අලුත් වැඩක්

අද ඉඳන් අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.

ඒ Nilushan Rusiru (FOX creationz) ගෙ මේ  DIGITAL TALKINGබ්ලොග් එක දැකල හිතට ආව අදහසකට අනුව. 

ඒ වගේම Nilushan කිවුවනෙ කැමරාවක් තියනව නම් ෆොටෝ ගන්න පටන් ගන්න කියල. ඔන්න එහෙනම් මම පට්ටා...න් ගත්තා...

ඉතින් මේ ආරම්භය. ආරම්භයේදි ගොඩක් වැරදි ඇති.... ඒවත් පෙන්නල දෙන්නකො.

ගෙදර වත්ත වටේ රවුම් ගහ ගහ ඉද්දි ඇස ගැ‍ටුණ තුනක් මේ........












කම්මැලි කමට කළ වැඩක් කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.... කතාව ඇත්ත. බ්ලොග් පෝස්ට් ලියන්න කම්මැලි හිතුනාම මේක හොඳ විකල්පයක් තමයී.


Comments

  1. මටනම් වැඩි දැනීමක් නෑ... පොටෝ ටික ලස්සනයි පැහැදිලියි......... :D

    ReplyDelete
    Replies
    1. මටත් දැනීමක් නෑනෙ. මරු මරු.... මම වගේම තව එක්කෙනෙක්

      Delete
  2. ලස්සන පොටෝ ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්. :-)

      Delete
  3. http://feedproxy.google.com/~r/blogspot/wdrMt/~3/3JW9UL3lCGo/photo-meet-3-3.html

    ReplyDelete
    Replies

    1. ගිහින් බැලුවා මම. එතන ඉන්න අය දකිද්දි බය හිතෙනවනෙ. ඡායාරූප ලෝකයෙ දැවැන්තයොනෙ

      Delete
  4. පට්ට ඇත්ත මේක දාලා තියෙන්නේ ලියන්න කම්මැලිකමේ නරකද පොටොවට අඩුතරමේ වචන ටිකක්වත් දැම්මනම්

    ReplyDelete
    Replies

    1. මම මේ ඔයාලට අකුරු නැතුව කියවන්න පුරුදු කරනව.
      ලොල්

      Delete
  5. ඡායාරුප ගන්න හොඳ කැමරාවකට වඩා හොඳ ඇහැක් තියෙන්න ඕන කියල වැටහුනා!:)

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම තිබුනත් වැඩක් නෑ වෙලාවක් නැත්නම්. බලන්නකො, මටත් වෙන්නෙ ඒ ටික තමයි.

      Delete
  6. photography ගැන වැඩි පුර යමක් කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් කාලෙකට කලින් ආසාවට ලාල් හෑගොඩ සර් ලඟ ටිකක් ඉගෙන ගන්න ගියා. ඒත් ඒකත් මගදි නැවතුනා. අර දෙවෙනි පින්තූරයේ ( මිරිස් කරලේ ) දිරාපු කොලය නොතිබුනා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද පින්තූරය දිහා බලපු ගමන් ඇහැ ඉස්සරවෙලාම යන්නෙ මිරිස් කරලට නෙමේ...කොලයට..
    පින්තූර ටික ලස්සනයි යාලු

    ReplyDelete
    Replies
    1. බලමු වෙනස් විදියකට ක්‍රොප් කරලා... මමත් හිතන් හිටිය මේ මාසෙ පටන් ගන්න තිබුණ ක්ලාස් එකකට යන්න. මොන යනවද ඒත් ඉතින් දැන්....

      Delete
    2. වේලුණු කොලය ෆොටෝ සාප්පුවෙන් බර්න් කරන්න..

      Delete
  7. මෙන්න වැඩක්... මෙයාටත් කම්මැලිකමක් ගහලා.. කම්මැලිකම බෝ වෙනවද? පින්තූර ටික නම් කියමයි.. මාරම කලාත්මක ඇසකින්නේ බලලා තියෙන්නේ. මගේ හිත ගියේ නම් මුල්ම එකට...
    "බ්ලොග් පෝස්ට් ලියන්න කම්මැලි හිතුනාම මේක හොඳ විකල්පයක් තමයී"- ඇත්තමයි මේක දැක්කම මටත් හිතුනා සිඳු වගේ දක්ෂ පොටෝකරුවෙක් නොවුනත් මගේ දුප්පත් කැමරාවෙන් ගත්තු පින්තූරු ටිකක්කුත් මේවගේ දාන්න; කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඕකම මටත් හිතුනා. මොකද මටත් ටයිප් කරන්න වස කම්මැලියි...............

      Delete
    2. ලමායි අලස සුවය කියන්නේ ඕකට .ඔය තාවකාලික කමැලි වීම රසවත් සිතුවිලි ඉපදීමට හේතුවෙනවා .ඒ නිසා රසවත් බ්ලොග් ලියන්නෙක් නම් ඉඳහිට ටිකක් කම්මැලි වෙලා (ඇත්තම කිව්වොත් මේ කම්මැලි වීම නෙවේ රිෆ්ලෙක්ෂන් මෝඩ් එකට යාම .ගොඩ අය වරදවා තේරුම් ඩයග්නෝස් කරනවා බ්ලොග් ඇපටයිට් ලොස් වීම කියලා හික් ) පොඩ්ඩක් නියුට්‍රල් ගිහින් එකපාරට ආයෙත් කැචප් කරන්න ඕනේ .

      පින්තූර ටික නම් මල් පහයි සිදූ ලමයා :) කීප් ඉට් අප්යැ:)

      Delete
    3. තොටියා අයියෙ. ඔන්න කරනවනම් වැඩක්. ඔයාට මේ කාලෙ ගන්න පුළුවන් අපි කවුරුත් මේ වෙනකම් නෝදැක්ක ඒවා වුණත්. (තව අවුරුදු එක හමාරකින් හැබැයි මමත් ඒවාම ගන්නව.... :-)

      අන්න හරි . මමත් මේ දවස් වල ඉන්නෙ අන්න ඒ මෝඩ් එකේ.

      Delete
    4. TG,
      අන්න හරි. වැඩිය පෝස්ට් නොදැම්ම කාලේ මමත් ගොඩක් අලුත් විදිහට හිතුවා. ඒවා ඔන් ද වේ.....

      Delete
  8. අපි එදිනෙදා දකින මෙවුවා මෙච්චරම ලස්සනයි කියලා හිතුනෙම නෑ..
    කොහොම උනත් අළුත් වැඩේ නම් නියමයි සිඳු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග.
      :-)

      Delete
  9. ම්ම් නරක නෑ වැඩේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්..... බලමුකෝ...

      Delete
  10. ගුණාගුණ කියන්න තේරෙන්නෙ නම් නෑ සිඳූ.
    ඒත් ඔයාගෙ ෆොටෝ 3 නම් ලස්සනයි. හ්ම්ම් කොහොමඳ කියන්නෙ... ඒ කියන්නෙ නෙතට ප්‍රියයි ගොඩක් වෙලා බලා ඉන්න හිතෙනවා. 3ම save කර ගත්තා Wallpaper paper එකට දාගන්න.

    ReplyDelete
    Replies
    1. මිරිස් කරලෙ හැඩ කොහොමද නේද? තව ටික දවසකින් මේ සේරම නවත්තන්න වෙනව ගිමන්.

      හිතට හරි පාලුයි වගේ....;-(

      Delete
    2. වෙනසක් වෙන්න ළඟයි කියල හිතන කොට ඔහොම දැනෙනව සිඳූ.
      වැඩිය හිතන්නෙ එපා. ටික කාලෙකට නතර කලත් මීටත් වඩා හිත නිදහසේ ලියන්න පුලුවන් පරිසරයක් දවසක් ලැබෙන්න පුලුවන්. :)

      Delete
    3. @ගිමන් මල්ලි: "ටික කාලෙකට නතර කලත් මීටත් වඩා හිත නිදහසේ ලියන්න පුලුවන් පරිසරයක් දවසක් ලැබෙන්න පුලුවන්" // +++++ අන්න හරි ඔහොම තමා හිතන්න ඕන (අර පොසිටිව් තින්කින් ද මොකක්ද කියන්නේ). අනිවාර්යෙන් ඒවගේ දවසක් ලැබෙනවා මල්ලි. අත්දැකීමෙන් කියන්නේ. එතකන් තියන කාලය සංක්‍රාංති සමයක් කියලා හිතාගෙන වැඩ කලොත් ඉක්මනටම ඔය කාලේ ගෙවිලා යාවි.. All the best..!

      Delete
  11. අපූරුයි! එයාගේ ෆොටෝසුත් මම බලනවා..නියමයි.
    ඔබටත් සුභ පතනවා යාලු..:)

    ReplyDelete
    Replies

    1. ඔව්. එයාට හොඳ දැනුමක් තියෙනව. බලන්න ෆොටෝ වල අපූරුව.

      Delete
  12. අලේ එලනේ....... මට ආසාව තිබ්බට ෆොටෝ ගන්න නෝ කැම්. ෆෝන් කට්ට තමයි ඉතින් :( :( :( :( :(

    මම නම් ආසම අර පළවෙනි එකට. ඒක නම් නියමයි අක්කේ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ මම හැමදාම, ඔය කඩචෝරු කන සල්ලි එකතු කරල ගන්නවකො කැමරාවක්.

      Delete
  13. අන්තිම ෆොටො එකට මම මාරම කැමතියි ඔන්න..

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඔරිජිනල්ම එකට මම මේකට වඩා කැමතියි මල්ලි. මේකෙ රෙසොලුශන් ටිකක් අඩුයි.

      Delete
  14. පිටු දහයක් ලියනවට වඩා එක ජායාරූපයකින් අදහස් ගොඩක් දක්වන්ට පුලුවන්.

    ලස්සන පින්තූරු ටික. මම කැමති මුල එකට.
    ඒත් කම්මැලි වෙන්ට එපා.:)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ මම කිවුවෙ. මම අකුරු නැතිව කියවන්න පුරුදු කරනව ඔයාලට. හී හී.
      කම්මැලිම නෙමේ පොඩ්ඩි. හිතට නිදහස අඩු වේගන යනව දැන්. තව ටික දවසකින් මේ තරම් වත් පෝස්ට් නැති වෙයි.

      Delete
  15. සිඳු මට නම් මේ පින්තූර තුනම හොඳයි. ඔතන තියෙන්නෙ අපේ ඇහැට නිතර දෙවේලෙ අහුවුනත් අපි නොදකින දේවල් ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නා දීමක්, නැත්ද?

    අන්න සිඳූගෙ කමෙන්ට් එකට මම ඒ වගෙම දිග රිප්ලයි එකක් දැම්මා. සමාන ආකල්ප දරන කෙනෙක් මුණ ගැහීමත් සතුටක්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies

    1. ඒ කමෙන්ට් එක මම දෙතුන් පාරක් හිතල දැම්මෙ. කවුරු හරි බනියි කියල හිතුණා. තවම නම්කවුරුත් බැනලා නෑ වගේ.

      Delete
  16. හරිම අපූරු පින්තූරු ටිකක්..
    ලස්සනයි..සුභ පැතුම් අළුත් වැඩේට..

    ReplyDelete
    Replies
    1. ඉතින් රූ.... කොහොමද. ලස්සන හිතට වදින නිසඳැසක් දාලා තිබුණා එදා. කියෙව්වුවට කමෙන්ට් එකක් දාන්න වුණේ නෑ.
      ස්තූත්යි

      Delete
  17. පළවෙනි ෆොටෝ එක තමා මගෙ හිත ගත්තෙ ගොඩක්ම.මමත් ලියන්න පුදුම විදිහට කම්මැලි වෙලා.

    ReplyDelete
    Replies
    1. අතුරුදහන් වුණ පෝස්ට් එක ආයෙ දැම්මෙත් නෑනෙ ඔයා.:-(
      කිවුවෙ නම් එදා හවසම අලුත් එකක් දානව කියලයි.

      Delete
  18. වචන දහකින් කියන ප්‍රකාශයක් එකි පිංතුරයකින් කියන්න පුළුවන්. පිංතූරය කියන්නේත් එක්තරා ප්‍රකාශන මාධ්‍යයක්. කාච ඇස ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියෙ. ඒ ප්‍රකාශන මාධ්‍යට මම හරිම කැමතියි. සමහර අයගෙ පින්තූර දැක්කම හිතාගන්න බෑ, කොහොමද ඒ දේවල් දකින්නෙ එයාලා කියලා

      Delete
  19. ටික දුරක් යනකොට කම්මැලිවෙන බව මට අර කතාව ඉවර කල හැටියෙනුත් පෙනුනා !!

    ReplyDelete
    Replies

    1. අනිත් බ්ලොග් එකේ කතාවත් ඉවර කරන්නයි හිතන් ඉන්නෙ. ඉස්සරහට දිග කතා ලියන්න වෙලාව නැති වෙයි සරත් අයියෙ

      Delete
  20. පළවෙනි ෆොටෝ එකට තමයි මමත් කැමති. ගුණදොස් කියන්න නම් දන්නේ නෑ. ලස්සන ෆොටෝ ටිකක්.

    ReplyDelete
  21. All three photos are good but the first one is the best. I too like photography but I have to wait until I buy a good camera.

    ReplyDelete
    Replies
    1. Don't wait till u buy a good camera. Use digital, phone or whatever u have & shoot everywhere! Don't care about quality, just do it to gain experience. Then u will be an experienced person when that good camera arrives. cheers!

      Delete
    2. correctly said FOX.
      Teacher, this is an example for two photos I took from a small cyber shot camera.

      http://lokayekonaka.blogspot.com/2011/12/blog-post_12.html

      Delete
    3. hey FOX, she really is my teacher. English / English literature teacher in the school. Not a joke

      Delete
    4. Oh really sorry! Thought she is a blogger (Little girl)

      @Blue Lotus- Sorry miss!

      Delete
  22. මටත් ඔය පැත්ත ගැන වැඩි දැනිමක් නෑ.ෆොටෝ ටික හොද ඇති... :D :P
    නෑ නෑ ලස්සනයි...

    ReplyDelete
  23. හරිම සතු‍ටුයි! එකෙක්ට හරි ෆොටෝ පික්සුව බෝ කරනව කියන එක තරම් සතුටක්මට තවත් නැහැ :)

    පළවෙනි ෆොටෝ එක තමා හොදම. උපරිමයි!
    දෙවනි එකේ වේලිච්ච කොලයට ඇහැ යනවා වැඩියි, ෆොටෝ සාප්පුවෙන් බර්න් කරලා බලන්න...

    කීප් ඉට් අප්!

    ReplyDelete

Post a Comment