Science day සහ Science section


ඉස්කෝලෙ primary section එකේ 5 වසරෙ ලොකු අක්කලා වගේ ඉඳලා "ලොකු ඉස්කෝලෙ" 6 වසරට ආවාම අපි ආයෙමත් "දෑසට නොපෙනෙන" පොඩි උන් වුනා.
මුලදි මුලදි අපිට ලොකු ඉස්කෝලෙ අමුතුම තැනක්.ලොකු අක්කලා ගෙ ලැබ් එක (advanced level science section ලැබ් අකට ඒ කාලෙ අපි කිවුවෙ එහෙම) අපිට පෙනුනෙ අභිරහස් ගොඩක් සඟවා ගත්තු තැනක් වගේ. 


    "ලොකු අක්කලගෙ ලැබ් එකේ වීදුරු පෙට්ටි වල "ගිනි වතුරෙ" දාපු පොඩි ළමයි ඉන්නවා ලු.... දෙබිඩි ළමයිනුත් ඉන්නවාලු"   අපේ කවුදෝ ගෙනාව ආරංචියට දවසක් ඉක්මනින් ත‍ටු ලැබුනා... එදායින් පටන් ගත්ත ලැබ් එකට යන හොරෙන් ගමන ඉවර වුණේ දවසක් ලොකු ප්‍රිෆෙක්ට් අක්කා කෙනෙක් අපිව බැනලා එලවා ගත්තා ට පස්සෙ. ( ඒ මොනවා වුණත් වීදුරු පෙට්ටි ඇතුලෙ හිටිය ඒ පොඩි උන්ව දකිනකොට දැනුණ අමුතුම දුකක් වගේ හැඟීම තවමත් දැනෙනවා මතක් වෙනකොට) 


                                http://www.magazine13.com/worlds-most-disturbing-bottle-babies/


කොහොම කොහොම හරි 6 වසරෙ හිටපු "දෑසට නොපෙනෙන" බ‍ටු කෙල්ලො ටික 11 වසරටත් ආවා....11 වසරෙ උඩ තට්‍ටුවට වෙලා අපි science section එක දිහා බලාගෙන හිටියෙ කවදා හරි මේ අමුතු ලෝකයට නීත්ය්‍යානුකූලවම යනවා කියන සිතිවිල්ලෙන්...


ඔහොම කාලය ගත වෙලා අපිත් ඉස්සර ලොකු අක්කලා හීටිය science section එකට ආවා කියමුකො. හිතාගෙන හිටිය තරම් වැඩි වෙනසක් තිබුනෙ නෑ.ඒත් විදුහල්පතිතුමිය වුනත් වැඩිපුර නොගැවසුන අපේම ලොකයක් එතන තිබුණා.එක කාලයක් අපිට තිබුනා අපේ පොඩි තුවක්කුවක්... ලී වලින් හැදුන එකක්. ( හදපු නෙමේ... හැදුන එකක් තුවක්කුවක හැඩේට) සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් ඒක අරගෙන පන්තියම ප්‍රාණ ඇපයට ගන්නවා.කාටවත් පන්තියෙන් යන්න දෙන්නෙ නෑ ඒ වෙලාවට. wash room එකට හදිස්සියටවත් යන්න දෙන්නෙ නෑ. 






අපේ සේරගෙම ඕපදූප දිග ඇරෙන තැන තමයි අපේ section එකේ wash room එක. එතෙන්ට ගියාම නම් කටවල් වලට ලිමිට් නෑ... එතන කියන සමහර දේවල් ටීචර්ස්ලාගේ wash room එකටත් ඇහිලා සමහර වෙලාවට පන්තියෙ හැමෝම ඉස්සරහා බැනුම් අහපු වෙලාවලුත් තිබුනා..... ඒත් ඒ හැම දේකින්ම වුනේ අපේ පුංචි ලෝකය තවත් ලස්සන වුන එක තමයි... 


අපේ පන්ති වලට ලඟින්ම තිබුණා නැ‍ටුම් කාමරයක්. (dancing room) ඒකෙ නටන්න පුරුදු වෙන සමහර ළමයි, ඒ ඇඳුම් පිටින්, මේක් අප් පිටින්ම අපේ පන්ති ඉස්සරහින් යනවා...... අපි ඉතින් මුළු පන්තියම එකතු වෙලා ඒ වෙලාවට ලොකූ "සූ......වක්" දෙන්නෙ හරියට ලස්සන කෙල්ලෙක් දැක්ක කොල්ලො ටිකක් වගේ. නැ‍ටුම් කරන ළමයි වගේ ලස්සනට ඇවිදින්න බැරි එක ගැන පොඩි ඊරිසියාවක් තිබුණාදත් මන්දා.


අපි 12 වසරට ගිය අලුතම තමයි 13 වසරෙ අක්කලාගෙ science day එකට නාට්‍යක් කරන්න තිබුනෙ.ඔන්න සිඳු ඇතුළු සෙට් එක වැඩට  බැස්සා. නාට්‍යයෙ තේමාව වුණේ ඩොල්‍ෆින් කෙනෙක්ගෙ sperms සහ ගෑණු කෙනෙක්ගෙ ඩිම්බ එකතු කරලා හදපු  ගෑණු ළමෙක්.. ( කොහොමද එහෙම වුණේ අහන්න එපා..ඒක එහෙම පුළුවන් වුණා ලු) තේමාව, අධ්‍යක්ෂණය, තිර රචනය ඇතුළු සේරම හංසිගෙ...
සිඳු තමයි ප්‍රධාන චරිතය  ප්‍රොෆෙසර් මෙලන් ගෙ ගෙදර සේවකයා... ජිමී


ඒකෙ එක තැනක් තිබුණා ප්‍රොෆෙසර් මෙලන්ගෙ යාළු ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න වෙලාවක ජිමීට කියනවා කූල් ඩ්‍රින්ක්ස් දෙකක් හදාගෙන එන්න කියලා... ජිමී ආපහු ස්ටේජ් එකට එන්නෙ බීම වීදුරු 3ක් අරගෙන. 2ක් ප්‍රොෆ් ලා දෙන්නාට පිළිගන්වපු ජිමී ත් පැත්තක ඉඳන් අනිත් එක බොන්න පටන් ගත්තා... ප්‍රොෆ් මෙලන් ආවේශ වුණා වගේ....
"ජිමී...උඹට පිස්සුද? මම හැමදාම කියනවා නේද වැදගත් විදියට හැසිරෙන්න කියලා......."
"ඒක තමයි සර් මමත් මේ වැදගත් විදියට සර්ලාත් එක්ක ඉඳගෙන මේක බොන්නෙ, නැත්නම් මටත් තිබුණානෙ කුස්සියෙ බංකුවක වාඩි වෙලා මේක බොන්න" ඒ පිටපතේ නැති දෙබසින් වුණේ හිතුවෙ නැති විදියට යාලුවා ප්‍රොෆෙසර් ට හිනා ගිය එක. ඒක නම් ටිකක් හරි අවස්ථාවට ගැලපෙනවා...
ඒත් ඉතින් ජිමීටත් හිනා ගිය එක තමයි වැඩේ... ජිමී (මම) හිනාව තදකරගත්තෙ වීදුරුව කටින් හපාගෙන... 


ඒත් ඉතින් නාට්‍යයෙ කොච්චර වැඩ කෑලි දැම්මත් වැඩක් වුණේ නෑ... මොකද ආරාධිත පාසල් වලින් ආවෙ 13 වසරෙ ළමයිනෙ. අපේ වයසෙ ශාරුක් ලා රිතික් රෝෂන් ලා එනකම් ඉතින් ඊළඟ අවුරුද්ද වෙනකම්ම බලන් ඉන්න වුණා.


අපේ සයන්ස් ඩේ එක


අවුරුදු 13ක්ම ඉස්කෝලෙ හිටියත් කළේ නෑ ඒ වගේ මැක්සා මෙගා වැඩක්....... දැන්නම් හරි දුකයි ඒ කාලෙ කැමරාවක් නොතිබ්බ එක ගැන.අපේ සයන්ස් ඩේ එක අපේම තමයි. කිසිම ගුරුවරයෙක්වත් අනවශ්‍ය විදියට බලපෑමක් කළේ නෑ... විද්‍යා සඟරාව, පොඩි උන් ට පවත්වපු දැනුම මිනුම තරඟ ආදී ඒ සේරමත් එක්ක ලොකු අත්දැකීම් ගොඩකුත් ලැබුණා.


පොඩි කොස්සක් ආවෙ ශාලාවෙ සැරසිලි වලට තමයි. ඒවා කරලා තිබුණෙ ලන්තෑරුම් උදවු කරගෙන. ඒ කාලෙ වෙද්දි වෙනස් වෙලා තිබුන පාසලේ පරිපාලනයේ බලපෑමක් නිසා ශාලාවෙ ජනෙල් විවෘත කරලා තියන්න වුණා..ලන්තෑරුම් ටික හිරු දු‍ටු කණාමැදිරියො වගේ වුණත් අනිත් සැරසිලි වල නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ....


ආරාධිත දේශනය කළේ GENETECH ආයතනයේ ආචාර්ය  මායා ගුණසේකර..DNA තාක්ෂණය ගැන. ඒක ඊට කලින් අවුරුද්දෙ IFS (institute of fundamental studies - මූලික අධ්‍යන ආයතනය) එකේ මහාචාර්‍ය ආසිරි නානයක්කාර සර් කරපු "mysteries of modern physics" වලටදෙවෙනි වුණේ නෑ..


උත්සවය ඉතාමත් සාර්ථකව නිමා වෙන්න ඔන්න මෙන්න වෙලා තිබුණා.... සියල්ලෝම" සතුටින් විසිර යන්න" කලින් සිඳුට තමයි ස්තූති කතාව කරන්න තිබුනෙ. ඔන්න ඒ වෙලාවෙ තම්යි ප්‍රශ්න සියල්ලම පටන් ගත්තෙ. අපේ සැරසිලි කමි‍ටුව podium එකට වැඩේ දීලා.... ඒක සරසලා තිබුන තරම කියනවා නම් ඒක ළඟ සිඳු හිටගත්තාම ශාලාවෙ හිටිය අයට පෙනුනෙ සිඳුගෙ ඔලුවෙනුත් බාගයයි. දැන් ඉතින් මොනවා කරන්නද. ටිකක් කල්පන්න කරනකොට තමයි අපේ කාගෙ ද මන්දා ටිකිරි මොලේ ට්‍රීං ට්‍රීං ගෑවෙ.... කොහෙදෝ තිබිලා හොයාගෙන ආව ලෑලි කෑලි දෙකක් උඩ හිටගෙන තමයි සිඳු ස්තූති කතාව කළේ. වැඩේ සාර්ථකයි......!!!!


 ඒත් අපේ සහෝදර පාසලේ සමහර අය දැකලා තිබුණා ස්තූති කතාවෙන් පස්සෙ සිඳු තවත් ස්ටේජ් එකකින් බැහැලා ස්ටේජ් එකට පනිනවා වගේ.
      ඒ මොකද්ද කියලා හොයන්නත් අපේ සමහර යාලුවන්ට ඕනා වෙලා තිබුණා.... එතකොට තමයි එක්කෙනෙක් දැක්කෙ ළමයින් ට බීම දෙන්න ගෙනාපු බීම කේසස් වගයක් තියනවා කොරිඩෝවක..... ඉතින් තවත් මොනවා හොයන්නද... සිඳු කතාව කරලා තිබුනෙ බීම කේස් එකක් උඩ නැගලා ලු!!! ඔන්න ඔහොමයි පොඩි මඩක් හැදුනෙ ඉබේම.....


ඒ අපේ විද්‍යා දිනය......... අවට පාසල් වල විද්‍යා දින වලට ගිහිල්ලා ලැබුව අත්දැකීමුත් ගොඩක් තියනවා. ඒවා වෙන පෝස්ට් එකකින් ලියමු නේ?

Comments

  1. පොඩි මතකයක් එලියට ආවා....

    ReplyDelete
  2. ඉස්කෝලෙ primary section එකේ 5 වසරෙ ලොකු අක්කලා වගේ ඉඳලා "ලොකු ඉස්කෝලෙ" 6 වසරට ආවාම අපි ආයෙමත් "දෑසට නොපෙනෙන" පොඩි උන් වුනා.

    අපිටත් වුණේ ඕකමනේ.. නිකං කරකවලා අතෑරියා වාගේ වුණා.
    මගේ නං අදහසක් නෑ උ/පෙ විද්‍යාව කරන්න.ඒ වුණාට මේක කියෙව්වාම මතක් වුණා අපේ sci.අක්කලාගෙ වැඩ කිඩ ගොඩාරියක්!
    නියමෙට ලියලා තියෙනවා akki... (man hithanne oya akki venna one! nendi venna behe.)

    ReplyDelete
  3. italydilan - මතකය මොකද්ද කියනවා නම් අපිත් කැමතියි ඉතින්.... අපිට මීටර් ගානක් දුරින් තිබුණු මතකයක් වගේ.. ;-)

    වර්ෂා - අනේ නංගෝ තවම නම් කවුරුත් මට නැන්දි කියලා නෑ....

    ReplyDelete
  4. ආහ් සිඳු.. බීම කේස් එකක් නෙමේ.. හරියටම කිව්වොත් කොකාකෝලා කේස් එකක් උඩ නැගල තමා එදා ඔයා කතා කලේ... ඉතුරු ටිකත් ලියන්න.. අපේ විද්යා දිනය ගැනත්... දැනුම මිනුම තරඟය ගැනත්.. මාත් ඉස්කෝලෙ කාලේ ගැන ටිකක් ලියන්නම්කො අපේ බ්ලොග් එකට...

    ReplyDelete
  5. මටත් අපි ඉස්කෝලෙ යද්දි කරපු සයන්ස් ඩේ එක මතක් වුනා මේක කියවලා.. :)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාර වැඩේ, මමත් මේ චිරාත් කාලයක හිටන් අපේ Science Day එක ගැන Type කර කර හිටියේ. වැඩේ අර්ධ වශයෙන් කරලා ලෝකයේ කොනට ආවම මෙන්න ඒකෙත් Science Day. මේක කියෙව්වම මට තව තවත් ඒවා මතක් උණානේ. දැන්නම් ඉතික් මමත් නිකන් ඉන්නෑ ඔන්න, දානවා අපේ Science Day එක ගැනත් Post එකක්. :D

    සිරාවටම අක්කේ අපිත් කලේ ඔය වගේ දෙවල් තමා. වෙනසකට තිබ්බේ මම වැඩකලේ තිරය පිටුපස වීම. මමත් කතාවක් එහෙම කළා නම් බීම කේස් 1ක් නෙමේ 2ක 3ක් වත් උඩ නගින්න වෙනවා ඔන්න :O

    ReplyDelete
  8. ඩයිනමයික් - මොකක්? මෙච්චර පැහැදිලි කරලත් ආයෙ කියනව බීම කේස් එකක් ලු. ඒ මදිවට ඒක කොකාකෝලා ත් වෙලා....
    ඔයාලාගෙ විද්‍යා දිනය ගැන ලියන එක නම් ටිකක් භයානක වැඩක් නේද? මාස ගාණක් මඩ නෑව හැටි මතක් වෙනවා!! ඒත් දැන් නම් හිනාත් යනවා...හරි එහෙනම් ලියමු ලියමු!! ඊලඟ පෝස්ට් එක "සහෝදර පාසලේ විද්‍යා දිනය සහ තවත් කතා" ;-)

    හිතුවක්කාරි - අන්තිමට ඉතුරු වෙන්නෙ මතක තමයි නේද?

    අමා - මොනා කරන්නද අනේ,ඔයා චිරාත් කාලයක් හිතද්දි මගෙ අතින් ලියවිලානෙ.ඔයාලාගෙ එක ගැනත් ලියන්නකො එහෙනම්... අනේ ඒක බීම කේස් එකක් නෙමේ කිවුවා නේද එක සැරයක්???

    ReplyDelete
  9. මටත් ආපහු පාසැල් කාලෙ මතක් උනා....... ආයෙමත් ඒ කාලෙට යන්න තියෙනවනම් කියලා හිතුනා.........

    ReplyDelete
  10. එල එල නන0ගී.නියමයි...........

    ReplyDelete
  11. @Sindu akkiya, ane mata ape Science day eka magaaruan akkiyo man asaneepa wela hitapu nisa. :'( :'( :'( Mata a gana aththata ma hariiiiiiiiima dukai. Akkiyage me post eka dakka ma mata hithuna ape Science day ekata mata th sahabagi wenna thibba nam koi tharam hondaida kiyala. Mata anthima awurudu deke wadiya iskolo yanna th bari una. Man hariiiiiiiima awasanawanthayek akkiyo. :(

    ReplyDelete

Post a Comment