එදා මෙදා තුර ලියවුන කවි ගීත වල වැඩිපුරම ලියවිලා තියෙන්නෙ ආදරය ගැන වෙන්න ඇති.
ඒ හැම එකකම ආදරය විවිධාකාරයෙන් විස්තර කරනවා.එක එක්කෙනා එක එක විදියට දැක්කත්,ඒ හැම දෙයක්ම ඇත්ත. කවුරු වුණත් ආසයි ආදරේ ලබන්න.
රාධා ක්‍රිෂ්නා , ජැක් රෝස් වගේ ලෝකයම හඳුනා ගත්තු පෙම්වතුන් නොවුනත්, අපේ ගම් වල හිටිය සිරිමල්, රන් මැණිකා දෙන්නත් ඒ තරමටම, සමහරවිට ඊටත් වඩා එකිනෙකාට ගොඩාක් ආදරේ කරන්න ඇති.
සමහර වෙලාවට ආදරේ ට සීමා මායිම් නෑ.
හරි වැරැද්ද මොකක් වුනත් නුවර යුගයෙන් අපිට අහන්නට ලැබෙන දස්කොන් සහ ප්‍රමිලා ත් ඒ වගේ දෙදෙනෙක්. අසම්මත යැයි සම්මත ප්‍රේමයක් වුනත් මම පුංචි කාලෙ ඉඳන්ම ආසා කතාවක් දස්කොන් - ප්‍රමිලා කතාව. ඒ ගැන ඇහෙන හැම සින්දුවක් ම මම ඇහුවෙ හරිම ආසාවෙන්.දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ කියලා ඩබ්. ඩී අමරදේවයන් සහ අමිතා වැදිසිංහ ගායනා කරද්දි , රූකාන්ත ගුනතිලකයන් චන්ද්‍රලේඛාවන් සමග "බිසවුනි ප්‍රමිලා" ගායනා කළා... ඒ ගීත දෙක එකිනෙකට වෙනස් වුණත්, මගේ හිත පැහැර ගන්න ගීත දෙකම සමත් වුණා.
ඒත් මගෙ හිත ට ගොඩක්ම දැනුණු ගීතය ජානක වික්‍රමසිංහ සහ චම්පා කල්හාරි ගායනා කරන "මිහිරිම වසන්තය අරන්, බක් සඳ එබී කවුලුවෙන් සක්මන් මලුව සොයාගෙන මම ආවා" කියන ගීතය. ඒක ගායනා කළේ මියුරුසර වසන්තයේ ගී වැඩසටහනට. තවමත් මම කල්පනා කරනවා ඒ ගීතය ඒ තරම් මට දෙනුනෙ ඇයි කියලා . යොවුන් ආදරය ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති ඒ කාලෙ වුනත් මම ඒ ගීතයත් එක්කම දැක්ක ඔවුන් දෙදෙනාගේ සරල රඟ පෑමට ගොඩාක්ම ආසා කළා වෙන්න ඇති .
දස්කොන් ප්‍රමිලා දෙන්නා ගැන කියවන වෙලාවක ඒ ගැන ලියවුන කවි කීපයක් මට කියවන්න ලැබුණා.
ඒත් එක්කම මටත් හිතුණා ඒ ගැනම කවියක් ලියන්න.............
මම හිතපු මාතෘකාව "ප්‍රමිලා වැලපෙයි"
සක්මන් මළුවෙ වැලි තල අතරේ රැඳුන
සිත්තම් වුණා පෙම් සිතුවම් සිත ඇඳුන
දස්කොන් මගේ හිමි සඳ හදවත බැඳුන
ගෙත්තම් වීද සදහට සුසුමන් සැදුන
සෙංකඩ ගල නුවර ගන අඳුරකි මැවුණ
නුඹ නැති සොවින් අහසත් කඳුලැලි සැලුණ
හිමියනි මගේ නුඹ රුහිරෙන් තෙමි දෙරණ
සෝ ගී පා කළා දුර ගිරි හිස සිඹිණ
රොන් කෙමි සොයා පිපි මල් වට පිය සලන
මී මැසි බමර කැල මල් නොතලා සිඹින
කවුරුන් සිඳ දමයිදෝ උන් රොන් උරන
මා කුසුමක් නොවෙද බමරුනි රස ඉසින
තුන් කල තුමුල තෙද ඇති ගිජිඳෙකු ලෙසින
මන්දිර කවුළු දොර අබිමුව හිඳ සරන
මා හද එකලු කළ හිමියනි මා සරණ
මා හැර පියා ගියෙදෝ කෙලෙසින් මෙදින

රස පද පෙලක් විය හද විල කළඹවන
පණවත් සිතුවමකි මන නන්දන කරන
හිමිය්නි කොයිද නුඹ සුසුමන් සුව දැනුන
නරනිඳු සීහ නිරිඳුනි ඔද තෙද පාන
ප්‍රමිලා නුඹෙයි රිසි ලෙස නුඹ රස විඳින
එනමුදු හදවතක් නැත ඔබ වෙත බැඳුන
හද මිය ගොස්ය සොහොනේ දස්කොන් නිදන
කවි ටික නම් මරු ඈ.
ReplyDeleteමම මේ අදමයි මේ බ්ලොග් එකට එන්නේ. දිගටම එන්නම්.
ජය වේවා !!
නියමයි.... ලස්සන කවි ටික.මමත් ලිවුවා ඔය ගැන කවි.මටත් හිතට දැණුන ආදර කතාවත්.හේතුව නම් මොකක්ද කියන්ට දන්නේ නෑ . ඒත් ඉතින් ඒක අසම්මත ආදරයක්.දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව අසම්මත ප්‍රේමයක් නිසා ඒ ප්‍රේමය වැරැද්දක් විදියට දකිනවා බොහෝ දෙනෙක්. අසම්මත ප්‍රේමයක් කියන්නේ බොහොම වටිනා කමින් අඩු දෙයක් නේ ලංකාවෙ සංස්කෘතිය ඇතුලෙදී. මගේ පුද්ගලික අදහස තමයි ආදරයටත් සීමා මායිම් නෑ කියන එක.සුබ පැතුම් ඔයාට....
ReplyDeletehttp://www.facebook.com/note.php?note_id=113274722122590
ජය වේවා!!
හරිම ලස්සනයි කවි ටික.. අපූරුවට ලියලා තියෙනවා..
ReplyDelete//සෙංකඩ ගල නුවර ගන අඳුරකි මැවුණ
නුඹ නැති සොවින් අහසත් කඳුලැලි සැලුණ
හිමියනි මගේ නුඹ රුහිරෙන් තෙමි දෙරණ
සෝ ගී පා කළා දුර ගිරි හිස සිඹිණ//
හරිම ලස්සනයි... මමත් මෙහාට ආවෙ අද.. දිගටම එන්නම්..:)
බ්ලොග් එකේ යටින් තියන ගැජට් ටික සයිඩ් එකෙන් තිබ්බන්ම් හොදයි කියලාත් හිතුනා. ඔයාගෙ කැමැත්තනෙ..:)
ජය වේවා!!!
ලස්සනට කවි ලියන්නත් පුලුවන් නේ,,බ්ලොග් අවකාශෙ දක්ශයෝ අඩු වේගෙන යනවා කියලා හිතුවට,අලුතෙන් මතු වෙනවා දක්ශයෝ,ඔන්න මමත් පැත්තෙන් ඉදන් ප්‍රචාරයක් දුන්නා...
ReplyDeleteපික්සු හැදෙයි සඳ බැබලෙයි කිවුවලු......
ReplyDeleteමමත් ආසයි සමහර බ්ලොග් වල තියෙන දේවල් වලට වඩා මේ බ්ලොගේ තියෙන දේවල් කියවන්න...
නියමයි අක්කේ, "දස්කොන් ප්‍රමිලා" ගැන මම අහපු මුල් දවසේ බැලුවා කවුද මේ කියලා. මම දැනන් හිටියේ නෑ ඒ ගැන. ඒත් මට හොයා ගන්න බැරි උණා. ඔයාගේ කවි ටික කියෙව්වම ආයෙත් ඒ ගැන හොයන්න හිතුනා. අක්කගේ කවි ගැන කියනවනම් කියන්න තියෙන්නේ නියමයි කියලම තමයි.....
ReplyDeleteI wish you All the Best for your creative ideas my Sis..... :) :) :) :) :)
මමත් අද තමා මේ පැත්තට ගොඩ වැදුනේ....කවි පංතිය නම් නියමයි....අර කරුණාරත්න දිවුලගනේ මහත්මයාගෙත් සිංදුවක් තියෙනවා...ඒකත් අහන්න....
ReplyDeleteඅපූරුයි.. කවියනම් ඇත්තටම මාරම ලස්ස්නයි.. අදයි මමත් මේ පැත්තේ ආවේ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅක්කේ, මේකත් අහන්න, මගෙ හිත ගියේ නම් මේ සිංදුවට.....
ReplyDeletehttp://www.youtube.com/watch?v=DcpP9jUr6tg
woowwww amazing
ReplyDeleteAnjana
බහුතරයක් නිසඳැස් වෙත සිත බැඳුන
ReplyDeleteකාලෙක අපුරුයි මේ කවි ඔබ ලියන
තේමාවනම් තහනම් බව හොඳට දැන
කවිටික රස විඳිමි සීමාවල් නොගෙන
Akkiya aththata ma hariiiiiiima lassanata liyala thiyenawa akkiyo. Mata th godaaaak sathutui a gana. Akkiya gawa hariiiiiiima lassana adahas godaaaak thiyenawa. Akkiya doctor kenek unath kalathmaka hakiyawa th hariiiiiiiiima ihala mattamaka thiyenawa. Man akkiyata wish karanawa idiriyata th me wage usas nirmana bihi karanna awashya shakthiya ha dairyaya akkiyata noaduwa ma labewa ! kiyala. I wish you all the best akkiyo !
ReplyDelete