කවි සිතක ප්‍රේමය

{කවියෙක් ආදරේ කරන්න පටන් ගන්නෙ, ආදරේ කරන්නෙ කවියෙන්........... ඒ වගේම ඒ ආදරේ නැති වෙලා ගිය දවසක වුණත්.... ආයෙම අතට එන්නෙත් පෑනක් මයි.... කඩු කිණිසි නෙමෙයි.}





සිත් අහස බොඳ කරන් ඈ ඇන්ද සිත්තමට
පණ පොවන බිඟු සරින් වල්මත්ව පෙම් බැන්ද
විහඟ ගී මියුරු සර සවන් පත් තුර ‍රැ‍ඳෙන
නිදි නොමැති කවි සිතම පිබිදුනා ඈ අසල


සිත් පුරා උපන් පෙම උතුර උතුරා ගලන
තුරුම හිඳ පෙම් කවිය මලක් වී පුද කරත
දුලන සෙනෙහස  සිතේ සදා සක්විති වන්ට
කවි පේළි රොන් ඉසියි බමරින්දු කවි සිතක


තු‍ටු කඳුලු බිඳු වලින් ගෙත්තමක් වූ කවිය
සහස් කවි ගී පේළි ලියවිලා පන්හිඳක
දුක් කඳුලු බිඳු සෙමින් දෙනෙත් තුල ගුලි ගැසෙත
පත් iru ද  ඉරී යයි විරහ කවි ලියවෙන්ට


දෑත් බැඳ දිව යන්ට සංසාරෙ පුරාවට
පැතූ සුපැතුම් බිඳී සීතලයි මුළු හිතට
දසත ගොම්මං අඳුර සිතට එබිකම් කරන
ඒ පාළු අඳුර යලි ඉපැදුනා කවියක්ව


Comments

  1. ගොඩාක් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ

      Delete
  2. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් එකට යන්න බෑනෙ නංගි
      Blog has been removed

      Sorry, the blog at wehimandarama.blogspot.com has been removed. This address is not available for new blogs. ලු

      Delete
  3. @Sindu akkiya, aththata ma hariiiiiiiiiiima lassanai akkiyo. A wage ma thama godaaaak arthanwithai. Akkiya hariiiiima creative neda ? mata th a gana godaaak sathutui akkiyo. Man mage mulu hadawathin ma suba pathanawa akkiyata, thawa thawa th me wage usas nirmana rashiyak kireemata awashya shakthiya ha dairyaya noaduwa ma labewa ! kiyala.

    ReplyDelete
  4. හරිම ලස්සනයි අක්කියෝ... නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ

      Delete

Post a Comment