පන්ති ගිය ඒ කාලෙ


ඉස්කෝලෙ ඇරුණ ගමන් ගිනි ගහන අවුවෙ දාඩිය පෙරාගෙන  අමතර පන්ති ගිය කාලයක් අපි හැමෝටම තිබුණා මතකද? 


ඉස්කෝලෙ ඇරෙන වෙලාවට අපි පොත් ටික අස් කරන්න පටන් ගන්නෙ අපේ සහෝදර පාසලේ සීනුව වදිනවා ඇහෙනවාත් එක්කම. ඒ නිසා යන්තම් අපේ අන්තිම සීනුව වදිනකොටම පොත් ටික අස් කරගෙන එලියට පැනලා දුවන්න පුළුවන් වුණා. 


පාසල ඇරිලා යන පෝළිම හොඳටම පිළිවෙලට යන්නෙ විදුහල්පති කන්‍යාසොයුරියගෙ ඔ‍ෆිස් එක ඉස්සරහින්. එතනින් එහාට ටිකෙන් ටික ‍turbulent වෙන  පෝළිම කැඩී බිඳී විසිරිලා යන්නෙ හිතාගන්නවත් බැරි විදියට. 
ප්‍රිෆෙක්ට් අක්කලා බස් ස්ටෑන්ඩ් එකටම යනකම් ඉන්න නිසා පොඩි නංගිලා නම් පෝළිම් පනින්නෙ නැතිව ගියා. ඒත් ඉතින් අපිට මොන පෝළිම්ද... විනයක් නෑ ...... ගාල කඩා ගත්ත හරක් ටිකක් වගේ වෙලාවකට. 


6 වසරෙ 7 වසරෙ පොඩි උන් ගෙනුත් බැනුම් අහගෙන මෙහෙම දිවුවෙ වෙන මොනාටවත් නෙමේ.... 
පන්ති වලට යන්න බස් එකක් අල්ලගන්න. හලාවත ඉඳන්ම පාර දිගට තියන ඉස්කෝල වලින් බාගයක්ම පුරවාගෙන එන ඒ බස් වලට නගිනවා කියන එකත් වීර ක්‍රියා වලට ඇතුළත් කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි කළේ ගොඩාක් දුර ඉඳන් එන සීමිත නැවතුම්, අර්ධ සුඛෝපභෝගී බස් වලට නැගලා කොන්දොස්තරලාගෙන් බැනුම් අහගෙන  මීගමුවෙන් බහින එක


මේ තරම් ක‍ටු කාගෙන අපි දුවන්නෙ පන්ති වල ඉස්සරහ පේළිය අල්ලන්න. කොයි තරම් පිස්සු නැ‍ටුවත් පන්ති වල ඉස්සර පේළිය අල්ලන්න ට්‍රයි කරන එක නම් ගෑණු ළමයින්ගෙ හැටි ද කොහෙද.


අනිත් පන්ති වල තත්ත්වය එහෙම වුණත් එක පන්තියක් තිබුණා , ඒකට අපි දිවුවෙ අන්තිම පේළිය අල්ලා ගන්න.ඒකට මුල් වුණෙත් අපූරු සිදු වීමක්.ඒ පන්තියේ  අපි හැමදාමත් හිටිය පේළියක් තිබුණා. ඒකෙ ඉඳන් තමයි අපි මිස් ට හොරෙන් මයිලෝ බිවුවෙ, බිස්කට් කෑවෙ සහ සමහර වෙලාවට නිදි කිරා වැ‍ටුණෙත්. (කොහොම වුණත් බොහෝ දුරට අපේ අවධානය රඳවාගන්න පුළුවන් කමක් ඒ මිස් ට තිබුණා)


                                  http://imdocuk.com/content/2/7/8/12781/86510140carre-jpg.jpg


කාලයක් ඔහොම ගත වුණා... දැහැමෙන් සෙමෙන් අපි බිස්කට් එකක් කාලා, මයිලෝ එකක් එහෙම බීලා අපේ පාඩුවෙ හිටියා. 


දවසක් ඒ තීරණාත්මක මොහොත එළඹුණා. අපි සුපුරුදු විදියට පන්තියට දුවගෙන ගියා.මොකක්? අපේ පේළිය නෑ.... 
ආ.... නෑ නෙමෙයි, මෙන්න ඒකෙ "කොල්ලෙක්" ඉඳගෙන. ( ඒ කාලෙ පිරිමි ළමයින් ව හැඳින්වුවෙ එහෙමනෙ අපි) නිකම්ම නිකම් කොල්ලෙක් නෙමේ... කණ්ණාඩි දෙකකුත් දාලා, ඩොක්ටර් පෙණුමක් තියන අපේ සහෝදර පාසලේ කොල්ලෙක්. ඒ සහෝදර කම් කොහෙද අපිට ඒ වෙලාවට. 


සිඳු කොහොමත් ඒ කාලෙ ටිකක් වලියට බරයි ලු 
"එයාව එලවමු අපි"
" ඒක තමයි, අපේ බංකුවෙ කොහෙද එයා වාඩි වෙන්නෙ එහෙම" "අපි කතා කරලා කියමු යන්න කියලා" 
" එහෙම නැත්නම් අපිත් ගිහින් ඉඳගමු ඒකෙ" 


කොහොමද අපේ අදහස්. වචන වලින් ඒ ළමයාව ගහලා එළවලාත් ඉවරයි. 
(අසාධාරණයි තමයි ඒක, ඒ වුණත් ඒ කාලෙ අපිට ඒවා පෙනුනෙ නෑනෙ.)
ඔහොම කතාවෙලා අපි සෙට් එක ගියා "අපේ බංකුව" ගාවට. සිඳු පෙරමුණ ගත්තා... මරාගෙන මැරෙනවා වගෙ හිතාගෙන තමයි ගියෙ. 
ඒ වුණාට කටින් පිටවුණේ "ඔයාද අද මෙතන ඉන්නෙ? අපිනෙ අනේ වෙනදාට මේකෙ ඉන්නෙ" කියලා විතරයි.
"ඒත් අද මමනෙ මෙතන ඉන්නෙ.... "ස්ථීර සාර ස්වරයකින් කොල්ලා කිවුවා. 


                        http://www.thepowerofintroverts.com/wp-content/uploads/2011/06/intelligent-child.jpg


අපි ඉතින් අහිංසක විදියට ආපහු හැරිලා ඇවිත් අන්තිම පේළියේ ඉඳගත්තා. 
ඒ වෙලාවෙ තමයි තේරුණේ ඒකෙ අසිරිය!! මුළු පන්තියම පේනවා. ඒ මදිවට අපි පන්තියෙ පිරිමි ළමයින්ටත් පිටිපස්සෙ. එයාලාට වැරදෙන වෙලාවට මූණ පෙන්නන්නෙ නැතුව හිනා වෙන්නත් පුළුවන්. වෙනදා ට වඩා හොඳින් හොරෙන් බිස්කට් කන්නත් පුළුවන්...  මොන සැපක්ද... එදා ඉඳලා තමයි ඒ පන්තියෙ අපි අන්තිම පේළිය අල්ලාගන්න දුවන්න පටන් ගත්තෙ.
 (ඒ පිරිමි ළමයා දැන් නම් මගෙ හොඳ යාලුවෙක්.  එදා තිබුනෙ ඩොක්ටර් පෙනුම විතරයි, දැන් නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක්)

 ඔය විදියට පිටිපස්සෙ ඉන්න වෙලාවට ඉස්සරහ පේළි වල ඉන්න අපේ යාලුවෙක්ගෙන් (ජෙගරිගෙන්) චිට් එහෙම එනවා අපිට. 
මේ තියෙන්නෙ ඒ කීපයක්
මේවා කියවද්දී තවමත් හිනා යනවා


මේ තියෙන්නෙ අපේ "ජෙගරි" වෙනදාට වඩා සාන්ත දාන්ත විදියට හිටිය දවසක මම යවපු චිට් එකක්


මේ ඒකට ආව උත්තරේ


මේ තවත් දවසක ජෙගරි ට බඩගිනි වෙලා මටයි අනිත් යාළුවාටයි එවපු චිට් එකක්. එදා එයා හිටියෙ ඉස්සරහ පේළියක

බිස්කට් එක යවන්න ගිහින්, පැකට් එකම රෝල් වෙලා ඉස්සරහ බංකුවක් යටට ගියා.




දවසක් අපි දෙන්නා ඉස්කෝලෙ නොගිහින් පන්ති ආවා. වෙනදාට මාසෙට පෝයට ඉස්කෝලෙ එන ජෙගරි , එදා ඉස්කෝලෙ ගිහින් යුනිෆෝම් එකෙන් පන්ති ආවා ටිකක් පරක්කු වෙලා. ඒ දවස් වල තමයි නිවාසාන්තර ක්‍රීඩා තරඟ වල මූලික තරඟ තිබුනෙ.
ඉතින් මේ අපි යවපු චිට් එක ( පරක්කු වෙලා ඇවිත් ගැලරියෙ වාඩි වුන ජෙගරි ට)



මෙන්න උත්තරේ


මේ මම ආපහු යවපු එක


අපි දෙන්නා පිටිපස්සෙ පේළියට ගිහින් ජොලියෙ ඉද්දි, හැමදාමත් වගේ පරක්කු වෙලා ආව ජෙගරි, මිදි තිත්තයි කිවුව නරියා වගේ එවපු චිට් එකක්.

මේවා දකිද්දි කට්ටිය හිතනවා ඇති මෙහෙමද ඉගෙන ගත්තෙ කියලා. උත්තරේ නම් ඔව් තමයි. ඒත් ඉතින් අද ජෙගරි මොර‍ටුව තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිධාරී , මානව සම්පත් කළමණාකාරිණියක්. මාත් එක්ක චිට් ලියපු අනිත් යාළුවා ත් වෛද්‍යවරියක්. (ලොකු කමට කිවුවා නෙමේ ඕන්)

මේ පන්තිය ඉවර වෙලා අපි ආවෙත් බස් එකේ. දුක් විඳගෙන දවල් ට ආවා ට හවසට ආපහු යනකොට නම් සැපට ගියා. සැපට කියන්නෙ බස් එකේ වාඩි වෙලා ගියා කියන එක. ඒ වෙලාවට පන්ති ගොඩාක් ඉවර වෙන වෙලාව. බස් වල ඉන්නෙ වැඩිපුරම පන්ති යන ළමයි තමයි. විශේෂයෙන්ම "ජයනි" එකේ තියන පන්ති ටික ඇරෙනවා.ඒකෙ පන්ති වලට යන අපේ අනිත් යාලුවොත් ඒ වෙලවට බස් එකේදි හම්බෙනවා.අපි කොහොම හරි උත්සාහ කරන්නෙ බස් එකට නැගලා වාඩි වෙන්න. ඒ වුණාට මොකද්ද මන්දා හේතුවකට පිරිමි ළමයි නම් පුළුවන් තරම් උත්සාහ කරන්නෙ හිටගෙන යන්න. 
ඒ වෙලාවට වෙනකොට අපි ඉන්නෙ "පාන්"කියාගන්නත් අමාරු තත්වෙක.


 ඒ වගේම මහන්සි දවසක මමයි මගෙ යාළුවායි බස් එකට නැගලා හිටියා. වෙනදාට බස් එකේදි හම්බෙන ජයනි එකේ පන්ති යන යාළුවො ටිකව එදා කොහොම හරි අපිට මග ඇරුණා. කට්ටියම ඉන්න වෙලාවට නම් මුළු මීගමුවම රන් කරන්නෙ අපි වගේ හිටියා ට එදා හිටියෙ අපි දෙන්නා විතරක් නිසාද කොහෙද වැඩි සද්දයක් නැතුවයි දෙන්නාම බස් එකේදි ඉඳගෙන හිටියෙ. 



සුපුරුදු විදියට වසවර්ති මාරයො ටිකක් වගේ කොල්ලො ටිකකුත් නැග්ගා බස් එකට. එයාලාගෙ කොහොමත් තියෙන්නෙ ලොකු ලොකු කතානෙ.... කතාවෙන් තේරුණේ අපිට වඩා අවුරුද්දක් බාල ළමයි ටිකක් කියලා. එයාලාගෙ පිස්සු කතාවලට හොරෙන් හිනා වෙවී , ඒත් එයාලාට පේන්න රව රව අපි දෙන්නා හිටියා. 


නොහිතුව වෙලාවක එක මල්ලි කෙනෙක් කෑ ගහන්න පටන් ගත්තෙ එක පාරටම. 


"අම්මෝ මගෙ කකුල.... කකුල මොකද්ද වෙනවා...." මුළු බස් එකටම ඇහෙන්න මේ ළමයා බෙරිහන් දෙන්න පටන් ගත්තා. 


"මගෙ දනිස්ස කැඩුනාද කොහෙද.... ඉන්න බෑ......" අපිට ඉස්සරහ හිටිය අන්කල් නැගිටලා සීට් එක දෙන්න හැදුවා. ඒ පාර ආයෙ කෑගහනවා 


"අනේ එපා අන්කල්... ඉඳගන්න බෑ, මට හෙල්ලෙන්නවත් බෑ"
මටයි මගෙ යාළුවාටයි හිතාගන්න බැරි වුණා මොකද වුනේ කියලා.ඒ වෙනකම් පිස්සු නට නට හිටිය ළමයා ට එක පාරටම මොකක් වුනා වුණත් මට නම් පොඩි දුකකුත් ආවා. මගෙ යාලුවාටත් ඒක එහෙමම වෙලා තිබුණා කියලා තේරුණේ එයා එක පාරටම නැගිටලා ඒ ළමයා ට සීට් එක දුන්න නිසා. 


අනේ ඉතින් අර කකුල කැඩුණ ළමයා ට මොකුත්ම ප්‍රශ්නයක් නෑ... ඉඳගන්න බැරි කමකුත් නෑ... කපටි හිනාවකුත් දාලා එතනින් ඉඳ ගත්තානෙ. කෑගැහිලි සේරම නැවතුනා............ වටේ ඉන්න ඇට්ටර කොල්ලො ටික හිනා වෙනවා... 


මගෙ යාළුවාගෙ මූණ හොඳටම රතු වෙල ලැජ්ජාවට. මට හොඳටම තරහයි, ඒත් හිනාත් යනවා. මොනවා කරන්නද , බොරුවක් කරලා සීට් එක ගත්තා කියලා බනින්නත් බෑ. මගෙ යාලුවා නම් ඒ තරම් අපහසුතාවයකට පත් වෙන්න නැතුව ඇති කවදාවත්ම.


ඒ සෙරමත් ඉවසාගෙන හිටියා කියමුකො, මගෙ රතු කට්ට පැන්නෙ හිටගෙන හිටිය ඒ කොල්ලො රංචුවෙ තව එක්කෙනෙක් කියපු කතාවකට...............


"අක්කෙ , යුනිෆෝම් එකත් ඇඳගෙන , මේ විදියට පිරිමි ළමෙක් ලඟ ඉඳගෙන යන එක හරි නෑ නෙද? ඒ නිසා ඔයාත් නැගිටින්න , අපි කවුරු හරි ඉඳගන්නම්"

                                           

Comments

  1. හික්ස්.. අක්කා නම් මරු අනේ.මට මගේ පන්ති ගිය කාලේ එහෙමම මැවිලා පෙනුනා... :D.. අපෙත් ඔය විදියටම පේලිය වෙන කට්ටියක් අල්ලගෙන අපිත් හිටියේ පස්සේම පේළියේ.. ඊට ඉස්සරහ ඔක්කොම කොල්ලෝ.. ඉතින් කොල්ලොන්ව බයිට් කර කරා හිටියා.. ඒ බයිට් කරපු කොල්ලොන්ගෙන් බැනුමුත් ඇහුවා.. ඒ අයත් දැන් අපේ හොඳම යාළුවො.. හෙ හෙ හෙ..

    ReplyDelete
    Replies
    1. හුරේ... මම එක... හෙ හෙ හෙ

      Delete
    2. අපිත් බයිට් කරපු කොල්ලෙක් හිටියා ඒ පන්තියෙ අපිට ඉස්සරහා පේළියෙ. අපි එයාට නමකුත් දාලා තිබුනා "ගැලීනා" කියලා. ඒ කොල්ලාගෙ මූණ මතක්වෙද්දි දුකේ බෑ.හිනාවෙනවා කියන එක දන්නෙවත් නෑ. පන්තියෙ අන්තිම දවස වෙනකම්ම කළේ අපි දෙන්නට ‍රැවුව එක.

      Delete
  2. අයියෝ සල්ලි කිව්වලු....හි හි.....මගෙත් නම් අක්කේ කට ටිකක් හරි මදී ඒ හින්දා වැඩිය මොකුත් කියන්නේ නැතුව ලස්සන අත්දැකීම් ටිකක් අපූරුවට ලියලා තියෙනවා කියලා කියන්නම්.... :)

    ReplyDelete
    Replies
    1. මගෙත් කට ටිකක් හොඳ මදි මල්ලි. ඒ නිසා ස්තූතියි කියලා නිකම් ඉන්නෙ

      Delete
  3. ඉස්කෝලෙ යන කාලෙනම් කොයිතරම් දේවල් කලාද... අපේ නම් පන්ති යන යාළුවො ටික එකතු වෙන්නෙ ඉන්ටවල් එකේදි...

    මොකද සාතන් එක්ක පන්ති ගිය ඩබල ඇරෙන්න අනිත් කට්ටියව හොයාගන්න වෙන්නෙ ඉන්ටවල් එකට ෆිල්ම් හෝල් එකේ ලයිට් දැම්මහම :)

    මෙච්චර කාලයක් චිට් පරිස්සම් කරල තියාගත්තෙ කොහොමද?...

    ReplyDelete
    Replies
    1. පන්තියට එහා පැත්තෙ තිබුණා ‍ෆිල්ම් හෝල් එකක් අපේ. ඒත් පුදුමෙ කියන්නෙ ජීවිතේට හිතුනෙ නෑනෙ ‍ෆිල්ම් එකක් බලන්න. චිට් ටික මම ඇල්බම් එකේ දාලා තිබුනෙ මෙච්චර කල්.

      Delete
  4. සෑහෙන කාලයක් චිට් පරිස්සම් කරලා තියාගෙනනේ.. අපි දවසක් ඔහොම් ලියපු චිට් එකක් පාස් කරන්න ගිහින් අනිත් උන් වරද්දලා හරි ඕනකමින් හරි ඒක යැවුවේ සර් ලගට.. සරුත් මයික් එකෙන් චිට් එක කියෙවුවා.. සන්තෝසේ බෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නම් සන්තෝසෙ බෑ තමයි. වෙන පන්තියක මටත් ඒක වෙලා තියනවා......ආපෝ........ එදා නම් මට වහ කන්න හිතුණා, පස්සෙ මතක් වුණේ සර් දන්නෙ නෑනෙ මමයි ලිවුවෙ කියලා.....

      Delete
  5. ඔය බන්කුව අල්ල ගන්න ඉස්සර මම මාර කට්ටක් කන්නේ.හලාවත මීගමු A/C බස් එක මිස් උනොත් බන්කුව අල්ලලා හමාරය්.ඔයාල සෙට් එක බහිරවයෝ ටික වගේ ඒ බන්කුවම අල්ලන්න එනවා.ඒ පේලියට ඉස්සරහ පේලියෙ හිටියේ කව්ද කියල ඔයාට මතක් කර ගන්න පුළුවන් නම් මම ඔච්චර උනන්දුවෙන් ඔය බන්කුව අල්ලන්න අවේ මොකද කියල ඔයාට හිතා ගන්න පුළුවන් වෙය්. අමතක නම් මම පොඩි උදව්වක් කරන්නම්.White a gal a..Claza maths a..50% a..ect.a.ඔය සිද්දියෙන් පස්සේ ඔයාල මට චන්ඩි අය්ය කියල නමක් දැම්ම කියල නම් මට ආරංචි උනා.එත් මම ඒවාට සැලුනේ නෑ.50%වෙනුවෙන් දිගටම ඒ පේලිය ඇල්ලුවා.

    ReplyDelete
    Replies
    1. ඈ........???? අයියෝ දන්නවානම් අපි ඒ 50% ටත් කට්ට ගහනවානෙ, මට හිතාගන්න පුලුවන් කවුද ඔය "වයිට් අ ගල්....." කියලා. චන්ඩි අයියා ගෙ ඇත්ත නම දැනගත්තෙ අපි ටික කාලෙකටත් පස්සෙ.

      Delete
  6. අපේ එ්රියල් එකේ කෙනෙක් වගේ නේ! :) :) නයිස් ටු මාට්ටු!

    අලියනං අත්‍යාවශ්‍යයෙන්ම යන තැනක ඉස්සරහ පේලියේ තමා. :D තව අදටත්! :)

    අලිය කන්නඩි දාන්නැති බව සලකන්න! :)

    ReplyDelete
    Replies
    1. හායි හායි....... නයිස් ‍ටු මාට්‍ටු......!!!!!!!!!!! ආ......... ඉස්සරහ පේළියෙ ඉඳගන්න කණ්ණාඩි නොදමන කොල්ලෙක් එක්කත් මගෙ වලියක් තිබුණා..ඒඅලියා ද මන්දා.

      Delete
  7. නියමයී... ඒත් ඉතිං ඒ ලෙවල් කාලෙනම් අපි ඉස්කොලේ ඉදලා හවස පංති යන්නේ සෑහෙන කලාතුරකින් මොක්ද උදේ 8ට යන කොල්ලා බත් එක කාලා යාලුවොත් එක්ක ගම් බිම් බලා 9 වෙද්දී පිටත් වන නිසා..

    ReplyDelete
  8. ඉස්කෝලෙ ගිය කාලෙ, පන්ති ගිය කාලෙ ආයෙම මතක් උණා. ආයෙම ඒ කාලෙට ගියා වාගෙ දැණුණා... ස්තූතියි සිඳු.... ලස්සනටම ලියලා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු. ඇත්තමයි, කොච්චර වුණත් ඒ කාලෙ කරපු පිස්සු වැඩ තමයි හැමදාමත් තියෙන්නෙ.

      Delete
  9. Jeggary : මම තමයි ජෙගරි.ඔයා නම් මාරයි සින්දු . මම කිකමටවත් හිතුවේ නෑ මම ලියපු චිට්ස් ඔය ළඟ තියනවා කියල.. මම හිතුවේ ජෙගරිව දැන් මතක මට විතරයි කියල... ජෙගරි , ගොනටා , ගොනෙක්සි තුන්දෙනාගේ රසකතා නම් තව ගොඩක් තියෙනවා...ඒ දවස්වල චන්ඩියගේ ගෑස් වලට බැන බැන හිටියට මොකද, දැන් චන්ඩිය මගෙත් හොඳම යාලුවෙක්.. ඇත්තටම ගොඩක් සන්තෝසයි , අවරුදු ගානකට පස්සේ අපේ චිට්ස් ආයෙමත් කියවන්න හම්බ වුනු එක ගැන . තව තියෙනවනම් මට mail කරන්න. :) :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ ජෙගරියො...... මොකද්ද මේ කළේ? නම් ගම් සහිතවම දාලා නෙ? (ගොනාටො, ගොනෙක්සි) ලජ්ජාවෙ බෑ අප්පා!!! මොකද මට අමතක වෙන්නෙ මේ පිස්සු වැඩ?

      Delete
  10. ඉස්කෝලේ කාලේ කාටද අමතක කරන්න පුලුවන් . හැබැයි මගේ ගාව සමරු පොතක්වත් තිබුනේ නෑ අපි ඔවුවා පාවිච්චි කලේ නෑ නෙව .. ඔය තුන්ඩු කෑලි ටික කොහොමද අප්පේ මේතරම් කාලයක් පරෙස්සම් කරලා තියාගත්තේ ..?

    ReplyDelete
    Replies
    1. මගෙ සමරු පොත නම් රචනා පොතක් වගේ.... කිසි කෙනෙක් එක පි‍ටුවකින් නවත්තලා නෑ. අපි හම්බුන දවසෙ ඉඳන් ඒ වෙනකම් කරපු පිස්සු වැඩ වලින් මුළු පොතම පිරිලා... මගෙ එක යාලුවෙක් ලියන්න පටන් අරන් තිබුන විදිය තවමත් මතකයි... " කිසිදා සමරු පොත් නොලියන කොල්ලන් වන අපි......" කියලා පටන් අරන් පි‍ටු 5, 6කට වැඩේ දීලා තිබුනා.

      Delete
  11. 2002-2004 මීගමුවට ජයනියට මතකය ගියා,රුපියල් 8ට මතක විදිහට ගියේ,,අර බස් ස්ටෑන්ඩ් එක වටේට තිබුනු පුංචි කඩ මතක් උනා,,අද ඒ සේරම වෙනස් වෙලා.. කන්ණාඩි පොර නේද අර උඩ කමෙන්ට් කරලා ගිහින් තියෙන්නේ. සිංදු කස්ටියව බ්ලොග් අවකාශෙට ගෙනාවා වගේ නේ.මේ චිට් නම් අරන් තියාගෙන තියන එක පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ රු 8 ද ගියේ? මතකත් නෑ අප්පා.... දැන් නම් 20 ක් ද කොහෙද.. ඔව් ගොඩාක් වෙනස් වෙලා.. මීගමුවෙ බස් ස්ටෑන්ඩ් එක දැන් එයා පොර්ට් එකක් වගේනෙ. සේරම ඩිජිටල්. ඒත් ඉතින් රේල් පාරෙන් එහා පැත්තෙ ජයනියෙ, අපෙ සනත් සර් , සුසන්ත සර් , කැෂ්මියර් සර් ඇතුළු සේරමලා ඒ විදියට්ම තවම ඉන්නවා.

      ඔව් ඔව්.. පොර තමයි... පේන්නෙ නැද්ද වරද පිළි අරන්..;-) ඒත් එයා ඇත්තටම හොඳ යාලුවෙක්

      Delete
  12. ඔය චිට් කෑලි ටික කොහොම තියා ගත්තද මන්ද මෙච්චර කාලයක් .....

    ReplyDelete
    Replies
    1. මගෙ ඇල්බම් තියෙන්නෙ මේ වගේ දේවල් වලට තමයි ඉතින්

      Delete
  13. චික් මේ ළමයින්ගේ අකුරුවල කැත....අර මොකක්ද ස්‍රාවයක් ගැන කියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. චික්... කැත බලන්නකො.
      මේකනෙ වැඩේ..... අපි හදිසියෙන් ලියපුවානෙ.
      ඒත් ඉතින් අපේ ජෙගරියා ගෙ හොඳ අකුරුත් ඔය වගේ තමයි. මගෙ නම් ඉතින් හොඳ අකුරු.. ඒවාත් ඒ වගේ තමයි. HCL කියන්නෙ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයනෙ. බඩගිනි වුනාම ආමාශය ඇතුලෙ ස්‍රාවය වෙනෙ. අපේ ජෙගරි ට ඒක පෙනිලා....

      Delete
  14. මේ අන්තිම පේලියද ? කෙල්ලෝ කොහෙද අන්තිම පේලියේ ? යනවලා යනවලා..

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි සරත් අයියෙ.... අන්තිම පේළිය කෙල්ලන් ට අකැප ද?

      Delete
  15. පිස්සු කෙලිය වගේම ඉගෙනගෙනත් තියෙනවනෙ ඒක තමා ඉතින් වෙන්න ඕන.....මට හිතෙන්නෙ අක්කට පොඩි කාලෙ දීපු සෙල්ලම් බඩු ඒ විදියටම ඇති නේ........

    ReplyDelete
    Replies
    1. ඉගෙනත් ගත්තා ඉතින්.... ඒ විදියටම කෙසේ වෙතත්, සෙල්ලම් බඩු විදියට කාලයක් තිබුන ප්ලාස්ටික් කෑලි කීපයක් නම් තමවත් තියනවා මල්ලි.

      Delete
  16. එල එල. මං ගාවත් ලගක් වෙනකල් තිබ්බා මමයි යාලුවෝ සෙට් එකයි ලියපු චිට් ටිකක් අක්කනම් නියමයි ආාාාාාාාාාාා.....
    :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. චිට් කිව්වට චිට්මත් නෙමෙයි, චිත්‍රකතා :D :D :D :D :D
      එල් ඕ එල්.....

      Delete
    2. හේ...... මගෙත් තියනවා චිත්‍ර කතා සෙට් එකක්. ඒත් ඒවා බලධාරියා විසින් කපා දැම්මාම , ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

      Delete
  17. අපිත් ඔහොම චිට් පාස් කරගත්තා. අනේ අප්පේ ඒවානම් මහා දිග ලිපි.. පන්තිය වෙලාවෙමයි ලියන්නෙත් හිකිස්‌

    ReplyDelete
    Replies
    1. දිග ලිපි තියනවා නංගි. අප්පේ ඒවා දැම්මා නම් මේ බ්ලොග් පෝස්ට් එක ඉතිහාස ගත වෙන්නත් තිබුනා, දිගම සිංහල බ්ලොග් පෝස්ට් එක කියලා

      Delete
  18. මෙච්චර කාලයක් ඔය චිට් කෑලි පරිස්සම් වෙලා තිබ්බ එකනේ වැඩේ..
    හිකිස්..මෙයාලා ලියලා තියෙන කතා.

    ReplyDelete
  19. chit ake hand writing dakiddima jeggarya kauda kiyala hithagaththa,sidu magawath thiyenawa chit wagayak.awa liuwe O/L class 1e.ogollo hitiye nane ape clz 1e.godak chit aran thiyaganna bari una.dan thama awala age danenne.habai jeggarrya ape clz 1e ne hitiye .api clz 1e aka paththaka idala anith paththata rocket 1n chit yauwwe.awa mathak weddi kiyala wadak naha mara dukai.akath marai thama mata claz ake pissu charitha tike hand writing mathakai.ahh ara kannadi pora kauda kiyalath dannawa.mona unath sidu mewa kiyawaddi thama schl yanawa wage danenawa.sry wenna ona sinhala font aken liuwe nathuwata.mama blog1k hadanna kiyala hithuwa thama bari una.digatama liyanna ..kiyawanna asa hithenawa.

    ReplyDelete
  20. @Sindoopa akkiya, wow ! akkala pasal kalaye sahenna winoda wela thiyenawa neda ? :) Man aththata ma godaaaaak duk wenawa akkiyo, mata ehema athdakeema laba ganeemata nohaki weema gana. :'( Mata class ekakdi wath chit 1k pass kara ganna bari una. :'( Mage akkiya mewa tika pravesham karala thiya gaththu eka nam man aththata ma godaaaaak agaya karanawa akkiyo. Mewa kiyewwahama , mata theruna akkala koi tharam sundara widigata a kalaya gatha karfanna athda kiyala. Anith eka ehema dewal karala th mage akkiyata , awashya target ekata enna labunane. Ekai akkiyo watinama de. Mage akkiya athin nam godaaaak wasanwanthai. Matath a gana aththata ma hariiiiiiiiiiiiiiiiima sathutui akkiyo. Mage akkiyage jeewithe sidu unu me wage sundara katha mathak unoth thawa, me blog eke post karanna akkiyo. "Lokaye Konaka" n "Sithangi Sithuwam" kiyana blog 2ka harenna man read karanna kamathi blog 1k fb ekema nathi tharam akkiyo. A tharamata ma man ewa kiyawanna asai. Man akkiyata mage mulu hadawathin ma suba pathanawa akkiyo. I wish you all the best !

    ReplyDelete
  21. සින්දු රණ්ඩු කෙක්කක්නෙ. මම ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් වෙලත් ගෑණු තේරුම් ගන්න උත්සාහ කරමින්නෙ ඉන්නෙ. මේ පෝස්ට් එකෙනුත් අලුත් ෆැක්ට් එකක් හොයා ගත්තා.

    //එයාලාගෙ පිස්සු කතාවලට හොරෙන් හිනා වෙවී , ඒත් එයාලාට පේන්න රව රව අපි දෙන්නා හිටියා.//

    Hikz!
    henryblogwalker the Dude

    ReplyDelete
  22. සුන්දර අත්දැකීමක් සුන්දර ලෙසම ලියා තිබෙනවා

    ReplyDelete

Post a Comment