ලොව ඇත්තේ යාම් සහ ඒම් ය.


මේ දවස් වල මතක් වෙන එක පොතක් තියනවා. ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මලවුන්ගේ අවුරුදු දා"
ඒකෙ අන්තිම හරියෙ කියනවා මට මතක විදියට මේ විදියට.


නොගොස් එන්න බැරිය.... නෑවිදින් යන්න බැරිය........ ලොව ඇත්තේ යාම් සහ ඒම් ය.  


ඒ වගේ ඔබා මාමාත් යන්න ගිහින් හිතුවෙ නැති වෙලාවක... ඒ ආයෙමත් එන්න. 


සොඳුරු නිරීක්ෂකයාණෙනි,ආයෙත් දිනයක සයිබර් අවකාශයේදී  මුණගැසෙමු. මුණ ගැසී සිනාසෙමු!


ඔබා මාමේ, ඔබට නිවන් සුව !!!!





Comments

  1. නිවන් සුව ඔබා මාමෙ.....

    ReplyDelete
  2. ඔබා මාමාගේ අඩුව සැමදා එලෙසම තියේවි ........ එතුමන්ට නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  3. ඔබා මාමා නැත් අඩුව පුරවන්න කාටවත් බැරි වේවි...

    ReplyDelete
  4. යළිත් නේන්නම නික්ම ගිය ඔහු
    මතකයේ සොඳුරුම තැන්
    විතරක්ම ඉතිරි කර..
    යළිඳු කිසි දින හමුනොවනා ලෙස...

    ReplyDelete
  5. කොතරම් මිනිසුන් ඇස් පනාපිටම මිය යනවා දැක තිබුනත්, කිසිදාක නොදුටු, වචනයක් හෝ කතා කොට නොමැති මේ සොඳුරු මිනිසාගේ අකල් වියෝව මහා බරක් සේ හිතට දැනෙන හැටි... සයිබරය හරහා මිනිස් හදවත් මොනතරම් සමීප කලහැකිදැයි සිතුනා...
    ඔබා මාමේ ඔබට නිවන් සුව....!

    ReplyDelete
  6. ආදරණීය ඔබා මාමේ..
    ඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!

    ReplyDelete

Post a Comment