බහිරවයන්ගේ මුර කිරීම



සාමාන්‍යයෙන් මගෙ කවි වලට මම යොදා ගන්නෙ කාව්‍යමය අලංකාරයක් සහිත භාෂාව. ඒත් , මේ කවිය ඊට වෙනස්. මොකද   මේ වගේ ක‍ටුක කාරණයක්, මේ වගේ ක‍ටුක භාෂාවකින් හැර වෙනත් කිව යුතු පිළිවෙලක් මට හිතෙන්නෙ නෑ

පද්ම බහිරව
සංඛ බහිරව 
නේක බහිරව 
රූප ප්‍රතිමා


නාග මුරගල්
නෙත් නොසොල්වා
සියක් වසරක්
බලා සිටිනා


සහස් වසරක
ආයු ගෙවමින්
මෙතෙක් ආ මග
නිමා වෙමිනා


පොරණ නිර්මල
රාජදහනම
‍රැයක් ගෙවනා
විටදි සැනිනා


කඩා බිඳලූ 
ථූප ප්‍රතිමා
හඬන සඳ 
කඳුලැලිද සඟවා


පද්ම බහිරව
සංඛ බහිරව
නාග මුරගල්
ඉවත බලනා


Comments

  1. හ්ම්ම්ම්.......පපුව හාරල හදවත හොරාගෙන යනකම් බලාගෙන ඉදල නේද......

    ReplyDelete
  2. ඒ බහිරවයන්ටත් වඩා බල සම්පන්න බහිරවයන්ගේ ලොක්කා කුවේරගේ කනින් රිංගන අණ්ඩපාලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ :D

    ReplyDelete
  3. ඇයි කේමදාස නිදන් කොල්ලය සංන්ධ්වනයේ දි කිව්වෙ " යකුළු පහර වැදුනේ හිමි සිරසට පපුවටද" කියලා මේ අද සිදුවන දේ මීට වසර 20 කට විතර කලින් එතුමා සංගිතයෙන් කිව්වා.

    ReplyDelete
  4. දැං වෙන දේවල් ඉතින් බලා ඉන්ට තමා බහිරවයන්ටත් වෙලා තියෙන්නේ.. ලස්සනයි අක්කේ කවි පෙල..

    ReplyDelete
  5. බහිරවයා මේ දිනවල
    ඉන්නවා අහක බලන් .
    බයයි සුදු වෑන් එකට..
    මැරෙන්නේ නිකම් මොකටද ?

    ReplyDelete
  6. මෙව්වා ඉතිං කාට කියන්නද!
    හැබැයි කවි ටික නම් අපූරුයි. කියන්න ඕනැ ටික ගානට කියල තියෙනව.

    ReplyDelete
  7. වැටත් නියරත් ගොයම් කා නම් අසරණ බහිරවයන් කුමක් කරන්නද? දාපු රූපෙ දැක්කම නම් ලොකු ස0වේගයක් ආව.. මේවගේ උන් කොයි වල යන්නද?

    ReplyDelete
  8. සමහර වෙලාවට තියන භූත බලවේග එළවන්න බහිරවයොන්ට වත් බෑ...
    අබුද්දස්ස කාලේ..

    ReplyDelete
  9. අයියෝ නිධන්

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. වෙනස්ම ආරක කවි ලිවීමක්...

    ReplyDelete

Post a Comment