වසත් ඉම අබියසක
පිබිදිලා හිනැහෙන්නට
රෝස පැහැ කුසුම් පෙති
වතෙහි දවටා ගන්නට
පෙර මග බලා සිටියි
රොබරෝසියා ගස
එතෙක් ගත රැඳි හරිත පත්
උනා දමමින් එකිනෙක....
වසන්තය ගෙවී යන විට
අහසටත් හොර රහසේම
මල් පියලි එකින් එක
ගතින් ගිලිහී වැටෙත
පාවෙනා කුසුම් පෙති
රෝද සතරක් අබිමුව
තැලී යන'යුරු දැක දැකම....
අවසාන මල් පියල්ලද
රළු මහ පොළොවටම පුද කර
රොබරෝසියා ගස නිරුවත්ව
විළිබරව යළි යළිත්
පෙර මග බලයි
හරිත පැහැයෙන්ම
බර වන්නට..............!!!!!!!!!
හරිම ලස්සනයි අක්කා... අද තමා මේ පැත්තේ ආවේ.. ජය වේවා..
ReplyDelete