"තව පණහකට වඩා එළියෙ ඉන්නවා". ඊයේ පෙරේදා පත්වීම ලබා පැමිණි හෙදියක් පැවසුවේ සතුටින් නම් නො වේ.
කුමක් හෝ කරුණක් නිසා එදින වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ම සායනයට පැමිණ සිටියේ නැහැ. එම නිසා ම ඇතැම් රෝගීන් ගේ කරුණු අසා සායන පොත්වල සටහන් කර ගැනීම වෛද්‍ය සිසුන් වශයෙන් සිටි අප හට පැවරුණේ නිතැතින් මයි.
බොහෝ රෝගීන් තරමක වයස්ගත අය. දියවැඩියාව, අධි රුධිරපීඩනය ආදී රෝගවලින් පීඩා විඳි රෝගීන් සුලබ වුණා.
ඒ අතර සිටි එක්තරා තරුණයකු කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වුණා. ඒ අවධානයට හේතුව නම් වයස්ගත, රෝගී පෙනුමැති රෝගීන් අතර ඔහු තරුණ වීම පමණක් ම නො වේ. අනෙක් අය කෙරෙහි දකින්නට නො තිබූ නොසන්සුන් බවක් ඔහු කෙරෙන් දක්නට තිබීමයි.
"මට ඉක්මනට යන්න ඕනා ඩොක්ටර්"
"මොකද කලබල ඔය තරම්? ටිකක් ඉන්න, වෙලාව එනකම් ඔයා ගෙ. ඒ වෙනකම් ඔයා ගේ විස්තර කියන්න මට ලියන්න ක්ලිනික් පොතේ"
"මම වරුවක් නිවාඩු දාලා ආවේ, ඒකයි ඉක්මනට යන්න ඕනා"
ඔහු පැවසූ කරුණු අනුව ඔහු සමාජයේ වැදගත් යෑයි සැලකිය හැකි රස්සාවක් කළ අයෙක්. එතරම් රෝගී බවක් ද ඔහු කෙරෙන් පහළ වූයේ නැහැ. ඔහු රෝහලේ සායනයට පැමිණීමට හේතුව දැන ගැනීමට මට අවශ්‍ය වුණා.
"වයස කීය ද?"
"විසි හතරයි"
"මොකද අද එන්න හේතුව?"
"මගේ ඇඟ කෙට්ටු වෙනවා ඩොක්ටර්. ඒකට බේත් ගත්ත කීප තැනකින් ම ඒත් හරි ගියේ නෑ. ඒ නිසයි ඉස්පිරිතාලෙන් බේත් ගන්න හිතුවේ" ඇත්තෙන් ම ඔහු බැලු බැල්මට කෙසඟ සිරුරැති අයෙක්.
ක්ෂය රෝගය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, ඇතැම් පිළිකා වර්ග ඇතුළු සිරුර අධිල ලෙස කෙට්ටු වීමට අදාළ රෝග කිහිපයක් ම මගේ සිතේ මතු වුණා. නමුත් ඔහු කෙරෙන් එබඳු වූ කිසිදු රෝග ලක්ෂණයක් ප්‍රකට වූයේ නැහැ.
"සිගරට් එහෙම පාවිච්චි කරනව ද?" මගේ ඊළඟ පැනයට ඔහු තරමක් පැකිලුණා...
" ඉස්සර නම් බිවුවා.. ඒත් දැන් නම් බොන්නෙ නෑ" ඔහු පිළිතුරු දුන් ආකාරය පිළිබඳව මට එතරම් සෑහීමකට පත් වන්නට හැකි වුණේ නැහැ.
"ඉස්සර බිවුවා, දැන් බොන්නෙ නෑ කියන්නේ මේ අවුරුදු විසි හතරට සිගරට් බොන්න පටන් අරන් නවත්තන්න තරම් කාලයක් තිබුණ ද ඔයාට? කොයි කාලෙ ද බොන එක නැවත්තුවේ?"
ඔහු ගේ ඊළඟ පිළිතුරට සිනහ නො වී සිටීමට මට මහත් ආයාසයක් දරන්නට සිදු වුණා කිව්වොත් නිවැරදියි.
"ගිය සතියේ ඩොක්ටර්"
මෙවැනි පිළිතුරු රෝගීන් ගෙන් අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මේ නො වේ. වෛද්‍යවරුන් ගේ අප්‍රසාදයට ලක් නො වී සිටීමට හෝ වෙනයම් කරුණක් නිසා බොහෝ රෝගීන් මෙබඳු පිළිතුරු ලබා දෙනවා. තවමත් දිගින් දිගට ම දුම්පානය කරම්න් ම, එය නැවැත්වුවා යෑයි ඉතා ආසන්න දිනයක් සඳහන් කිරීම ඉතා ම සුලබයි.
මගේ සිතට නැඟුණේ විශාල කලකිරීමක්. වයස අවුරුදු විසි හතරක තරුණයකු දුම් පානයට ඇබ්බැහි වී සිටිනවා පමණක් නො ව එහි අනිටු විපාකත් විඳිමින් සිටිනවා.

ඔහු ගේ පෙම්වතිය ඔහු හැර ගොසින්.
මවුපියන් සිත් තැවුලෙන්.
රෝග ගණනාවකට ඔහු ඉතා නුදුරින්.
අද සමාජයේ තරුණ පිරිස අතර දුම් පානය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව බොහෝ දුරට සත්‍යයක්. නමුත් පෙනෙනවාට වඩා වැඩි පිරිසක් තවමත් දුම් පානයේ යෙදෙනවා. සමාජ ඇසුර හෝ කුමන හෝ හේතුවක් නිසා අහිංසක තරුණ ජීවිත අකාලයේ බිලි ගනිමින් තිබෙනවා.
ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගාබාධ, නොයෙකුත් පිළිකා තමන්ට අත වනමින් සිටින බව ඔවුන් නො දන්නවා ම නො වේ. එහෙත් දුම්පානය සඳහා ඇති ගිජු බව, දුම්පානය නවත්වන්නට ඇති මැළිකම ඒ සියල්ල අභිබවා නැඟී සිටිනවා.
ඔහු ගෙන් ලබා ගත් තොරතුරු සායන පොතේ සටහන් කළ මා ඔහු වත් කැඳවාගෙන අප ගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු කරා ගියා.
ඔහු එම තරුණයා ඇමතූ ආකාරයට සැබෑ ලෙසින් ම සිතේ දුම්පානය නවත්වන්නට යම් කිසි හෝ අදහසක් මතු වන්නට ඇති.
"ඔයා කොච්චර බේත් ගත්තත් මහත් වෙන්න කියලා, ඔයා සිගරට් බොන තාක් කල් ඔයාට ඔය විදියට ම තමයි ඉන්න වෙන්නේ..
ඒ විතරක් ම නෙමේ, තව ටිකක් කල් යනකොට ඔයාට තව ලෙඩ හැදෙයි.
පෙනහළු දුර්වල වෙලා ක්ෂය රෝගෙ හැදෙන්න පුළුවන්.
පෙනහළු දිය වෙලා ගිහින් අවුරුදු 50 පනිනකොට හැමදාම දුම් අල්ලගන්න ( ඖෂධ සහිත වාෂ්ප - nebulization ) වෙයි.
හර්ද රෝග, මොළේ නහර හීනි වීම්, වකුගඩු වල ප්‍රශ්න එන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ අවුරුදු 40 , 50 වෙනකොට ඔයා ලිංගිකව බෙලහීන කෙනෙක් වෙන්නත් ලොකු ඉඩක් තියනවා.වයිෆ් වෙන කා එක්ක හරි පැනල යයි.
අන්තිමට පිළිකාවකින් වුණත් ඔයා ගෙ ජීවිතය අවසාන වෙන්න පුළුවන්.ඒක පෙනහළු පිළිකාවක්ම වෙන්නෙ නෑ, උගුරෙ පිළිකා, ආහාර මාර්ගයෙ පිළිකා, මුත්‍රා මාර්ගයෙ , මුත්‍රාශයෙ වගේ ඕනෑම තැනක වෙන්න පුළුවන් ඒ පිළිකාව එන්නෙ. "
අවශ්‍ය සැම විට කෙළින් ම අදහස් ප්‍රකාශ කරන ඔහු, ඒ නිසා ම අප සැබෑ ලෙසින් ම ප්‍රිය කළ වෛද්‍යවරයෙක්.
ඔහු ගේ පැහැදිලි කිරීම හමුවේ තරුණයා මඳක් නිහඬ වුණා.
එහෙත් ඊළඟ මොහොතේ අවදි වූ ඔහු ගේ කට හඬ මා පත් කළේ මහත් වූ අමන්දානන්දයකට.
"මම මේක නවත්වන්න කැමතියි ඩොක්ටර්. මට උදව් කරන්න."
This is for my friends for not being smokers. Are you eligible to get this?
""ඉස්සර බිවුවා, දැන් බොන්නෙ නෑ කියන්නේ මේ අවුරුදු විසි හතරට සිගරට් බොන්න පටන් අරන් නවත්තන්න තරම් කාලයක් තිබුණ ද ඔයාට? කොයි කාලෙ ද බොන එක නැවත්තුවේ?"
ReplyDelete…
…නියමම ප්‍රශ්නේ.
…
…මමත් අවුරුදු 23 ක තරුණයෙක් විදිහට කියන්න ආඩම්බරයි මමත් දුම් පානය කරන්නෙක් නෙමේ කියලා :)
ආඩම්බරයි මටත් ඔයා ගැන. මොලේ තියන කොල්ලො එහෙම තමයි
Deleteහ්ම්ම්..ඒක හොඳ වැඩක්!
ReplyDeleteමොකද්ද, මල් දෙන එකද? ;-) Thank you Hiru
Deleteඅනේ ඉතින් අපි නොබොන්නොනේ.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ෂා.... කොච්චර ශෝක්ද. මම දන්නවනෙ රජා කොච්චර පිස්සු නැටුවත් ඕවට නෑ කියලා
Deleteමමත් දුම් පානයට තරයේ විරුද්දයි . අපේ රට හොඳයි .මේ පැත්තේ උදවිය හරියට දුම් බොනවා .මන් නම් දුටු තැන මගේ විරෝධතාවය ප්‍රකාශ කරනවා . ඇතැම් විට වක්‍රාකාරයෙන් දුම් බිම ගැන ධනාත්මක චිත්‍ර මවනවා ඇතැම් බ්ලොග් වල . ඒ අතර මේ ලිපිය හරිම වටිනවා
ReplyDeleteඅන්න හරි. වක්‍රාකාරයෙන් එහෙම චිත්‍ර මැවීම ගොඩාක් වෙලාවට වෙනව. කට්ටිය ඉතින් හිතන්වා හරී ෂෝක් මේක කියල. විශේෂයෙන් අපේ පොඩි කොල්ලො / කෙල්ලො ටික
Delete"දුම්බොන්නේ මෝඩයන්ය" :ඩ් :ඩ්
ReplyDeleteමෝඩයන්ය.
Deleteකොන්ද පණ නැති අයය.
කෙල්ලෙක් එක්ක යාළු වී හොඳින් ඉන්න්න අකමැති අයය.
ඉක්මනින් මැරෙන්න ආසා අයය.
I'm Eligible for that akka!!
ReplyDeleteThumbs up!! Cheers!!
Hats off malli.... :-)
Deleteපුද්ගලිකව මම දුම් පානයට අකමැතියි . නමුත් හොඳම යාලුවටවත් එක වතාවකට වඩා දුම් බොන්න එපා කියලා උපදෙස් දෙන්න නම් යන්නේ නෑ කිසිම දවසක
ReplyDeleteඑහෙම කරන්න එපා TG. උපදෙස් නොදෙනවා නම් ඒකෙ නරක පැත්ත ගැන එයාට ඇහෙන්න අඩුම තරමෙ කියන්න අනිත් අය එක්කවත්. කවුරු හරි කෙනෙක්ව වැරැද්දකින් ගලවා ගන්න එක වටිනවා .
Deleteයෙප් !!!! අම් එලිජිබල් ෆෝ ගෙට ෆ්ලවර් ෆ්‍රොම් යූ !!!
ReplyDeleteතෑන්ක්ස් !! :)
එන්න එන්න, එහෙනම් මෙන්න මල්. (මම හිතුවාට වඩා කහ මල් පොකුරු දෙන්න වෙයි වගේ)
Deleteකහ මල් අත්ත ගන්නට නම් අපිත් ඉලෙජිබල් ඕන්..
ReplyDelete"ඉස්සර බිවුවා, දැන් බොන්නෙ නෑ". අපේ vascular ක්ලිනික් එක මතක් වුනා. ඒකට ආපු රෝගීන් ඔය වගේ උත්තරයක් දුන්නම මහාචාර්යතුමා ඊලඟට හිනාවෙවී අහන්නේ "ඉස්සර කිව්වේ ඊයෙ උදේද" කියලයි. එතකොට සමහරු ඇත්ත කියනවා. ඒත් ඇත්ත නොකියන අයගේ අතේ නාඩි අල්ල ගන්න එතුමා මෙහෙම කියනවා. "ඇත්ත කියන්න. බොරුවක් හෙම කිව්වොත් මේ නාඩිය නලියනවා මට තේරෙනවා. අන්තිමට බිව්වෙ කවදද?" කියලා....
හී හී. ඒ වගේ වෛද්‍යවරු නම් නියමයි. සමහර වෙලාවට රෝගියා දන්නෙත් නෑ, කටින් අල්ලගෙන සේරම වැරදි ටික.
Deleteකහ මල් අත්තක් ඕනෙම නම් කඩා ගන්නකො රුකත්තන මල් පොකුරක්. හී හී...... කමක් නෑ, පොරොන්දු වුණ එකේ ඔයාටත් එකක් එවන්නම්කෝ.
btw,අයියා දන්නවද දන්නෙ නෑ, එක්තරා කාලයක NHSL එක ආශ්‍රිතව දුම්වැටි සමාගමකින් කළාලු වැඩක්. මොකද්ද දන්නවද, වෛද්‍ය වරු වගේ ඇඳගත්තු තරුණයො (drug reps la ඇතුළුව ) යොදාගෙන රෝහල අවට දුම් බොමින් ඉන්න සැලැස්වලා තිබුණා ලු. ඔවුන් දකින සාමාන්‍ය ජනතාව හිතන්නෙ ඒ වෛද්‍යවරු කියලා. ඒ විතරක් නෙමේ, 1,2, 3, වසර වල ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට වුණත් පැටලෙන්න ඉඩ තියනවා.
ඉතින් මේවා දකින මිනිස්සු හිතන්නෙ "දොස්තරලා බොනවා නම් අපිත් බිවුවා නම් මොකද" කියලනෙ.
(කොහොම වුණත් මම හිතන්නෙ දැන් එහෙම නැතුව ඇති "ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීම තහනම්" නිසා) ;-)
හැබෑට? මම NHSL කතාව මීට කලින් අහලා තිබුනේ නෑ නේ...
Deleteරුකත්තන මල් පොකුරට ස්තූතියි හොඳේ...!
අනිවා ඩෙෆා මාත් නෑ ඔය බොන ගොඩට...
ReplyDeleteGREAT !!! JOIN THE CLUB
Delete:-)
දුම් පානයට නම් මමත් කැමති නෑ හැබැයි කාටවත් උපදෙස් දෙන්න යන්නෙත් නෑ ඕක නවත්තන්න කියලා,තමන් දැන ගන්න ඕනා ඕක නවත්ත ගන්න
ReplyDelete
Deleteඔයාටත් කියන්න හිතෙන්නෙ TG ට කිවුව ටිකම තමයි Dilan.
නිකම් උත්සාහ කරලා බලන්න.
මේ මම කියන්නෙ මැල් මැදුරෙ වැඩ කරන අයියා කෙනෙක් අපිට කිවුව එකක්.
කඩේකට ගියාලු එයා මොනාද ගන්න. කඩේ මුදලාලි දිහා බැලුවාම පෙනෙනවා ලු හොඳට සිගරට් බොනවා කියලා. (හොයන හැටි දන්නවා නේ? තොල් කලුයි, කැතයි, තැම්බිලා වගේ. නියපොතු වල nicotine stain එක තියනවා....etc etc
ඉතින් එයා සල්ල දෙන ගමන් ටිකක් මුදලාලිගෙ මූණ බලන් ඉඳලා ඇහුවා ලු "මුදලාලි , සිගරට් බොනවා නේද?" කියලා. මුදලාලි කලබල වුණා ලු. එයා ඇහුවා ලු අර අයියගෙන් "ඇයි මහත්තයා?" කියලා. අයියා මොකුත් නොකියා නෝන්ඩියට හිනා වෙලා "නෑ නිකම්" කියලා ඇවිත්.
එයා ඊට පස්සෙ ඒ කඩේට යන හැම වතාවෙම එහෙම අහන්න පටන් අරන්, ඒත් කවදාවත් හේතුව කියලා නෑ, හැමදාම හිනා වෙලා ඇවිත්.
හිතන්නකො අර මුදලාලි පත් වෙන අපහසුතාවය මූණ දිහා බලලා හිනාවුණාම එහෙම අහලා. කොහොම හරි මේ විදියට දවස් 5ක් විතර ගියා ලු.
ඊළන්නග දවසෙ අර අයියා කඩේට ගියා විතරයි, අයියා වචනයක් වත් කියන්න කලින් මුදලාලි එක පාරටම කිවුවා ලු "මහත්තයා, මම සිගරට් බොන එක නැවැත්තුවා" කියලා.
ඉතින් බලන්න, ඒක හරි පොඩි දෙයක්. එයා ට නම් ඒ වගේ වැඩ වලට හොඳ පළපුරුද්දක් තියනවා,අපිට ඒ වගේ දේකට චකිතයක් එන්න පුළුවන්. ඒත් අපේ යාළුවෙක්ව හරි බේරගන්න පුළුවන්නම් ඒක වටින්නෙ නැද්ද?
කොහොම වුණත් මම ඔයාට ගරු කරනවා ඒ වගේ නරක දේවල් නරකයි කියලා සලකන නිසා.
Delete
http://melmedura.org/
Deleteදුම් බොන එක හැමෝම නවත්තනවා නම් කොච්චර හොදද ..එ වගේ බිපු කෙනෙක්ව මමත් නැවත්තුව ..බැහැ..බැහැ කියලා දවසට සිගරට් පැකට් එකක් විතර බිව් කෙනෙක් දවසට එකක් බොන තත්වේට අරන් අද වෙද්දි සිගරට් එකක් වත් බොන්නේ නැති වෙන තත්වේට අරන් තියෙනවා.. ගොඩක් අමාරුයි එ අයට තේරුම් කරලා දෙන්න ගියාම .
ReplyDeleteඔයා ආඩම්බර වෙන්න ඔයා ගැන නිම්ෂා. එයාට වැඩිපුර ලැබුණ ජීවිතේ එයාට දුන්නෙ ඔයා.
Deleteමමත් බොන්නේ නෑ.. අපේ තාත්තට නවත්තන කියලා කොච්චර කියන්න ඇත්ද? වෙන අයටනම් උපදෙස් දෙන්න ගිහින් නෑ නවත්තන්න කියලා..
ReplyDeleteකොහොම හරි තාත්තාව නවත්තන්න මල්ලි. කොහොම හරි. ඒක ලොකු පිණක්.
Deleteමම නම් සිගරට් බොන්න ගත්තෙ අවුරුදු 13, 14 වගෙ කාලෙ. එකක් අත්හදා බලන්න. ඔය වගෙ හේතු ගොඩයි. peer pressure තව එකක්. සිගරට් බීම නවත්තන එක සුලු දෙයක්. නවත්තලා ආයෙ පටන් ගන්නෙ නැතිව ඉන්න එක අන්තිම දුශ්කර, දුර්ලභ දෙයක්
ReplyDeleteහරි මම සිගරට් බීම නවත්තපු හැටි මීට අවුරුදු 5 කට හෝ හයකට පෙර ඔයාට වැදගත් වෙයි. මෙන්න ලින්ක් එක.
HOW I QUIT SMOKING AT LAST
henryblogwalker the Dude
අනිවාර්යෙන් කියවන්න ඕනා ඕනම කෙනෙක් මේක. මම මගෙ ෆේස් බුක් එකේ ඒ ලිපියෙ ලින්ක් 1ක් දානවා, කමක් නෑ නේද?
Deleteදාන්න සිඳු, කාට හරි යහපතක් වෙනවා නම් එච්චරයි. පස්සෙ ඕක සිංහලෙන් දාන්න හිතාගෙන ඉන්නෙ මගෙ සිංහල බ්ලොග් එකෙත්.
Deletehenryblogwalker the Dude
වටිනාකම මෙපමණයි කියල කියන්න බැරි තරම් වටින ලිපියක්!
ReplyDeleteමට නම් දුම් බොන ඕනම කෙනෙක් පේන්නෙ පට්ටම මෝඩයෙක් හැටියට!
සිගරට් දුමෙන් සිරුරට වන හානිය ගැන කියනවා නම් කියන්න තියෙනනෙ ඉන් හානි නොවන අවයවයක් සිරුරේ නොමැති තරම් කියල.
දුම් බීම යම්තරමට හරි තාමත් රැඳිල තියෙන්න සිගරට් වෙලඳාම සිදු කරන බහු ජාතික සමාගම් වල කූඨ ප්‍රචාරණ ක්‍රම නිසා. ඒවාට රැවටෙන්න තරම් මනසින් බාල මිනිසුන් තවමත් ඉන්න නිසා තමයි දුම්බීමෙන් සමාජය ගලෝ ගන්න බැරි.
කතා කල යුතුම මාතෘකාවක් රසවත්ව හරවත්ව ලියල තියනව, ස්තූතියි සිඳූ!
පොඩි කතාවක් මතක් වුණා, කවුද කිවුවෙ කියලා මට මතක නෑ.
Deleteඑක්තරා තරුණයෙක් ටී ෂර්ට් එකක් ඇඳන් පාරෙ යනවා. ඒකෙ ගහලා තියනවා " if you smoke, you will be young forever " කියලා.
මග යන මිනිස්සු ඔහු දිහා හැරිලා බලනවා. එතකොටයි ඒ ටී ෂර්ට් එකේ පිටිපස්ස් පේන්නෙ ඔවුන්ට. ඒකෙ ගහලා තියෙන්නෙ " because , you will die before you become old " කියලා
මටත් පෙන්නන්න බැරිම දේ සිගරට්.ඒ දුම මට ඔලුවෙ කැක්කුම හදනවා.
ReplyDeleteමට නම් කෙලින්ම බඩ පෙරලිලා එනවා උඩටම. ඇත්තමයි, මේ මිනිස්සුන්ට නහයවල් නැද්ද මන්දා ඔවා බොන්නෙ කොහොමද? මොළේ නැති එකේ කොහෙද නහයවල් ඉතිරි වෙන්නෙ
Deleteමට සිගරට් බීම එපා උනේ පලවෙනි උගුරේදී.. ඒක අපුරු කතාවක්.. දවසක් මම වත්තේ ඇවිදිනකොට කෙසෙල් පඳුරක් අස්සෙන් දුමක් එනවා. හිමීට ගිහින් බැලුවාම අපේ අයියා කාරයා දුමක් දානවා. ඒයි.. මේකෙන් ටිකක් බීල බලපන්කො නියමයි.. ඌ කිවුව. මාත් ගොනා වගේ අරන් ඇදගෙන ඇදගෙන ගියා. ඊට පස්සේ කැස්ස හැදිලා දෙකට නැවීගෙන කහිනකොට අයිය බය උනා තාත්තට අහුවෙයි කියලා. මම කහින්න හදනවා මිනිහා මගේ කට වහගෙන ඉන්නවා. මට වැන්දේ නැති ඒක විතරයි.තාත්තට් කීවා නම් පු** හැම කොටුවට එන්නයි වදින්නේ.. එදා මම කිවුව මේ මොන දහ ජරාවක්ද ? මොන එහෙකටද මේවා අදින්නේ ? චික් මට නම් එපා කියල. එච්චරයි මගේ දුම් බීම.. කොයි තරම් බොන කන මිනිස්සු අතරේ හිටියට මම කවදාවත් ආයිත් අතින්වත් ඇල්ලුවෙත් නැහැ කාටවත් අරන් දුන්නෙත් නැහැ.. හ්ම්ම් කෝ ඉතින් එවනවා මගේ මල් මිටිය හොඳ හිතින් !!
ReplyDeleteඔන්න ගෞරවය තවත් වැඩි වුණා ලු මගෙ. ;-)
Deleteබොන පිරිසක් මැද ඉඳගෙනත් නොබී ඉන්න පුළුවන් නම් , ඒක තමා පිරිමි කම කියන්නෙ.එවන්නම් එවන්නම් මල් පොකුරක් නෙමේ මල් කරත්තයක්ම. :-)
"ඉස්සර බිව්වා.. ඒ කියන්නේ ගිය සතියේ" මේ අදහස ගොනු කරපු හොඳම තැන ඒ ටිකයි. ඇත්තටම සමහර වෙලාවට වෛද්‍යවරයා අහන දේට පිලිතුරු නොදී ඉන්න හැදුවාම ඊළඟ ප්‍රශ්නයේදි ඔහුට පිලිතු ර දෙන්නම වෙනවා.එතකොට තමයි ඇත්ත කතාව වැටහෙන්නේ.
ReplyDeleteමොනව වුණත් දුම්පානයේ ආදීනව තේරුම් කරල දෙන්න ලියපු සරල පෝට් එකක් වුනත් එයින් ගම්‍ය වන අදහස ගැඹුරුයි.
මෙකල නම් දුම් පානය කරන අයෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.මට හිතෙන හැටියට තරුණ පිරිස් දුම්පානයෙන් ඉවත්වෙලා කියලා.
මටත් බුලත්විට සහ දුම්වැටි ජීවිතේ කිසිම දවසක අත්හදා බලන්න වත් හිතිලා නැහැ.
බුලත් විට තමයි අනිත් එක, විශේෂයෙන් හුණු දුම් කොළ සමග බුලත් ගැනීම. වතුකරයේ සහ දුර පළාත් වල මුඛ පිළිකා වලට දුම්වැටි ඇරුණාම අනිත් ප්‍රධානම හේතුව ඒක.
Deleteබොහෝ තරුණ පිරිස් දුම් පානයෙන් ඉවත් වෙලා. ඒත් ඒකෙන් වෙන් කරන්න බැරි වුණ තවත් තරුණ කොටසක් ඉන්නවා. මම දැකලා තියන විදියට ඒ එක්තරා සමාජ මට්ටමකට අයත් වෙන අය. බුද්ධිය මුහුකුරා නොයාමත්, වැරදි ඇසුරත් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
මමත් හිතන්නේ දැන් නම් සමාජයේ දුම්පානය ඔවුට් ඔෆ් ෆැෂන් වෙලා තරුණයෝ අතර..
ReplyDeleteඒත් මේ අතරේ දුම්වැටි සමාගම් එයාලගො විකුණුම් නංවන්න කරන උත්සාහය දැක්කොත් පුදුම වේවි..
මේ ගැන ගොඩක් පර්යේශන කරලා තියනවා ADIC එකෙන්..කාලයක් මමත් ස්වේජ්චාවෙන් වැඩ කලා එයාලත් එක්ක..හරිම සුන්දර අත්දැකීම් ටිකක්..
අමතක කරන්න එපා දුම්වැටි සමාගමේ ශු.ලාභය දැක්කොත් හරි විකුණුම් ප්‍රමාණය දැක්කොත් හරි ඔයාලා පුදුම වේවි මෙච්චර මෝඩයෝ ලංකාවෙ ඉන්නවද කියලා..
ඒත් අනිත් අතට මේ ලිපියට එකතු කරන්න ඕන දේ තමයි මේ වගේ ප්‍රචාරණ වල අළුත්ම අවධානය තියෙන්නෙ ගෑනුළමයින් දුම්වැටි භාවිතය හුරු කරන එක..පරිස්සමෙන්..
මට හමු වෙලා තියනවා එක ගැණු ළමෙක් ඒකට තදින්ම ඇබ්බැහි වුණ. ඒත් එයා නම් හොටෙල් එකෙක නටන කෙනෙක්. මම වෙනත් අය දැකලා නැති වුණත් එහෙම දේකුත් වෙමින් පවතිනවා කියලා මමත් අහලා තියනවා.
Deleteඅපේ තාත්තා අපි උපදින්න කලින් දුම් බීලා තියනවලු. මට යන්තම් තේරෙන නොතේරෙන කාලේ තාත්තා සිගරට් එකක් බිව්වා මට මතකයි. ඒක තාමත් මගේ හිතේ ඇඳිලා තියනවා. ඔය අතරේ අපිත් එක්ක ගොඩක් හිතවත් අපිට ගොඩක් ආදරේ කරපු සීයා කෙනෙක් දුම් බීම හින්දා නැති වෙනවා. එදා ඉඳං අපේ තාත්තා සිගරට් එකක් අල්ලලාවත් නැහැ. ඒ බය හිතිලා නෙමෙයි. ගොඩක් සමීප කෙනෙක් වෙන් වුන දුකට.
ReplyDeleteමගේ ජිවන සහකරු තෝර ගනිද්දී මම බලපු ප්‍රධානම කාරණේ මත් ද්‍රව්‍ය ගන්නවද කියන එක. :) අර ජාතියේ රෝස මලක් එයාටත් ගිහින් දෙන්න ඕන :))
මොකක් හරි හේතුවකින් තාත්තා ඒක නැවැත්තුව එක වටිනවා.
Deleteමමත් ඇත්තටම ආඩම්බරයි මගෙ වෙන්න හස්බන්ඩ් ගැන.
වටිනා ලිපියක් අක්කේ, ඔයාගෙ කහ මල් අත්තෙන් මමත් බොහොම සතුටින් එක මලක් ගන්නවා. අක්කේ ඔයාගෙ 'හඹා යාම' කතාවෙ ඉතුරු ටිකත් ලියන්නකො.
ReplyDeleteමේ ලියන ලිපි වඩා හරවත් උනත් මම ඒ කතාවට හරි කෑමතියි :)
මමත් ඒ කතාවට කැමතියි මල්ලි. ඒ කැමැත්ත නිසාම දැන් ඒ දෙන්නට අසාධාරනයක් කරන්න හිත ඉඩ දෙන්නෙ නෑ.මට ඒ චරිත දෙක සමීප වුනා වැඩියි. ඒ නිසා හිතාගෙන හිටපු කතාවෙ අවසානෙ වෙනස් කරන්න වුනා. ඒකයි මේ ටිකක් ප්‍රමාද. ඒත් හෙට වෙද්දි ඒක දාන්න පුළුවන් වේවි
Deleteමේ කතා කියෙව්වම මට වෙච්ච වෙඩක් මතක් වෙනවා... මට කාලෙකට ඉස්සර වෙලා හැදුන ලෙඩක්, හන්දි රිදෙනවා .. මාර අමාරුයි. හිප් ජොඉන්ට් එක තමා රිදෙන්නෙ. ඉතින් මම අපෙ පොඩි අක්ක එක්ක ගියා කළුබෝවිල ඉස්පිරිතාලෙට.rheumatology රූම් එකට! අක්ක මෙඩිකල් ස්ටුඩෙන්ට් කෙනෙක් හන්ද නෝ පොලිම්! ඔන්න හිටිය ඔලුවෙ කෙස් ගහක්වත් නැති doctor කෙනෙක්. (අපි එයාට නමක් දැම්ම සිරිබිරිස් කියල ) ඔන්න එයා මාව චෙක් කරල එහෙම ප්‍රශ්න අහනවා. අක්ක ටිකක් ඈත. ටිකක් ප්‍රශ්න අහල පොඩ්ඩක් කනට කරල ෆිට් එකේ ඇහුව මෙහෙම. Drinks එහෙම ගන්නවද? මම ඉතින් අක්කත් ලඟ ඇහෙන මානෙ නැති හන්ද (මට බොරු කියන්න හිතුනත් ඇත්තටම ලෙඩේයි එකෙයි සම්බන්දයක් තියේද දන්නෙ නෑ කියල බය හිතුන. ) මම කිව්වා ඔව් යාලුවො එක්ක සෙට් උනා ම ටිකක් ගන්නව කියල. ඒක ඇහුන විතරයි මේන් doctor අක්කට කතා කරා නිකන් ලෙඩේ අඳුන ගත්ත වගෙ. කතා කරල කිව්ව නේද මල්ලිගෙ හැටි මෙහෙමයි කියල. ඔන්න ඔහොමයි මාව ගෙදරට මාට්ටු උනේ. මට අක්කල දෙන්නෙකුයි නංගියෙකුයි ඉන්නව, ඉතින් හිත ගත්ත හැකිනෙ ඊට පස්සෙ මට උන දේ.
ReplyDeleteඅනේ අනේ...... අපේ නි** ****ක සර් ට නේද මේ නම දාලා තියෙන්නෙ. හොඳම වැඩේ වුණ වැඩේට නම්. :-)
Deleteකොහොම වුණත් දැන් ඒවා කරන්නෙ නැත්නම් ඇති
මගේ වයස 19..17 - 19 වෙනකම් උසස් පෙළ අවුරුදු 2ක තුල මද්‍යසාර,ගංජා,වේදනා නාශක,හෙරොයින් කියන හැමදේම පාවිච්චිකරා කොහොමහරි මේ අවුරුදු දෙකේ 2011 මැද හරියේදී හැම දෙයක් ම වෙනස් උන ආදරයක් මගේ ජීවිතේට ලැබුන නිසා මොනා වුනත් යාළුවො හම්බුවෙද්දී නම් ඕව පාවිච්චි නොකර ඔන්න බැරි උනා...2012 විභාගයට ලං වෙද්දී ගංජා විතරයි පාවිච්චි කරේ...මොනදේ කරත් මම අන්තිම ටිකේ උපකාරක පන්ති වලට සහබාගී උන කැල්ලව බලන්න ඕන නිසා ඒවගේ දී ගුරුවරු ජිවිතේ ගැන කියපු දේවල් අහල මම ගොඩක් වෙනස් උන පාඩම් වැඩ කර මොන දෙකරත්...දැන් මම විභාගේ ඉවර වෙලා ඉන්නේ එස් 3ක් වගේ ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් ඒ පරත්තිපලය උනත් මට ගොඩක් වටිනවා මම හිටපු ව්විදියට..දැන් නම් ගොඩාක් මත්ද්‍රවය වලින් ඈත වෙලා ඉන්නේ ඉදල හිතල ගංජා පාවිච්චි කරනවා...
ReplyDelete