මේ සිද්ධිය ගැනත් විදුසර ට මම ලියලා තියනවා.... ආයෙමත් ඒ ගැන මගෙ බ්ලොග් එකෙත් ලියන්න හිතුවෙ මේ දවස් වල හැම තැනම උණුසුම් විදියට සිද්ධ වෙන කතා බහ නිසා.
ඇතැමකුට මෙය ඉතා සුළු සිද්ධියක් ලෙසින් දැනෙන්නට පුළුවන. එහෙත් මේ සිදුවීම මා තුළ දැඩි කම්පනයක් ඇති කළ, බොහෝ වේලාවක් සිතන්නට සිදු වුණ සිද්ධියක් විය.
මුළු ලංකාව පුරා ම සිටින්නේ රෝගීන් දැයි සැක පහළ වන තරමට ම සායන ගොඩනැඟිල්ල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ඇඟිල්ලක් ගැසීමට වත් ඉඩ නැති වන පරිදි එහා මෙහා යන මිනිසුන් අතරින් මා මගේ මිතුරකු ගේ පියා සොයා ගැනීමට උත්සාහ දැරුවේ ඔහුට අදාළ විකලාංග ( ) සායනය වෙත කැඳවාගෙන යැමට ය.වෙද නළාව සහ සුදු කෝට් එකට පින්සිදු වන්නට වැඩි කරදරයකින් තොර ව සායනික ගොඩනැඟිල්ලේ එහා මෙහා යන්නට නම් හැකියාව ලැබිණ.
වේලාව පෙරවරු 10 වත් පසු වී නො තිබුණ ද ඇතුළත වූයේ දැඩි රස්නයකි. පිටත වැහි මන්දාරමත් සමග ම වූ ඒ දහදිය දමන ස්වභාවය සිතට ගෙන දුන්නේ පහන් සිතිවිලි නම් නො වේ. මා හට උවමනා වූයේ මිතුරා ගේ පියාට අවශ්‍යය උපකාරය කර කෙසේ හෝ එතැනින් පිට ව යැමට ය.
"රතු නොම්මර ඇතුළට එන්න"....
නිල් නොම්මර ඇතුළට එන්න"....
"වෙලාව එනකම් එළියෙන් ඉන්න"
"කියන එක තේරෙන්නෙ නැද්ද?.......ලෙඩා විතරක් ඇතුළට එන්න" රෝහල් සේවකයන් ගේ හඬ අවට පරිසරයට එකතු කළේ තවත් කලබලකාරී බවක්.
දහසකුත් එකක් රෝගීන් අතර මම මගේ මිතුරා ගේ පියා සෙවීමි.
කුමක් හෝ සායනයක් තුළට ඇතුළු වීමට එක් කාමරයක් අසල රෝගීන් අතර දැඩි කලබලයකි. ඒ අතර රෝද පුටුවක සිටින මහලු කාන්තාවක් ද එතුළට යැමට උත්සාහ දරයි. වැසුණු දොර විවර කිරීම සහ රෝද පුටුව කාමරය තුළට තල්ලු කිරීම ඇගේ දෑත්වලින් කෙසේ වත් කළ නොහැකි විය. අහම්බෙන් මෙන් ඇය මා දුටුවා ය.
"අනේ පුතේ මාව ඇතුළට දාන්න. රතු නොම්මරවලට ඇතුළට එන්න කිවුවා. මම රතු නොම්මර 03"
මගේ එක් අතක පොත් දෙකකි. ඒවා පසෙකින් තැබීමට වත් ස්ථානයක් නැත. එසේ හෙයින් මම තනි අතින් රෝද පුටුව තල්ලු කිරීමට උත්සාහ දැරුවෙමි. එහෙත් එය කාමරය තුළට ඇතුළු කිරීමට යෙදූ ශක්තිය ද ප්‍රමානවත් නො වී ය. පහසුවෙන් කරකැවෙන්නේ නැති රෝදවලට හේතුව කලකින් අලුත්වැඩියාවක් නො කෙරුණ නිසා වන්නට ඇත.
මම අවට බැලීමි. සියල්ලෝ ම තම තමන් ගේ වැඩ රාජකාරිවල නිරත වී සිටිය හ. එක් රෝහල් සේවකයකු පමණක් අප දෙස බලා සිටියි.
"මේ ආච්චිව ඇතුළට දාන්න පුළුවන් ද? මම ඔහු ගෙන් විමසුවෙමි. ඔහු ගේ පිළිතුර මා විමතියට පත් කරන්නක් විය. "මම මේ ක්ලිනික් එකේ නෙමේ....... එහා පැත්තේ කිනික් එකේ වැඩ" එසේ පවසා ඔහු එතැනින් නික්ම ගියේ ය. "කාට හරි උදව්වක් කරන එක රාජකාරියට එච්චර බාධාවක් ද?" මුවට නැගුණ වදන් පෙළ නො කියා ම මම ගිල ගත්තේ එය ඇසෙන මානයක ඔහු නො සිටි නිසා ය.
එම මහලු කාන්තාව හමුවේ මා පත් වූයේ කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට ය. බණ අසන, බණ කියන රටක් පත් වී ඇති තත්ත්වය.... !!!!
වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලය ද දිවා රෑ නො බලා කරන සේවයෙහි ප්‍රථිපලය වන්නේ ලෙඩට දුකට පිළිසරණ පතා එන රෝහල රෝගීන්ට ප්‍රසන්න තැනක් බවට පත් වීම ය. එහෙත් මෙවැනි සුළු සිද්ධීන් නිසා වුව, එම වටිනාකම බිංදුවේ අගයට පත් වන බව නො වැටහෙන මෙවන් මිනිසුන් රෝහල් සේවය වැනි උතුම් දෙයක් සඳහා සුදුසු ද යන්න ද ගැටලුවකි.
(අපේ ශික්ෂණ රෝහල් වාට්ටු සංකීර්ණයට ඇතුළු වන විදුලි සෝපානය අසල බලා සිටින සැම ගේ නෙත ගැටෙන මියුරල් සිතුවමක් ඇත. ඉන් පිළිබිඹු වන්නේ පූතිගත්තතිස්ස තෙරුන්ට උවටැන් කළ බුදුරදුන් ය.
නෙතින් එදෙස දහස් වර බලන්නට ඇතත් කිසි දිනෙක ඒ පිළිබඳව මේ සේවකයා සිතා බැලුවා ද යන්න ගැටලුවකි.)
රෝද පුටුවේ ආච්චි අම්මා තවදුරටත් මගේ උපකාරය බලාපොරොත්තුවෙන් මා දෙස බලා සිටියා ය. නැවතත් මම ඇගේ රෝද පුටුව තනිවම තල්ලු කරන්නට අත තැබීමි.
එවර තවත් අතක් මට උපකාර විය. ඒ ශක්තිමත් අතේ ශක්තියෙන් රෝද පුටුව තල්ලු වන විට මම සායන කාමරයේ තල්ලු කරන දොර විවර කර ඇය ඇතුළු කළෙමි. "මේ ආච්චි රතු නොම්මර 03......." සායනය තුළ සිටි හෙදියට පැවසූ මා ආපසු හැරුණේ මට එවර උපකාර කළ ඔහුට ස්තුති කරන්නට ය.
"බොහොම ස්තුතියි" මට ලැබුණේ පිළිතුරු සිනහවකි. ඔහු හමුදා සෙබළෙකි. තුවාල ලැබූ හමුදාවේ සොයුරන් ඇඳිනා සරමක් සහ කමිසයකින් සැරසී කිහිලිකරුවක උදවුවෙන් නැඟී සිටි ඔහු ගේ පාදයක් වළලුකර අසලින් අහිමි වී තිබිණි. එසේ තිබිය දීත් ඔහු මා හට උපකාර කළ අයුරු සිතන විට දැනුදු නෙතෙහි කඳුළක් නැඟේ. දුකට පත් වූවකු ගේ දුක වේදනාව හොඳින් ම හඳුනන්නේ තවත් එවැනි ම තත්ත්වයකට පත් වූවකු බව ඔහු එදින මා හට මැනැවින් පසක් කර දුන්නේ ය.
මේ සිදුවීම නැවතත් මා හට සිහිපත් කළේ පසුගිය දින වල ආරක්ෂක හමුදා කෙරෙහි නැගුන බලවත් ජන අප්රසාදයයි.
යුද්ධය අවදියේදී අපේ රටේ බහුතරයකට "අපේ කොල්ලන්" වූ ආරක්ෂක හමුදාව දැන් "මිනී මරුවන්" "සිත් පිත් නැති හමුදා කාරයන්" වී ඇති ආකාරය ඇතැම්විට පුදුමයක් උපදවන සුළුය.
දේශපාලනයේ අතකොලුවක් බවට පත්වන්නට සිදු වූ එක් සෙබලෙකු අතින් අහිංසක මිනිස් ජීවිතයක් අවසන් වූ බව අවාසනාවට ඇත්ත කතාවකි.
(දේශපාලනයට හෝ හමුදවට සම්බන්ධ කිසිවෙක් මගේ හත්මුතු පරම්පරාවේවත් නැත)
අපේ රටේ වීරයන් ලෙස අප සලකපු හමුදා සොහොයුරන් අද වන විට මිනී මරැවන් බවට පත්වන ආකාරයක් පෙනෙන්නට ඇත. පාලකයිනි, වහාම ඔවුන්ගේ වීරත්වය පාවා නොදීමට ඉඩ සලසව්. දේශපාලන කේවට්ටකම්වලට ඔවුන් සම්බන්ධ කර ගැනීම වීරයන්ට කරන නින්දාවකි.
ReplyDeleteඇත්තටම අපිට “දැනෙන්නට ඕන“ කතාවක් ..මම සේවය කළෙත් මේ රෝහලේමද කියල හිතෙනවා... කෙසේ වෙතත් මනුස්සකම සල්ලි වලට විකුණන්න හදන , සල්ලි වලට මිළදී ගන්න හදන සමාජයක මේ එක් පැතිකඩක් පමණි ... ස්තුතියි ඔබට
ReplyDelete@Sindoopa akkiya, akkiya qwa kathawa ahuwama pissu hadenawa akkiyo. Me tharam honda, ape mathrubhoomiya wenuwen le wagura jeewitha walin wandi gewuuu udara ranawiruwo ape ratata ma wasanawak akkiyo. Me wage uthum manissun ta da chodana karanne kiyala hithenawa. Deshapalana, mudal baleta yata wela ape rana wiriwanta chodana kireema nam hariiiiiiiiiiima pilikul saha gathai akkiyo. Akkiya me wage dewal kiyala samajaya danumwath kireeemen ape ratata wishala sewawak karanne akkiyo. Mata akkiya gana aththata ma hariiiiiiiiiiiiiiiima sathutui. Akkiyata me udara karthawaya idiriyata th karagena yamata awashya shakthiya ha dairyaya noaduwama labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo. I wish you all the best !
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteකෙනෙක් කරන වැරද්දකට මුලු පන්තියකටම ඒ වැරද්ද පටවන එක ඒ පන්තියම ඒ කෝනයෙන් බලන එක වැරද්දක් තමා..
ReplyDeleteමොන දෙයක්ද මන්දා මේ ලංකාවේ වෙන්නේම ඕක..
ස්තුතියි මේ වගේ ලිපියක් ලිවාට
ලංකාවෙ මිනිස්සුන්ට ඉක්මනට මුල අමතක වෙනවා
ReplyDeleteඇත්තටම මේ කථාවේ අපිට නොපෙනෙන ලොකු පැත්තක් තියෙනවා.
ReplyDeleteඇත්තටම මේ කථාවේ අපිට නොපෙනෙන ලොකු පැත්තක් තියෙනවා.
ReplyDeleteලංකාවේ මිනිස්සුන්ට ඉක්මනටම හැම දෙයක්ම අමතක වෙලා යනවා...
ReplyDeleteඇත්තටම මම දකින්නේ අපේ රටේ දේශපාලකයෝ මේ දේවල් වලට වග කියන්න ඕනා.
ReplyDeleteඔයාගේ ලිවිල්ල සිංදූපා ගොඩක් ලස්සනයි.
waruna - ඒක ඇත්ත. දේශපාලන වාසි වලට අපේ රටේ හමුදාව පාවා දෙන තත්වෙකට පත් වෙලා
ReplyDeleteමහේෂ් නිශාන්ත - ස්තූතියි. මේ රෝහල ඡ්Sථ්
සචින්ත මල්ලි. - ස්තූතියි මල්ලි
සාතන් - +++++ කියන්නෙ ඇයි? බනින්න බැරි නිසා නෙමේ නේ? මේ පැත්තෙ ඇවිත් යනවා ට ස්තූතියි.
දේවා - අපිට හැමදාම වුණේ ඒකමයි නේද?
තරු අරුන්දතී - කවදා පාඩමක් ඉගෙන ගනීද මන්දා අපි
ළහිරු - නොපෙනෙන පැත්ත පෙනුන එක ගැන සතුටුයි. :-)
ගිනි කුරුල්ලා - ඒකම තමයි මම තරු ට කිවුවෙත්
ItalyDilan - ඒක ඇත්ත. ලංකාවෙන් දුරස් වෙලා ඉන්න ඔයාට ඒක කොහොමත් තේරෙනවා ඇති අපිටත් වඩා
ලංකාවේ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ.. ඒ මිනිස්සු දැන් ඉන්න මානසික මට්ටමේ හැටියට එයාලට දැන් හොඳ නරක තේරෙන්නේ නෑ.
ReplyDeletehhhmmmmnnnn......
ReplyDeleteහිතන්න කාරනා ගොඩක් තියෙනවා මේ කථාව ඇතුලෙ. කෙසේ වෙතත් ඔබ වැනි ආදර්ශමත් සරල වෛද්‍යවරුන් දකින්නට අඩුයි. පොඩි ප්‍රශ්ණයක් අහන්නද? පොත් දෙක ආච්චිගෙ ඔඩොක්කුවෙන් තියල, අත්දෙකෙන්ම රෝදපුටුව තල්ලු කරන්න තිබුනනෙද?
ReplyDeleteහැමතැනම තියෙන්නේ රූකඩ. හැමොම පොදු තැනදී තවත් අයෙකුගේ අවශ්‍යතාවයන් සම්පූර්ණකරනවා එයින් කිසිවෙකුට මිදිය නොහැකියි. නමත් එය ස්වාදීන කාර්යක් ඌකල සැබෑ පුද්ගලයා එලියට එනවා.
ReplyDeleteහමුදා සෙබලුන්ගේ උදාර සිතිවිලි පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ඔවුන්ද තවත් අයගේ අණ යටතේ සිටින අය. ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත කෙසේ උවත් ඒ දෙය තවත් එක් රාජකාරියක් විතරයි.
මගේ නම් හමුදාවල වැඩ කරන නෑදෑයො හුඟක් ඉන්න සහ හිටිය නිසා ඒ ගැනකියන්න යන්නෙ නෑ. නමුත් අර සෙබලාට නම මම හිස නමා ආචාර කරනවා.
ReplyDeleteඅපි අර රෝහල් සේවකයා ගැන කතා කලොත් ඕක තමයි හැම තැනම තත්වය.මට නම් මේක පුදුමයක් නෙවෙයි කියවලා බලන්න වෙලාව තියෙනවා නම් මම ලියපු මේ ලිපිය .
henryblogwalker the Dude