Tuesday, March 13, 2012

චාරිකා සටහන් 01 - පරමාකන්ද


         ට පහුගිය ටිකේ හොඳටම ඕනා වෙලා තිබුණා මේ ඒකාකාරී පරිසරයෙන් මිදෙන්න. ඇත්තම කිවුවොත් කොහෙ හරි යන්න.... ඒ නිසායි අම්මාගෙ ස්ටාෆ් එක සංවිධානය කරපු ට්‍රිප් එකකට බලෙන් එල්ලිලා ගියෙ.
        මම ජීවත් වෙන්නෙ වයඹ පළාතෙ. වාසනාවන්ත පළාතක්. ස්වභාවික විපත් අඩු, ස්වයංපෝෂිත ප්‍රදේශයක්. මේ පළාතෙ අපි නොදන්න හැංගිලා තියන වැඩි ප්‍රසිද්ධියක් නැති පුරාවිද්‍යාත්මක වටිනාකම් ‍රැසක් තියනවා.... 


ඊයෙ මට යන්න ලැබුණ "පරමාකන්ද රජමහා විහාරය" , "‍තෝනිගල සෙල්ලිපිය" "මුල්ලේගම රජමහා විහාරය" ඒ අතරින් සමහරක්


පරමාකන්ද රජමහා විහාරය


පිහිටලා තියෙන්නෙ පුත්තලම දිස්ත්‍රික්කයෙ.කොළඹ හලාවත පාරේ හලාවත, බංගදෙනිය, පල්ලම ආදී ප්‍රදේශ පහු කරගෙන ගියාම අපිට මුනගැසෙන ආණමඩුව තමයි පරමාකන්ද ට ආසන්නම නගරය. කොලඹ ඉඳලා පැය 3ක් පමණ ගත වෙනවා ආණමඩුව ට යන්න. දුර කි.මී.140ක් පමණ වෙනවා.


පන්සලේ හිටිය පොඩි හාමුදුරුවන්ට අනුව නම් පරමාකන්ද කියන නම ලැබිලා තියෙන්නෙ පරම + කන්ද (උතුම් කන්ද) කියන තේරුම සහිතවයි . 
ක්‍රි.පූ 89-77 කාල සීමාව තුළදී වලගම්බා රජතුමා විසින් මේ ගල් විහාරය කරවන ලද බවයි පුරා විද්‍යාත්මක තොරතුරු වල සඳහන් වෙන්නෙ. ලංකා ඉතිහාසයේ හිටිය රජවරුන් අතරින් ගරිල්ලා සටන් ක්‍රම වැඩිවශයෙන්ම සොලීන් ට විරුද්ධව යොදා ගත්තු පාලකයා ලෙසට එතුමා ප්‍රසිද්ධයි.පොළොව මට්ටමේ ඉඳන් අඩි සිය ගාණක් උසින් පිහිටලා තියන ගල් ලෙන් සහ පර්වත විශාල සංඛ්‍යාවකින් ගහන වුන පරමාකන්ද ආශ්‍රිත මේ ප්‍රදේශය ඒ සඳහා මනා පිටිවහලක් වන්නට අති. 
(නමුත් තවත් මූලාශ්‍ර කීපයක සඳහන් වෙන තවත් කරුණක් වන්නේ ඇතැම් විට මෙය දු‍ටු ගැමුණු රජතුමාගෙ යුගයේදී හෝ සද්ධාතිස්ස රජුගේ යුගයට අයත් විය හැකි බවයි. ඒ සඳහා හේතු පාදක වන කතාවට අනුව මෙම විහාරය බොහෝ දුරට දු‍ටුගැමුණු රජුගේ නන්දිමිත්‍ර සෙන්පතියාගේ මූලිකත්වයෙන් ඉති කරන ලද්දක් වීමට ද ඉඩ කඩ ඇති බව සඳහන්. දු‍ටුගැමුණු රජුගේ අන්තපුර බිසවක් වූ රජිතා නමැත්තියගේ දියණියක් වූ අබිතිකිස්සා කුමරිය හා විවාහ වූ නන්දිමිත්‍ර සෙන්පතියාගේ පුත්‍රයා වූ දූතශ්‍රමණ ද මේ සඳහා දායක වී ඇති බවට සඳහන් වෙනවා.)


පරමා කන්ද ගල් විහාරයෙ බිතු සිතුවම් විශේෂයි. මීට අවුරුදු 150 කට පමණ පෙර ප්‍රතිසංස්කරණය කළ බවට සාක්ෂි තියන බිත්තියේ බදාමයේ තැනින් තැන ගැලවිලා ගිහින්. ඒ ගැලවුණ තැන් වලින් අපූරුවට පුරාණ විහාරගෙයි තිබුණු නුවර යුගයට අයිති සිතුවම් මතු වෙලා තියනවා. මේ තියෙන්නෙ ඒ විදියට මතු කරගත්තු "සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය" පෙන්නුම් කෙරෙන සිතුවමක්.






දැව රාමුවක් වටේට මැටි බදාම වලින් හදලා තියන මේ පිළිමය සැතපෙන පිළිමයක්. 




මේ තියෙන්නෙ වලගම්බා රජ්ජුරුවො සටන් වලට භාවිතා කරපු උමගක ආරම්භය. ඒක සැතපුම් 16ක් දිග බවයි සඳහන් වෙන්නෙ. වර්තමානයේදි ඒ උමගෙ යම් දුරකින් හරස් අතට බිත්තියක් නිරමාණය කරලා තියෙන බවත් දැනගන්න ලැබුණා. මේ උමග අවසන් වෙන්නෙ මුල්ලේගම - මුල්ගිරිගල රජමහා විහාර භූමියෙන් ලු.










තවත් බිතු සිතුවම් කීපයක් සහ , පිළිම කීපයක් මේ.






පරමාකන්ද විහාරයෙ බෝධිය අසල තිබුණු සෙල්ලිපියක් මේ. අවාසනාවට එහි පරිවර්තනයක් සොයාගන්නට මට පුළුවන් වුණේ නෑ.










පරමාකන්ද විහාරය සතුව නරඹන්නන් ගේ දැනුම උදෙසා මුද්‍රනය කෙරුණු පුංචි අත් පත්‍රිකාවක් වත් නැති එක නම් ඇත්තටම පාඩුවක්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා උනන්දුවක් දක්වනවා නම් ඇත්තටම වටිනවා.


තෝනිගල සෙල්ලිපි 





පරමාකන්දෙන් පිට වෙලා අපි ගියෙ ‍තෝනිගල සෙල්ලිපි බලන්න. ඒ ගිනිගහන අවුවෙ. 
එක් සෙල්ලිපියක් අඩි 100ක පමණ දිගකින් යුක්තයි.
වලගම්බා රජ පුත් මහකුලි මහතිස්ස රජ සමයට අයත් බවට සැලකෙන මේ සෙල්ලිපි ලංකාවෙ දිගම සෙල්ලිපි ලෙසටද පිළිගැනීමක් තියනවා. ‍තෝනිගල ආශ්‍රිතව පවතින ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් ද පවතිනවා. ‍තෝනිගල පිහිටි මෙම ප්‍රදේශය කුවේණියගේ වාස භූමිය බව ඇතැම් ජනප්‍රවාද වල දැක්වෙනවා.විජය විසින් පළවා හැරීමෙන් පසුව කුවේණිය ‍තෝනිගල ආසන්නයේම පිහිටි ල‍තෝනිගල ට නැග විජය ඇතුළු සියල්ලන්ටම සාප කළ බව පැවසෙන ජනප්‍රවාදයක් සහ, කුවේණිය ල‍තෝනිගල මුදුනින් පැන සිය දිවි නසාගත් බවට දැක්වෙන ජනප්‍රවාදයක් ද පවතිනවා. එහි සත්‍ය අසත්‍ය තාවය කෙසේ වුණත්, මේ වගේ ජනශෘති අපේ ඉතිහාසයට එක් කරන්නෙ අලංකාරයක්.


 සෙල්ලිපිය පිළිබඳව විස්තර තියන ඵලකය අවුවට වැස්ස්ට අපැහැදිලි වෙලා ගිහින්. නමුත් මේ සෙල්ලිපියෙ සඳහන් වෙන්නෙ එතැන ඉදිකරලා තියන ‍තෝනිගල වැව පරමාකන්ද රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට පූජා කරණු ලැබූ බව කියලායි මූලාශ්‍ර වල සඳහන් වෙලා තියෙන්නෙ. 


පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ තවත් නොසැලකිලිමත් ක්‍රියාවක් මෙහෙදිත් ඩැක ගන්නට ලැබුණා. සෙල්ලිපිය වටේ ඉදි කරලා තියන යකඩ වැටට් ගලට සවි කරන්නට යොදා ගත්තු සිමෙන්ති නිසා සෙල්ලිපියේ බොහෝ ස්ථාන විනාශ වෙලා ගිහින් තිබුණා. එහි පරමාකන්ද විහාරය හැඳිවෙන්නෙ "අවගිරිනතිශ" නමින්









පළවෙනි සෙල්ලිපියෙ ඉඳලා දෙවෙනි සෙල්ලිපිය ට යන්න තියෙන්නෙ වැව් බැම්ම දිගේ. ඒ යන පාරෙ තිබුණා "සංහිඳක්". සංහිඳ කියලා කියන්නෙ "ගම් බාර දෙවියන් උදෙසා ගමේ මිනිස්සු විසින් අතීතයේ ඉඳන් පුද පූජා පවත්වන ස්ථානයකට. වැව, ගම සහ කැලෑවට මැදි වෙලා පිහිටලා තිබුණු මේ සංහිඳ කැප කරලා තිබුණෙ "අයියනායක දෙවියන් ට" (විමලරත්න කුමාරගම කවියා ඔහුගේ "අයියනායක" කියන කවි පන්තියේ කියලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම තියන තවත් සංහිඳක් ගැන.) 




මුල්ලේගම - මුල්ගිරිගල රජමහා විහාරය 

මුල්ලේගම රජමහා විහාරයට ගියෙ අපි තරමක් හවස් වෙලා. ඉර අවුවත් අඩු වෙලා තිබුන නිසා කන්ද නගින එක පහසුවක් වුණා. ඈත අනන්තයට යනකම් පෙනුන අවට පරිසරය හිතට එකතු කළේ ඇත්තටම චමත්කාර ජනක හැඟීමක්. කන්ද උඩ තිබුණු පිළිමගෙය නම් ඒ වෙනකොට වහලා දාලා තිබුණෙ, වෙන මොකුත් නිසා නෙමේ, නිධන් හොරුන්ගේ තර්ජනයට ලක් වෙලා තිබුණු නිසා. (කමකට  නැති හිස් මිනිසුන් පිරිසක් නිසා, තවත් ඓතිහාසික වටිනාකමක් හඳුනා ගැනීමේ අවස්ථාව එදා අපෙන් ගිලිහිලා ගියා)




මුල්ලේගම විහාරය ගැන අහගන්නට කවුරුත් එදා හිටියෙ නෑ. අන්තර්ජාලයෙනුත් වැඩි උදවුවක් ලැබුණෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්න.



ප.ලි. මුල්ලෙගම මුල්කිරිගල රජමහා විහාරය ගැනත් අලුත් කරුණු කීපයක් දැනගන්න ලැබුණා.මේ විහාරය කරවනු ලැබ ඇත්තේ සද්දාතිස්ස රජතුමා විසින්. මේ පිළිබඳව එඩ්වඩ් මුලර් මහතා විසින් තබා ඇති සටහනක මේ විහාරය හඳුන්වා ඇත්තේ මූලගාම නමින්. 


නමුත් ප්‍රදේශ වාසීන් විසින් මෙම විහාරය හඳුන්වනු ලබන්නේ මුල්ගිරිගල (ප්‍රමුඛ පර්වතය) යන නමින්. ඒ සඳහා හේතුව වන්නේ මේ විහාරය පිහිටා ඇති පර්වතය ඒ අවට ඇති අනෙකුත් පර්වත වලට වඩා උසින් වැඩි නිසා බව සඳහන්.


මුල්ගිරිගල රජමහා විහාරය පිළිබඳව පවතින තවත් කතාවක් වන්නේ පාණ්ඩ්‍ය රජු පරාජය කළ 6 වන දප්පුල රජු විසින් ඔහුව මෙම ස්ථානයේ වූ ගල් ලෙනක රඳවා තැබූ අතර එය සිහි වීම සඳහා පසුව මෙම විහාරය ඉදි කළ බවයි. 
මේ විහාරයේ සෙල්ලිපි කිහිපයක් පිහිටා ඇති අතර එම සෙල්ලිපි ද මෙම ප්‍රදේශයේ හමුවන අනෙකුත් සෙල්ලිපි වන පරමාකන්ද, ‍තෝනිගල ආදී සෙල්ලිපි වලට සමාන වන බවයි විද්වත් මතය.


මෙම කන්ද මුදුනේ පිහිටි පිළිමගෙය හැරෙන විට, ගඩොලින් කල චෛත්‍යයක් ද, පොකුණු දෙකක් ද තිබෙනවා.


ආනමඩුවට ආසන්නව පිහිටි ඉඟිනිමිටිය ජලාශයෙ සිසිලසෙන් අපි දවසේ විඩාව නිවා ගත්තා.




මේ ප්‍රදේශය, පුරා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන අයට වගේම පරිසර ලෝලීන්ටත් ‍තෝතැන්නක්. 


පරමාකන්ද නගින්නට නම් පෙ.ව. 9.30 ට කලින් යනවා නම් වඩාත් සුදුසුයි, මන්ද යත්, අවුවෙන් පිච්චෙන විට ගමනේ වටිනාකම් ද අපිට අමතක වන නිසා. ඒ වගේම තමන් ට ප්‍රමාණවත් පරිදි පානීය ජලය ‍රැගෙන යන්නත් අමතක කරන්න එපා. කුඩ, තොප්පි ආදියත් ප්‍රයෝජනවත්. ඒ සේරමත් එක්කම හොඳ කැමරාවකුත් ගෙනියන්න පුළුවන්නම් ඒකත් ගොඩාක් වටිනවා....

27 comments:

  1. හරිම වැදගත් ලිපියක් අක්කේ.....

    1)අක්කට, අක්කගේ ගම් පළාත ගැන ඉගෙන ගන්න පුලුවන්.
    2)අපිට, අපේ ශ්‍රී ලංකාව ගැන ඉගෙන ගන්න පුලුවන්.
    3) අපි හැමෝටම, ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න පුලුවන්.

    තව තවත් මේ වගේ ලිපි ලියන්න අක්කේ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. මොකක්? ඔය කිවුවෙ.... !!!! මම ආණමඩුවෙ නෙමෙයි කෙල්ලෙ. වෙන්නප්පුව

      Delete
  2. //මම ජීවත් වෙන්නෙ වයඹ පළාතෙ. වාසනාවන්ත පළාතක්. ස්වභාවික විපත් අඩු, ස්වයංපෝෂිත ප්‍රදේශයක්.// සියයයට දෙසීයක් ඇත්ත !!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි, සුනාමි නෑ... නාය යන්නෙ නෑ... ගිනි කඳු, හිම කඳු නෑ...

      Delete
  3. මේවා කියෙව්වම හොයාගෙන ගිහින් ඒවා විදලා එන්න හිතෙනවා, ගොඩක් ස්තූතියි මේ ලිපිය ලිව්වට, ඇත්තටම ගියා වගේ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලංකාව පුරාම යන්න තියනවා නම් කොච්චර හොඳද.. ඒත් ඉතින් වෙලාව තමයි හරස් වෙන්නෙ

      Delete
  4. මම මේ තැන බලන්න ගියා ලඟකදි. අපේ නැන්දා කෙනෙක් ඉන්නවා නිවාඩු දවසක් ආවොත් පරන රජමහා විහාර බලන්න යනවා. මටත් දවසක් set වෙන්න පුළුවන් වුනා එගොල්ලොත් එක්ක යන්න. ගියේ පරමාකන්ද රජමහා විහාරෙටයි ලබුගල විහාරෙයි බලන්න. හරිම ලස්සන වගෙම වැදගත් තැන් දෙකක්.

    ReplyDelete
    Replies
    1. ලබුගම මම ගිහින් නෑනෙ. යන්න ඕනා අවස්තාවක් ලද සැනින්

      Delete
  5. මීට අවුරුදු 10ට විතර ඉස්සර මම පරමාකන්ද විහාරයට ගිහින් තියනවා එතකොට නම් ගොඩක් දුශ්කරව තිබුනේ පාරවල් පවා...ඉගිනිපිටි ජලාශෙ නම් නාලා තියනවා වාර කීපයක්ම,,වෙන්නප්පුවේ කතෝලික අය අතර ජනප්‍රිය පල්ලියක් තියනවා ආනමඩුවේ මහ උස්වැව කියන ගමේ , ඒක නිසා මමත් ඔය පැත්තේ ගිහින් තියනවා කීප වාරයක්ම

    ReplyDelete
    Replies
    1. දැන් නම් "මග නැගුම" තියනවනෙ ඩිලාන්..පාරවල් හොඳයි. ඒත් වතුර ප්‍රශ්නෙ නම් තියනවා ඒ හරියෙ තවමත්. මම දන්නෙ නෑනෙ මහ උස්වැව පල්ලිය ගැන. ලස්සනද ඒ පල්ලිය?

      Delete
  6. පරමාකන්ද විහාර මම නොගිය තැනක්.. අක්කා මේ ගැන ලිවුවට පිං.. නොදන්න අපිට දැන ගන්න විස්තර ගොඩක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ වගෙ දුර පළාත් වල තියන හුදෙකලා පුරා වස්තු ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වගේම, මධ්‍යම සංස්කෘතික අරමුදල වුනත් දක්වන උනන්දුව අඩුයි. ඒ නිසයි අපි මේවා ගැන දන්නෙ නැත්තෙ

      Delete
  7. ලස්සන ගමනක ලස්සන විස්තරයක් පෝටෝ එක්කම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.... අනිත් දවසෙ නමින්ම එන්න (කැමති නම්)

      Delete
  8. Good post, In most of Simon Nawagattegama's books, the story evloves around Mullegama Raja maha viharaya.
    I never been there but remind many memories in SL, keep it up .

    ReplyDelete
  9. From this only I got to know Simon Nawagaththegama has written about this temple. thank you for your comment.

    ReplyDelete
  10. This area is called as " Kumara Wanni Hathpaththuwa". When dutch ruled the coastal belt, the local Roman Cathalics seeks for the protection of Sinhalese king. The king asked them to make their church n his area controlled by Wanninayaka ( Wanniyar),helped them to keep thier faith on. Catholics living in this area have a unique surname, but I can't racall it now.
    I gathered this info atleast 25 years ago, and your post refreshed my memory. The contribution to our heritage from Puttalam distric has not being investigated yet.

    ReplyDelete
    Replies
    1. I never knew this info and it inspired me to read further more regarding our history. Thank You very much.
      ( I think I know you ,because i cant remember anyone who is interested in history ,other than you)

      Delete
  11. The underline history in Puttalam district is significant, but not well documented. I read one article 25 years ago and accordingly, " Seerishawastu puraya" is located in Puttalam district. The Thonigala mistery also confirm the locality. "Seerisha" is a name for "Mara" hence can be deduced ot Marawila , but there is no archeological evidance available to prove this. The name of villages around " Yakdessawa, etc signifies the relationship our relationship to " Yakku ( our great ancestors)".
    I may suggest you to write somethin on Thinapitiya develaya and the misterious death of " Sakalakalawallaba " of Madampe.
    Keep it up.

    ReplyDelete
    Replies
    1. yes aiye, i read some information about the history of the puttalam district and found some more info about mullegama Mulgirigala Viharaya and i have added new facts in purple color.
      I also found info about Thinipiya devalaya , but have to go there 1st before I write anything about it. ( Thinipitiya devalaya is dedicated for Thanniyawallabha, sakalakalawallabha's brother)

      and aiye, there are some other historical places in puttalam district about which I read about.

      kudhiramale
      pomparippu
      thumula soma piriwena
      pichchandiyawa
      singakkuliya dewalaya
      Thalawila St Annes church
      munneshwaran devalaya
      panirendawa "yapas nidhiya"

      Delete
    2. Thank you very much for the stimulation you gave for this

      Delete
  12. akki i like it.but mom and u did something unfair to me..u went there without me..sooo this rock is too ugly...hi hi

    ReplyDelete
    Replies
    1. අනා පවු පොඩි කුරුමිණි පැටියා මගෙ

      Delete
  13. පරමාකන්ද විහාරයේ තිබෙන සෙල්ලිපි 6 ක් අර්ථ නිරූපණ සහිතව විස්තරයක් තිබෙනවා. මේ තියෙන්නේ සබැඳියෙන් ගිහින් බලන්න

    http://www.royalasiaticsociety.lk/inscriptions/?q=node/154

    "This section is under construction" කියලා සටහනක් එයි. ඒත් ඒ සෙල්ලිපි ලැයිස්තුවේ පහළටම යද්දී පරමාකන්ද කියන කොටසේ මේ සෙල්ලිපි 6 ගැන විස්තර ඇති.

    තෝනිගලින් හමුවුණු සෙල්ලිපි කීපයක් තිබෙනවා.

    ඒ යටතේ සංඝයා වහන්සේලාට ලෙන් පූජා කළ බවට හමුවෙන ලිපි කීපයක් තිබෙනවා.

    ඒ හැරෙන්න තෝනිගලින් හමුවෙන වැදගත්ම සෙල්ලිපිය වෙන්නේ සිරිමේඝවර්ණ රජතුමාගේ සමයේ පිහිටවන ලද ලිපිය ඒ යටතේ තෝනොගල ධාන්‍ය බැංකුවක් පැවති බවට විස්තරයක් හමුවෙනවා.

    ධාන්‍ය වර්ග තැන්පත් කරවීම, ඒ ධාන්‍ය වර්ගවලට පොළියක් ලැබීම ගැනත් මේ විස්තරේ තියෙනවා. ඒ ධාන්‍ය වර්ගවල පොළිය විහාරයට පූජා කරලා ඒ ආදායමෙන් අරියංශ පිංකම ආදී පින්කම් පවත්වන්න තමා නියම කරලා තියෙන්නේ

    විස්තර ගෙනාවට ස්තුතියි. මාත් මේ විස්තර කිව්වට ඔය පැත්තේ ගිහින් නැහැ :))

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි. ඉතිහාසය ඉගෙනගන්න ඔයා වාසනාවන්තයි. ඇත්තමයි ඒ වගේ විෂයයන් වලයි ජීවය තියෙන්නෙ. විශේෂයෙන්ම අපි ආසා දෙයක් ඉගෙන ගන්නකොට එහෙම දැනෙනවා වැඩියි

      Delete