Monday, July 2, 2012

ආනවිලුන්ඩාවට යන්න එනවද?


ගිහින් තියනවද ආනවිලුන්ඩාව ට? නැත්නම් නවදන්කුලම ට? නම් වලින් නම් හිතෙන්නෙ ටිකක් යාපනේට ළඟයි ළඟයි වගේ නේද? ඒ වුණාට මේ ස්ථාන දෙකම අයිති වෙන්නෙ වයඹ පළාතෙ පුත්තලම දිස්ත්‍රික්කයට. 


අවුරුදු දෙකකට පමණ කලින් අපේ Nature and Photography club එකෙන් ගිය ක්ෂේත්‍ර චාරිකාවක් මතක් වුණා අද. 


පරිසරයට, විශේෂයෙන්ම කුරුල්ලන්ට ආදරය කරන අයට සහ ඡායාරූපකරනයට ඇල්මක් දක්වන අයට වැදගත් ස්ථාන දෙකක් නිසා ඒ ගැන පුංචි සටහනක් තබන්නට හිතුණා.


පාන්දර 4.30ට විතර කැම්පස් එකෙන් පිටත් වුණ අපි නවදන්කුලම වැව ළඟට එනකොට උදේ 7 පහු වුණා විතරයි.  ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් මේ ප්‍රදේශයට එන්න ගත වෙන්නෙ පැය 2.30ක් වගේ කාලයක්. 


කොළඹ - හලාවත පාරෙ  හලාවතට ඇවිත් පුත්තලම පාර දිගේ යන්න ඕන ආනමඩුව දෙසට. ඒ අතරමගදි හමුවෙන ආනවිලුන්ඩාව හන්දියත් පහු කරගෙන තවත් 10km පමණ ඉදිරියට යනවිට හමු වෙනවා 104 වෙනි සැතපුම් කණුව. එතැන තියන නවදන්කුලම කියන නාම පුවරුව ළඟින් දකුණු දිශාවට හැරිලා යනකොට හමුවෙනවා පරණ පල්ලියක්. (මට මතක විදියට ඒක මරියතුමීට කැපකළ පල්ලියක්). එතනින් වැ‍ටුණ පාර දිගේ යද්දි හමුවෙන්නෙ නවදන්කුලම වැව. 






එතැන ඉඳන් ඉතින් කුරුල්ලන්ගෙ පාරාදීසයක්. මේ ප්‍රදේශයේ සුලභව හමු වෙන සියලුම වාගේ ජලාශ්‍රිත පක්ෂී විශේෂ මෙහිදී දැකගන්න පුළුවන්. 
ඒ හැරුණ විට සමණළ විශේෂ සහ සළඹ විශේෂ, ඇතැම් ක්ෂීරපායී විශේෂ වලටද මේ ප්‍රදේශය අපූරු ‍තෝතැන්නක්.


නවදන්කුලමේ පැය 4ක් පමණ ගත කළ අපි ආනවිලුන්ඩාව වැව වෙතට පිටත් වුණා. කොළඹ පුත්තලම පාරේ ආනවිලුන්ඩාව හන්දියෙ ඉඳන් 500 පමණ වම් පැත්තට යනවිට ආණවිලුන්ඩාව වැව හමු වෙනව.



ආණවිලුන්ඩාව වැව මහාපරාක්‍රමබාහු රජතුමා මේ ප්‍රදේශයේ යුව රජ කෙනෙක්ව සිටි කාලයේ කරවන ලද වැවක්. ඒ තවත් වැව් 7කින් සමන්විත වන වැවු සංකීර්ණයක එක් වැවක් විදියට. ( අනෙකුත් වැවු  පින්කට්ටිය,ඉරක්කවල, වැල්ලවල, ඉහලවැව,සුරුවිල,මරදන්සල සහ මයියාව වශයෙන් හඳුනාගෙන තිබෙනවා) 


ආණවිලුන්ඩාව වැව හෙක්ටයාර 1400ක් පමණ ප්‍රදේසයක් වසාගෙන වයඹදිග මුහුදු තීරයත්, මීගමුව - පුත්තලම දුම්රිය මාර්ගයත් අතර පිහිටා තිබෙනවා.


මෙහි තියන තවත් විශේෂත්වත්වයක් තමයි 2001 වර්ෂයේදී මෙය රම්සාර් තෙත් බිමක් වශයෙන් නම් කිරීම.


මෙහි ශාක විශේශ 264ක් හඳුනාගෙන තිබෙනව.
එයින් 110ක් දැවමය ශාක, 54ක් පඳුරුමය ශාක සහ 68ක් ඖෂධීය ශාක වනවා. තවත් වැල් වර්ග 30 ක්ද මීට ඇතුළත්.


පෘෂ්ඨවංශීන් විශේෂ 237ක් මෙහි වාර්තා වී තිබෙනවා. ඒ අතරින් කුරුලු විශේෂ ප්‍රධානයි.


(නවදන්කුලමේදී ද හමුවූ සියලුම කුරුලු වර්ග මෙහිදීද අපිට දක්නට ලැබුණා.)


පුංචි දියකාවා (little commorent)




දිලිසෙන කලු පැහැයකින් යුතු කුරුල්ලෙකි. නමුත් බිජු ලන සමයේදී තරමක අලු පැහැයකට හුරු පැහැයක් ගෙන දේ. පියාපත් විදහා සිටීමට ප්‍රියතාවයක් දක්වයි





අභිකාවා (Indian darter)


පෙනුමෙන් දියකාවාට සමානයි. නමුත් ගෙල වඩා දිගු වන අතර ගෙල දෙපස සුදු පැහැති ඉරි දක්නට ලැබෙයි.
බොහෝ අවස්ථා වලදී ගෙල පමණක් උඩට සිටින සේ පිහිනීමට ප්‍රියතාවයක් දක්වන අතර, එවිට දියෙන් උඩට මතු වූ සර්පයකු සේද දිස්වන අවස්ථා ඇත

ආසියානු විවරතුඩුවා (Asian Open Bill)
මූලිකවම අළු සුදු පැහැයකින් සහ කලු පැහැති පියාපත් වලින්යුත් වන මෙම කුරුල්ලා හට මෙම නම ලැබී ඇත්තේ හොට වැසූ විට ඒ අතර ඇති වන හිඩැස නිසාය. (කෙසේ වෙතත් ලාබාල කුරුල්ලන්ගේ මෙම හිඩැස දක්නට නැත)



අළු කොකා (Gray heron)


100cm පමණ උසකින් යුත් කුරුල්ලෙක්.ශරීරය අලු පැහැයෙන් යුක්ත වන අතර වැඩිහිටි කුරුල්ලන්ගේ හිසෙහි පි‍ටුපසට දිවෙන කළු පැහැති තීරුවක් දක්නට ලැබෙනවා කලු පැහැති පිහා‍ටුවකුත් එක්කම 




කරවැල් කොකා (purple heron)


අලු කොකා ට වඩා තරමක් කුඩා මෙම කුරුල්ලා 94cmක් පමණ උසකින් යුක්ත වනවා. හඳුනාගන්නට හැකි හොඳම ලක්ෂණය රතු දුඹුරු පැහැති ගෙලත් , එහි දික් අතට පිහිටි කළු පැහැති ඉරත්ය.









සුදු දෑතුඩුවා (black headed ibis)


කලු පැහැති හොට හා හිසත්, සුදු පැහැති ශරීරයත් ප්‍රධාන ලක්ෂණ වේ. වේගවත් ගමනකින් යුක්ත වන මෙම කුරුල්ලා. බොහෝ විට ඇවිදින්නේ හොටත් හිසෙන් අඩකුත් මඩ තුළ හොවාගෙන ගොදුරු සඳහා සතුන් සොයමින්





කුඩා තඹ සේරුවා (lesser whistling duck)

ලා දුඹුරුපැහැතියි. හිස මුඳුන තද පැහැයෙන් යුක්තයි. සෙමින් පියාසලන නමුත් ඔවුන්ගේ අත් ත‍ටු සැලීමෙන් නාදයක් උපදීයි











මල් පිළිහුඩුවා (common kingfisher)

Common king fisher නමින් හැඳින්වුවද ලංකාවේ බහිලම පිළිහුඩුවා නොවේ. ලා නිල් පැහැති සහ නැඹිලි පැහැති දේහය හඳුනාගන්නා ලක්ෂණ වේ.




ගෝමර පිළිහුඩුවා (Pied king fisher)

කළු සහ සුදු පැහැති ශරීරය නිසා පහසුවෙන් හඳුනා ගත හැකිය. මොවුන්ගේ විශේෂත්වය වන්නේ අහසේ එක තැන අත් ත‍ටු ගසමින් ‍රැඳී සිටීමට ඇති හැකියාවයි. එසේ සිටිමින් පහත ජලාශයේ සිටින මාළුන් පිලිබඳව අවධානයෙන් පසුවේ.


(ළය  සුදු මැදි පිළිහුඩුවා)White throated kingfisher
ලංකාවේ බහුලවම දක්නට ලැබෙන පිළිහුඩුවිශේෂයයයි. ළයෙහි සුදු පැහැය නිසා මෙම නමින් හඳුන්වයි.



මෙම පක්ෂීන් හැරුණ විට ලිහිණි වර්ග (gulls),මානාවන් (strokes), උකුස්සන් (kite), ඔලෙවියන් (plover),කොබෙයියන්, ගිරවුන් (parakeet),බිඟුහරයන් (bee -eater) , කෑරලුන් (woodpecker) හා කොට්ටෝරුවන් (barbets) ආදී බොහෝ පක්ෂි විශේෂ මෙහිදී දැකගන්නට ලැබුණා.


විවිධාකාර සමණලුන් ද මෙහි විශේෂයි. බොහෝ දෙනෙක් නම් වශයෙන් හඳුනන්නෙ නැති වුණත් common leopard, common sailor, glassy tiger, common tiger , white four ring  ආදී සමණලුන් කිහිප දෙනෙක් හඳුනාගන්න හැකි වුණා.



ටිකක් ඉන්න........ බලන්න මෙයා දිහා. අඳුනනවද? එයාගෙ ප්‍රමාණය වටහාගන්න ඔන්න මම රුපියලකුත් තියල තියනව ළඟ. 


ලොකු සළඹයෙක්  !!! එදා නම් එච්චරයි හිතුනෙ. පස්සෙ හොයල බැලුවාම තමයි නම දැනගන්න පුළුවන් වුණේ.
TUSSER MOTH



ක්ෂීරපායි සතුන් අතර මේ ප්‍රදේශයේ හමුවන සතුන් විදියට හාවා, නරියා, මුවා , ඉත්තෑවා හඳුන්වන්න පුළුවන්.


මීට අමතරව තාරකා ඉබ්බා, නයා, ගැරඬියා, පළා පොළඟා වැනි උරගයින්ද හමු වෙනවා.


එහෙනම් ඊළඟ නිවාඩුවට මේ පැත්තෙ ගිහින් එන්නකෝ....... හැබැයි මතක් කරලම කන්න කෑමයි ඒ නැතත් වතුරයි නම් අරන් යන්න.  නාන්න එහෙම ඕනා නම් ළඟ ගෙවල් තියනවා. වැවෙන් නාන්න යන්න එපා. :P


(මේ කාලෙ මට හොඳ කැමරාවක් නොතිබුණ නිසා ඉහත තියන කුරුල්ලන්ගේ ඡායාරූප සියල්ලම හොයාගත්තෙ පහත පි‍ටුවලින්)
http://mmadventure.com/photo_album/kinabatangan/images/page2.jpg ,http://www.birding.in/images/Birds/rajiv/little_cormorant.jpg,http://www.realbirder.com/Goa%20Birds/White-throated%20Kingfisher.jpg, ,http://www.birdskorea.org/Images/images2008/04/Common-Kingfisher_RN.jpg ,http://svocelot.com/images/AsianOpenBillFrog3_CM.jpg , http://www.camacdonald.com/birding/quested/PurpleHeron(TQ).jpg
http://www.camacdonald.com/birding/DesJardin/GrayHeron1(DD).jpghttp://www.birding.in/images/Birds/rajiv/bh_ibis.jpg ,http://www.kolkatabirds.com/lesserwhistlingduck8.jpg )





43 comments:

  1. අපූරුයි සිදූ! වෙනමම ලෝකෙකට ගියා වගේ දැනෙන්න ඇති නේද! කුරුල්ලො ගැන දාපු විස්තර ටිකත් වටිනවා, දැන් ඔයින් එකෙක් දැක්කොත් චන්ඩියා වගේ නමයි විස්තරෙයි කිව්ව හැකිනෙ.
    කිව්වත් වගේ ගන්ධබ්බ අවධිය ඉවර වෙන්න කලින් යන්න වටින ගමනක් වගේ!

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් මම 1 වෙලා!! :)

      Delete
    2. කුරුල්ලො ගැන දැනගන්න ආසා නම් පටන් ගන්න හොඳම පොතක් තමයි සරත් කොටගම මහත්තයගෙ පොත. ලංකාවෙ ඉන්න සියලුම කුරුලු වර්ග ගැන පැහැදිලි විස්තර තියනව ඒකෙ

      Delete
  2. සිඳුගෙ මේ පෝස්ට් එක කියෙව්වම මට හිතුනෙ සිඳු යන්නම ඕනෙ බ්ලොග් එකක් තමයි මේ කියලා. "ගාමිණීගෙ විජිතය"

    http://gaminievijith.blogspot.com/

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම ගිහින් බැලුවා. ඇත්තටම මට හොඳටම ආසා හිතුන ඒ බ්ලොග් එකට. ස්තූතියි Dude

      Delete
  3. ආනවිලුන්ඩාවට ලබන අවුරුද්දේ ල0කාවට ආවම යන්න ආසා හිතුනා ගොඩක් හොද ලිපියක් සිදු අක්කි................... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. වැඩි දුරකුත් නෑනෙ නංගි, ගිහින් එන්න.

      Delete
  4. මම සැහෙන්න ආස විෂයයක් ගැන ලියවුනු සටහනක්.
    අපේ බැචාලා සැහෙන්න ප්‍රමාණයක් පුත්තලමේ ඉන්නවා. ආනමඩුවේ එක බැචියක් ඉන්නවා. ස්ට්‍රයික් නිවාඩුව අල්ලලා ඒ පැත්තේ ගිහින් එන්න ඕන!
    මගේ ගාවත් හොඳ කැමරාවක් නෑ නේ.. අක්කට වුණු දේ ම මටත් වෙන හැඩයි!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. දැනුත් මට ඒ ප්‍රශ්නෙ තියනව, හොඳ කැමරාවක් තිබුණට ඈත ඉන්න කුරුල්ලන්ව ගන්න තරම් ඒකෙ zooming මදි.

      Delete
  5. ම්..කඳුකර පලාත්වල කුරුල්ලො ගොඩක් දැකලා තිබුනත් මේ වගේ එවුන් දැක්කෙ විස්තර දැනගත්තෙ අද..

    ස්තුතියි සිඳූ.

    ReplyDelete
    Replies
    1. කඳුකර පළාත් වල කුරුල්ලො බලන්න ගිය විතරත් තියනව. පස්සෙ දවසක කියන්නම්කො.

      Delete
  6. මොකෝ වැවේ නාන්න එපා කිවුවේ,,වැවේ නාන්න බැරි නම් ගිහින් වැඩක්ම නෑ

    ReplyDelete
    Replies
    1. අපෝ මී උණ , මී උණ. යන යන තැන නාන එක අපේ කොල්ලන්ගෙ හැටිමනෙ. ඒකයි විශේශයෙන්ම කිවුවෙ ඒ ගැන.

      Delete
  7. ලස්සන විස්තරයක් අක්කේ.. මට නම් මේ තොරතුරු අළුත්..

    ReplyDelete
    Replies
    1. දවසක යන්න මල්ලි ලංකාවට ආව වෙලාවක

      Delete
  8. නියමයි.. දවසක් ගතකලාට මදි තැනක් !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දවසෙ විවිධ වෙලාවට දකින්න ලැබෙන කුරුල්ලො විවිධයි. මුළු දවසක්ම ගත කරන්න පුළුවන්නම් අඩුම තරමෙ ගොඩක් හොඳයි.

      Delete
  9. මේ අනවිලුන්දව මගේ මහා ගෙවල් ගව ඒ කිව්වේ අපේ අම්මගේ මහා ගෙවල් ගාව තියෙන්නේ ඇත්තටම ලස්සනයි ..............

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි හවස මූණ හේදුවෙ එහෙන්ද දන්නෙ නෑ.

      Delete
  10. ආයේ යනවනම් කෝච්චියේ තමා යන්ඩ ඕනා.
    කෝච්චියේ ගිහින් කුරුල්ලෝ බලලා හවස ආයෙම කෝච්චියට එල්ලෙන්ඩ පුලුවන්.
    මරු ගමනක් !!!
    මම නම් නවන්දකුලමට ගිහින් නෑ. ඒ උනාට ආනවිලන්දාවට ගිහින් තියෙනවා.
    අපේ යාළුවෙකුත් ඉන්නවා එහේ. ඌව සෙට් කරගෙන ගියේ. ඒ නිස ඈහෙන්ඩ ඇවිද්දා !

    ReplyDelete
    Replies
    1. දැන් ළමයා කෝච්චියෙන්ම ට්‍රිප් යන්න වගේ හදන්නෙ

      Delete
  11. ෂා හරිම ලස්සන තැනක්නෙ....! ඇත්ත්ටම එහේ යන්න ආස හිතුනා.. :)

    ReplyDelete
    Replies
    1. යන්න අයියෙ. ගියාට පස්සෙ තවත් ආසා හිතෙයි

      Delete
  12. "ආණවිලුන්ඩාව වැව මහාපරාක්‍රමබාහු රජතුමා මේ ප්‍රදේශයේ යුව රජ කෙනෙක්ව සිටි කාලයේ කරවන ලද වැවක්"

    …මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වෙන්න කලින් දක්ඛිණ දේශයේ පාලකයා විදිහට කටයුතු කළා. ඒ කාලයේ වෙන්න ඕනේ එහෙම නම් මේ වැව කරන්න ඇත්තේ. දක්ඛිණ දේශයේ [මායා රටේ] පාලකයාව හැඳින්නුවේ "මාපා" නමින්

    …දවසක යන්න ඕනේ තැනක් විදිහට මාත් මේ තැන ලිස්ට් එකට දාගත්තා :)

    ReplyDelete
    Replies
    1. මෙන්න ආනවිලුන්ඩාවේ තව හොඳ පින්තූර ටිකක්

      …http://www.facebook.com/media/set/?set=a.2293759542500.2113436.1204398104&type=3

      Delete
    2. බැලුවා. නියමයි, නියමම නියමයි.
      එතකොට ඒ කාලෙ එතුමා යුව රජ කෙනෙක් නෙමේද? මාපා කියලද කිවුවෙ?

      Delete
    3. මාපා වෙලා ඉන්න කෙනා තමා ඊළඟට රජ වෙන්නේ. ඒ කියන්නේ යුව රජු තමා. ඒත් පොතේ නම තමා මාපා. අනික ඒ තනතුර ඇත්තම මාපා [යුව රජ] තනතුර විදිහටත් ගන්න බැරි ඒක රජතුමා පිරිනමපු එකක් නොවෙන නිසා. ඒක පරාක්‍රමබාහුව ස්ව උත්සහයෙන් ගත්තු එකක්. මොකද ඒ කාලේ හරි හරි අවුල් තිබුණලුනේ :)

      Delete
  13. ආනවිලුන්ඩාවට යන්න ආස හිතුනා.. ආපු ගමන් අනිවා යනවා,...

    ෆොටෝ ටිකත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කුරුල්ලො එක්කෙනෙක්වත් මගේ ෆොටෝස් නෙමේ. ඒත් අනිත් ඒවා නම් මගෙ

      Delete
  14. මේ පිළිහුඬුවෝ තුන් දෙනාම එකවර දැකීම භාග්‍යයක්.. අනිත් අය නම් එතරම් දුලභ අය නෙමෙයි... මගේ මූණු පිටුවේ මම ගහපු පින්තූර වගයක් තියෙනවා යාල සහ කැබලිත්ත කියලා..ඒකේ එකම විලකදි මම ඔය තුන්දෙනාම දැක්කා... මට ඒ අත් දැකීම මතක් වුනා...

    හෙන්රි කිව්වා වගේ ගාමිනීගේ විජිතය කියන්නේ සුපිරිම බ්ලොග් එකක්....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, ඒක ලොකු වාසනාවක්. මම ආසාම pied kingfisher ට. එයා අහසෙ එක තැන ත‍ටු ගසන හැටි (hovering) බලන්න ලස්සනයි. අනිත් කුරුල්ලො සුලභයි තමයි, ඒත් ඈතින් දැකලා අඳුනගන්න පුළුවන් වෙනකොට ආසයි. අනිත් එක මේක ගියෙ මම කුරුල්ලො ගැන ඉගෙන ගන්න පටන් ගත්තු මුල්ම අවධියෙ. ඒ නිසා වඩාත් ආසයි

      Delete
  15. අනිවා යනවා.... ආනවිලුන්ඩාවත් වන කරලා එනවා... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආපෝ එහෙත් ඉවරයි එහෙනම්. හැබැයි ඔයාගෙ පැපරාසි වැඩ වලට හරි යන අය නම් එහෙ නැති වෙයි

      Delete
  16. නියම පරිසර ගවේෂණ චාරිකාවක්.. සොඳුරු ඉසව්වක්. අනුරාධපුරේ නාච්චදූව වැව වගේ.

    ආණමඩුව, පුත්තලම පැත්තේ යනව නම් වතුර රැගෙන යාම සොඛ්‍ය ආරක්ෂිතයි. මොකද මීට මාසයකට දෙකකට විතර කලින් ආණමඩුවේ ගිහින් එන ගමන් නතර වෙන්න වුනේ රෝහලේ පානීය ජලය ඒ තරමටම අප්සට්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් වතුර නම් ගෙනියන්න ඕනා. එකක් එහෙ වතුර කිවුල්. අනිත් එක වතුර අඩුයි. ආනවිලුන්ඩාව නම් ටිකක් පාරට ළඟ නිසා වතුර බෝතල් ගන්න පුලුවන්. ඒත් නවදන්කුලමෙ නම් එහෙම ගන්න තැනකුත් නෑ.

      Delete
  17. Replies
    1. ස්තූතියි යාළු

      Delete
  18. යන්නම ඕන දවසක මෙතනටත්. බොහොම ස්තුතියි සිදු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් යන්න අක්කෙ වෙලාව තියන දවසක. දැන් යන්න බලන් කට්ටියක්ම ඉන්නවනෙ

      Delete
  19. පින්තුර ටික දැක්කම ආසාවේ බෑ. හරිම ලස්සනයි. මාත් හරි කැමතියි කුරුල්ලෝ නරඹන්න. ස්තුතියි සිඳු.

    ReplyDelete
    Replies
    1. ශා ඔයත් ආසාද? දවසක යමුද කොහෙ හරි. ඒත් ඉතින් කොහොමද යන්න ඔයාව හොයාගන්නෙ?
      :-(

      Delete
    2. කොහෙවත් යන්න ඕනෙ නෑ. යන්නෙ ලග පාත තියෙන වෙලක් ගාවට. පදුරක් අතරට වෙලා විනාඩි 20ක් විතර සද්ද නැතුව ඉන්න. ඒ හොදටම ඇති... :)

      Delete
  20. හොද ලිපියක්! ගෑණු ලමයෙක් වෙනස් දෙයක් ගැන කතා කරනවා දකින්නත් සතු‍ටුයි. :)
    මම මේක මගෙ බ්ලොග් එකෙ ඔයගෙ කමෙන්ට් එකක උත්තරෙ විදියටත් කිව්වා. දැන් කැමරාවක් තියෙනවනම් ඔයාගෙම ෆොටෝස් දාන්න පටන් ගන්න. සතෙක්ගෙ, කුරුල්ලෙක්ගෙ ෆොටෝස් දාද්දි මේ වගෙ පොඩි විස්තරයක් එක්කම දාන්න. ඕනෙනම් වෙනම බ්ලොග් එකක හරි.

    කමෙන්ට්ස් සමහරවිට ටිකක් අඩු වේවි. ඒත් ඒකෙන් ලබන සතුට.....ඒ හොදටම ඇති!

    ReplyDelete