මතකද ඒ දින කිහිපය.......??

රටට ජාතියට ආදරේ කරන හැම කෙනෙක්ම දේශපාලන මති මතාන්තර, ආගම් කුල භේද පැත්තකින් තියලා 
දිවා රෑ නැතුව රූපවාහිනිය වටේට එකතු වෙලා  බලාගෙන හිටපු ඒ දවස් ටික මතකද? 

ඇවිද ගන්නවත් පණ නැති ඇටසැකිලි වගේ මිනිස්සු දහස් ගාණක් වෙඩි වරුසා මැද්දෙ මේ පැත්තට දුවගෙන ආව හැටි මතකද? 


අපේ ආරක්ෂක හමුදාව පාටක් සුවඳක් බලන්නෙ නැතිව ඒ මිනිස්සුන්ව ආවරණය කරගෙන වාහන වලට දාගනිද්දි, හමුදාවෙ සෞඛ්‍ය අංශ වලින් ඒ මිනිස්සුන්ට බේත්, සේලයින් දෙද්දි අපේ ඇස් වලට කඳුලු ආවා මතක ද?


ඊට බොහෝ කාලයකට කලින් අපේ ඈත ගම්මාන වල පුංචි දරුවන්ව , අම්මලාව කපල කොටලා මරලා දාලා තියෙන හැටි දැක්කා ම අපේ හිත් වලට ආව හැඟීම මතකද? 

මෙහෙම අතීතයක් තියන අපේ රටට දැන් වෙන්න යන දේ ගැන නිකම් වත් හිතුණා ද,

නැත්නම් චැනල් 4 බලලා ශ්‍රී ලාංකිකයන් වුණ එක ගැන ඔයාලාටත් ලැජ්ජා හිතුණාවත් ද? :D

රන් අසිපතක මුවහත් තුඩ අග පෑයේ
ඔද බිඳලන්න රුපු සේනා නැගූ ජයේ
විකුමන් පෑව සිවු හෙළ දූ පුතුන් දැයේ
ගත ‍රැඳි දහඩියෙහි සුදු මල් පිපී ගියේ

කිරුළක් හිමි වුණා රණ ගී ජය නැගුයේ
මිණි කැට මතු වුණා ‍රැවු දී ඒ ගීයේ
ආසිරි පැන් පුදා මේ මවු බිම දිනුයේ
රන් සියපත් නැගී විකසිත වී ආයේ

සහසක් දිවි පුදා මවුබිම පින් යුගයේ
රුහිරෙන් පෙඟී ගියමුත් මිහිමව පෙලුයේ
විරු දරු කැලක් විය නිබයව පෙරට ගියේ
සුපැතුම් මතිනි සිත නැගි බුදු පුතුන් දැයේ

විහඟුන් නැගූ සත්සර හඬ පැතිර ගියේ
රණ ගී ඇසුණ දෙසවන් පුබුදා ලූයේ
අවි අත දරා සුබ ජය පැන් දිනූ ‍රැයේ
ලක් දූ පුතුන් පැතුවේ නිදහසයි දැයේ

මිලිනව නොයන්නට පැතුමන් දිනූ දැයේ
අප දිනු මෙබිම අප ‍රැකගත යුතුව තියේ
පිබිදෙවු හෙළ පුතුනි නැගිටිමු අපි ආයේ
අපටයි උරුම අප උරුමය තවම දැයේ





Comments

  1. ඔය චැනල් 4 කාරයන්ව මම නම් බැලුවෙත් නැහැ බලන්නෙත් නැහැ.ඒ උන් කරන කියන දේවල් පටපල් බොරු කියලා දන්නා නිසා

    ReplyDelete
    Replies
    1. හුරේ දාන්න තරම් බ්ලොග් එකක් නෙමේ නංගි මේක. මම මුලින් හිතුවෙ 1st and last දෙන්නම ඔයා ද කියලා. චැනල් 4 කතාව පැත්තකින් තිබ්බත් මම මේ පෝස්ට් එක දැම්මෙ ලංකාවට ආදරේ කරපු විජය කුමාරතුංග කියන මනුස්සයාගෙ ලෙයින් ඉපදුන දරුවෙක් කියලා තියන කතාවක් අහලා ඇති වුණ හිත් වේදනාවට

      Delete
    2. අක්කා මොනවා කියුවත් මම හුරේ කියනවා. මොකද මට මේ බ්ලොග් එක හුරේ දාන්න තරම් වටිනවා :)

      Delete
  2. //නැත්නම් චැනල් 4 බලලා ශ්‍රී ලාංකිකයන් වුණ එක ගැන ඔයාලාටත් ලැජ්ජා හිතුණාවත් ද?//
    අනේ මුංගේ බම්බුව බලලා ලැජ්ජ වෙන්නම තමා තියෙන්නේ, කාලකණ්නි !
    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ චැනල් 4 වීඩියෝවට පිළිතුරක් විදියට ලංකාවෙන් හදපු වීඩියෝව බලපු ඇමරිකන් පුර වැසියන්ට මොනාද හිතුනෙ කියලා. ( එයාලා බැලුවෙවත් නැද්ද දන්නෙ නෑ)

      Delete
  3. ඇමරිකන් යෝජනාවත් සම්මතයි කියන්නෙ... මෙව්ව මතක තියන් ඉන්නෙ බොහොම සුළු පිරිසක් විතරනෙ... ඊට වඩා වැඩී ඕව අමතක උන් ප්‍රමාණය... එහෙම නැත්තන් ඕවයින් රිදුන ප්‍රමාණය... අපි බලන් ඉමු, දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනොත් කරමු...

    ReplyDelete
    Replies
    1. මුල අමතක වීම අපේ අනන්‍යතාවයේම කොටසක් ද කොහෙද..... මේ ප්‍රශ්නෙදිවත් එක පැත්තක් (රටේ පැත්ත) ගන්න බෑනෙ අපේ රටේ ඇතුලෙම ඉන්න අපිට

      Delete
  4. ඔය ඉන්දියාවට කවදා හරි තේරෙන්නේ ඇමරිකාව පකිස්ථානයට කරපුදේම තමන්ටත් කල දවසට. එදාට තමයි ජයලලීතා, මොන්ගල් සිං, කරුණානිධි අයියලාගේ රෙදි ගැලවෙන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. ජය ලලිතා , කරුණා නිධි ඇතුලු කට්ටිය කවදාවත් තමන්ගෙ මතේ වෙනස් කරන්නෙ නෑ. ඒත් බුද්ධිමත් නායකයෙක් කියලා හිතාගෙන හිටිය සිං ට කෙලින් හරි තීරණයක් ගන්න බැරි එකනෙ වැඩේ

      Delete
  5. අද තමා ඉස්සෙල්ලාම මේ පැත්තට ආවේ. :)

    ගොඩක් හොද පෝස්ට් එකක් යාලුවා.ඔය ගොඩක් දෙනෙක් ඇත්ත නොදැන නෙමේ චෝදනා කරන්නේ.කුහක කම, අවස්ථාවදී කම සහ ඩොලර් වලට යටවීම තමා වැඩිපුර තියෙන්නේ (මම හිතන විදියට)
    කවුරු මොන චෝදනා කලත් අපේ රණ විරුවෝ කරපු කැපකිරීම අමතක වෙන්න නම් අපි මැරිලා ඉපදෙන්න ඕන! :)

    ReplyDelete
  6. ඒ කැපවීම් වල මතකය සදාකාලිකයි. මට මතකයි අවසාන සටනෙ අවසාන ප්‍රතිඵලය SmS වලින් ආවෙ අපි දේශනයක ඉන්න අතරතුර. ඒ එක්කම මුළු කැම්පස් එකම දෙදරන්න ඇහුනෙ fire crackers සද්දෙ. ඒ වෙලාවෙ ඉඳන් අපේ ආරක්ෂක හමුදාව ගැන ඇති වුණ ගෞරවය තවමත් මගෙ හිතේ තියනවා.

    ReplyDelete

Post a Comment