උදේ හවස හැමදාමත් මම ඔහුව දකිනව. හිත් ඇද ගන්න සුළු හිනාවක් ඔහුට තිබුණත්, ඒ හිනාවට යටින් අනිත් අය දැකපු පොඩි ආඩම්බර කම මමත් දැක්කා.
ඉඳල හිටල පුංචි පුංචි ලෙඩ එක්ක ඔහු මාව හමු වෙන වෙලාවලුත් තියෙනව. හිස රදය, ඇඟට පණ නෑ..... මේ වයසට මොනවද මේ තියෙන ලෙඩ කියල මම ඔහුට විහිළු කළත්, ඒ ලෙඩ වලට හේතුව මම දන්නව.
උදේ ඉඳන් රෑ වෙනකම් කරන රස්සාව නිසා ඔහුගෙ ගතටත් සිතටත් විවේකයක් ඇත්තෙම නෑ. කලට වෙලාවට ආහාර නොගැනීමම පුරුද්දක් වෙලා. ඇතැම් දින වල රාත්‍රී ආහාරය ඔහු මහ හරින්නෙ කුස ගිනි නැති නිසාම නෙමේ.
"වෙන රස්සාවක් හොයාගන්න මල්ලි. ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද?"
මම අනන්තවත් ඔහුට කියල ඇති.
"වෙන රස්සාවක් හොයනව මෙතන ඉන්න ගමන්" එහෙම කිවුවට අවුරුද්දකුත් වෙන්න ආව,ඔහු තවමත් ඒ රස්සාවෙ.
තමන් හරියට කන්නෙ අඳින්නෙවත් නැතුව, කරන රස්සාවෙන් ලැබෙන මුදල ඔහු වියදම් කරන්නෙ ඉස්කෝලෙ යන නංගිටයි, වහලෙන් වැටිලා තවමත් සිංහල බේත් කරන තාත්තටයි.
ඒත් දාහක් ප්‍රශ්න හිතේ තියාගෙන ඒ කිසි දෙයක් පිටට පේන්නෙ නැතුව අභිමානයෙන් හිනා වෙන්න ඔහු හරිම දක්ෂයි.
"අපෝ මොකද අද මේ කොණ්ඩෙ හැටි?" කියන්න හිතෙන දේ ඔහු හැමදාම මට මූණටම කියනව. ඒ ඔහුගෙ හැටි. හැමදාම මොකක් හරි විහිළුවකට ඔහු මාව ගාවගන්නව.ඒත් මේ වෙනකම් ඒ ගැන මට තරහ ගිහින් නෑ.
මාස කීපයක ඉඳන් මම දැක්ක ඔහුගෙ වෙනසක්. දුරකතනය කනේ තියෙන වෙලාව වැඩි වුණා. ලැබෙන පුංචි විවේකයෙදිත්, ටී ෂර්ට් එකකුයි, කැප් එකකුයි දාගෙන් බස් එකේ නගින්න පාර අයිනට වෙලා ඉන්න ඔහුගෙ දර්ශනය අපිට සුලභ වුණා.
"මෙයට කෙල්ලෙක් හම්බෙලාද කොහෙද" එයා එක්ක වැඩ කරන අනිත් අය කියද්දි ඔහු හැමදාම සුපුරුදු විදියට හිනා වුණා පිළිතුරක් නොදී.
******************************************
ඊයෙ ඔහු මාව මුණගැහෙන්න ආව.
"ඔපරේෂ්න් කරපු තුවාලෙකට හොඳ මේ දෙකෙන් මොකද්ද?" බෙහෙත් ක්‍රීම් වර්ග දෙකක් පෙන්නල ඔහු මගෙන් ඇහුවා. ඒ දෙකෙන් හොඳ එක මම තෝරලා දුන්න.
"කාවද ඔපරේෂන් කළේ?"
"මගේ ගෑණු ළමයව" මෙච්චර කල් හැංගිලා තිබුණ රහස, අපිට තිබුණ කුතුහලය පිළිතුරු ලැබුණ.
"මොකද්ද ඔපරේෂන් එක?"
"පිළිකාවක්" මට හීන් දාඩිය දැම්ම."මාස 6ක් ඇතුළත කරපු තුන් වෙනි ඔපරේෂන් එක....
සරලව, සැහැල්ලුවෙන් හැමදාම හිටිය මේ කොල්ලගෙ ඇස් වල කඳුලු දිලිසෙනව මම දැක්ක.
"අපි කරන්න පුළුවන් දෙයක් කරමු මල්ලි" උපදෙස්, අදහස් ගණනාවකින් පස්සෙ, මම කිවුව ඔහු යන්න හදද්දි.
යන්තම් හිනාවකුත් එක්ක හිස සලල ඔහු යන්න ගියා.
අද උදේ මම ඇහැරෙද්දි මගෙ දුරකතනයෙ දිග කෙටි පණිවිඩයක් තිබුණ.
"මම බය නෑ, ඒත් මට බෑ එයා විඳවනව බලන් ඉන්න මේ විදියට. මම ඒ ගැන හිතල අඬනව හැමදාම.
මේ ගැන ගෙදර කවුරුත් දන්නෙ නෑ අම්මා ඇරෙන්න. අම්මා මේකට කැමති නෑ. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. පිළිකාව ගැන දැනගද්දි අපි යාළු වෙලා මාස 3ක් වත් නෑ. එදා ඉඳන් මම එයා එක්ක හිටිය. මම හැමදාම එයාව බලාගන්නව මට පුළුවන් විදියට.
මගෙ අක්කගෙන් අහනව වගේ මම ඔයාගෙන් අහන්නෙ. මම වැරදි නෑ නේද......?
ඒ ආඩම්බර , දරදඬු කොල්ලගෙ අතින් සටහන් වෙලා තිබුණ.
*****************************************
True love is nothing about kisses and caresses.
And it is about keeping them smiling thinking about your love.

පින්තූර ටික විතරක් බැලුවා. පෝස්ට් එක උදේට කියවන්නම්...
ReplyDeleteඉතින් උදේ කියෙව්වද?
Deleteමොනව කියන්නද කියල හිතාගන්න බෑ. පවු අහිංසක ජීවිත, ඒ වගේ කොල්ලො අද සමාජයෙ වැඩිය නෑ. ඒ අතින් ඌ වගේ කොල්ලෙක් ලබන කෙල්ල පින් කරල තියෙන්න ඕන.
ReplyDeleteඇත්තටම ඒ මල්ලි ගොඩක් හොඳ කෙනෙක්, ඒ නංගි ට සනීප වුනොත් නම් එයා ගොඩක් වාසනාවන්තයි. දෙන්නම.
Deleteහ්ම්ම් මේ වගේ ආදරේ කරන අය ඕන තරම් ඉන්නවා. ඒත් ඒ කථා ගොඩාක් සදාකාලික රහස් ..
ReplyDeleteඒක ඇත්ත. මේ දෙන්න ගැන දන්නෙත් කීප දෙනයි.
Deleteකියන්න දෙයක් නැහැ.... මට walk to remember ෆිල්ම් එක මතක් වුණා
ReplyDeleteහරියටම හරි. ඒක මටත් මතක් වුණ නිසයි මේ ෆොටෝ එක දැම්මෙ. අනිත් එක painted veil එකේ ෆොටෝ එකක්. මම හිතන්නෙ ඇත්ත ආදරේ සමාව දීම ත් ගොඩක් වටිනව.ඒක මම හොඳින්ම දැකපු ෆිල්ම් එකක් painted veil.
Deleteආස නෑ මේවා කියවන්න. මට දුකයි අක්කේ.....
ReplyDeleteලස්සන සුන්දර සතුටු හිතෙන දේවල්ම හැමදාම කියවන්න ලැබෙනවනම් හොඳයි තමයි.
Deleteසැබෑ ආදරය....
ReplyDeleteමේ සංකීර්ණ සමාජය ඇතුළේ ආත්මාර්ථකාමී ජීවිත ගෙවන අති බහුතරයක් මිනිස්සුන්ගෙන් "සැබෑ ආදරය" බලාපොරොත්තුවෙනවාට වඩා ලේසියෙන් ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලගන්න පුළුවං...
ඒත්, මේ වගේ චරිතත් නැත්තෙමත් නෑ. මිලියනයකට එකක් වගේ....
ස්තූතියි මේ කතාව කිව්වට...
(අර නවකතාව වගේ එක ඉක්මනට නැවැත්තුවේ අපරාදේ...)
ජයවේවා!!!
හොඳ ගතිගුණ අඩු වැඩි වශයෙන් තියෙන මිනිස්සු ඉන්නව රනා. ඒත් අපිට වැඩි පුර ඇස ගැටෙන්නෙ නරක. මතු වෙලා පේන්නෙ නරක.
Deleteඔයා කියන්නෙ දසුන්ගෙ කතාව ද?
ම්ම්ම්...හිත සසල වෙන විදියේ පෝස්ට් එකක්...මගේ දුරින් නෑයෙක් වෙන අක්කා කෙනෙක් හිටියා. එයාටත් කැන්සර් එකක් හැදුනා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් දිගටම එයත් එක්ක ආදරෙන් හිටියා. අන්තිමේ ඒ අක්කට සනීප උනා. දැන් බැඳලත් ඇති මගේ හිතේ.
ReplyDeleteමේ දෙන්නටත් එහෙමම වෙන්න කියල තමයි මමත් ප්‍රාර්තනා කරන්නෙ
Deleteඇත්තටම ඒ තරමට ආදරේ කරන මිනිස්සු ඉන්නවනම් කොයිතරම් හොඳද..
ReplyDeleteඉන්නව හිරු. නැත්තෙ නෑ. මට තවමත් මතක් වෙන්නෙ ඒ මල්ලි ඒ ගැන කියද්දි එයාගෙ මූනෙ තිබුණ හැඟීම්
Deleteඇඟ හිරි වැටිලා ගියා. මේ වගේ ප්‍රේම කතා අහන්ට ලැබෙන එකත් සතුටක්.
ReplyDelete//True love is nothing about kisses and caresses. It is all about caring , forgiving and sharing... mostly at her/his weakest, ugliest and at her/his worst....//
මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඇස්වලට කඳුලුත් එනවා.
චිත්‍රපට, නාට්‍ය වලට වඩා දුකයි නේද? ප්‍රබන්ධය ට වඩා සත්‍යය බලවත් ලුනෙ.
Deleteසිඳූට ඇත්තටම මුණ ගැසූන කෙනෙක්ගෙ කතාවක්ද?
ReplyDeleteකොහොම වුනත් ඇත්තම ආදරෙ කියන්නෙ මේකයි.
මම හිතුවෙ ඔහොම කරන අය කතා චිත්‍රපට වල විතරයි ඉන්නෙ කියල. ඒත් ටික කාලෙකට කලින් එහෙම කරපු කෙනෙක් මට මුණ ගැහැනා. එතකොට නම් හිතුනා ලෝකෙ හිතන තරම් නරක නෑ කියල.
මුණ ගැසුණ නෙමේ ගිමන්. හැමදාම වගේ මුණ ගැසෙන කෙනෙක්. මේකෙ වචනයක්වත් බොරු නෙමේ.
Deleteඇත්තම ඇත්ත, ලෝකෙ හිතන තරම් නරක නෑ.
ආදරය කියන්නේ ඇත්තෙන්ම අයිතිකර ගැනීමට ඇති කැමැත්ත සහ උවමනාව මත පදනම් උන චිත්ත ස්වභාවයක් විතරයි.. අර මගේ බ්ලොග් එකේ කීප වතාවක් කියල තියෙනවා වගේ ආත්මාර්ථකාමයෙන් තොර ආදරය ඇතිවෙන්නේ කරුණාව මයිත්‍රීය පෙරදැරි උනාමයි.. මෙන්න මේ ආදරේ එකට හොඳම උදාහරණයක්.. එහෙම අයිතිකර ගැනීමේ ආසාව කරුණාව මයිත්‍රීය දක්වා දීර්ග කරන්න පුළුවන් පුද්ගලයා ඇත්තෙන්ම පිදිය යුතු මිනිසෙක්.. මෙන්න සැබෑ මිනිහෙක් ..
ReplyDeleteනියම කමෙන්ට් එක !
Deleteහරියටම හරි සරත් අයියෙ. ඔයා මේ ගැන කිවුව එක ලිපියක් මට මතකයි හොඳටම
Deleteමමත් ආසම ෆිල්මි 2ක් තමයි a walk to remember , Painted Vail
ReplyDeleteඔව් ඒ දෙකට මම ගොඩක් ආසයි.painted veil බලද්දි ඔයාට ලංකාවෙ ටෙලි නාට්‍යක් එහෙම මතක් වුණේ නැද්ද?
Deleteමතක් වෙන්න ලංකාවෙ ටෙලි නාට්‍ය බලන්න එපැයි :D
Deleteදැන් යන ඒව නම් මම බලන්නෙත් නෑ. ඒත් මම මේ කියන්නෙ මීට අවුරුදු 15කට විතර කලින් එකක්. ඉසිවර අසපුව.
Deleteමේකෙ කොලරාව, ඒකෙ මැලේරියාව
වයිෆ් ලා දෙකේම එක වගේ.
අන්තිමටම දෙකේම වයිෆ්ලා හොඳ වෙද්දි ඩොක්ටර් මැරිලා ඉවරයි
meka eththa kathawakdha?????
ReplyDeletee nangita ikman suwa lebewa. E malli genanam kiyanna wachana ne.
Deleteඇත්ත්ම ඇත්ත කතාවක් නිසූ. එයා මට උදේ හවස හමු වෙන මල්ලි කෙනෙක්.
සත්තු අතර මිනිස්සු!
ReplyDeleteහ්ම්ම්.... ගැලපෙන කමෙන්ට් එකක්
Deleteමේ පින්තූර බලලා මන් නරක් උනදා මංද හි හී ලියලා තිබුන ඒවා කියෙව්වට මතකත් නෑ වගේ
ReplyDeleteඅනේ දෙවියනේ.... මම කරගෙන තියෙන්නෙ ලොකු පවක්නෙ. මේ අහිංසක කෙල්ලව නරක් කරලා
Deleteකාවෝ වැරදිලාවත් ඔයා ඒ ෆිල්ම්ස් දෙක එහෙම බලන්න එපා. (A walk to remember / Painted veil)
මේ පින්තූර බලලා මෙහෙම නරක් වුණා නම්, ඒවා බැලුවොත් ඔයාට සිහියත් නැති වෙයි
හනේ වෝක් ටු රෙම්ම්බර්නම් දහ දොළොස් වතාවක් බැලුවා... සමහර තැන් ආ පාස්සට යව යවත් බැලුවා. හික්ස්.... මම ඒ තරමට හොදා... අනිකනම් බලල නෑ මේ දැන් හොයනවා ඒකත් බලන්න.
Deleteමම කියන්නද ආපස්සට යව යව බැලුව තැන්?
Deleteදෙන්නා තරු බලන තැන.
ඉස්කෝලෙ යාළුවො හිනා වෙද්දි කොල්ලා රියැක්ට් කළ විදිය
කෙල්ලව සැනසුව විදිය
ටැටූ එක
ඕවා තමයි මම නම් ආපස්සට යව යව බැලුවෙ
budu ammo! sidu film eka kata paadam karalaa wagei ne
Deleteඑහෙම අය ඉන්නවා... ඒත් මට නම් මං හිතන්නේ හමුවෙලා නෑ තාම...
ReplyDeleteඑහෙම අය ගැන අහලා තිබුණත්, මට සමීප කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් අත්දකින්න ලැබුණ පළවෙනි වතාව මේක. අලුත් මල්ලි අද නේද මේ පැත්තට ආවෙ? සාදරයෙන් පිලිගන්නවා.
DeleteWalk To Remember ෆිල්ම් එක මතක වුනේ මේ කතාව කියවද්දී. ඒ ගර්ල්ට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමටත් ඒකම මතක් වුණ නිසා තමයි මේ ෆොටෝ එක දැම්මෙ. ස්තූතියි ඉශාන්
Deleteසංවේදි සටහනක් කතාවක් විදියට ලියලා. මේක අවසානයක් විදියට පෙනුනනත් මේකත් කොටස් වශයෙන් ලියන එකක්ද?
ReplyDeleteඅනේ නෑ දයානන්ද අයියෙ. තව ගොඩක් සිදු වීම් වෙයි ඉස්සරහට,ඒත් ආයේ ඒ දෙන්න ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ. මට ඒ මල්ලි ගැනයි නංගි ගැනයි ගොඩක් දුක හිතුණ නිසයි මේකත් ලිවුවෙ
DeleteI just remembered the film "Walk to remember". Ur story a very good example to show that you can never judge a person from the external look...
ReplyDeleteHow amazing the True Love can be....!!! (I'm in a bit hurry today. so couldn't type in Sinhala)
It doesn't matter what is the language you use to comment. Actually (secretly) I'm happy when some one uses English to comment because then I too can reply in english without making much effort to type in Sinhala.
DeleteOH yeah, most of us have remembered "a walk to remember"
It is an amazing movie. But still true love stories like this, in our real life are far more amazing than fictions. Thank you for calling at here even when you are busy.
හ්ම්ම්ම්.. ලස්සන කතාවක්... එත ඔය වගේ දේවල් 99% කතාම විතරක් වෙනවා සිඳු...
ReplyDeleteow panu. meka e ithuru 1%n ekak. aththama sidhuweemak meka
Deleteakki I think I know the person you have mentioned..may be he is the poorest guy there but I think he exactly is richest person by heart..even more than his boss...
ReplyDeleteYes, nangi. I think the person you are guessing is correct. :)
DeleteI saw the report and it is a cancer.
පෝස්ටුව කියෙව්වම හිත හිරි වැටිලා ගියා සිඳූ..
ReplyDeleteපින්තූරත් ඒකටම ගැලපෙන්න එකතු කරපු එක නම් අපූරුයි..
Walk To Remember නම් මමත් කිසිම ලැජාවක් නැතුව කඳුලු පෙරපු මූවී එකක්.
ReplyDeleteසිඳූ, මේ වගෙ ලව් තියෙනවා අපි හිතනවට වඩා. ඇත්තමයි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
I am late but I will be able to comment randomly until the next holidays. You almost made me cry today.It was so heartwarming. I believe your story because once(around 20 years ago) I too was a regular visitor to the cancer hospital and the mark it kept me in my heart stays forever.
ReplyDeleteHaving even one visit to the cancer hospital make strong sorrowful prints in ones mind. I can imagine how you feel being a regular visitor there 20 years ago. today the facilities are a bit more satisfactory so that, many sad stories are covered with them to some extent from the outer world.
Deleteරූ - ඒ දෙන්න ගැන මට හරි දුකයි රූ. ඇත්තටම පව්.
ReplyDeletedude - ඔව්, ඒක හරිම දුක හිතෙන මූවි එකක්. ඩූඩ් , පුළුවන්නම් අනිත් එකත් බලන්න.