහින් මම අඬපු එක විතරයි.

ඒ ගෙදර තව හිටියා මගෙ වයසෙ චූටි සුදු මල්ලියෙකුත්. කියන්න තරම් රහක් නෑ. සිංහලෙන් කිවුවොත් මෙලෝ රහක් නෑ... (ඒ වුණාට දවසක් මගෙ කාමරේට වඳුරෙක් පැනපු වෙලාවෙ මම ඌව එලවනකම් දොර ලඟටවත් වෙලා හිටියෙ එයා විතරයි. ඇන්ටියි අන්කලුයි කාමරේ හැංගිලා. අක්කා කෙනෙක් බාත් රූම් එකේ හැංගිලා. අනිත් අක්කා වඳුරා යනකනුත් නිදි.... ) ඒ හින්දා ද මන්දා මගෙ ඉතින් කිසි අහිතක් නෑ ඒ අහිංසක කොල්ලා ගැන නම්.
දවසක් හවස මම කාමරේට වෙලා හිටියා.(උඩ තට්ටුවෙ තියෙන්නෙ කාමරේ) ඔන්න එක පාරටම ජනේලෙට ගලක් වැදුනා... ටිකකින් දෙකයි... තුනයි... ජනේලෙ ලඟට ගිහින් බලන්නත් බයයි. කවුරුත් ගෙදර නෑ... මම යි නිදා ගන්න අක්කයි විතරයි. නිදා ගන්න අක්කා සුපුරුදු විදියට නිදි....
කරන්න දෙයක් නැති තැන නිදා ගන්න අක්කාගෙ කාමරේට ගිහින් එයාට කතා කළා "අක්කෙ, කවුද ජනේලෙට ගල් ගහනවා... මට බයයි" "බය නම් ඔයා මගෙ කාමරේට වෙලා නිදා ගන්න නංගි" කියලා හීනෙන් වගේකියපු එයා අනිත් පැත්ත් හැරිලා ආයෙ නිදා ගත්තා.... මොනවා කරන්නද තමන් හිසට තම අතමය සෙවනැල්ල ලුනෙ. මම ඉතින් ආපහු ගිහින් හිමීට බැල්කනියෙන් එබිලා බැලුවා... හි හී................ මෙන්න ඉන්නවා ගෙදර කොල්ලා පූස් පැටියෙක් වගේ උඩ බලාගෙන...
මෙන්න ඊලඟට කොල්ලා මට කියනවා "ඉස්සරහ දොර ටිකක් අරිනවද?" මමත් පහළට බැහැලා දොර ඇරියා. බලනකොට වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්... වෙනදාට කොල්ලා ගෙදර එනකොට හැමදාම දොර ඇරලානෙ තියෙන්නෙ.. එදා අපි දෙන්න විතරක් නිසා මම පහළ දොර ලොක් කරලා තිබුණෙ. පුරුද්දක් නැති නිසා කොල්ලා ට අමතක වෙලා ඩූර් බෙල්ල් එක ගහන්න පුලුවන් කියලා උඩ තට්ටුවට ගල් ගහන්නෙ නැතුව............
ඒ ගෙදර අන්කල් ගැනත් නොකියාම බෑ.බෝඩින් ෆීස් දෙන දවසෙ උදේට කාමරේ දොර ගාව කැරකුණාට මොකද එයා හරි ධාර්මිකයි. දර්මය වැඩි වෙලා එයා ගෙදරට ගේන්නෙ බිඳුනු බිත්තර විතරයයි. ඒවාගෙ "ජීවය" නෑ ලු. මාලු මස් කෑවාට කමක් නෑ ලු මොකද ඒවා අපිට හම්බෙන්නෙ මැරුවාට පස්සෙ නිසා.ඒක දැනගත්තාට පස්සෙ මට ඒ බෝඩිමේ බිත්තර කෑම එපා වුණා.
ගෙදර ඇන්ටි ගැන වැරදි කියන්න මම වැඩියෙ කැමති නෑ, මොකද අවුරුදු 2ක් කන්න උයලා දුන්න මනුස්සයා නිසා. එයාගෙ සමහර වැඩ මට තේරෙන්නෙත් නැති තරමට මම මැටි ඒ කාලෙ. (දැන් කියලාත් වෙනසක් නෑ වැඩියෙම) සමහර දාට රැට කන්න තියෙන්නෙ පාන්. අපි පාන් පෙති බෙදා ගන්නකම් ඉඳලා ඇන්ටි කියනවා "දැන් පාන් හරි ගනන්... බ්ලා බ්ලා බ්ලා" අනේ ඉතින් මමත් අහින්සකයා වගේ "ඒක තමයි ඇන්ටි" කියන ගමන් තව පාන් පෙති දෙකක් පිඟානට දා ගන්නවා. මට තේරෙන්නෙ නෑ වැඩියෙ කන්න එපා කියලායි මේ කියන්නෙ කියලා. ඒක දැකපු ඇන්ටි ගෙ මූණ ද්වාදසතලයක් වුණා කියලා කිවුවෙ අනිත් අක්කලා දෙන්නා. කොහොම කොහොම හරි මම ඒ බෝඩිමෙන් අයින් වෙලා වෙන බෝඩිමකට යන්න වුනෙත් ඇන්ටිගෙම වැඩක් තමයි. ඒ ගැන නම් මම කියන්නවත් කැමති නෑ මට මං ගැන දුක හිතෙනවා වැඩි නිසා.
ඊට පස්සෙ ගිය බෝඩිම නම් ගෙදර වගේ.... තවමත් හිතුණාම මම යනවා එහෙ . එහෙන් බැනුම් ඇහුවෙ එක්සෑම් කට උඩ තියාගෙන පාඩම් නොකර එයාලත් එක්ක "පබා" බලනවා කියලා විතරයි.
අලුත් බ්ලොග් එකක්,,අලුත් කිවුවට පෝස්ට් කීපයක්ම වැටිලා නේද අහම්බෙන් කකාගේ බ්ලොග් එකෙන් අහු උනේ,අර ස්කෝලේ පොටෝ එක නම් හුරු පුරුදු ස්කෝලයක්,,සිංඩි වලට ගියේ නෑද මේ බ්ලොග් එක,අඩුම ගානේ බුකියේ බ්ලොග් අවකාශයේ මිතුරෝ,ශ්රී ලාංකික බ්ලොග් කරුවන්ගේ එකතුව ගෲප් තියනවා,,එන්න බ්ලොග් එකත් අරගෙන,සුභ පැතුම් දිගටම ලියන්න....
ReplyDeleteitalyDilan -comment එකට තැන්ක්ස් ගොඩාක්. ඇත්තටම මම වැඩියෙම ඒ groups ගැන නම් දැනගෙන හිටියෙ නෑ. තෑන්ක්ස් ඒ ගැන කිවුවාටත්. ඉස්කෝලෙ පුරුදුයි කියන එක නම් මම ඉහලින්ම පිළිගන්නවා ඔයාගෙ නම දැක්කාම ......:-) ඔයාත් අපිට පුරුදු ඉස්කෝලෙක වෙන්න ඇති කියලාත් හිතනවා....
ReplyDeletewww.sinhalabloggers.com
ReplyDeletehttp://syndi.lankeeya.lk/
http://si.hathmaluwa.org/
මේ තියෙන්නේ ප්රධාන සිංඩි කීපයක්,,මේවට ඔයාගේ බ්ලොග් එක එකතු කරන්න
http://www.facebook.com/groups/192579577425984/
http://www.facebook.com/groups/srilankanbloggers/
http://www.facebook.com/groups/114201238668743/
මේ තියෙන්නේ පේස්බුඛි බ්ලොග් කන්ඩායම්..
බෝඩිං ගැන තියෙන සුන්දර මතකයන් ගොඩක් තියෙන්නෙ.. අද තමයි අළුත් බ්ලොග් එකක් කියලා ආරංචියට ආවෙ.. ලියලා තියෙන සරල විදිය නිසා එක හුස්මට කියවා ගෙන ගියා.. ලියන්න .. අපි එන්නම් කියවන්න !
ReplyDeleteබෝඩිම කියන්නෙනම් ආතල් ලෝකයක් තමයි. ආතල් වැඩිකමට පහු ගිය දවසක බෝඩිමේ ඇන්ටි අපට නියෝග කලා ආයෙ විනය ගරුකව ඉන්න බැරිනම් හැමෝම බොඩිමෙන් යන්න. බෝඩිම වහලා දානවා කියලා. අපි කලේ ඉතින් පොඩි සින්දුවක් කිව්ව එක විතරයි.
ReplyDeleteමටත් මගේ ඔක්කොම බෝඩින් ටිකයි ඒවයේ ආන්ටිලා අන්කල්ලවයි මතක්වුනා .මම තර්ඩ් , ෆයිනල්ස් හිටිය තැන ඇරෙන්න අනික් හැම තැනකම මනුස්සයො හරි හොඳයි .ගෙදර ලමයෙකුට වගේ සැලකුවේ .තාමත් යන එනවා දුක සැප හොයනවා . මම මුල් අවුරුදු දෙක හිටිය තැන ආන්ටි හදිසියෙන් එයාව බලල යන්න ආවොත් මොනවහරි කෑමක් හදලා බත් ටිකක හරි තේකක් හරි දෙනවා . පහුගිය අවුරුදු හතරක් රස්සාව වෙනුවෙන් නැවතිලා හිටි තැන ආන්ටි හරි හොඳ මනුස්සයා ,මගේ අවේලාවෙ ගමන් බිමන් වලට මොනවත් කියන්නේ නෑ කවදාවත් .
ReplyDeleteitalyDilan - මම මගෙ බ්ලොග් එක එකතු කළා තැන්ක්ස්
ReplyDeleteවෙනි - "සුන්දර" මතකයන් නම් එමටයි. අපරාදෙ බෝඩින් ජීවිතෙත් ඉවර වෙලා ගියානෙ.
අනුරාධ - මොනව වුනත් බය වෙන්න එපා... බෝඩින් ඇන්ටිලා ඒවා වහන්නෙ නම් නෑ. අනිත් දවසෙ ඇන්ටිලා ගෙ යුගයෙ සින්දුවක් දෙකකුත් කියන්නකො. එයා අහගෙන ඉඳියි
TG - ඇත්ත, ඒ වගේ හොඳ අයත් ඉන්නවා ඕන තරම්. මගෙ දෙවෙනි බෝඩිම ඒ වගේ.
ReplyDeleteඑයාලගෙ යුගේ සින්දු තමයි ඔක්කොම කිව්වෙ. ඒත් ඉතින් රෑ 1ක 2ක වෙනකම්ම කොයි යුගේ සින්දු උනත් මහා හයියෙන් අහෙද්දි එපා වෙනවා ඇති. :D
ReplyDeleteඔන්න ඕක ආදර්ශෙට අරන් අක්කත් දාන්න ලක්ෂරි බෝඩිමක්. මම එන්නම් නවතින්න. කෑම බීම අක්කා ගානේ. වැඩිය කන්නේ නෑ මම. වැඩිම උනොත් පිගන් 5, 6ක් කයි :D :D :D :D :D
ReplyDeleteපිඟන් මැටි වල කිසිම පෝෂණ ගුණයක් නැහැනෙ අමානි අක්කියෝ. :D :D :D :D :D
Deleteඑකෙන්ම.... ඔයත් දාන්න බෝඩිමක්.....
ReplyDeleteෆුල් ඔප්ෂන්.. එනි ටයිම් ඉන්කමින් අවුට්ගොයින් ෆ්රී ෆැසිලිටීස් තියෙන එකක්....
මට නම් බෝඩින් අත්දැකීම් ඒ තරම් නෙමෙයි කෝමටවත්ම නෑ.... තවම මට ඒම ඉන්ට වෙලා නෑ නෙ... අනික අපි කොයින්ද කැම්පස් යන්නෙ!!
:ඩී :ඩී
ලිවීම් සයිලය නම් සෙට් වේ.... ගත යුත්තක් නම් නැත...
:ඩී
ලියන ස්ටයිල් එක එල.ඔහොම යන්......
ReplyDeleteඅපිනම් හොස්ටල් නෙ.තෙකලා ජලය හා නල විදුලිය විතරයි තියෙන්නෙ...
අනුරාධ - එහෙනම් ඉතින් අනිත් දවසෙ රෑට කෑවාට පස්සෙ දෙය්යනේ කියලා නිදා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ
ReplyDeleteඅමා- මටවත් ඉන්න හිටින්න තැනක් නැතුව කොහෙ බෝඩින් දාන්නද නංගි
පවනි - ඒකනම් ඇත්ත...... ගතයුත්තක් නම් නැත.ගැනීමට යමක් ද පසුව ලියන්නම්
නංගිගේ යාලුවෙක් - අපේ නංගි ගානට පබ්ලිසිටිය දෙනවා වගේ නේද? නල විදුලියෙන් පත්තු වෙන්නෙ ටියුබ් ලයිට් විතරයි වෙන්න ඇති නේද නංගිගෙ යාලුවො?
අපි හිටපු බෝඩිමේ ඇන්ටි ගෙනා බිත්තර දාපු කිකිලී බ්ලේඩ් තලයක් ගිලලා හින්දා බිත්තර වැටිලා තිබුනේ දෙකට කැපිලානේ !!
ReplyDeleteසරත් අයියා හිටියෙත් අපේ බෝඩිමේමද දන්නෙ නෑ... එකම පැත්තෙ මම හිතන්නෙ
ReplyDeleteඅක්කියත් හොඳ බෝඞිමක් දාගන්න සින්ධූපා අක්කියෝ
ReplyDelete