ගැබිණි වාට්‍ටුවේදී...........


        ගොඩක්‌ ම පුංචි කාලේ ඉඳල ම මට තිබුණ ප්‍රශ්නයක් තමයි මාව අම්මට ලැබුණෙ කොහොම ද කියන එක. එක එක අය කිවුවෙ එක එක කතා. 
         පුංචි කාලෙ යාළුවෙක්‌ මට කියල දීල තිබුණා අම්මලා ගොඩක්‌ කට ඇරියාම තමයි බබාලා ඒ කටින් එළියට එන්නේ කියලා. 
ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න මට තවත් කල් ගියා. කොහොම වුණත් අම්මලාට ඇත්තට ම බබාලා ඉපදෙන හැටි දකින්න නම් පුළුවන් වුණේ, වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා අවුරුදු තුනකුත් ගෙවුණාට පස්‌සෙ.




ප්‍රසව හා නාරිවේද වාට්‌ටුවේ සූතිකාගාරයට යන්න අපි හැමෝ ම උනන්දුවෙන්, කුතුහලයෙන් හිටියෙ කිවුවොත් නිවැරැදියි. සූතිකාගාරයෙ පළමු දිනය මගේ ජීවිතේ කවදා වත් ම අමතක නො වන දිනයක්‌. දරු ප්‍රසූතියක්‌ අතරමඟ දි කලන්තය සෑදුණ මිතුරන් දෙදෙනකු හැරෙන්නට අප සියලු දෙනා ම අවසානය දක්‌වා ම එහි රැඳී සිටියා. 


පැය කිහිපයක්‌ පුරාවට අම්මලා විඳින වේදනාව දැක්‌කම මගේ අම්ම ගැන ආදරය තවත් වැඩි වුණා. සූතිකාගාරයේ දොර අසල බලාපොරොත්තු සහගත, නො ඉවසිලිමත් ආදරයකින් පිරුණ ඇස්‌වලින් බලාගෙන ඉන්න තාත්තලා දැක්‌කම මගේ අප්පච්චි ගැන ආදරය තවත් වැඩි වුණා. 


බබා එළියට එනකම් වරින් වර දැනෙන වේදනාවත් එක්‌ක පොර බදන අම්මලා දකිද්දි හිතට දැනෙන්නේ මාතෘත්වය පිළිබඳව ගෞරවයක්‌. 
දරුවා එළියට එන්න උදව්වක්‌ විදියට පුංචි කැපුමක්‌ ඇති කරනවා. episiotomy කියලා හඳුන්වන්නෙ ඒ කැපුම. නමුත් ඒ වේදනාව ඒ මොහොතෙ දී නො දැනෙන්නේ දරුවා බිහි වන අවස්‌ථාවේ දී දැනෙන වේදනාව වඩා ප්‍රබල නිසා වන්නට ඇති. දරුවා ලැබුණාට පස්සෙ මේ කැපුම මහනවා දිය වෙන නූල් වලින්.


ඒ මොනව වුණත් දරු ප්‍රසූතියට උදව්වක්‌ විදියට යොදන මේ පුංචි කැපුම මහන්න නම් ගොඩාක්‌ කල් බලාගෙන ඉන්න වුණා. 


"නංගි මහන්න පුළුවන්ද? HO අක්‌කා (house officer) ඇහුවෙ සාත්තු සේවිකාව, අලුත ඉපදුණ බබාව ඇතුළෙ කාමරයට අරන් ගියාට පස්‌සෙ. හිතට තිබුණ උනන්දුව නිසා හා කියලා කිව්වට අක්‌කා ගියාට පස්‌සේ නම් දැනුණේ කකුල් දෙක ම වෙව්ලනවා වගේ. 


ඒත් අන්තිමේ දි අවශ්‍ය උපකරණ ටිකත් ළං කරගෙන වාඩි වුණේ හිතට පුළුවන් තරම් ධෛර්යය අරගෙන. "නංගි හරියට ගානට මහන්න, නැත්නම් ඉතින් ගුටි කන්න වෙයි. " SHO අයියා (Senior house officer) ඇවිල්ලා විහිළු කරද්දී තවත් බයයි. 


හිරි වට්‌ටන බෙහෙත් විදලා පටන් ගත්තා වුණත් හිතේ බයටත් එක්‌ක වෙන්න ඇති අම්මට වේදනාවක්‌ දැනෙනවා. ඒ නිසා ඇය ගෙ සහයෝගයක්‌ නැති තරම්. 


"මේක ඉවර කරන්න උදවු කරන්න අම්මා" මම හැම වෙලාවෙ ම කිව්වේ එච්චරයි. ඒත් ඇගෙන් කිසි ම සහයෝගයක්‌ නො ලැබෙන පාටයි. මගේ යාළුවෝ ටිකත් වට වෙලා බලාගෙන ඉන්නවා විතරයි.
     ජීවිතයේ පළවෙනි වතාවට ඒ වගේ ලොකු episiotomy 1ක් මහන්න වෙන හැමෝටම දැනෙන "හොල්මන්" ගතිය මටත් ඒ විදියටම හෝ ඊට ටිකක් වැඩියෙන් දනෙමින් තිබුණ.


"තව තියනව ද?" අම්මා නිතර ම මගෙන් ඇසුවේ වේදනාවෙන්. 
"තව චුට්‌ටයි" මගේ පිළිතුර නමුත් මා ඉවර කර තිබූ ප්‍රමාණය ඇය හැරෙන්නට එතැන සිටි සියලු දෙනා ම දැනගෙන සිටියා.

 මේ විදියට ටිකක්‌ වෙලා මම වක්‌ වූ ඉඳිකටුව සහ නූල සමග පොර බැද්දා. අම්මා ගේ වේදනාත්මක හඬ මාව තවත් අපහසුතාවට පත් කළා. ඇගේ කෙඳිරිය වැඩි වනවා මිස අඩුවක්‌ නම් වුණේ නෑ. 


ඒත් තවත් සුළු මොහොතකින් සූතිකාගාරයේ සාත්තු සේවිකාවක්‌ බබා රැගෙන ආවා. සිහින් ස්‌වරයකින් බබා අඬනවා "අම්ම ගේ ඇඩීමට බබා ගේ ඇඩීමත් එකතු වුණොත් නම් ඉවරයි." මට හිතුණා. 


ඒත් අම්ම ගේ උණුහුම ලැබුණා විතරයි පුංචි පුතා නිහඬ වුණා. ඒ එක්‌ කම අම්මත් නිහඬ වුණා. ලොකු හිනාවකින් පුතාව අතට ගත්තු අම්මා කිරි දෙන්න පටන් ගත්තා. දෙන්නම නිශ්ශබ්දයි. ඒ නිසා එතනින් පස්‌සේ මගේ කාර්යය වැඩි අපහසුවකින් තොර ව කරගෙන යන්න මට පුළුවන් වුණා. 


"හරි අම්මා... මහලා ඉවරයි." අම්මා සැනසුම් සුසුමක්‌ හෙළුවා.


"විනාඩි 45ක්‌ ගියා" මිතුරියක්‌ මගේ කණට කෙඳිරුවා, මගේ නෙත් ඔරලෝසුව දිහාට හැරුණෙ ඉබේම. "ඇත්තමයි" වෙනදාට HO අක්‌කා විනාඩි 15න් කරන දේට මට විනාඩි 45ක්‌ ගිහින්. එච්චර වෙලාවක්‌ අම්මා නිහඬ ව හිටියේ පුංචි පුතාව අතට දුන්න නිසා. මාතෘ ස්‌නේහයට කළ හැකි දේ බොහොමයි. මට ආයෙමත් හිතුණා.


(පරණ පත්තර ටිකක් පෙරලනකොට මම කාලෙකට ඉස්සර වෙලා විදුසරට ලියපු මේ ලිපිය හම්බුණේ. ලියන්න වෙන දේවල් ඕනා තරම් තිබුණත්,මේක මගෙ බ්ලොග් එකට යන්නම ඕනා දෙයක් කියලා හිතුණා.)

Comments

  1. අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙටද උපද්දවද්දී ඇයට දැනෙන වේදනාව ගැහැණු කෙනෙක්ට ලැබෙන ලොකුම වේදනාව කියලා මම අහලා තියෙනවා.. එකනේ අම්මලා අපිට මේ තරම්ම ආදරේ :)))

    ReplyDelete
    Replies
    1. අපිත් අම්මා ට මේ තරම් ආදරේ ඒකයි නංගි. ඒ බැඳීම කවදාවත් වෙනස් කරන්න බෑ.

      Delete
  2. අම්මේ ජීවිතේට ටීචින් හොස්පිටල් එකකටනම් බබාලා හම්බෙන්න යන්න එපෝ :) :)

    ReplyDelete
    Replies
    1. sirawata. unta nam jolly.

      Delete
    2. අන්න ළමයා ට වැරදුන තැන...!!! හොඳම තැන තමයි ටීචින් හොස්පිට්ල්. මොකද අනිවාර්යෙන් පැය විසිහතරම කවුරු හරි ඩොක්ට කෙනෙක් හරි ස්‍ටුඩන්ට් කෙනෙක් හරි වාට්‍ටුවෙ, සූතිකාගාරයෙ ඉන්නවා. ඒ වගේම ඒවාගෙ ඉන්න හෙදියන්ට , සාත්තු සේවිකාවන්ට තරම් හොඳ පුහුණුවක් තියෙන්නෙ නෑ වෙනත් රෝහල් වල. (අනිත් එක , මේ වගේ තත්වයක් මතු වෙන්නෙ, පළවෙනි , දෙවෙනි වතාවට මහනකොට විතරයි) ඒ නිසා බය වෙන්නෙ නැතුව යන්න, මම නෙ කියන්නෙ. ;-)

      ඇනෝ- මොකද්ද දන්නෙ නෑ නේද ඔයා දන්න අපි නොදන්න ජොලිය? රෑ තිස්සෙ නිදි මරාගෙන, අම්මලාගෙ බඩේ ඉන්න බබාගෙ හද ගැස්ම වැටෙන හැටි, අම්මා ගෙ බබාව ලැබෙන්න තව කොච්චර වෙලා තියනවා ද කියලා බලාගෙන ඉන්න හැටි, විනාදි 15න් 15ට රුධිර පීඩනය, හුස්ම ගැනීමී වේගය, ගර්භාෂ්යේ සංකෝචනය වීම බලන හැටි වගේ දේවල් වෙන්න ඇති මම හිතන්නෙ....

      Delete
    3. බූඩි පලවෙනි කමෙන්ට් එකනම් දැම්මේ විහිලුවට, මහන එක ගැනම නෙමේ බූඩි කිව්වේ. බූඩිගේ හාමිනේ දිහා බලලා ඒ ගැන ඉගෙන ගන්නවාට අකමැති නිසා තමා බූඩි විසින් මෙහෙම කමෙන්ට් එක දැමුනේ, විහිලුවක් ලෙස හෝ. කොහොමත් ටීචින් හොස්පිටල්ස් ගැන බූඩිගේ ඇත්තේ ප්‍රසාදයක් නොවේ. පාදක වන කරුණු රාශියක් තියෙනවා, මොකද බූඩිගේ පවුලේ අයත් සම්බන්ධ ඔය වෙදකමටම නිසාම, බූඩි හැර :). සටහන් කිරීමෙන් වලකිනවා මොකද බූඩි දොස්තරලා ගැන කතා කරන්න අකමැති නිසා. දැන් හිතන්න මෙහෙම හැමෝම හිතුවොත් දොස්තරලා කොහොමද ඉගෙන ගන්නේ කියලා, ඉතින් ඒක සරලව බූඩිට අදාල දෙයක් නෙමේ. වරදවා වටහා ගන්න එපා මට දොස්තරලා පෙන්නන්න බැරි ලෙඩක් නැත :)

      Delete
    4. හරි හරි විහිලුවට තමයි කියලා තේරෙනවෝ.... ඒත් ඉතින් අපි ඉගෙන ගත්තු තැන් වලට එහෙම කියනකොට මොකද්ද දුකක් එනවා හිතට.

      Delete
  3. මගෙත් අමතක නොවෙන දවසක් තමයි ඒක! දවසක් මං ඇඳුම අරං යන්න බැරි වෙලා හරි මොනා හරි වෙලා හරි OT එක ඉස්සරහට වෙලා වාඩි වෙලා හිටියා! සාත්තු සේවිකාව ඇවිත් අලුත උපන් බිලිඳෙක් තාත්ත කෙනෙක්ට පෙන්නුවේ ඒ වෙලාවේ! ඒ මුහුන,ඒ හැඟීම් තුලින් මං,මං ඉපදුන දවසේ මගේ තාත්තව මවා ගත්තා~

    ReplyDelete
    Replies
    1. තාත්තා කෙනෙක්ගෙ හිත ඇතුළෙ ඉපදෙන ආදරේ සමහර වෙලාවට අම්ම ගෙ ආදරේටත් වඩා ගොඩාක් ප්‍රබලයි.

      Delete
    2. පිය සෙනෙහසට කව් ගී වගේම බ්ලොග් ලියවුනා මදි.................

      Delete
  4. ඇයි අනේ තව පොඩි කාලේ අහපුවාම සමහරු කියන්නේ කොක්කු ගෙනත් දාල ගියා කියලා. මට තිබ්බ ඒ කාලේ ප්‍රස්නේ කොක්කු කොහොමද ඒ හටි බරක් උස්සන් ඉගිල්ලුනේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කනියාගෙ බර කීයද දන්නෙ නෑ නෙ? (මම මේ බැලුවා කවුද මේ කනියා කියලා. බලනකොට මම හැමදාම කියවන අපේ සෙට් එක ලියන කොල්ලා නෙ

      Delete
  5. අද ලෝකේ ගොඩක් රටවල සූතිකාගාරයට ස්වාමි පුරුශයන්ටත් යන්න චාන්ස් එකක් දෙනවලු නේද, මේ ලගදී හිතවත් කෙනෙක් එහෙම ගිහිල්ලා,තමන්ගේ බිරිද ලගින් ඉදිල්ල කෙසේ වෙතත් පොර කලන්තේ දාලා එතනම බිමලු,,එහෙන් ඔලුවත් බිම වැදිලා,,,පොරව එහෙම්ම වාට්ටුවකට යවලා..
    ලංකාවෙත් එහෙම කරනවද පුද්ගලික රෝහල්වල, එහෙම දෙන එක හොදයි මම හිතන විදිහට නම්....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පෞද්ගලික රෝහල් වල තියනවා. මම දන්න විදියට කරාපිටිය රෝහලෙත් එහෙම එකක් පටන් ගන්න ගියා, දැනට ක්‍රියාත්මක වෙනවාද නම් දන්නෙ නැ. අපේ දුප්පත් රජයේ රෝහල් වල ඒක තවම ටිකක් අමාරුයි, මොකද එහෙම කරනවා නම් වෙන වෙනම කාමර තියෙන්න ඕනා එක එක අම්මා ට. (රිප්ලයි මෙහෙම දාන්න පුළුවන් කියලා මගෙ ඇස් දෙක ඇරලා පෙන්නුවාට ස්තූතියි ඩිලාන්)

      Delete
    2. ලංකාවේ පුද්ගලික රෝහල් බොහොමයක්ම පාහේ මෙම පහසුකම ලබාදෙනවා !
      http://www.ninewellshospital.com/ මෙය ලංකාවේ ප්‍රමුඛම හා විශ්වාසවන්තම දරුවන් බිහි වීම ආදී දෑ සදහාම ප්‍රමුඛ වූවක්. දැන් නම් මේකේ වී.ඕ.ජී. ඩර්ඩන්ඩ්ස් එකෙත් ඉන්න නිසා ඒකට ගියත් කමක් නෑ. පුද්ගලික රෝහල් වල අපේ කැමැත්තට අනුව සීසර් කරලා ලමයා ගන්න පුලුවන්කම සලසා දීම නිසා තමා බූඩි කැමති. ලේසි ක්‍රම තියෙද්දි මොකටද දුක් විදින්නේ. සිසේරියන් සැත්කම සිදු කරද්දිත් ලග ඉන්න පුලුවන්.

      Delete
    3. ඔව්, මම මගේ දුවලා දෙන්නා ලැබෙන කොට (සිසේරියන් සැත්කම)බිරිද ලග හිටියා. ඒක ඇයට ඒ අවස්ථාවට මුහුන දෙන්න ලොකු ශක්තියක් උනා. දරුවන් මුලින්ම ලැබුනෙත් මගේ අතට.

      Delete
    4. buddhie - සීසර් කරන එක මතුපිටින් බලද්දි නම් හොඳයි තමයි. ඒත් ඒ සැනසීම ඒ වෙලාවට විතරයි, සීසර් එකේ අතුරු ප්‍රතිඵල ගොඩක් වැඩියි බූඩියො. එන්න එන්නම වැඩි වෙන pacenta previa, placenta acreta වගේ තත්ත්වයන් ට ප්‍රධානම හේතුව කලින් ප්‍රෙග්නන්සි එකේ සීසර් එකක් වීම. ඒ වගේම post partum hemorrage කියලා හඳුන්වන, මාතෘ මරණ වලට ප්‍රධානම හේතුවත් ගොඩාක් වෙලාවට සීසර් වලම අතුරු ප්‍රතිඵලයක්. රජයේ ඉස්පිරිතාල වල පුලුවන් තරම් නෝමල් විදියට බබාලාව ගන්න උත්සාහ කරන්න එක හේතුවක් ඒක. පෞද්ගලික රෝහල් වල නම් ඉතින් සීසර් කරන්නෙ ......... $$$$$$$$$$$

      Sadeepa -ඒක ඇත්තම ඇත්ත. එහෙම කරන්න පුළුවන්නම් හැම තැනම කොච්චර හොඳද....

      Delete
  6. @Sindu akkiya, Daruwek wa pilisinda gaththu dawase idan ma amma kenek a daru gaba raka ganna darana uthsahaya kiyala nima karanna bari tharam akkiyo. Kamak unath kannata kalin eken daruwata haniyak weida kiyala hoyala balala ehema wenne nathnam witharai kanne. Gamanak yanakota unath koi tharam nam salakilimath wenawada. Dasa masayak daru gaba daragena sitimama adahanna watina deyak ne akkiyo. Ehema duk windala anthimedi daruwawa me loketa bihi karanakota th anatha apramana dukak ne windinne amma kenek. A wedanawa amma kenek dara ganne mathruuu snehaya nisa kiyalai mata nam hithenne akkiyo. Man meke vidyathmaka pasubima nam danne naha akkla wage. Mata hithenne nam ehemai. Man waradi nam mawa niwaradi karawanna akkiyo. Ithin a tharam athi wishala duk kandarawak windawala apiwa me loketa bihi karawala apiwa adarayen hada wada gaththu demawpiya ta api koi tharam salakuwath madi kiyalai mata nam hithenne akkiyo. Akkiya me wage ape jeewitheta godaaak wadaga th wena lipi rashiyak me blog eke post karanawa ta akkiyata kohoma sthuthiwantha wenna da manda. Issara Vidusara paththare akkiyage lipi keepak ma man dakala thiyenawa. Ewa me blog eketa th dapu eka gana nam man akkiyata kohoma sthiwantha wenna da manda. Mata th a gana aththata ma hariiiiiiima sathutui akkiyo. Idiriyata th me wage lipi me blog eke pala karanna kiyala man akkiyagen illa sitinawa.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ස්තූතියි මල්ලි.

      Delete
  7. මට මේ ලිපිය හොදට මතකයි.....
    මේවගේ වේදනා විදලා අලුත් ජීවිතයක් ලෝකයට දායාද කරන කාන්තාවට ලෝකයේ කොච්චරනම් අසාධාරනකම් වෙනවද.....
    මිනිස්සු මේවා කවදා තේරුම් ගනීද?????
    මිනිස්සුන්ගේ ඇස් අරින්න පුලුවන් මේවගේ දේවල්, පුලුවන් හැමවෙලාවකදිම බ්ලොග් එකේ දාන්න අක්කේ.....

    ReplyDelete
  8. හ්ම්.... මටත් මතකයි අවුරුදු තුනකට කලින් දුව හම්බවෙන්ට හිහින් දැනුනු දෙවල්...අන්තිමේ සාමන්‍ය විදියට බබා නොලැබුණු නිසා සීසර් කරන්ටත් සිද්ධ උණා. ඒත් දුව අතට ගත්තාම ඒ ඔක්කොම වේදනා ඉවරයි වගේ දැනුනා. ඒත් ඉතින් සීසර් කරපු තුවාල හොඳ වෙන්ටත් හුඟ දවසක් ගියා.දැන් නම් ඉතින් දූ පැටියා දැක්කාම හිතෙන්නෙ ඒ විඳපු දේවල් හරිම පුංචි දේවල් විදියටයි.....

    ReplyDelete
  9. මගේ යාළුවෙක් ගේ wife ගේ SHO අයියා කිව්වා වගේ හරි ගානට නැතිව වැඩියෙනුත් මහලා...
    වැඩියෙන් මහලා කියලා දන්නේ බබා ලැබිලා මාසයක් 2ක් ගිහින්. අයෙත් කපන්න වුනාලු.

    ReplyDelete

Post a Comment