Wednesday, May 23, 2012

නුඹ මලක්..... පරව ගිය


රුදුරු තුරු වන ගොහොල් අතරේ 
සදිසි මුදු කුසුමක්ම විය නුඹ
සිතට රහසෙම සිත් කොනක පිපි
සිනාසුන කොඳ මලම විය නුඹ
තුහින තැවරුණ නුවන් විවරව
සීත පිණි බිඳු විසිරවූ නුඹ
මුතු සිනාවෙන් සිතම සැනසුව
සුවඳ මඳ මුදු පවන් රළ නුඹ


සුවඳ සිර කර හදෙහි ගල්වා
හදේ දොරගුලු වසා දැමුවෙමි
පාට නුඹෙ මා නයනෙ තවරා 
දෙනෙත් ගුලිකර කර පියා ගත්තෙමි
ගිලිහි යන්නට නොදී ඉවතට 
දෑත් තද කොට වෙලා ගත්තෙමි
සුපිපි කුසුමක අරුත දුන් නුඹෙ 
සුවඳ අරණේ ලැගුම් ගත්තෙමි


නුඹට සෙනෙහෙන් දෑත් අතරේ 
නුඹව සිර කර තබා ගත්තෙමි
වියැකිලා යන සොඳුරු වත මල 
නොදු‍ටුවා සේ ඉවත බැලුවෙමි
පෙති එකින් එක ගිලිහිලා මා
දෙපා මුල නුඹ වැටෙනු නොදිටිමි
නුඹේ වත මුදු සුවඳ පමණක් 
කඳුලු අතරින් තවත් විඳිනෙමි



23 comments:

  1. Replies
    1. ස්තූතියි මී ගොඩයෝ. (ඇත්තට මොකද්ද මී ගොඩයා කියන එකේ තේරුම?)

      Delete
  2. ගලායන කාලයත් සමගින්
    ජීවිතේ මගෙ ඇදී යාවී
    සිහිනයෙන් මට දැනුනු සුවඳක්
    මතකයක් වී හද රැඳේවී

    ReplyDelete
    Replies
    1. මතකයක් වී දැනෙන සුවඳක්
      සදා කාලෙට සිත බැඳේවී
      ඒ සොඳුරු මතකයත් සමගින්
      දිවිය සතුටින් ගලා යාවී

      Delete
  3. ඔබ පරවෙන මල නම් .................
    ඔබ බැස යන සඳ නම්............
    රැක ගැනිමිද කෙලසින්


    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා කොහොමද, කොහොම හරි ‍රැක ගන්න වෙයි.

      Delete
  4. " නුඹ මලක්.. පරව ගිය."

    මාතෘකාවේ ඉදන් කවියේ හැම පේලියක්ම හිත ගත්තා.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. හිතට ආව අදහසක්, විනාඩි කීපයකින් ලියවුනේ

      Delete
  5. නුඹට සෙනෙහෙන් දෑත් අතරේ
    නුඹව සිර කර තබා ගත්තෙමි...........හරිම ලස්සනයි*******

    ReplyDelete
    Replies
    1. එහෙම හිරකරන්න ගියාම ගොඩාක් දේවල් නැති වෙනවා නේද (මගෙ අත්දැකීමක් නම් නෙමේ. මම නම් කාවවත් හිර කරන්නෙ නෑ)

      Delete
  6. Replies
    1. ස්තුතියි. කවි වලට ආසා අය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා වගේ හිතනවා ට වඩා

      Delete
    2. හැමදාමත් දුක විඳින දුක දකින ඒත් ඒ හැමදේම නොපෙන්වගෙන දහසකුත් ලෙඩ රෝග එක්ක රෝගීන් වෙනුවෙන් සටන් කරන කාර්යබහුල ජීවීත ගත කරන පිරිසක් වුනත් කවියක සැඟවුන, දැවටුන හැබෑ රසය හොඳින් දකින්නෙත් ඒ විඩාබර හිත්ම තමයි. ඒත් ලෝකයාට වෛද්‍යවරයෙක් තුල ඉන්න සාමාන්‍ය මිනිසාව පේන්නෙ නැහැ. දකින්න ඉඩ දෙන්නෙ නැහැ කිවුවත් වැරැද්දක් නැහැ.

      Delete
  7. කවියේ ආරම්භ කොටස දෙවන ිසහ තුන්වෙන් කොටස් අනුවම ලියැවුණා නම් එහි අගය මෙතෙකැයි කියා නිම කළ නො හැකිය.
    මෙහි දෙවන සහ තුන්වන කොටස් දෙක ඉතාමත් ව්‍යක්ත කවි බසකින් ලියැවිලා තියනවා
    "සුවඳ සිර කර හදෙහි ගල්වා
    හදේ දොරගුලු වසා දැමුවෙමි"

    "පෙති එකින් එක ගිලිහිලා මා
    දෙපා මුල නුඹ වැටෙනු නොදිටිමි"

    මේ වගේ යෙදුම් කවියට ගේන්නේ නොමද ආලෝකයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිවුවොත් පළවෙනි කවිය තමයි අන්තිමටම ලිවුවෙ. දයානන්ද අයියා වගේ ප්‍රවීනයෙක්ගෙ අදහස මට ඇත්තමට වටිනවා. අවුරුදු 5ක් විතර නොලියපු කවි ලියන එක ආයෙ පටන් ගත්තෙ මේ බ්ලොග් එක නිසා. හැකියාව අන්තිමටම මොට වෙලා ගිහින්. ඒ නිසා දිගටම ලියන්න ඕනා. ඔබතුමාගෙ අදහස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනව

      Delete
    2. සිරාවටම, අර කිව්ව අවු 5හේ කාලයේ කොච්ච්ර හැකියාවන් මොට වෙලාද කියල මටත් හිතුන වාර අනන්තයි..

      Delete
  8. //..නුඹේ වත මුදු සුවඳ පමණක්
    කඳුලු අතරින් තවත් විඳිනෙමි..//

    හුගක් ලස්සන කවි පෙලක්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. මම මේක ලිවුවෙ පිරිමි කෙනෙක් කියන විදියට. අදහස එනවද දන්නෙ නෑ

      Delete
  9. හුගක් පස්සන කවි පෙලක්...

    ReplyDelete
    Replies
    1. පස්සන??? හ්ම් හ්ම්ම් කමක් නෑ ඉතින්. ස්තූතියි තරු :-)

      Delete
  10. අපී කොච්ච්ර තියාගන්න හැදුවත් මේ ලෝකෙ කිසිම දෙයක් නියත නෑ..
    //නුඹට සෙනෙහෙන් දෑත් අතරේ
    නුඹව සිර කර තබා ගත්තෙමි//
    කොච්ච්ර දෑත් අතරේ තියාගන්න උත්සාහ කලත් අටලෝදහමට සියල්ලම යටත් වෙන බව ගෙවී ගිය දින කීපයේ (මම අත්විඳී දෑ කීපයක් නිසා) හොඳටම අවබෝධ වුනා.
    "පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ..."

    ReplyDelete
  11. නියමා...........................යි!!!

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete