Thursday, August 9, 2012

සිංහරාජය බලා......

මේ නිවාඩුව කවදා වෙනකම් තියෙයිද කියන්න බෑ. මාසයක් වෙන්න පුළුවන්. මාස තුනක් වෙන්න පුළුවන්... මාස හයක් වෙන්නත් පුළුවන්......... ඒ නිසා පහු ගිය දවසක යාළුවෙක්ගෙ ගෙදරදි හමු වුණ අපේ සෙට් එක (group C ගැට්ට) තීරණය කළා කොහෙ හරි යන්න. 

එක එක යෝජනා වලින් පස්සෙ සම්මත වුණේ සිංහරාජෙ යන්න.

කතා කරගත්තු විදියට පහුගිය සෙනසුරාදා අපි  සිංහරාජෙ යන්න පිටත් වුණේ නොහිතුව විදියෙ පුදුමයකුත් එක්ක. ඒ විනාඩි 15ක පමණ ප්‍රමාදයක් හැරෙන්නට වෙනත් ප්‍රමාදයක් සිදු නොවීම.චාරිකා සඳහා ප්‍රමාද වීම අපේ කණ්ඩායෙමේ අනන්‍යතාවයක්. එක වතාවක් කිතුල්ගල යන්න කැම්පස් එක ඉස්සරහට 5.30ට එන්න කතා වුණ අපි, යන්න පිටත් වෙනකොට කැම්පස් එකට ළමයින් ඇවිත් දේශන වලටත් ගිහින්. තවත් දවසක් සීගිරි යන්න 5.30ට රෝහල ඉස්සරහට ආව අපි යන්න පිටත් වෙද්දි රෝගීන් බලන්න ආව අමුත්තොත් පිට වෙලා ගිහින්. ඉතින් ප්‍රමාද වීම ගැන ඒ වගේ  ප්‍රෞඪ ඉතිහාසයක් තියන අපි 6.30 ට පානදුරෙන් ගමන් ඇරඹුවා කියන්නෙ ලොකුම ලොකු දෙයක්.....

පානදුර මතුගම පාර ඔස්සේ අපි සිංහරාජෙ යන්න පිටත් වුණා. තමන්ගෙ ගමට වඩා සිංහරාජෙ හොඳින් අඳුනන යාලුවෙකුත්, සිංහරාජෙ කලුද සුදුද කියලවත් දැනගෙන නොහිටිය දෙන්නෙකුත් ඇතුළුව අපි 11 දෙනෙක් ගමනට සහභාගි වුණා. බස් එකට ගොඩ වුණ වෙලාවෙ ඉඳන්ම බඩගිනියි කියලා එක එක්කෙනාගෙ පැමිණිලි අවසන් වුණේ අතරමග තිබුණ ලස්සන වෙල් යායක් ළඟට වෙලා උදෑසන ආහාරය ගත්තාට පස්සෙ.

මෙතන තමයි අපි උදේට කෑවෙ. මේ ඉන්න කෙනාව අඳුනනවද බලන්න


එච්චර වෙලා ඇල් මැරුණ ස්වභාවයෙන් හිටිය කට්ටියට සින්දු කියන්න පණක් ආවෙ ඊට පස්සෙ. අපේ එක යාළුවෙක් බොංගෝ වාදනයට අත් පොත් තැබුවෙ එදා. රුපියල් 7000ක් දීලා බොංගෝ එකක් එයා අරන් ඇවිත් තිබුණෙ වාදනය ඉගෙන ගන්නමලු. පැහැදිලිවම එයා හොඳින් වාදනය කළා. කොයි තරම් හොඳද කියනවා නම් ගායනා කළ සෑම ගීතයටම එයාට තිබුණෙ එකම බීට් එකක්. (සිඳු ගෙ ගායනය වගේ තමයි)


ඒත් ටික වෙලාවකින් ආයෙමත් ගීත ගායනය වියැකිලා ගියා. ඒකට හේතුවක් තිබුණා. වෙනදාට ගීත ගායනයට කප් ගහපු කෙනා එදා අපි එක්ක යන්න ආවෙ නෑ. සිඳු ට නම් ඕනම සින්දුවක වගේ වචන මතකයි.ඒත් ඉතින් ඒ හැම එකේම තියෙන්නෙ එකම තාලෙ තමයි. 

අපේ එක්කෙනෙක් හිටියා, එයා දන්නෙ බස් අජිත්ගෙ සින්දු විතරයි. තව එක යෙහෙළියක් දන්න එකම සින්දුව "ඕයේ ඔජායේ" විතරයි. ඉතින් බස් එකට නැගපු වෙලාවෙ ඉඳලා එයා කෑ ගැහුවෙ "අනේ ඕයේ ඔජායේ කියමුකෝ" කියලා විතරයි. ඒ නිසාම චාරිකාව අවසන් වෙනකම්ම අපි ගායනා නොකරපු එකම ගීතය ඒක විතරයි. ගායනා නොකලම නෙමේ..... පටන් ගත්තා කිහිම සැරයක්ම
"විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා..." ඔන්න එතකොටම අපේ යාළුවා අත්පොඩි ගහලා එහෙම ලෑස්ති වෙනවා ඒක කියන්න. එතකොටම හැමෝම ඒක නවත්වනවා ස්විච් එක ඕෆ් කළා වගේ.....එහෙම වුණා දෙතුන් වතාවක්ම. 
ඉතින් වියැකිලා ගිය ගායනයට ආයෙ පණ ගන්න අපිට වෙන මාර්ගයකට යන්න වුණා. ඒ තමයි "ගීතයෙන් ගීතය" කිරීම කණ්ඩායම් දෙකකට බෙදිලා. අපේ යාලුවො හරී සාධාරනයි. ඒ නිසා කණ්ඩායම බෙදුවෙත් හරිම සාධාරනව. එක කණ්ඩායමකට සිඳු සහ තවත් යෙහෙලියන් දෙන්නයි, අනිත් එකේ ඉතුරු 8 දෙනාම.
අපි නම් සැලෙයි, අපි අභියෝගය බාර ගත්තා. කිසිම ප්‍රශ්නයක් නෑ, මුල් ටිකේ අපි දිනාගෙන දිනාගෙන ආව. ඔන්න ඒ වෙලාවෙ තමයි අලුත් නීතියක් මතු කළේ අනිත් කණ්ඩායම.
"සින්දුව අපි කොහෙන් නැවැත්තුවත් එතන ඉඳන් පටන් ගන්න ඕන... වචනෙ අන්තිම අකුරෙන් නෙමේ"
කමක් නෑ....... අපි ඒ අභුයෝගයත් බාර ගත්තා.

ඒකත් සුමටව ගලාගෙන ගියා ටික වෙලාවක්. ඔන්න ඒ පාර තමයි දුස්‍රා එන්න ගත්තෙ.
දෙතුන් වතාවක්ම "ශ්‍රී" වලින් ඉවර කරන්න අපේ පසමිතුරු පිළ උනන්දු වුණා. ටිකකින් ශ්‍රී වලින් පටන් ගන්න සියලුම ගීත අවසන් ව්නා..... ඒත්  මම කිවුවනෙ, අපි නම් සැලෙයි
"ශ්‍රීපාදේ සමනළ කන්ද පෙනේ......" හූ හඬත්, සිනා හඬත් එක්ක අපි දිගටම "ශ්‍රීපාදේ සමනල කන්ද පෙනේ... " ගායනා කළා.

ඊට ටික වෙලාවකට පස්සෙ එයාලා ගායනා කරන්න පටන් ගත්තා 
"ලංකා ලංකා පෙම්බර ලංකා...
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලං........" එච්චරයි.
අන්තිම අකුර ං (බින්දුව)

"දැන් ඉතින් කියනවකො බලන්න" ඉතින් මොනව කරන්නද, අපේ ත්‍රිපුද්ගල කණ්ඩායමේ එක් යෙහෙළියක් පටන් ගත්තා
"බිංදු බිංදු තාරකා - කඳුලු මල් විලේ"
ඔන්න ඔහොමයි අපි ඒ අභියොගය බාර ගත්තෙ.

අපි කලවානෙන් බස් එක නැවැත්තුවා කන්න බයිට් සහ බොන්න කෝක් ගන්න. එතනදිම තමයි මතක් වුණේ කූඩැල්ලන්ට ගාන්න සිද්ධාලේප ගන්නත්.
එතන ඉඳන් ජනප්‍රියම ගීතය වුණේ "කැක්කුම් ඔක්කොම නස්නාලේපේ- විස්කම් දක්වන සිද්ධාලේපේ......"  


ඒ වෙද්දි සියලුම දුරකතන සමාගම් අපිව අත ඇරලා තිබුණෙ. මීට අවුරුදු කීපයකට කලින් දැක්ක පාරවලුත් එහෙම්මම තිබුණා ඒ වෙද්දිත්. මග නැගුමක් නම් දැක්කෙ නෑ.

සිංහරාජෙට ඇතුළු වෙන්න කලින් අපිට මාර්ගෝපදේශකයෙක් ලැබුණා. ඒත් කුරුලු උණ, සමනල් උණ සහ කැලෑ උණ තිබුණෙ සිඳුට සහ තවත් එක්කෙනෙක්ට විතරයි. ඒ නිසාමද කොහෙද මුලදි පැළෑටියෙන් පැළෑටිය අපිට කියලා දුන්න ඔහු ටික වෙලාවක් යද්දි  පාර පෙන්වන්න විතරක් උනන්දු වුණේ. 
ඇත්තම කිවුවොත් මේක හුදු විනෝදය තකා ගිය ගමනක් මිස, ගවේශනාත්මක චාරිකාවක් වුණේ නෑ. ඒ නිසයි කැලෑව ගැන නොලියා චාරිකාව ගැන ලියන්නත් හිතුනෙත්.


කොහොම වුණත් සාමාන්‍යයෙන් සිංහරාජෙ දකිනවාට වඩා කුරුල්ලන් ප්‍රමාණයක් අපිට එදා දකින්න ලැබුණා. 
ඒ අතරින්ලංකාවට ආවේණික විශේෂ කිහිපයක්මත් දකින්නට ලැබුණා.
 
කැහිබෙල්ලා.  18-55 කැමරාවෙන් , ට්‍රයිපොඩ් එකකුත් නැතිව මීට වඩා හොඳට ගන්න බැරි වුණා.

කුරුල්ලන් නරඹන්න ආසාවක් තිබුණත් මම පෞද්ගලිකව කැමති සමනළුන් ගැන අධ්‍යනය කරන්න.
ඒ නිසාම දකින්න ලැබුන සමනලුන් මගෙ හිත අමන්දානන්දයට පත් කළා.
ඒ අතරින් කිහිප දෙනෙක්

මේ මගෙ කැමරාවෙ සටහ වුන  pulm judi


ඇවිදින්න පටන් ගද්දි හරි පොෂ් කියල හිතාගෙන සිඳු එයාගෙ කැමරාවයි, නංගිගෙන් ණයට ගත්තු බෑග් එකයි කරේ එල්ලගෙන හිටියෙ. 

ඒත් ඒ පොෂ් වාෂ්ප වුණේ මුල්ලේගල නගින්න ගත්තට පස්සෙ. කැමරාව බෑග් එක ඇතුළට බැස්සා. බෑග් එක යාළුවෙක්ගෙ කරේ එල්ලුණා.... සිඳුට හුස්ම ගන්නත් අමතක වුණා. යාළුවන්ගෙ වචන වලින් කියනව නම් "එංජිම බොයිල් කරලා බොයිලේරුවක් වගේ වුනා"

මට නම් තවත් යන්න බෑ කියලා කූඩැල්ලො ඉන්න තැන් තැන් වලම නැවතුන සිඳුව ඊට පස්සෙ යාළුවෙක් අතින් ඇදගෙන උඩටම ගෙනිච්චා. එක මොහොතක් වත් නවතින්න දුන්නෙ නෑ. "අනේ arrhythmia  එකක්වත් ඇවිත් මාව මැරෙයි" සිඳුට හිතුනෙ එහෙම. හිතුනා විතරක් නෙමේ.... අතින් ඇදගෙන ගිය යාළුවාට එහෙම කියලා බැනුනුත් ඇහුවා.

කන්ද උඩට නැග්ගාට පස්සෙ නම් ඒ මහන්සිය කොහෙන් ගියාද නෑ. 

හරිම සුවදායී තරමක් සැර හුළඟත්, එතෙන්ට පෙනුණ මුලු කැලෑවමත්, එච්චර වෙලා සිඳුට අමතක වෙලා තිබුණ පර්සරයේ සුන්දරත්වය ආයෙමත් අපූරුවට මතක් කරලා දුන්නා. සමනල කන්ද හොයන්න අපි උත්සාහ කළත් එදා තිබුණ පරිසර තත්ව අනුව ඒක අපහසු වුණා.



ඒත් ආපසු බහින්න සිද්ධ වුණෙත් අර විදියටම තමයි. විටින් විට එල්ලුණ කූඩැල්ලො නිසා ඇති වුණ ප්‍රමාදය ඇරෙන්නට, වෙන එක මොහොතකවත් නවතින්න යාළුවා ඉඩ දුන්නෙ නෑ.
"කෝ අද කට? මෙහෙම දෙයක්ම වෙන්න ඕනා ඒ කට වැහෙන්නත්" එහෙම කිය කිය සිඳුව කන්දෙන් පහළට ඇදගෙන ගිය යාළුවා ගෙ කනට එදා නිවනක් නොවුනේ "අනේ මනී  මට තවත් යන්න බෑ" කියන වාක්‍යය විනාඩි දෙක තුනකට සැරයක් ඇහුණ නිසා. 
කොහොම හරි මේ එක්කන් යාමට කට්ටිය නමකුත් දැම්මා " ඇදගෙන යාම" කියලා. ඒත් ඇත්තමයි ඒ තරම් පරිස්සමට මාව එක්කන් ආව යාළුවා ට පින්.

කන්දෙන් පහළට බැස්සාට පස්සෙ නම් සිඳුගෙ සුපුරුදු රටාව ඉක්මනින්ම ලැබුණා. කැමරාව ආයෙමත් කරේ එල්ලුණා. ඒත් බෑග් එක නම් දිගටම ගෙනිච්චෙ යාළුවා. දකින දකින් අලුත් ගස්, සත්තු ළඟ නැවතුන කැමරාව සමහර වෙලාවට යාළුවන්ගෙ ඇනුම් බැනුම් වලටත් ලක් වුණා. ඒ "නාන්න" පරක්කු වෙන නිසා. 

අමාරුවෙන් ගත්තු ෆොටෝ කීපයක්.


පලාපොළඟා

ඇහැ‍ටුල්ලා

 අං ක‍ටුස්සා

බාඳුරා

කැලෙන් එළියට ඇවිත් අපි දවල්ට කන වෙලාව එනකොට හවස 5ට විතර ඇති. 
කැලේට ආසන්න ගෙදරකින් ලැබුණ ඒ බත් එකේ තිබුණෙ පලා වර්ගයක් සහ අල තෙල් දාලා රතු බත් එක්ක.
බයිට් පැකට්, ඇපල් පෆ් වලින් ඒ වෙනකොට බඩගිනි යන්තමින් නිවාගෙන හිටිය අපට ඒ කෑම වේල දිව්‍ය භෝජනයක් වගේ වුණා.

කොහෙ ගියත් ගෙවල් වල වතුර නෑ වගේ නාන එක අපේ කට්ටියගෙම පුරුද්දක්. ඉතින් මේ චාරිකාවෙදිත් ඒක අමතක වුණේ නෑ. අපි ගඟ ළඟට යද්දිත් කොහෙදෝ ඉස්කෝලෙකින් ආව ළමයි වගයක් නානවා. ඉස්කෝලෙ 5 වසරෙ විතර හිටිය ගෑණු ළමයිනුත් දිය රෙදි ඇඳගෙන නාන එතෙන්ට යන එක අපිට කෙසේ වෙතත් අපේ යාළුවන්ට නම් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඔවුන්ව එතනින් ඉවත් කරන්න අපි විවිධ සැලසුම් සකස් කළා.
ළමයි අසලට ගිහින් "මේ ග‍ඟෙ කිඹුල්ලු ඉන්නව..." කීම එකක්. එහෙමත් නැත්නම් කවුරු හරි පොඩි ළමෙක්ගෙ තාත්තා වගේ ගිහින් "ගඟවල් වල නාන්නද අපි ළමයිව ට්‍රිප් එවුවෙ" කියලා කියලා බනින එක තව එකක්.

මොනව වුණත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට සිදු නොවීම ඒ ළමයි ඉක්මනින් ග‍ඟෙන් ගොඩට ආවා. 

කොහෙ ගියත් ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින්ම නාන එක අපේ ගෑණු ළමයින්ගෙත් පුරුද්දක්. ඒත් එදා නම් නානෙ නැතිව ඉන්න අපි තීරණය කළා. එහෙම වුණා කියලා, සිඳුට හැරෙන්නට අනිත් අය කාටවත් වතුර පාරවල් වලින් බේරිලා ඉන්න නම් ලැබුණෙ නෑ. සිඳු ගෙ කැමරාවට පින් සිද්ද වෙන්න සිඳු වතුර ප්‍රහාර වලින් බේරුණා. අවුරුදු 2කට කලින් ගල්කිස්සෙ මුහුදු වෙරළෙදි , සිඳු කලින් පාවිච්චි කළ කැමරාවට අත් වුණ ඉරණම හැමෝටම මතක තිබුණ නිසා කවුරුත් ආයෙමත් ඒ වගෙ එඩිතර තීරණයක් ගත්තෙ නෑ.


අවුරුදු 7කින් වත් නෑවෙ නෑ වගේ නාපු කට්ටියවත් ගොඩට අරගෙන ආපහු එද්දි කළුවර වැටිලා. ඒ වෙලාවෙ තමයි රස බෙලි මල් කෝප්පයක රහ බලන්න අවස්ථාවක් ලැබුණෙ...... බෙලි මල් නෙමේ, බෙලි ගෙඩියෙ රසටත් ඉස්සර අකමැති වුණ සිඳුත් බෙලි මල් අමෘතය වගේ බොන්න පුරුදු වුණේ මේ යාළුවො ටික නිසා. ඒ මම කලින් පෝස්ට් එකෙත් කිවුව කතරගම ප්‍රදේශයෙ ගත කරපු දවස් වල.
හකුරු කෑල්ලකුත් එක්ක එදා දැනුන ඒ රස කවදාවත් ගෙදර ගෙනල්ල බිවුවට නම් දැනෙන එකක් නෑ.

ආපහු ආව ගමන ඇත්තටම සුන්දරයි. නොබී මත් වෙන්න පුළුවන් කියලා මම දැනගත්තෙ මගෙ යාළුවන්ගෙන්

70 comments:

  1. ඔහොම තමා නංගි කාලා කාලා ආරලා ආවම වාහන ඉක්මනට බොයිල් කරනවා...

    ReplyDelete
    Replies
    1. මොකක්? මොකක්? එහෙනම් ඉතින් මුලින්ම එහෙම වෙන්නෙ මට නෙමේ....

      Delete
    2. අපි නංගි ආරලා නැහැ හරිය...

      මේ ඒක නෙවෙයි වෙලාව දහය හමාරයි.. කොහොමද මේ උත්තර බැඳ බැඳ යන්නේ.. ලෙඩ්ඩු ටික නිවාඩු දීලා ගෙදර ඇරියද..?

      Delete
    3. මම කිවුවෙ අර "කාලා කාලා" කොටස ගැන..... :පී

      ලෙඩ්ඩු ලෙඩ නිවාඩු දාලාද කොහෙද

      Delete
    4. ඕං බලමු වැඩේ හැටි..මං ඔය ලෙඩ්ඩු ගැන මතක් කරලා කොමෙන්ටුව දැම්ම විතරයි සිඳු එක පාරට අතුරුදහන් උනා.. ආයේ ආවේ දැන් තමා... ඇත්තම කියමු බලන්න ඒ කොමෙන්ටුව දැක්කම නේද මතක් උනේ තමුන් කවුද..කොහේද ඉන්නේ ඒ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ කියලා..:D

      Delete
  2. සිංහරාජ ගමන නම් නියමයි !
    මම නම් එකම එකපාරයි සිංහරාජයේ ගිහින් තියෙන්නේ. ඒ දවසේ නම් එච්චර දුරක් යන්ඩ උනේ නෑ... ආයෙම නිවාඩු වෙලාවක යන්න බලන්න ඕනේ !

    ඒක නෙමේ මොකද්ද මේ ගෲප් C ගැට්ට කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. කැම්පස් භාෂාවෙන් ගැටි කියන්නෙ, කල්ලි බෙදෙනවට. අනිත් අයව අදාල නෑ වගේ හැසිරෙනවට. ඒක හොඳ දෙයක් නෙමේලු, බැඡ් ‍ෆිට් එකක් තියෙන්න ඕනලු. කවුද දන්නෙ.... අපේ ගෲප් එක ගොඩක් ‍ෆිට්. ඉස්සර අපි ෆොටෝ එකක් ගන්න ගියත් කට්ටිය බනිනව "ගෲප් සී ගැට්ට" කියල. ඒත් ඉතින් අන්තිමට ඉතුරු වුණේ ගෲප් සී ගැට්ට විතරය්, බැච් ‍ෆිට් එක නෙමේ.

      Delete
    2. ගැට්ට කියන එක නම් දන්නවා...
      ඔය කොළඹ ගැට්ට, පිට ගැට්ට කියලා ගැටි දෙකක් ගැනත් අහලා තීයෙනවා.
      ඒත් මොකද්ද ගෲප් C කියන්නේ ? අන්න ඒකයි ඕන :)

      Delete
    3. අපිව තුන් වෙනි අවුරුද්ද පටන් ගනිද්දි රෝහලට යවන්නෙ කණ්ඩායම් කඩලා.group A, B, C, D etc etc....
      ඒ කණ්ඩායම තමයි ඉන්නෙ අන්තිම අවුරුද්ද වෙනකම්ම එකට. වාට්‍ටුවෙන් වාට්‍ටුවට යන්නෙ ඒ කණ්ඩායම. ඉතින් අපි ගෲප් සී.

      Delete
  3. අපේ සෙට් එකත් මීට අවුරුදු 10කට වගේ කලින් ගියා සිංහරාජේ...අපි නැග්ගේ දෙනියාය පැත්තෙන්, දවස් 3 හිටියා කැලේ...එන්ජින් බොයිල් කරේ නෑ අපි එන්ජින් ඔයිල් බෝතල් දෙක තුනක් අරං ගිය නිසා...හික් හික්....

    ReplyDelete
    Replies
    1. අපෝ අවුරුදු 10කට කලින් අපි සත්තු වත්ත බලන්න යන කාලෙනෙ. අපිට ඉතින් බෝතල් වලින් වැඩක් නෑ..... මම කිවුවෙ , ‍ෆිට් එක තියනවනම්, විනෝදෙ තියනව නම්, වෙන මොකුත් වැඩක් නෑ....

      Delete
  4. Group එකේ හිටපු 20+ ගනනෙන් (30+ ද මන්දා...) 11ක් ගිය එක හොඳ එකක්.....විශේෂයෙන් pass out උනාට පස්සෙ කට්ටිය ආගිය අතක් හොයා ගන්නත් බැරි වෙනවා....කෝකටත් යන එකක් දැන්ම යන එක හොඳයි....තව ටික දවසකින් ට්‍රිප් යන්න කට්ටිය හොයා ගන්න ලේසි නැහැ ...මටත් ඔය එක්කෙනෙක් දෙන්නෙක් ලඟදි හම්බ උනා.....

    ReplyDelete
    Replies
    1. 20+ වත් 30+ වත් නෙමේ සර්, අපේ ගෲප් එකේ හිටියෙ විසි එක හමාරයි.( සර්ම තමයි එහෙම කිවුවෙ) :P
      ළඟදි හම්බුණා කියලා එදාත් කියවුණා. If we catch up, definitely you are a TOPIC

      Delete
  5. මේ ස්ට්‍රයික් එක දැන් ම ඉවර වෙන්නේ නෑ නේ.. ඒ හින්දා අපිත් ඔන්න ඔහේ සිංහරාජේ පැත්තේ වත් යන්න ඕන! නියම ගමන. මීට කලින් සිංහරාජේ මායිමට ම ගිහින්, ඇතුලට නොගිහින් ආවත් මේ පාරවත් ඇතුලට යන්න ඕන!

    ජය වේවා අක්කේ!!

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ හොඳයි මල්ලි. වැස්ස අඩු නිසා කුරුල්ලො , සමනල්ලු වැඩියි. කූඩැල්ලො අඩුයි

      Delete
  6. මමත් එක වතාවක් සිංහ රාජ අඩවිය බලන්න ගියා 2011 වසරෙ මැයි මාසෙ.හිතවතුන් කිප දෙනෙක් එක්ක මතුගමට ගිහි බෙරලියකන්ද රක්ෂිතයෙන් තමයි සිංහ රාජයට ඇතුල් වුනේ. කැලේ ඇතුලේ ටික දුරක් යද්දි කූඬැල්ලෝ විමානයක් අල්ලන අල්ලන ගහේත් පොලවේ බිම දිගත් කූඩැල්ලෝ දුවනවා.ඒ සිංහ රාජය ඇතුලේ මහ කැල් හමුවුන තපෝ භාවනා මධ්‍යස්ථානය තමයි මගේ සිත්ගත් තැන

    භික්ෂූන් වහන්සේලා කීප නමක් වැඩ සිටි එතැන උන්වහන්සේලා දවසට එකසැරයයි දානය සඳහා එළියට යන්නේ ගල් ගුහා වැනි කුටිවල භාවනා යෝගිව උන්වහන්සේලා වැඩ හිටියේ.

    වන අරනට හීන් සිරුවේ වැටෙන පුංචි පුංචි හිරු කිරණ රේකා තරම් ඇස ගැසුණු සුන්දර දෙයක් තවත් නැති තරම්.

    විනෝද වෙන්න මත්වෙන්නම ඕනෙ නෑ කියලා ඇත්ටම හිතෙන්නේ මේවගේ අත්දැකීම් නිසා

    ReplyDelete
    Replies
    1. ඒ ආරණ්‍ය ගැන ගවේෂකයා මල්ලිත් පෝස්ට් එකක් දාලා තිබුනා.
      කූඩැල්ලො දැක්කම මට දැනෙන්නෙ කව්වුරු හරි මට පිස්තෝලයක් දික් කරන් එනවා වගේ හැඟීමක්.
      sindu

      Delete
  7. කලින් පිංතූර ටික දකිනකොටම මම හිතුවා ලිපියකුත් මඟ ඇති කියලා.. පානදුර මතුගම පැත්තෙන් සිංහරාජේ යද්දි අතරමඟ තව තියනවා එච්චර ප්‍රසිද්ධ නැති ලස්සන දිය ඇලි එහෙම. අපිනම් ඒවටත් ගියා.. ලිපිය කියෙව්වාම මටත් පෝස්ට් එකක් ලියන්න හිතුනා අවු 2කට කලින් ගිය සිංහරාජ ගමනක් ගැන..
    "මේ නිවාඩුව කවදා වෙනකම් තියෙයිද කියන්න බෑ. මාසයක් වෙන්න පුළුවන්. මාස තුනක් වෙන්න පුළුවන්... මාස හයක් වෙන්නත් පුළුවන්"// තව තව ට්‍රිප් දාගන්න.. ඔයකාලෙ ගන්න ෆන් එකක් තමා ඉතින් ඉතිරි වෙන්නේ.. ඊට පස්සේ කට්ටියට නිවාඩු වෙලාවන් ගොයලා ගෲප් එකතු කරනවා කියන්නේ ලොකුම අමාරු වැඩක්. දැන් වෙනකොට අපේ සෙට් එකේ එකෙක් උතුරේ, එකෙක් දකුනේ, එකෙක් මධ්‍යම කඳුකරේ, එකෙක් කොලඹ... ඔන්න ඔය වගේ තමා අනාගතේ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන්මම වැඩ පටන් අරන් වගේ. අලුත් තො‍ටුපලෙත් සිග්නල් තියන එක හොඳට ගියා, එහෙම නොවුන නම් තොටියව කලින් තො‍ටුපලේ ක්ලිනික් එකටම යවන්න වෙන ලකුණු පෙනෙන්න තිබුනා.

      ලියන්න අයියෙ ඔයාලගෙ ට්‍රිප් 1 ගැනත්. ඔයාගෙ අන්තිම වාක්‍ය දැක්කම නම් බය හිතුනා. හැමෝම කියන්නෙ එකම කතාව. "amu" සර් ත් කියන්නෙ ඒකමෙනෙ.

      sindu

      Delete
    2. අන්තිම වාක්‍යට බයවෙන්න එපා.. ඒකෙ සතුටු වෙන්න දේකුත් තියෙනවා.. දැන් බලන්න ලංකාවේ මොන දිග්භාගෙට ගියත් ඕන තැනක දන්න කියන අය ඉන්නවනේ.. ට්‍රිප් දාගන්නවා නම් රට වටේම දාගත්තහැකි. මොකද මේ බ්ලොගේ ඇඳුම ටිකක් වෙනස් වෙලා. සිම්පල් වෙලා..? ආ... අර රූපෙ ඉන්න කෙනා දණ ගහගෙන වැටිලා ඉඳ්ගෙන ගනිපු ෆොටෝ එකද ඊට පහලින් තියෙන්නේ.. Nice Shot...!

      Delete
    3. මේ ඇඳුම තමයි අයියෙ ගොඩක් කල් ඉඳන් තිබුනෙ. මීට වඩා ලස්සන ඒවා හදන්න දන්නෙ නෑනෙ. උත්සාහ කරල බලන්න ඕනා. ඔව් ඔව්, ඒ ගත්තු එකක් තමයි. පිණි බින්දු වලට ෆෝකස් කර කර හිටියෙ.

      Delete
    4. හෑ..! දැන් තියෙන්නේ ඒ ඇඳුමම තමා. මම හිතන්නේ අපේ ඉසව්වෙ සිග්නල් මංනං වෙච්චි වෙලාවක බ්ලොග් එක අමුතු විදියට ලෝඩ් වෙලා තියනවා දකින්න ඇති. ගනං ගන්න එපා මේ කැලේට ඔහොම හරි පේනවා ලොකු දෙයක්නේ

      Delete
  8. ගීතයෙන් ගීතය කරපු හැටිනම් නියමයි. අනේ මං ගැන අනුකම්පා කරලා කුඩල්ලෝ නැති කැලෑවක් ගැනත් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ගීතයෙන් ගීතය නම් නියමයි තමයි.වැඩියෙන්ම කලේ හිනා වුණ එක, ගීත ගායනයට වඩා. මම දවසක් ආනවිලුන්ඩාව ගැන ලිවුවෙ, එහෙ නම් කූඩැල්ලො නෑ.

      Delete
  9. මම ගිහින් නෑ නේ සිංහරාජේ යන්න ඕනා,නාන්න හොද තැන් තියනවා නේ

    ReplyDelete
    Replies
    1. ඔයා සිංහරාජේ ගිහින් නාන්න? අම්මෝ... මට වතුරේ සීතලට උණත් ගත්තා. දැන් මම සීත පලාත්වල යනවා නම් නාන්නේ නෑ මොන තරම් වතුරට පෙරේත වුනත්. අපේ ගමේ ගෙදර ගියාම බලංගොඩ වත් නාන්න බෑ දැන් සීතලයි. ඒත් ඉස්සර උණුවතුර නැති කාලේ අගේට නෑවා. ඉස්සර මම සිංහරාජේ බදු අරන් හිටියේ සෙනසුරාදාට එහෙම. දැන් නම් කූඩැල්ලොන්ට බය හින්දම යන්නේ නෑ.

      Delete
    2. මෙන්න අපිට හරියන කෙනෙක් තමයි ඩිලන්.
      II mondo-
      ඔයා ඒ තරම් සිංහරාජෙ හිටියද?ඒ තරම් වාසනාවක් මට තිබුඅන් නම් මම සිංහරාජෙ සමනල්ලු ගැන ලංකාවෙ ඉන්න හොඳම විශේෂඥයෙක් වෙනවා.

      Delete
  10. හොදට සතූටු වෙලා වගේ.
    තව පින්තූර ටිකක් තිබ්බානං
    අපිටත් ඒ සතූට විදින්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. තව පින්තූර ටිකක් දාන්නම්කො හවසට. වැඩියෙ දාන්න බෑ, ලොකු පින්තූර දැම්මම මේක ස්ලොව් වෙනවා කියන නිසා.

      Delete
  11. මම ආසම විදිහේ සැරිසර සටහන්.

    පොඩි කාලේ සෙනසුරාදට අපි ඉස්සර ට්‍රිප් යන්නේ රක්වාන හරහා සිංහරාජේට. අපේ අයියලාගේ එම් ඕ එච් එකේ තිබ්බ නිශාන් පැට්‍රල් එකයි පෙජරෝ එකයි අපිට සෑහෙන උදව් වුනා ඔය ගමන් යන්න. වටේ පිටේ තිබ්බ ගහක් ගලක් ගානේ ඇවිද්ද කාලේ.
    හරිම සුන්දර කාලේ.

    පස්සේ කාලෙක මම ලොකු වෙලා සිංහරාජේ පැත්තෙන් ගෙදර යන්නවත් කැමති වුනේ නෑ.
    දැන් ලංකාවට ආව ගමන් ඇඳුම් බෑග් එකක් රෙඩි කරන් ඉන්නේ අහු වෙන මඩ වලකින් හරි නාන්න. (ඒක ඉතින් අනිවා තමයි වතුර තියෙන මඩ වලක් මුහුදක් දැක්කත් ඇති බුරු බබා ජබොක් තමයි.) ඒත් සීතල පලාත්වල නම් නාන්න යන්නේම නෑ මේ වෙද්දි.)
    ගස් ගල් වලට ආදරේ වුනාට කූඩැල්ලන්ට මැස්සන්ට සර්පයොන්ට භය හින්දා දැන් ඉතින් හැමදේම සීමා සහිත වෙලා. එහෙම කියලා නෑ කඳු නගින්න, ගස් නගින්න, මුහුදේ ඇවිදින්න, දුවන්න වැව් වල නාන්න වගේ ඒවට නම්.
    මතක අස්සේ යන්න කියාපු පෝස්ට් එකක්...
    අයි මිස් මයි ඩ්‍රීම්ලෑන්ඩ්...

    ReplyDelete
    Replies
    1. මෙන්න රජයේ වාහන අයථා පරිහරනයට ලක් කරලා........... :පී
      ඇත්තමයි මට හිතා ගන්න පුලුවන් ඔයාට දැනෙන විදිය. ඒත් මම නම් දැන් කැමති වෙන වෙන රටවල් වල ඇවිදින්න යන්න. මේ රස්සාවක් හින්දා කවදා ඒවා කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑඅ. පුළුවන් වුනත් මගෙ උනන්දුව විතරක් තිබිලා වැඩකුත් නෑ. අම්මා තනියම යවන්නෙත් නෑ. මට තනියම යන්න සල්ලිත් නෑ.....

      Delete
  12. මමත් යන්න ආසාවෙන් ඉන්න, නමුත් තාම යන්න බැරිවුන තැනක් තමයි සිංහරාජෙ.
    ඔයවගෙ ගමනක් යනකොට උදෙන්ම පිටත්වෙලා මගදි ඉරපායනකොට තමයි නියම. එතකොට මග කොහෙ හරි නවත්තලා සීනි සම්බෝලයි ඉඳිආප්පයි, නැතිනම් පානුයි කාලා තේ එකක් හෙම බිව්වා නම්...
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපි උදේට කෑවෙත් සීනි සම්බෝලයි පානුයි තමයි. එතන ෆොටෝ තියනවා මූණු පොතේ.

      Delete
  13. ඔය වගේ කැලෑ ට්‍රිප්ස් යන්න මාත් පුදුම ආශාවක් හ්ම්ම්ම් ඒත් ඉතින් කොහෙද...ඔයාලගෙ ගමන නම් නියමයි..මෙහෙමවත් අහන්න ලැබෙන එක ලොකු සතුටක්...

    ReplyDelete
    Replies
    1. කිරිල්ලියො කැලෑ වලට යන්නෙ නැතිනම් අපිද යන්න ඕනා? යන්න අනේ ඉගිල්ලිලා. :)

      Delete
  14. නියමා..යි..මම ගිහින් නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. මොකද්ද අනේ.... ලියන ලියන එකට මම ගිහින් නෑ කියල කෑ ගහනවා... යන්නකො සතියක් නිවාඩු දාලා රට වටේ.

      Delete
    2. හි හි..හ්ම්ම්..යන්න ඕන තමා වෙලාවක :)

      Delete
  15. ශෝක් ගමනක්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. හරිඅම ශෝක්. ඔයාට ලඟයි නේද ගෙදර හිටියා නම්?

      Delete
  16. මම දෙවතාවක් ගිහින් තියෙනවා ආයිත් යන්න ආසයි.. පලවෙනි වතාවේ කුඩව හරහා. එතන නවාතැන පහලින් දොළ පාරක් ගලනවා. අපි මුළු දවසම කලේ ඇවිදලා රෑට අර දොළ පාරෙන් උපන් ඇඳුම් ඇඳගෙන කට්ට කළුවරේ නෑවා (කොල්ලෝ විතරයි ) ආ.. තව එකක් අපේ ළඟ තිබ්බ රත් උන බියර් කෑන් අර දොලේ ඔබලා තියලා සීතල කරගෙන බීවා නියමයි එහෙම රස බියර් කවදාවත් බී නැත. එතකොට පහුවදා කොල්ලෝ දෙන්නෙක් ගම මැද්දේ රිංගලා කිතුල් රා අරන් ආවා. අමුර්තය පරාදයි ටිකක් ගඳයි තමයි..
    අනිත් වතාවේ ගියේ මොර්නින්ග් සයිඩ් එස්ටේට් එක හරහා. අන්න යන්න ගමන.. අලි බෙටි උඩින් තමයි ගියේ. මාර ලස්සනයි.. ආයිත් යනවා නම් ඒ පැත්තෙන් යන්න හැබැයි ලොකු කට්ටියක් එක්ක. අලින්ට බය නම් යන්න එපා !!

    ReplyDelete
    Replies
    1. අලින්ට නම් බය නෑ කූඩැල්ලන්ට තරම්...... බියර් බොන්නෙත් නෑනෙ මම. කිතුල් රා බීලත් නෑ.... ඇහුවට තරහ වෙන්න එපා සරත් අයියෙ, මේ මීට අවුරුදු 30- 40කට කලින් නේද? නැත්නම් කොහොමද "කොල්ලො" වුණේ?

      Delete
  17. සිඳූල ඉතිං ට්‍රිප් යන්න කප් ගහපු අයනේ. විස්තරේ කියවනකොට නම් ආස හිතුනා.
    මාත් සිංහරාජෙ කලුද සුදුද කියල හැබැහින් දැකල නැහැනෙ තාම. කට්ටිය එකතු කර ගන්න එක තමා අමාරුම කාරණේ.
    ඒක නෙමේ මේ පාර දාල තියන පිංතූර ප්‍රමාණෙ නම් මදිද මන්ද.

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ සියලුම ෆොටෝ ටික තියනවා ගිමන්. දැක්කෙ නැද්ද? ඔව් කට්ටිය එකතු කරගන්න තමයි අමාරු නේ? ගොඩක් අය මේ දවස් වල ඉන්නෙ පොල් ගස් බදාගෙනනෙ. සති අන්තයෙ තමයි පොල් ගස් වලින් බහින්නෙ ටිකක් හරි.

      Delete
  18. අපූරු චාරිකා සටහනක්..අවසර නැතුවම අපිත් එකතු වුනා Group C එක්ක චාරිකාව යන්න..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමු. (ඉස්සර නම් අපි කැමතිම නෑ, අපෙ ගෲප් එකට පිට අය එනවට.) අපි කතරගම ඉන්න දවස් වල මුලු බැච් එකම සිතුල් පව්වය ගියා. අපි විතරක් එහෙ යන්න බෑ කියලා, උස්සන්ගොඩ බීච් ගියා..... හරි නරකයි කියල හිතෙන්නෙ දැන්)

      Delete
  19. මාත් ඔය වගේ ගමන් වලට හරි ආසයි.හැබැයි යන්න කට්ටිය අහුලගන්න විදිහක් නෑ.අනික කෙට්ටු කාලෙ වගේ නෙවේ දැන් කදු බඩ ගාන්න හරිම අමාරුයි. :((

    ReplyDelete
    Replies
    1. මොකද මොකද හදිසියෙ මහත් වුණේ?

      ඉතින් අනේ මම මහත නෑනෙ....... මටත් නගින්න අමාරු වුණා. ඒක නම් මම හිතන්නෙ උස පිළිබඳ ප්‍රශ්නයක්.lung capacity එක උසට සමානුපාතික නිසා වෙන්නත් පුළුවන්, මට ඉක්මනට හති වැටෙන්නෙ

      Delete
    2. හදිසියෙමත් නෙවේ ටික ටික මහත් වුනා.

      මටත් සිරීපාදෙ එහෙම යනකොට හති වැටෙනවා.

      Delete
    3. අන්න මම ගිහින් නැති තැනක්. අපේ කට්ටිය සිරිපාදෙ යන්නත් කතා වුණා.ඒත් එදා මට වුණ දේ දැකලා අපේ යාළුවො ටික කතා වුණේ "මචං සිරිපාදෙ යන අදහස අත අරිමු" කියලා.

      Delete
  20. මේ කෂ්ටිය ගිහිපු තැන් ගැන පෝස්ට් දාන එක තමා ඉවසන්න අමාරුම වැඩේ අෆ්ෆා. :(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් අකමැති දේ. පිටරට ඉන්න අය එහෙම දාව ඒවා දැක්කම ඇඬෙනවා.

      Delete
  21. මමත් ලඟදි යන්න ඉන්නෙ, අර මූණු පොතේ ෆොටෝ ඇල්බම් එකට ලින්ක් එකක් දෙන්න පුඵවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒකෙ නම් ඉන්නෙ යාළුවො විතරයි, අනිත් ෆොටෝඅ දැම්මෙ නෑ. කෝකටත් ගිහින් බලන්නකො ඔයා.

      Delete
    2. ඒකෙ නම් ඉන්නෙ යාළුවො විතරයි, අනිත් ෆොටෝඅ දැම්මෙ නෑ. කෝකටත් ගිහින් බලන්නකො ඔයා.

      Delete
    3. කෝ ඉතින් ලින්ක් එක! මෙතන දාන්න බැරිනම් තරහ නැතුව මට මේල් එකකින් එවන්න chathuranga.nuwan.ka@gmail.com

      Delete
  22. ඒ......මමත් ගිහින් තියනෝ....

    ReplyDelete
  23. හන්තානේ ට්‍රිප් එක යද්දි මටත් ඔහොම ලොරියක් සෙට් උනා නෙව ඇදං යන්ඩ.හපොයි ට්‍රිපුත් එපා උනා.

    ReplyDelete
    Replies
    1. ලොරියක්??? ඔන්න බලන්න යාළුවො ! කෝ ඒ ලොරිය? මේ කමෙන්ට් එක පෙන්නන්න වටිනවා.

      Delete
  24. Your writing is highly descriptive and entertaining.I enjoyed your trip as much as you did just by reading it. I too am highly interested in birds and butterflies but know only few names.You sem to have a lot of jolly friends.

    ReplyDelete
    Replies
    1. Thank you teacher. Oh yes,these friends are really nice.... I don't have words to comment about them.

      slbutterflies.lk is a very good website if you are interested in butterflies. And Rajika gamages book - butterflies of sri lanka is one of the best books.

      Dr sarath kotagamas book about birds is a good book to begin with.

      If you only want to know their names, there are books to download in pdf versions.

      Delete
  25. වටින සුන්දර සටහනක්..! ඒවගේම මේ ඡායා රූප මේ චාරිකාවෙ වටිනාකම තවත් වැඩිකරලා..
    ගොඩක් ස්තූතියි සිඳු සිංහ රාජයට අපිවත් එක්කරන් ගියාට.. :)
    බාඳුරා එහෙම තෙවෙනි ඇසට හසුවුණේ නැතිද..

    ReplyDelete
    Replies
    1. ඔන්න බාඳුරා වල ඵොටො එකකුත් දැම්මා. පැහැදිලිව බලාගන්න ඒ උඩ ක්ලික් කරලා. ස්තූතියි නන්ඳු

      Delete
  26. ඒත් කුරුලු උණ, සමනල් උණ සහ කැලෑ උණ.....මෙ උණ ටිකට අමතරව මට තව උණ කීපයක් එකතු වෙනවා. දිය ඇලි උණ සහ කදු උණ විශේෂයි! කන්දක්නම් පෙන්නම බැහැ.. :)

    ReplyDelete
    Replies
    1. මම දිය ඇළි උණ , කඳු උණ හදාගත්තට වැඩක් නෑ ෆොක්ස්. ගෑණු ළමෙක්ට අමාරුයි. අපේ රටේ.

      Delete
    2. හ්ම්ම් ඒක ඇත්ත. ට්‍රයි කරන්න බැන්ද කාලෙකවත්. මහත්තයටත් උණ බෝ කලාම වැඩේ ගොඩ! :)

      Delete