මහ වැස්සයි, නුඹයි , මමයි

වියලි අවු ‍රැස් වලින්
ගිනි ගසන කැකෑරෙන
ගෙන්දගම් පොළොව මත
අඩි තබා දුවන විට


අහස දිය වී දැටෙන
කුරිරු වූ වැහි බින්දු
සිහින් ඉඳි ක‍ටු වගේ
මුහුණ ඉරි තලන විට


රටා හැඳි මඩ දියෙන්
තෙත බරිත සාරියේ
තව රටා සොයන විට
නොදම් නෙත් කොන් වලින්


එදා වැහි මතක් වී
සිත දුවයි ගම් දොරට


නිල් නිලන කඳු මුදුන
මීදුමෙන් වැසෙන විට
නැගෙන ධූවිලි පුසුඹ
තව ලඟයි මගෙ සිතට


වැහි බින්දු සෙමෙන් විත්
හිරි කඩින් මුව සිඹිත
හීතලෙන් ගුලි ගැසුණ
'යුරු නුඹේ උණුසුමට


හැමුව සීතල පවන
ඉපනැලිද සුවඳ පිස
පිච්ච මල් වැහි රේණු
පිබිදුවා තුන් සිතම


දෙවැට ළඟ මල් ඉහින
පොද වැස්සෙ දිව යන්ට
තවම සිත යදිනවා
සංසාර පුරුද්දට


වැහි කෝඩ සඳ මඬලෙ
සීත සඳ ‍රැස් අතරෙ
සරන වැහි ලිහිණියක
ලෙදින් නුඹ සොයාගෙන


වැහි ඉහිරි තණ පළසෙ
පිණි කුසුම් පිපෙන විට
පාට සෙවනැලි සොයා
දේදුනු ද ඇදෙන විට


වැහි වලාකුළු ඉරා
අරුණ හිනැහෙනා විට
රඟන සිකිපිත් දිහා
වරු ගණන් බලන්නට


ගලන ගංගා දියේ
පෙණ කැටිති ගනින්නට
පියාපත් වියලනා
විහඟ සෙන් බලන්නට


දිව එන්න හිතයි මට
මිදී කලු වැසි දියෙන්
වැහි පොදේ නුඹ ඉන්න
පාර ළඟ මග බලන්.......



Comments

  1. මේක නම් ගොඩක්ම ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිවුවොත් මල්ලි, ලිවුවාට පස්සෙ මටත් ආසා හිතුණා

      Delete
  2. පාන්දර තණ නිල්ල
    පිනි පොදින් සැරසිලා
    මගේ පා දෝවන්න
    ඉඳියි මග බල බලා.

    මිහිරි නිසඳැස් පෙළක්..

    ReplyDelete
    Replies
    1. නුඹෙ පයට තැලී යන
      පිණි කුසුම් බල බලා
      සඳේ නෙත් තෙමී යයි
      කොපුල් කඳුලින් තෙමා
      (සරත් අයියා කවි වලට ගොඩාක් ආසයි වගේ. කවියෙන්ම කමෙන්ට් කරන නිසා හිතුණෙ)

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්!!!!

      Delete
  4. ලස්සනයි අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ... (කමෙන්ට් දාලා ශේප් වෙන්න නම් අමාරුයි, කෝ ඔයාගෙ කතාවෙ ඉතුරු ටික?)

      Delete
  5. ඉතින් දුවලා යන්නකෝ....

    ReplyDelete
    Replies
    1. මේ දුවලා යන ගමන්

      Delete

Post a Comment