මගේ නැගණිය


එදා වාගෙම 
මදහසින් නුඹ
සීනයෙන් හිනැහෙන වෙලාවට


සිඟිති මොලකැටි 
බිළිඳියක රුව 
සිත් කොනින් සිහි වන වෙලාවට


බොළඳ මුවගින් 
ගළන තෙපුළින්
තවම විසිරෙන කිරි සිනාවට


පුංචි නැගණිය 
තවම නුඹ මට
ගියත් සරසවි මං තලාවට




(නංගි ඇන්ද චිත්‍රයක්... ඒත් කාගෙද මේ කලු අත? )

Comments

  1. මට නම් නංගියෙක් නැති නිසා ඔය හැඟීම හරියට ම දන්නේ නෑ, ලසනයි අදහස!

    ReplyDelete
    Replies
    1. මටත් නංගියෙක් නැහැනේ. ඉතිං මටත් ඕක හරියට දැනෙන්නේ නැහැ.
      නංගි හොද ආටිස්ට් කෙනෙක් වගේ.

      Delete
  2. අක්කගේ අතේ එල්ලිලා යන පුංච් නංගි.. චිත්‍රේනම් ලස්සනයි..

    ReplyDelete
  3. ඔව්, ඒ ශක්තිමත් අත අක්කගේ. අක්කා ගිය අඩිපාරේ යන උත්සහවන්ත නංගි කෙනෙක්. අක්කයි නංගියි දෙන්න ගැනම ආඩම්බරයි.....

    ReplyDelete
  4. කවි ටිකත් ලස්සනයි!! චිත්‍රෙත් ලස්සනම ලස්සනයි!!!

    ReplyDelete
  5. කළු අක්කගෙ අතේ එල්ලිල යන සුදු නංගා කෙනෙක් ....

    ReplyDelete
  6. ලහිරු , වර්ෂා - නංගි ඉන්න වෙලාවට ජීවිතේ හරි ලස්සනයි. එයා මගෙ හොඳම යාලුවා

    dinesh -චිත්‍රෙ නම් ලස්සනයි.... කවිය නම්.....????

    අමා - අනේ මගෙ අඩි පාරෙ ආවොත් නම් එයත් අතරමං

    හිතුවක්කාරි - මගෙ නංගිත් ලස්සනයි..ඒ වගේම හිතුවක්කාරයි ;-)

    ඇනෝ - මම කලු නැ‍තෝ... ලා කලුයි

    ReplyDelete
  7. kawru monawa qwath mage sudu akkita mawa mathak wela............sathuuuutuy...me mama oyage choooti nangiya

    ReplyDelete
  8. she may have drawn my hand,

    ReplyDelete

Post a Comment