සමු දුන්නෙ මම ඇයිද මන්දා

ඉකිලමින් උන් කඳුලු සිතකට
සිනහ සිතුවම් රූ පළන්දා
වියැකෙමින් තුබු දිවි තලාවට
සෙනෙහෙ මල් දම් පෙති පළන්දා


නිවී යන්නට සැරසිලා හුන්
තු‍ටු පහන් සිළු දිලූ පෙරදා
ගොහොරුවක් වූ ම'දිවි විලවට
සුපිපි පියුමක සුවඳ  රන්දා


ගයන්නට නොහැකිවම ලත වුණු
මගේ ගීයේ තනුව සැමදා
සිහිනයෙන් සවනතට ගැයු ගී
යළි යළිත් ඇසුනාද මන්දා


සීන සතකින් එපිට සිතුවම්
සිතක් අද්දර ගලා ගිය දා
විරහ කඳුලක රස විඳින්නට
සමුදුන්නෙ කුමකටද මන්දා





Comments

  1. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ස්තූතියි දිනේෂ් මල්ලි

      Delete
  2. මට එක සැරයක් කවියක් කියෙවුවට ඒක එක සැරෙන් තේරෙන්නේ නෑ,,,දෙපාරක් තුන් පාරක් කියවන්න ඕනා,,,

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ඔයා කියවනවානෙ. ඒකයි වැදගත්. හැමදාම මේ පැත්තෙ ඇවිදලා යන්වට ස්තූතියි ඩිලාන්

      Delete
  3. ලස්සන කවි ටික නoගි....මෙක බලන්න.---> http://jeewithayaaluthin.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00-08:00&updated-

    ReplyDelete
    Replies
    1. මම බැලුවා අයියෙ. හොඳ වැඩක්. ස්තූතියි

      Delete

Post a Comment