
බිළිඳු කුසුමක් සිනාසෙන්නී
නුඹේ වෙත නෙත් හෙළූ සඳ මා
නාඳුනන සේ අපුල බැල්මෙන්
ඉවතටම නෙත් යොමු කරන්නී..........
වසන්තය නුඹ වෙතට කැන්දා
හීන අරගෙන සපැමිණෙන්නෝ
මලින් මලකට හාදු පුදමින්
පාට විසිරෙන සමණලුන් වෙත
සුමුදු පෙති සළු දිග හරින්නී........
හිරු හැරෙන්නට පෑ ගනිද්දී
පාට පිය සළු වතෙහි දවටා
මා ද රන් සමනළෙකු වන බව,
රූප - අන්තරනයේ වගතුග
අසරණී නුඹ තව නොදන්නී......
සමනලයොයි මලුයි ගැන කලින් කියවල තිබුණට මේ දළඹුවෙකුයි මලකුයි ගැන කියෙව්වමද කොහේද.
ReplyDeleteආ... මෙන්න මෙයා මූණ දාලා
Deleteඅන්න ඒ වැඩේ නම් නියමයි!
ReplyDeleteඡායාරෑප ශිල්පිය කවියෙක් වුනහම වටිනාකම් කියල වඩක් නෑ.
කලින් ෆොටෝස් ඔක්කොම වගේ ෆෝන් එකෙන් බැලුවෙ. අද තමා කොම් එකෙන් බැලුවෙ. එතකොටනෙ හැබෑ ලස්සන පෙනුනේ.
කොටින්ම කිව්වොත් පිස්සු හැදෙනව :)
හපොයි ෆ්‍රොෆයිල් එක පොඩ්ඩක් මාරු වෙලා :) මේත් මම කියල දන්නවනෙ නෙද?
Deleteමොකද අමතක.. මතකයි මතකයි.ඔයා ඉතින් දුකට සැපට ඉන්න ෆිට් එකනෙ
Deleteස්තූතියි ගිමන්.
හෑ ?? හීලර් කියන්නෙත් ගිමන්ටමද? ඩුවල් අයි ඩී ආ....
Deleteයා යා... එහෙම තමයි හොරු. අයි ඩී දෙක තුනක් තියෙනව.
Deleteආ තොටියත් අර කිවුව ජාතියෙ තමයි. දුකට සැපට කිරට මිරිසට....
අනේ නෑ තොටිය අයියා. හීලර් කියන්නෙ බොහොම වයසක අයිඩී එකක් අවුරුදු 5ක විතර ඉඳන් බ්ලොග් කියවල කොමෙන්ට්ස් දැම්මෙ ඒකෙන්. තාමත් රාජකාරී කටයුතු වලට පාවිච්චි කරන ඊ මේල් එකට බද්ධ වෙලා තියෙන්න හීලර් නිසා දන්නෙම නැතුව ඕකෙන් කොමෙන්ට්ස් වැටෙනව. අවුලකුත් නෑ හැමෝම වගේ ඔය දෙකම දන්නව :)
Deleteමට මතක හැටියට මුල්කාලෙ සිඳූ ලියන ඒව කියවන්න ආවෙත් හීලර් තමා නේද!
although you say a lot of things, Caterpillar will never become a friend of mine.:-(
ReplyDeletehe he......... Every one knows about your phobia.
DeleteWhat about my phobia? :O :O :O :O :O
Deletewhat is it? spiders?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහොඳම අදහසක්..... කැමතිම දේ තමයි කවියට බර වචන (රූපාන්තරනය වගේ ) යොදාගත්ත එක.... ( වැරදියට හිතන්න එපා කවිය කියන්නේ බර බර වචන දාල කාටවත් නොතේරෙන පඬි ටෝක් දාන එක නෙවෙයි ඈ ) ඒත් ඒ යොදපු විදියට කැමතියි
ReplyDeleteමගෙත් හෙන ආසාවක් තිබ්බ.. ප්රජාතන්ත්රවාදය, භෞමික අඛණ්ඩතාවය, ප්‍රභා සංස්ලේශනය වගේ වචන දාලා මහප්‍රාණ කවියක් ලියන්න... තාම බැරි උනා අෆ්ෆා
ඔයාට බැරි වෙන්න බෑ. ලියමු ලියමු එහෙම වචනත් දාල්ල. ඇත්තමයි මී ගොඩයො, ඔයාගෙ කවි හරි ලස්ස්නයි. වෙලාවකට මහගම සේකර වගෙ, රත්න ශ්‍රී වගේ. තවත් වෙලාවකට ශකුවි වගේ. කොහොම ලියනවද මන්දා
Deleteහලේ මට ලැජ්ජයි අෆ්ෆා....
Deleteමේ ඔය කවුරු හරි මුණගැහුනොත් මට මචං කියවෙයිද දන්නෙ නෑ
හ්ම්.. නියමමෙට තිටෙනවා.මට කොමෙ කරත් කවි ලියන්න බෑනේ
ReplyDeleteලියන්න උත්සහ කරල බලමුකො
Deleteපිට ඔපේට රැවටෙන්න එපා කියලා ඕකනෙ කියන්නෙ..
ReplyDeleteලස්සනයි සිඳු..
ඒකනෙ. දළඹුවා කවද හරි සමනළයෙක් වෙනවමයි. මට මේක ලියන්න හිතුනෙ මූණෙ පොතේ තිබුණ පින්තූරයක් දැකල
Deleteලස්සනයි...!!! මෙහෙම එකක් කියෙව්වමයි..දළඹුවයි මලයි ගැන...
ReplyDeleteස්තූතියි ශම්මි.
Deleteකවි ලියන්ට නම් බෑ. ඒත් ඔය කවි ටික නම් ලස්සනයි. අනෙක දළඹුවෙකුටයි, මලකටයි නේද? :D
ReplyDeleteඔයාට නම් ලියන්න බැරි වෙන්න බෑ කොහොමවත්. ලියන්න උත්සහ කරල නෑ ඔයා මට ශුවර්
Delete//හිරු හැරෙන්නට පෑ ගනිද්දී
ReplyDeleteපාට පිය සළු වතෙහි දවටා
මා ද රන් සමනළෙකු වන බව,
රූප - අන්තරනයේ වගතුග
අසරණී නුඹ තව නොදන්නී.....//
මේ පද ටිකට මම හුඟාක් කැමතියි
මමත් කැමති ඒක්ට. ක්ලයිමැක්ස් එක තියෙන්නෙ ඒකෙනෙ
Deleteමෙන්න ලියනවා නම් අලුත් සින්දුවක් - සමනලයා මල හා දළඹුවා සේ...
ReplyDeleteඅර මලත් හරියට ගොඩක් ගෑල්ලමයි වගේ තමා.. පිට ඔපේටමයි රැවටෙන්නේ.. ඔන්න දැන් සිඳු මට යුද්ධ ප්‍රකාශ කරයිද දන්නේ නෑ. කමක් නෑ මම නම් පැත්ත ගියත් ඇත්ත තමා කියන්නේ.. :P
අනේ මේ අහිංසක කමට කවියක් ලියාගෙන , තමන්ගෙ පාඩුවෙ ඉන්න මට මොන යුද්ධද අයියා?
Deleteනියමයි අක්කේ :) :) :) :) :)
ReplyDeleteවෙනස්ම කොණයකින් බලලා.
* කෝණයකින්
Delete
Deleteහප්පේ මොකද්ද ඒ කෝණෙ? මතකද මන්දා ඔයාට, මූණු පොතේ තිබුණා ටික දවකට කලින් දළඹු සමනල පින්තූරයක්. ඒක දැකලයි හිතුනෙ. ඉන්නකො ලින්ක් එක හම්බුනොත් දාන්නම්
නයිස්ලි කැප්චර්ඩ් ෆොටෝ!
ReplyDeleteThank you FOX. it is one of my favorites too. just look at the way its back appears like his head...
Deleteඅමුතුම පැතිකඩකින් බලල තියෙනවා වගේ, එල!
ReplyDeleteස්තූතියි පුබුදු.
Deleteනියමම කවියක්...අලුත් අදහසක්
ReplyDeleteඔහොම යමු සිඳු
ඔව් නේද. දළඹුව ඔහොම හිතනව ඇති නේ? මලට චාටර් ද මන්දා.
Deleteහ්ම්ම්..අපූරුයි!
ReplyDeleteජය!
ස්තූතියි හිමාවි
Deleteහප්පට සිරි! ඉස්සර කොලු කාලෙ අපි නම් ඔය රූපාන්තරණය ගැන දැනගෙන හිටියා. මට මතකයි අපේ එකෙක් හිටියා, ඌ පොඩී නංගිලාට කියනවා. 'හ්ම්, හ්ම්, බයි කාලා ඉක්මනට ලොකු වෙයල්ලකො' කියලා. අපි ඌට කියන්නැ බාලාපරාධකාරයා කියලා. :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මට හොඳටම හිනා ගියා ඒක කියවල. ඔව් නේද, පොඩි කාලෙ කැතට ඉන්න ගෑණු ළමයි ලොකු වුණාම කොච්චර ලස්සන වෙනවද?ඒකටත් එක්ක පිරිමි ළමයි. ඉස්සර බෝල වගේ ලස්සනට හුරතල් පාටට ඉන්න කොල්ලො, 6,7 වසරවල් පැන්න ගමන් රිලා පැටවු වගේ වෙනව
DeleteVery beautiful photo. It seems that u have a knack for photography. It is one of my favourites too but I have to wait until I buy a good camera.You take photos like a professional. What is the make of your camera and where did u buy it?(I am hoping to spend a considerable sum on a good camera and I like to know the opinions of professionals.)
ReplyDeleteThank you teacher,
DeleteMy camera is canon EOS 1100D. i bought it from metropolitan. They are the dealers of canon. it was around 95000Rs. As I know Nikon 3100 is also a good one wiht same specifications.
This is the reply to the other comment you made in the other photo post.
That pic was taken in the morning with sunlight behind the flower. Yes, I do some color editing and cropping with photo shop. It is essential for a good photograph and to convey your idea,as I believe
දළඹුවෙක්ගේ කවියක් මේ කියෙවුවමද කොහේද.. ලස්සනයි අක්කේ..
ReplyDelete