Monday, March 19, 2012

චාරිකා සටහන් 02 - යටාල වෙහෙර

   රමාකන්ද ට ගිය ගමන ගැන කිවුවට පස්සෙ හිතට ලොකු ආසාවක් ආවා තවත් ඒ වගේ දකින්න ලැබුණු ස්ථාන ගැන ලියන්න. 
බ්ලොග් එක ඒකාකාරී නොවෙන්න, හිතෙන , ඉඩ ලැබෙන වෙලාවට ලියන්න හිතුනා.


මීට අවුරුදු 2කට  විතර කලින් අපිව කැම්පස් එකෙන් යැවුවා CBML (community based medical learning) කියලා වැඩසටහනකට සති 3කට. 
       කතරගම, හම්බන්තොට ආදී ප්‍රදේශ වල තමයි ඒක තිබුනෙ. පර්යන්ත ප්‍රදේශ වල රෝහල් වල වැඩ කටයුතු කෙරෙන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීම තමයි එහි මූලික අරමුණ වුණේ.
medical learning කොහොම වුණත් 12 ටත් කලින් රෝහල් වලින් පැන ගත්තු අපි මුළු ප්‍රදේශයම පීරුවා කිවුවොත් නිවැරදියි. 
කතරගම, කිරි වෙහෙර, සෙල්ලකතරගම, වැඩසිටි කන්ද, ලුණුගම්වෙහෙර, කිරින්ද, උස්සන්ගොඩ ආදී සියලුම ප්‍රදේශ ආවරණය කරන්නට අපිට පුළුවන් වුණා.


මේ කියන දවසෙ අපි ගියෙ තිස්ස දෙබරවැව මූලික රෝහලට. රෝහලේ වැඩ කටයුතු ඉවරවෙලා අපි පයින්ම ගියෙ යටාල චෛත්‍යය බලන්න. ඕනා එකකට ඔට්‍ටු අපේ කණ්ඩායමේ මගෙ පිස්සු යාලුවො සෙට් එකත් එක්ක පාර දිගට අයිස් ක්‍රීම් කකා, තිස්ස - කතරගම පාරදිගේ එදා ගිය හැටි මතක් වෙලා තවම හිනා යනවා.


    යටාල චෛත්‍යය පිහිටලා තියෙන්නෙ තිස්ස - කතරගම පාර අයිනෙමයි.






රෝහණ රාජ පරපුරේ පළමු රජතුමා විදියට සැලකෙන මහානාග රජතුමා විසින් මීට අවුරුදු 2300 කට පමණ කලින් ක්‍රි. පූ. 2 වන සියවසයේදී මෙම දාගැබ කරවූ බව සඳහන්. (දේවානම් පියතිස්ස රජතුමාගේ සොයුරු වූ මහානාග යුව රජු, දේවානම්පියතිස්ස රජුගේ ගේ අගමෙහෙසිය වූ  අගබිසව විසින් ඔහුව මැරීමට කළ කුමන්ත්‍රනයකට බිය වී අනුරාධපුරයෙන් රුහුණට  පළා යාමෙන් පසුවයි රුහුණු රාජධානිය බිහිවුණේ )


මහානාග රජතුමාගෙ අග බිසවට මේ ස්ථානයේ දී පුත් කුමරෙකු ඉපදුනු අතර , එම සිදුවීම සිහිපත් කරන්නටයි මෙය ඉදි කර ඇත්තේ. ස්වකීය පුත් කුමරා යටාල තිස්ස ලෙසින් නම් කළ මහා නාග රජතුමා, මෙම දාගැබ යටාල චෛත්‍යය නමින් හැඳින්වූව අතර ප්‍රථම සිංහල රහතන් වහන්සේ වූ ත්‍රිපිඨකාරිට්ට මහ තෙරුණ් වහන්සේට පූජා කළා.


      පුරා ව්ද්‍යා කැණීම් වලින් මතුකරගත් සෙල්ලිපි වල සඳහන් වන කරුණු අනුව තහවුරු වී ඇති තවත් කරුණක් වන්නේ සතුරු උවදුරු වලින් ආරක්ෂා කරගැනීම උදෙසා දන්ත ධාතූන් වහන්සේ රජරට සිට රුහුණට වඩම්මවා මෙහි නිධන් කර ඇති බවය. ඒඅනුව මෙම ස්ථූපය දළදා දාගැබ නමින් ද හඳුන්වා තිබෙනවා. 
       
         අනුරාධ පුර රාජධානිය තරමටම පැරණි රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය යටාල දාගැබ බව සඳහන්. 1980 ගණන් වලදී ප්‍රතිසංස්කරණය කරණු ලැබූ යටාල චෛත්‍යය දැනට දිස් වන්නේ මේ ආකාරයටයි.


       ඒ වටේට තියෙන ඇත්පවුර ලංකාවේ ඇති පැරණිතම ඇත්පවුර ලෙසින් සලකන්න පුළුවන්. 


චෛත්‍ය මළුව වට වෙලා තියෙන්නෙ දිය අගලකින්. පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් ඉදි කර ඇති යකඩ පාලම නිසා චෛත්‍ය මළුවට ඇතුළු වන්නට අපිට පුළුවන් කම ලැබුණා. 






දාගැබ ප්‍රතිසංස්කරනයේදී එහි ඇතිම් ස්ථාන, පුරාණ චෛත්‍යයේ මතුපිට  පෙනෙන ලෙසට පිරියම් නොකර ශේෂ කර තිබෙනවා. 


දාගැබ් භූමිය පුරාම දකින්න ලැබෙන ගල් කණු එතෙනට ගෙන එනු ලැබ ඇත්තේ රාජකීය හස්තීන් මගින්.


මෙහි පසෙකින් වෙන්නට විහාර ගෙයක් / පිළිම ගෙයක්, භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා තැනුන ලැගුම් ගෙයක නටබුන් තවමත් ශේෂව පවතිනවා. 


මේ අවලෝකිතේෂ්වර බෝසත් රුව , එවකටත් මහායාන බුදු දහමේ ආභාෂය හෙළ කලාවන්ට ලැබූ  බවට වන සාක්ෂියක්ද???






යටාල චෛත්‍යය ට යාබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන කුඩා කෞතුකාගාරයක් පවතිනවා. නමුත්, එහි ඡායාරූප කිහිපයක් පමණයි ලබා ගැනීමට හැකි වුණේ. මන්ද යත් , ඇතුළත ඡායා රූප නොගන්නා ලෙසින් එහි ආරක්ෂාවට සිටි ගම් වැසියෙක්ගෙන් ඉල්ලීමක් ලැබුණ නිසා. 


ස්ඵටික ගලෙන් නිර්මිත බුදු රුවක්


බෝධි සත්ව ප්‍රථිමා




සිරිපතුල් ගලක්




භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිවූ කැසිකිලි ගලක්




ලංකාවේ පුරා විද්‍යා ස්ථාන වලින් ලැබුණු විශාලම ගඩොල මෙය බවට සඳහනක් තිබුණා.




තවත් පුරා වස්තූන් කිහිපයක්.




මේ තමයි අපේ සෙට් එක. - Craazzzyy C





15 comments:

  1. Wow amazing, finally I found at least one person who is interested in sharing via blogs. You are great. I bookmarked this to read later.

    M. Sajith.

    ReplyDelete
    Replies
    1. thank you very much sajith. I believe that, you became a big influence to me regarding blogs, because you were the 1st of our batch who stepped in to the blog field. Thank you very much for that also. :-)

      Delete
  2. හොද විස්තරයක් කරලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් මල්ලි

      Delete
  3. යටාල චෛත්‍යය ඉස්සරහින් මොන තරම් එහා මෙහා ගිහින් තිබුනත් තාම චෛත්‍යය බලන්න නවතින්න ලැබිල නෑ . . . වෙරිමරගාතෙ පන්සල් යනඑක එච්චර හොද වැඩක් නෙමේනෙ

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඕනයියෙ ලබන ආත්මෙවත් බලමු.

      Delete
  4. වටින සටහනක් , ආයෙත් කතරගම ගිහන් ආව වගේ දැනුනා ...

    ReplyDelete
    Replies
    1. කතරගම මම ලංකාවෙ කැමතිම ප්‍රදේශයක් බවට පත් වෙලා ඉවරයි එහෙ හිටිය සති 3 ඉවර වෙනකොට.

      Delete
  5. මමත් තිස්සමහාරාමේ ගියාට යටාල චයිත්‍යය වැඳලා නැහැ..

    ReplyDelete
  6. සරත් අයියෙ, මම හිතන්නෙ ඒකට හේතුව ඒක අපි පහු කරගන යන පාර අයිනෙ තියන නිසා වෙන්න ඇති. තිස්සමහාරාමය, කතරගම ඉලක්ක කරගෙන යන අපි වාහෙනේ නවත්තන්නෙ ඒ වගේ තැන් වල හරි අඩුවෙන්. තවත් දාගැබක් තියනවා මේ හරියෙ මැණික් වෙහෙර කියලා. ඒකට යන්න හිටියා , අපිට යන්න ලැබුනෙත් නෑ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දිගටම ලියන්න අක්කේ. ගොඩාක් වටිනවා.....

    "මේ තමයි අපේ සෙට් එක. - Craazzzyy C" වෙනුවට, "මේ තමයි අපේ පුරාවිද්‍යා ගවේෂන කණ්ඩායම" කියලා දැම්මනම් නියමයි.....

    ReplyDelete
  9. කාලෙකින් කතරගම පැත්තට යන්න බැරි උනා,තිස්ස වැව තියෙන්නෙත් ඔය කිට්ටුවම නේද

    ReplyDelete
    Replies
    1. කතරගම නෙමෙයි... ඔය ළමයා ලඟඳි වෙන්නප්පුව පැත්තෙවත් ගියා ද?

      Delete
  10. "මහානාග රජතුමාගෙ අග බිසවට මේ ස්ථානයේ දී පුත් කුමරෙකු ඉපදුනු අතර , එම සිදුවීම සිහිපත් කරන්නටයි මෙය ඉදි කර ඇත්තේ. ස්වකීය පුත් කුමරා යටාල තිස්ස ලෙසින් නම් කළ මහා නාග රජතුමා, මෙම දාගැබ යටාල චෛත්‍යය නමින් හැඳින්වූව"

    මහාවංසයේ තියෙන විදිහට නම් මහානාග යුවරජතුමා රුහුණට පලායද්දිත් යටාල වෙහෙර ඉදිකරලා තිබුණු එකක්. යටාල විහාරයේදී පුතු ඉපදුණු නිසා විහාරයේ නමත් තමන්ගේ සොයුරා වුණු දේවානම්පියතිස්සත් සිහිකොට තමයි පුත් කුමාරයටා "යටාලතිස්ස" කියලා නම් කරන්නේ.

    ලංකාවට මහායාන බුදු දහමේ බලපෑම අනුරාධපුර යුගයේ මුල් කාලයේ ඉදන්ම ලැබුණු බවට සාධක තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශවලට විදෙස් වෙළෙන්දන් වගේම නාවිකයන් හරහා බෝධිසත්ව වන්දනා ක්‍රම හුරුවෙලා තිබෙනවා.

    මේ බෝසත් පිළිරූ පෙනෙන විදිහට නම් අවලෝකිතේශ්වර බෝසත් පිළිම වගේ. ඒවා වැඩි වශයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල නිර්මාණය කරන්න හේතුවක් වුණේ නාවිකයන් සමුද්‍රයේදී ඔවුන් රැකගන්න ආරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන්ව වන්දනා කරපු නිසා. වැලිගම කුෂ්ටරාජගලින්, තිරියායේ ගිරිහඬු සෑය ප්‍රදේශයෙන් ඒ ගැන සාධක හමුවෙලා තියෙනවා

    ReplyDelete