Friday, February 17, 2012

සිතුමිගේ කතාව


      යිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවකින් පෙළෙන මධුෂානි ගැන ඇහුවාට පස්සෙ මට ආයෙමත් මේ කතාව මතක් වුණා.. (තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා අතරින් සුව කිරීමේ හැකියාව වැඩි වශයෙන්ම පවතින්නේ මධුෂානිට වැලඳී ඇති පිළිකා විශේෂයයි (papillary carcinoma). ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම එයාට උඩවු කරනවා නම් ලොකු පිනක්)


මේ මම මීට මාස කීපයට උඩදී විදුසර පුවත්පතට ලිවුව ලිපියක්. නැවතත් ඒක මගෙ බ්ලොග් එකෙත් දාන්න හිතුණා.


     ඒ පිළිකා රෝහලේ ළමා වාට්‍ටුවකට අප මුලින්ම පය තැබූ මොහොත. පුංචි උන් හඬන සිනාසෙන සද්දෙත් එක්කම ඇහෙන විවිධාකාර වූ සෙල්ලම්බඩු වල හඬ අපිව පිළිගනිද්දී, අපි වාට්ටුවට එබිකම් කළේ තරමක ගැහෙන හදකින් යුක්තවයි. 


දෙනෝ දාහක් රෝගීන් දිනපතා දු‍ටුවත්, මල් වගේ අහිංසක පුංචි වුන් පිළිකාවක් වැනි රෝගයකින් පීඩා විඳිනවා දකින්න තරම් දෙනෙත් පව් කළාද කියන සිතිවිල්ලත් එක්ක ඒ වාට්ටුවට යන්නට හිත හදා ගන්නටත් තරමක් අපහසු වුණා.


බැලූ බැල්මට නම් එය ද සාමාන්‍ය ළමා වාට්ටුවකටම සමානයි. සිනාසෙන , දඟලන, දුවන පනින පෙරළෙන කුඩා වුන් සැබෑම දඟකාරයි.පිළිකා රෝගයේ ප්‍රතිකාර වලම ප්‍රතිඵලයක් විදියට ගොඩක් අයගෙ හිසකෙස් නැත්තටම නැති වෙලා ගිහින්.ඒත් ඒ ගැන වගක් වත් නැති ඔවුන් එකිනෙකා සමග කෙළිදෙලින්. නමුත් අම්මලාගේ ඇස් වල තියෙන බලාපොරොත්තු රහිත බව,අනාගතය පිළිබඳව අවිනිශ්චිත බව දෙනෙතට කඳුළු නංවන සුළු වුණා.


ඇතැම් මව් වරුන් තමන්ගේ දරුවා සමග අවුරුද්දකට වැඩි කාල සීමාවක් වාට්ටුවවේ ගත කර තිබුනා.මේ දරුවන් අතරින් සුලභම වූයේ ලියුකීමියා රෝගී තත්වයයි. acute lymphoblastic leaukaemia  ඒ අතරින් ප්‍රධාන වුණා. නමුත් වාසනාවකට වගේ  දීර්ඝ කාලීන ප්‍රතිකාර වලින් සුව වීමේ වැඩිම සම්භාවිතාවයක් ඇති ලියුකීමියා තත්වයත් එයමයි. ඒ හැරුනු විට hepatoblastoma , retinoblastoma වැනි ළමා වියේ පිළිකා වැළඳුනු දරුවන් කිහිප දෙනෙක් ද සිටියා. 


වාට්ටුදවේදී යමක් ඉගෙනීමටත් වඩා අපේ කාලය පුංචි ළමුන් සමග කතා බස් කරන්නට වැය වුනා කිවුවොත් වඩා නිවැරදියි. දින කිහිපයක් තුළ වාට්ටුුවේ සිටි සියළුම ළමුන්ගේ නම් මතක තබා ගැනීමට තරම් අප ඔවුන් ට සමීප වුණා.


ඒ අතරින් සිතුමි පුංචි සුරංගනාවක් වගේ. වයස අවුරුදු 4 කට වැඩි නැහැ. පැහැපත් පුංචි මූනත්, කැරලි ගැසුණු කොන්ඩයත් ඇයට ගෙනත් දුන්නේ හරිම හුරතල් පෙනුමක්.


කාලයක් තිස්සේම නිතරම හට ගැණුනු උණ සහ හෙම්බිරිස්සාව ඔස්සේ කළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසට ඇයට ලියුකීමියා තත්වයක් ( acute lymphoblastic leukaemia) වැළඳී ඇති බව නිර්ණය වෙලා තිබුණා.ඒ සඳහා චෙමොතෙරප්ය්  ප්‍රතිකාරය කිරීම සඳහායි ඇය වාට්ටුවට ඇතුළත් කරනු ලැබ සිටියේ.


වාට්ටුවේ සියලුම වෛද්‍ය  වරුන් සමග ඇය බොහෝ සෙයින් සුහද වී සිටියා. නමුත් වෛද්‍ය සිසුන් වූ අපත්,හෙදියනුත් ඇගේ ප්‍රධානම සතුරන් ලෙසයි ඇය විසින් සලකනු ලැබුවේ. දින කීපයක්ම වාට්ටුවේ සිටීමෙන් ඇය මහත් වූ නොසන්සුන් තාවයකට පත්ව සිටියා.විවිධාකාර බෙහෙත්, සිරින්ජර ‍රැගෙන නිතරම තමන් වෙත පැමිණෙන සියලුම හෙදියන් ඇගේ තර්ජන වලට ලක් වුණා.  හෙදියන් මෙන්ම සුදු ඇඳුමින් සිටි අප සහ හෙදියන් අතර වෙනස වටහා ගැනීමට නොහැකි වූ ඇයගෙන අප වෙත ද කිසිදු සුහදත්වයක් පල වූයේ නැහැ.


වරක් ඇය වාට්ටුවවේ සිටි කුඩා ළමයෙකු සමග සෙල්ලම් කරමින් සිටියා. ඔවුන් දෙදෙනාගේ සිනහවට මමත් එක් වූයේ නිතැතින්මයි.
 "මොකද ඔය හිනා වෙන්නෙ? එපා මාත් එක්ක හිනා වෙන්න. මම හිනා වුනේ මේ මල්ලි එක්ක" 
මගේ සිනහව අපහසුවෙන් තද කරගත් මා සෙමින්ම එතනින් මෑත් වුණා. වරින් වර සිදු වූ මෙවැනි සිදුවීම් වලින් ඇය වාට්‍ටුවේ සිටීමෙන් පසු වූ නොසන්සුන් බව මැනවින් ප්‍රකට වුණා. ඇයට ඉක්මනින් නිවෙස කරා යන්නට ලැබේවායි ප්‍රාර්තනා කිරීම හැරෙන්නට අපට කිරීමට වැඩි යමක් තිබුණේ නැහැ.


සතියකට පසුව අප වෙනත් වාට්ටුවකට ගියේ මතකයන් ‍රැසක් සිතේ දරාගෙනයි. ඒ මීට වසර එක හමාරකට පමණ කලින් වූ සිදුවීම් පෙළක මතයක්. සිතේ කොහෙදෝ නිධන් වී තිබුණු පුංචි සිතුමි පිළිබඳ මේ මතකය නැවතත් අවදි වුණේ පසුගිය දිනෙකයි.


මහරගම නගරයේ ගිනි ගහන කාශ්ඨක අවුවෙන් බේරීමට මා කඩිනමින් පිය නගමින් සිටියා. තරමක් හුරු පුරුදු පෙනුමකින් යුතු කාන්තාවක් මා ඉදිරියට එමින් සිටියා. ක්ෂණිකවම මා හට ඇය කවරෙකුදැයි සිහිපත් වුණා. ඒ සිතුමිගේ මවයි. ඇගේ මුහුණේ වූ විඩාපත් බව වදන් වලින් තොරවම දිග කතාවක් පැවසුවා. දින දෙක තුනක් තුළ වාට්ටුවම එපා වී සිටි සිතුමි තවමත් පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ.......





9 comments:

  1. පලවෙනි පාරටද මංදා මේ බ්ලොග් එක නෙත ගැටුනේ! දිගටම එන්න බලාපොර්තු වෙනවා~

    ReplyDelete
  2. yes actually this blog is a good one.nice articles to read....

    ReplyDelete
  3. අක්කා විදුසරට ලියපු ලිපියක් කියවපු මුල්ම දවසේ මම හිතුවා හැමදාම ඒක කියවනවා කියලා. ඊට පස්සේ මම හැමදාම විදුසර ගත්තෙත් අක්කගේ ලිපි කියවන්න. අක්කගේ ලිපි තිබ්බේ නැති දවස් වල හිතුනා මොකට පත්තරේ ගත්තද කියලා. ඒ තරමට මම ඒ ලිපි ආසාවෙන් කියෙව්වා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දවසක් අක්කා ඇහුවා "තාමත් පොඩි බබා වගේ විදුසර ගන්නවද?" කියලා ඇත්තම කිව්වොත් මම විදුසර ගත්තේ අක්කගේ ලිපි කියවන්නයි, මනෝ වෛද්‍යවරයගේ පිළිතුරු කියවන්නයි. ඒ මොකද කිව්වොත් මගේ ලොකු උන්නදුවක් තිබ්බා මානසික රෝග ගැන දැන ගන්න. මම දන්න තරමින් මානසික රෝග තියන අයත් මේ වගේම ගොඩාක් දුක් විදිනවා.....

    ලෙඩ නිසා මිනිස්සු වගේම සත්තුත් කොච්චර දුක් විදිනවද. ගොඩක් දුකයි මේවා අහද්දී, දකිද්දී, කියවද්දී.....
    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න මම වෙන මොනව කරන්නද.....

    අක්කට දැන් වෛද්‍යවරියක් විදිහට මෙහෙම දුක් විදින අයට ගොඩාක් උදව් කරලා, ගොඩාක් පින් කරගන්න පුලුවන්.....

    මම හැමදාමත් අක්කගේ හොද වැඩවලට සුභ පතනවා !!!!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔය පිළිකව කියන වචනෙත්, ALL කියන වචනෙත් මගේ ජිවිතේට ලොකු බලපෑමක් කරපු වචන දෙකක්. වෙලාවකට මහා දුකක් ඇති කරනවා ඔය වචන 2 ඇහෙද්දිත්.
    සිංදු පුලුවන්නම් ඔයා මේ වගේ ලිපි වලින් අපිව දැනුවත් කරන්න,අනික විදුසර පත්තරේට ලියපු ලිපි පුලුවන් නම් ආයේ බ්ලොග් එකේ ලියන්න ගන්න,,ඔයාගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් වැය කරන්න.අපි කියවන්න ඉන්නවා

    ReplyDelete
  6. මමත් කැමතියි විදුසර පත්තරේට අක්කා ලියපු ලිපි ටික මේ බ්ලොග් එකට දානවනම්.....

    ReplyDelete
  7. මේ ලෝකේ යුද්ද කරන්න වියදම් කරන සල්ලි වලින් සියයට දශම එකක් වියදම් කලොත් මේ රෝගයට පිලියමක් හොයාගන්න පුළුවන් වෙයි එත් මිනිස්සු මරාගන්න එකටනේ වඩා කැමති..

    ReplyDelete
  8. sabith - ඇත්තටම එන්න. මම ගොඩක් කැමතියි

    srimal ayiya. thank you very much

    අමා නංගි - ගොඩාක් ලියපු ඒවාගෙ සොෆ්ට් කොපි මගේ ලඟ නෑ නංගි. පත්තරෙන්ම තමයි බලලා ලියන්න වෙන්නෙ ආයෙමත්. මමත් ගොඩාක් ආසාවෙන් ලිවුවෙ නංගි ඒවා.. කිසිම වාසියකට නෙමෙයි, මගෙ සතුටට. ඒ වගේම ඒ එක ලිපියකින් හරි,කවුරු හරි කෙනෙක් ට මොකක් හරි හොඳක් වුණා නම්, ඒක ලොකු සතුටක්

    ItalyDilan -ඒක ඇත්ත. පිළිකා ගැන නම් කතා ගොඩයි. සතුටෙන් කෙළවර වුණ කතා අඩුයි.

    සරත් අයියා - එහෙම කරලා කොහොමද අයියෙ, ලෝකෙ සමහර රටවල් දියුණු වෙන්නෙ යුද්ධ කළොත් විතරනෙ.... පාලකයන්ගෙ සාක්කු හිස් වෙයි මරා ගැනිල්ල නැවතුනොත්

    ReplyDelete
  9. @Sindu akkiya, Akkiyata puluwan nam aluthen type karala hari akkiya Vidusarata damma lipi tika me blog ekata daanna aththata ma godaaaak watinawa akkiyo. Me lipiya kiyewwa ha ma mata th godaaak duka hithuna akkiyo. Mal wage asarana podi lamai leda wela wedanawen ka gahanawa mathak wenakota th pudumakara dukak athi wenne. Leda duk hadenna wayasak nane akkiyo. Api unath ada mehema hitiyata heta wenakota mareida kiyala kiyanna bahane. A nisa akamaththen unath apata me dewal dara ganna wenawa. neda akkiyo ? Math podiiii lamainta godaaak adarei. Eyala andanawa dakka th mata wishala dukak athi wenne. Akkiyage me lipiya kiyewwaha ma mata kiyala nima karanna bari tharam dukak athi une akkiyo.

    ReplyDelete