කූඩුව

බට ලී පතුරු ගෙන
දිගද මැන ගැට ගසා
මාසයක් නිදි වරා
සැදුව ඒ කූඩුව


පාට කොල අලවලා
‍රැලි කපා හැඩ කළා
කැටයමින් ඔප කළා
ලස්සනයි කූඩුව


පහන් තිර දල්වලා
සඳක් ලෙස එකළු වී
වෙසක් සඳ දෙස බලා
හිනැහුනා කූඩුව


පාට කොල ගැලවිලා
පාට වියපත් වෙලා
විලිබරව බිම බලා
ඉරුණ ඒ කූඩුව


වෙසක් සඳ බැස ගිහින්
පහන් නිවිලා ගිහින්
බට පතුරු වේලිලා
කමක් නෑ දැන් පොසොන්

Comments

  1. අනිත්‍යය..

    අක්කාගෙ සම්පූර්ණ නම ම මගේ දිව අග තියෙනවා, එන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. යේ යේ.. මතක් වුණා. මේකේ දාන්න හොඳ නෑ නේ..

      Delete
  2. හැමදේකම මේ අනිත්‍ය් ධර්මතාවය ඇතුළු ත්‍රිලක්ෂණය ගැබ්ව තියෙනවා. අපි උදේ හවස මල් පූජා කරලා කියන ගාථාවෙත් කියන්නේ ඔය කතාවමනේ. ඒත් කීයෙන් කී දෙනාද ඕක තේරුම් ගන්නේ :(

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ මල් පූජා කරන ගාථාවම තමා..
      අපි ආදරෙන් ආසාවෙන් වැළඳගන්න හැම දේම පෙණ බුබුලක් වගේ අනිත්‍යයි..

      ලස්සන කවි පන්තියක්..

      Delete
  3. අපි කැමති උනත් අකමැති උනත් කාලය ගෙවෙනවා.ඒ වගෙම අපිත් උදාවෙන අනාගතය බාරගන්න සූදානම්, කියනවා වගේ අදහසකුත් ඔය කවිය යට හැංගිලා තියනවා වගේ මට දැනුනා.ඒ ගැන හිතහිතා ඉද්දි මට මතක් උනා අපූරු ගීතයක් කාලෙකට ඉහත එඩ්වඩ් ජයකොඩි මහතා ගයපු.ඒ ගීය තමයි "දවසින් දවසට කොලයෙන් කොලයට" කියන ගීය. ඒකෙ එකතැනක මෙහෙම කියනවා...
    සිතුවෙමි සිතනෙමි හුරුලෙස ඔබගැන මගෙ හිත චංචල වූයේ නෑ...
    දිනදසුනේ තව එක කොලයක් ඇත එක දවසකි ඉතිරිව ඇත්තේ...
    හිතන්න බොලදියේ මගේ කුටියටත් ඔබෙ කුටියට මෙන් වසරින් වසරට.......
    නවතින දසුනක් එනවා.......................
    ජය...!

    ReplyDelete
  4. කාලය ගෙවෙද්දි හැම දෙයක්ම වෙනස් වෙනවා.. ඒක නතර කරන්න කාටවත් බෑ..

    ReplyDelete
  5. උදේ මා පිදු මල්
    හවස ඇත පරවෙලා
    ජීවිතේ අනිස බව
    නැහැනෙ මට වැටහිලා..

    ReplyDelete
  6. අපේ ජීවිත වලට නිදසුනක් වගේ නේද? කාලයක් තිස්සේ ලස්සනට හදාගන්න වෙහෙසිලා, කාලයක් ලස්සනට පැවතිලා ඊට පස්සෙ ඒ ලස්සන මැකිලා දිරල යනවා. වෙසක් කූඩුවක් කියන්නෙ ඔන්න ඔය අනිත්‍ය බව පෙන්නුම් කරන්නම හැදුනු දෙයක්.

    ReplyDelete
  7. අපි කැමති වුනත් නැතත් ලෝකයේ ස්වභාවය ඕකයි! අර්ථවත් රසවත් නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. සිහින දෙව්දුව බ්ලොග් ලෝකයට ලඟදි එකතු වුන මගෙ යාළුවෙක්.
      මේ සිහින දෙව්දුවගෙ හීන ලෝකෙ

      http://www.piyabanasihina.blogspot.com

      ඉතිං සිඳුට පුළුවන් වෙලාවක ඒ පැත්තෙ ගිහින් පොඩි උපදේශයක් දෙකක් දීල එන්න.

      Delete
  8. මටසිලිටු එලියකින්
    බෑබලෙවි කුඩුව
    සිත පහන් වී
    ඈහෑරේවි ජිවිතය

    ReplyDelete
  9. මට කවි ලියන්න බෑ...
    ඒක හින්දා මම කියනවා මේක ගින්දර... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. reminded the "wesak pahana" short story by GB

    ReplyDelete
  11. ඇත්ත, සියලු දේ අනිත්‍යයයි. හරියටම අපේ ජීවිත වාගෙ. අලුත් සිහින තැවරූ බලාපොරොත්තු , ඇතිවීම් නැනිවීම් කෝකටත් පොදුයි. වෙසක් කූඩු වගේ හැඩය, වර්ණය පවා වෙනස් වෙනවා.

    ReplyDelete
  12. හේතුවක් නිසා හටගත් සියළුම දේ නැසෙන සුළුයි කියලා බුදු බනෙත් කියල තියනවනේ.. වෙසක් කූඩුව පෙන්වන්නෙත් ඒ යථාර්ථයයි.. වෙසක් කූඩුව විතරක් නොවේ අපි ආදරය කරන සියල්ලටම මේක පොදුයි.. අපි ආදරයෙන් ලියන මේ බ්ලොග් වලටත් ඒ ධර්මතාවයම තියනව කියල මට වෙච්චි දෙයින් අදම ඔප්පුවුනා (ඔයා විස්තරේ දන්නවනේ) දැන්නම් මම හිත හදාගෙන ඉන්නෙ එක බ්ලොග් ලිපියක් නෙවි මුළු බ්ලොග් එකම නැති වුනත් මට කමක් නෑ කියල

    ReplyDelete
  13. හදපු කුඩුව
    පහන් සිලට
    දිලෙන
    යුරු
    බලා
    සැනසෙමි....
    දිලෙන ගිනි දැල
    නිවී
    ගිය විට
    සිතේ සොම්නස
    සුළගේ පා
    කරමි ....

    ReplyDelete
  14. වෙසක්කෙකට හදපු කූඩුව පොසොං එකට එල්ලුවා නම් ඉවරයි නේ.

    ReplyDelete
  15. කවිය ලස්සනය් අදහස ඊට වඩා ලස්සනය් අක්කේ..

    ReplyDelete
  16. පාරෙ යන වෙලාවට දකින්න ලැබුණු පරණ වෙසක් කූඩු දැක්කම හිතට ආව අදහසක්. අමතක වෙන්න කලින් ඉක්මනින් ෆෝන් එකෙන් ටයිප් කරගෙන ඇවිත් තමයි බ්ලොග් එකට දැම්මෙ.හිතුවෙ මේකට කවුරුත් කමෙන්ට් කරන එකක් නෑ කියල. ඒත් හිතුවටත් වඩා කමෙන්ට් කරලා. හැමෝටම ස්තූතියි.

    ReplyDelete

Post a Comment